මට අද මාර සීන් එකක් උනා. Tagged කියලා මල මගුලක ඒ….. දවස් වල මම රෙජිස්ටර් වෙලා ඉඳලා තියෙනවා. තාම පොරවල්ලගෙන් Alerts එනවා අරයා උඹේ profile එක බැලුවා… මෙයා බැලුවා කියලා… මෙන්න මේ ගෑනු 12 දෙනා හම්බ වෙන්න කියලා… නා නා ප්‍රකාර මේල් එනවා tagged එකෙන්. පට්ට ආතල්… ඒ අතරේ වැඩි හරියක් ඉන්නේ තමංගේ ලිංගය female කියලා profile එකේ ගහගත්ත කොල්ලෝ. shemale ද කොහෙද? (හික්)
ඔන්න ආපහු උක්ත කතාවට… ඉතින් ඊයේ tagged alert එකක් මගේ මේල් එකට ආවා… කවුද නංගි කෙනෙක් මට මැසේජ් එකක් එවලා කියලා… (ලොකු කරන්න නම් ක්ලික් කරන්න)
මාත් ඉතිං නංගියෙක් නිසා click කරා ලින්ක් එක උඩ. ඔන්න ගියා tagged පේජ් එකට… ඒකේ login username password ඉල්ලන්නෙත් නෑනේ… ඇත්ත තමා… මෙන්න බොලේ නංගියෙක් මට මැසේජ් එකක් එවලා… මෙන්න මේක… ලොකු කරලා හොඳ….ට කියවන්න.
ඔන්න ඉතිං කවුරුහරි නංගියෙක් නිසාම මමත් දැම්මා reply එකක්. අනික foreign නගෙක්නේ… :)
ඔය සැත්කම ඊයේ සිද්ද විච්ච එකක්. අද උදේ මම මම ඇව්ත් මේල් චෙක් කරන කොට මෙන්න බොලේ අර නගා මට මේල් එකක් දාලා…. දිග…. එකක්… පව් අප්පා හරී අසරණයිලු එයා… (hiks)
යාළුවනේ… ලොකු කරලා හොඳ…ට කියවන්න ඕන…
සෙල්ලං ගානක්ද නේද? ඇමරිකානු ඩොල්ර් මිලියන 6.8ක් මගේ එකවුන්ට් එකට දාන්නංලු… පිස්සු හැදෙයි. දැක්කෙත් ඊයේ… (ආ.. දැක්කේ නෑනේ) පල්ලියේලු ඉන්නේ. අම්මා තාත්තා නැතිලු. පාස්ටර්ගෙයි එයයි අතර සම්බන්ඳයකුත් නැතිලු. මගේ එකවුන්ට් එකට සල්ලි දාලා ටික ටික එයාට ඕන වෙනකොට ගන්නංලු. කාටවත් කියන්නත් එපාලු… ඔන්න මං ඔයාලට කිව්වා කියලා ලිලියන් නගාට කියනව එහෙම නෙමෙයි හොඳේ… :)
මෙන්න එවලා තිබ්බ ෆොටෝ එක. පව් අම්මා තාත්තා නැති අසරණ කෙල්ල. කාගේ වුනත් නංගියෙක් නිසා මං මූණ අහක් කරා ඕං…
වැචේ කියන්නේ මෙයා hi5 එකෙත් ඉන්නවද කොහෙද? බ්‍රව්සර් එකේ තියෙද්දිම image properties ගියාම මෙහෙම ආවා…
පව් නේද මේ නඟා… සමහරවිට හෙට ඔබටත් මේ නඟා හම්බවෙයි… එතකොට අර සල්ලි ටික බෙදිලා යයිද දන්නේ නෑ… අපරාදේ අපේ මව් කොම්පැණිය තිබ්බනං මං නගා ගෙන් සල්ලි ටික අරගෙන ෆික්ස් ඩිපොසිට් එකක් දානවා :) කොම්පැණිය ගැන කියලා කට වරද්ද ගත්තවද්ද. කමක් නෑ.. ප්‍රස්ද්ධ රහසක් නේ.
හරි හරි කතා ඇති. දැන් ලමයි මොකද කියන්නේ. මම සල්ලි ටික මගේ එකවුන්ට් එකට දාගන්නද? එපාද? නැත්නම් සල්ලි ටික ඉවර වෙනකල් පාටි දාමුද? සෙල්ලංද ඇමරිකානු ඩොලර් මිලියන 6.8ක්. හැබැයි මේකත් ලොකු ඇමරි-“කානු” වක්ද කොහෙද? වැටෙයි බලාගෙන. එයා මට කෝල් කරන්න කියලා තිබ්බනේ. මම එයාගෙන් skype id එක අහලා replly එකක් දැම්මා. අපිට පිට රට කෝල් ගන්න සල්ලි නෑනේ. උත්තරයක් ආවොත් උණු උණු විස්තර පස්සේ කියන්නම්. මේ නගා හොරෙක් නම් එයාව අල්ල ගන්න කොන්ත්‍රාත්තුව කාටද බාර දෙන්නේ…? අපේ DEEPS නගාට නම හොරු අල්ලා පුරුදුයි… බලමු බලමු…
හෙට ඔබටත් මේ නංගි හරි මෙයාගේ යාළුවෙක් හරි හම්බ උනොත් කියන්න.
ආ අර අවසන් සටන හරි. ලයිව් දෙන්න තරං තරඟයක් තිබ්බේ නෑ. කාසියේ වාසිට අපිට ආපු ගමන් අපිටම දිනුම දුන්න. මැච් එකක් තිබ්බේ නෑ…
