Friday, February 6, 2009

නූතන බුද්ධි පරීක්ෂණය

animal-in-love

ගොඩක් දවසකින් ලියන්න වෙලාවක් ආවේ… මේක කලින්ම නෝට් පොතක ලියලා තිබ්බ එකක්, පස්සේ බ්ලොග් එකේ දාන්න හිතාගෙන… මම බලපු මාරම ආතල් ප්‍රෝග්‍රෑම් එකක් මේක… අනිවාර්යයෙන්ම ඔබත් බලලා ඇති… මේන් මේකයි උනේ… ඕන එහෙනං අහගන්න…

ලොකු එකී:
හායි!!! අද අපි ඕගොල්ලන්ව හම්බවෙන්නේ අපේ මේ ආතල් ප්‍රෝග්‍රෑම් එකේ තුන් වෙනි සෙග්මන්ට් එකේදි. අද තියෙන සිරාම වැඩේ තමයි බුද්ධි පරීක්ෂණය. අද අපේ තඩි උස කොලු නාම්බා, අර නාඹර ගැටිස්සියෝ හතරදෙනා ගෙන් ප්‍රශ්ණ අහලා බුද්ධිය පරීක්ෂා කරලා හොඳම මීටරේ තියෙන ගැටිස්සිව‍ තෝරනවා. අපි බලමු මොනාද වෙන්නේ කියලා…

(පවු අප්පා අහිංසකී… හරියට කලව වැහෙන්නවත් ගවුං කොටේ තිබ්බේ නෑ. ඒ උනාට මොකද කිටි කිටියේ තදටම ඇඳලා. මස් ගොබ එලියට පැනලා හිරිකිතේ බෑ. ඒත් ඔය හිනා වෙවී ඉන්නේ. ඉඳගත්ත තැන ඒ විදිහටම… හෙල්ලෙන්නෙවත් නෑ… මොකෝ, ඩිංගක් හරි එහා මෙහා උනොත් විලිසංගේ නැතුව යනවා.)

ලොකු එකී:
මේ අපේ ගැටිස්සී නම්බර් වන්.

කොලු නාම්බා:
හායි…

ගැටිස්සී නම්බර් වන්:
හායි අයියා… උම්ම්ම්ම්ම්ම්බා…..

කොලු නාම්බා:
මෙන්න මගේ පලවෙනි ප්‍රශ්ණේ… සිරා ලව් එක ඔයා දකින්නේ කොහොමද?

ගැටිස්සී නම්බර් වන්:
ආාාාහ්… ඔයා මගෙන්ද ඇහුවේ… අනේ ස්වීට්… ලව් එක පේන්නේ නෑනේ… ඔයා මොනා අහනවද මන්දා…

කොලු නාම්බා:
නෑ චූටි… මම ඇහුවේ සිරා ලව් එක කියන්නේ මොකද්ද කියලා…

ගැටිස්සී නම්බර් වන්:
ඔයා ඔය ඇත්තටමද අහන්නේ… සිරා ලව් කියන්නේ… කවදහරි මගේ හබීගෙන් හම්බවෙන එක තමයි.

කොලු නාම්බා:
හොඳයි… ඕං ඊලඟ එක… කසාදයක් බැඳගත්තට පස්සේ ගෑණි ගෙදර ඉන්න ඕනද, වැඩට යන්න ඕනද?

ගැටිස්සී නම්බර් වන්:
ඔයාට පිස්සුද? මොකටද වැඩට යන්නේ… හැබැයි දවස් දෙකකට සැරයක් ඩිනර් අවුට් එකක් යන්න ඕන. අනිත් දවස් වලට ෂොපින් කරන්න ඕන… මම ආසයි හවසට හබී ගෙදර එන වෙලාවට අග්ගලා හරි වන්‍ඩු ආප්ප හරි හදාගෙන පාරදිහා බලාගෙන ඉන්න. අනිවාරයයෙන්ම එයා මට රුලං විසකෝතු ගේන්නත් ඕන… උනුවෙන් නෙස්ටමෝල්ට් එකක් හදාගෙන, රුලං විස්කෝතු ඒකේ පොඟවගෙන කන්න ඕන… සුට්ට සුට්ට් කන්න ඕන… ඒ නිසා කොහොමත් ජොබ් එකකට යන්න බෑනේ අයියා…

කොලු නාම්බා:
හොඳයි, ඕං ඊලඟ එක… බැන්දට පස්සේ ළමයි කීයක් හදනවද?

ගැටිස්සී නම්බර් වන්:
චිකේ… හොඳඳඳඳඳඳඳඳඳඳනෑ… මාර කතා තමයි ඔයත් කියන්නේ… ටීවි එකට කියන්න පුළුවන්ද ඒවා… නෝටි බෝයි… හප්…

කොලු නාම්බා:
හරි එහෙනම් next one. බැන්දට පස්සේ ඉස්සෙල්ලම මැරෙන්න ඕන ඔයාද? හබීද?

ගැටිස්සී නම්බර් වන්:
ඉහි… ඉහි… ඉහි… ඈහ්… ඈහ්… (ගැටිස්සිය හඬා වැලපෙයි)

කොලු නාම්බා:
මොකද මේ අඩන්නේ…

ගැටිස්සී නම්බර් වන්:
අඬනවා නෙමෙයි… ඇ‍‍ඬෙනවා… හබී කොහොමද දවසක් හරි මම නැතුව ඉන්නේ…!!! කවුද එතකොට එයාට වන්ඩු ආප්ප හදලා දෙන්නේ…!!! ඒ නිසා මම මැරිලා බෑ… එයා මැරෙන්න ඕන ඉස්සෙල්ලම…

කොලු නාම්බා:
හරි… අපි හිතමු ඔයා ඉස්සෙල්ලා මැරුණා කියලා… එතකොට හබී වෙන කසාදයක් කරගන්න ඕනද? නැද්ද?

ගැටිස්සී නම්බර් වන්:
අයියා මේ… එව්වා කොහෙද මේ මාත් එක්ක… වෙන එක ගෑණු පුලුටක් හරි ගෙදර හතර මායිමට හරි ගෙනාවොත් බලා ගත්තහැකි මං කවුද කියලා… ඔන්න මං නරක ගෑණියි කියන්න එපා… වැරදිලා හරි එහෙම උනොත්, හබිය කියලා බලන්නෑ… හබියගෙයි, අර ගෑණිගෙයි දෙන්නගෙම කකුල් හතර කඩලා, දෙකක් මූදේ දාලා, අනිත් දෙකත් මූදේ දානවා… හ්ම්… උන් දන්නෑ මං කවුද කියලා…

කොලු නාම්බා:
හරි හරි නංගී… බොහෝම ස්තූතියි… අපි ඊලඟ සෙග්මන්ට් එකේදි ආයේ හම්බ වෙමු… බායි…උම්ම්ම්ම්ම්ම්ම්බා….

-- ඔය විදිහට ගැටිස්සියන් හතර දෙනෙක්ම තම තමන්ගේ මීටරේ රටටම පෙන්නුවා… කොල්ලටත් මොන සැපද, අනංගයාගේ බාප්පටවත් නැති සැප පොරට, මල් හතයි… අපිත් ඉතින් ක‍ට ඇරගෙන බලන් ඉන්නවා… බුදුධිපරීක්ෂණයක් කිවුවම මම හිතුවා මේ විද්‍යාව, ගණිතය, රටේ තත්ත්වේ, ඔබාමා, ගාසා තීරය, ඉතිහාසය, මේ වගේ වැදගත් දෙවල් අහයි කියලා… අප්පිරියාවේ බෑ… ඕක්… හපරාදේ පැය බාගේ… ආයෙනම් මතක ඇති කාලෙකට මේකට සෙට් වෙන්නේ නෑ… (ඔය කිවුවට නිකම් පුහු ආතල් එකකුත් තියෙනවා ඒ වැඩේ…) කරන අය කෙසේ වෙතත්, බලන අය බුද්ධීය පාවිච්චි කරලා, බුදු හාමුදුරුවෝ කිව්වා වගේ නුවනින් විමසලා තවත් ඕවා බලනවද නැද්ද කියලා හිතුවොත් හොඳයි වගේ…

9 comments:

  1. TV එකෙන් සම්පූර්නයෙන්ම සමු අරන් නිසා Upset ඒවා දකින්න ලැබෙන්නේ නැහැ

    ReplyDelete
  2. අපේ අප්පෝ මේවා ගැන කුමට කතාද? බලන්න දෙයක් නැති කමට බලනවා හැබැයි බැලුවට පස්සෙ දිරවගන්න බැරි ගතියක් තමයි තියෙන්නේ. අර කියන්නා වගේ ඉස්සරහට අපි හැමෝටම ඕකෙන් සමු ගන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
  3. TV? මට නම් එක දිරවන්නේ නෑ වැඩිය! මේක බැලුවා නම්...?
    http://suonline.blogspot.com/2009/02/its-not-window-on-world-anymore.html

    ReplyDelete
  4. හොඳයි යාළුවා.. හොඳ වැඩක්..
    මම නම් ඔය වැඩසටහන බලන එක නැවැත්තුවේ පලවෙනි අයියා හිටපු කොටස් ටික බලලා. අම්මලා තාත්තලා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන් වැඩසටහන් ද ඕවා. රියැලිටි වැඩසටහන් හින්දා ලොකු විනාශයක් අපේ රටට සිද්ධ වෙනවා. මම දැක්කා පලවෙනි වැඩසටහනේ හිටපු තරුණියක් වෙළඳ දැන්වීමක ඉන්නවා. මේක නරක පූර්වාදර්ශයක්. මම කියන්නේ ඒ තරුණිය ක්ෂේත්‍රයට නුසුදුසුයි කියලා නෙමෙයි. ඇය ආපු විදිය වැරදියි. ඉදිරියේදී මීටත් වඩා අරුත්සුන් හානිදායක රියැලිටි බිහිවුනත් තරඟකාරියෝ අඩුවෙන එකක් නෑ මේ හින්දා. ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා හිතන්නෙ මේක ශ්‍රී ලාංකීය අභිමානය කියලද ?

    ReplyDelete
  5. ම-- මමත් එහෙම කරන්න තමයි හිතන් ඉන්නේ... කොහෙද ඉතින් රාත්‍රී ආහාරය ගන්න වෙලාවට වෙන් කරන්න දේකුත් නෑනේ...

    නදී-- ඕක් තමයි...

    බින්කු-- මට දිරවන්නෙත් නෑ මල්ලී...

    Anonymous-- හැබෑව...

    ReplyDelete
  6. ඔයාෙග් ලිපිය නම් හ‍රිම රසවත්...
    හිනා ගියා ඒක කියවද්දි.
    ඒක ෙනෙම් ෙමාකද්ද ඉතිං ඔය කියපු වැඩසටහන?
    ෙමාන නාලිකාෙවද යන්ෙන්...?

    ReplyDelete
  7. ෂලිනි-- මොණරවාහිනියේ යන්නේ... ආදරයකරනතරු... ඔබේ බ්ලොග් එකේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී නැත... එය ලබා දේ නම් ඉතා අගනේය.

    ReplyDelete
  8. මම අදනේ මේක දැක්කේ... හික් හික්.. අපේ ගෙදර ඕක බලන්න බෑ.. කොහොමද අම්මා තාත්තා ඉන්න තැනක ඔව්වා බලන්නේ? ඒක හින්දා දැන් මම ටීවී බලන්නෙම නැති තරං

    ReplyDelete
  9. මලී-- හප්පේ... ඇති යන්තං අදවත් දැක්කා... මමත් දැන් ඒක වර්ජනය කරලා තියෙන්නේ...

    ReplyDelete