Saturday, July 11, 2009

අම්මා හා කිව්වා…

අප්පේ සෑ…හෙන කාලෙකට පස්සේ. මයෙ හිතේ මාස තුනක් විතර අති. කොහොම හරි සින්ඩියේ බොස් මාව සින්ඩියෙන් අයින් කරන්න කලින් ඕන් එකක් ලිව්වා. ඕන් එහෙනං බ්ලොග් නොලිව්වට නිදහසට කාරණා.

  1. අපේ කොම්පැණිය චකබ්ලාස් උනා. මගේ කලිං පෝස්ට් කියෙව්වනං මම ඒවයේ අනතුරු අගවලා තිබ්බා. සමහර අය මේ සීන් එක දන්නවා. ඉතින් ඕක නිසා අපේ SBU එකේ 3දෙනෙක්ට වැලේ වැල් නැති උනා. මමයි, ෆා ද බ්ලොගීයි, පැංචියි .අනාතයි. දවස් ගානක් ජාලේ තිබ්බෙත් නෑ. කැෆේ යන්න සල්ලි අතෙත් නෑ.ෆුල් අන්දොස්.
  2. බ්ලොග් ලියන එක පැත්තක දාලා කට්ටියම අළුත් ජොබ් හෙව්වා. ආයේ ඉතින ගමේ ජොබ් හොයනවා බොරු. යනවා නම් ඉතින අගනුවර තමයි. ඒ නිසා ‍මම ජොබ් හෙවිල්ල පැත්තක දාලා ලාවට බිස්නස් එකකට අත ගැහුවා. මේ ගැන මම මුලින්ම කිව්වේ අපේ මරනෙට. මෙන්න මෙතනදි. ඉතින් ඕන් මම ලාව‍ට ජාල කඩයක් දැම්මා. ලාබෙට උබුන්ටුත් එක්ක අපේ ටවුමට ජාලේ දෙන්න. වැඩේ දැන් ටිකක් නැගලා යනවා. උබුන්ටු දුවන්නේ වෑර්ලස් නෙට්වර්ක් එකේ. කොටින්ම උබුන්ටු කියා වෑර්ලස් වත් දුවන ජාල කඩයක් මේ පලාතේ වත් නෑ. ලංකා බෙල් කොම්පැණියෙන් තමයි ජාලේ. ටෙලිකොම්ලට දෙන්න බෑලු. extension අවුල්ලු. ADSL තරහයිලු. Dialog කන්දට වැහෙනවලු. බාධක වැඩියිලු. අපරාදේ කියන්න බෑ අන්තිමේ ලංකා බෙල් කියන ගාන අඩු නැතිව දුන්නා. වෘත්තීය මට්ටමෙන් උබුනුටු දුවනකොට නාගත්ත වෙලාවට අපේ ශාකුන්තල ෆ්‍රෙඩයි හර්ෂන ෆ්‍රෙඩයි හෙන සපෝට් එකක් දුන්නා. දෙන්නටම තැන්කූ… ඉතින් මේවගේ බිසී කේස් නිසා බ්ලොග් එක අයාලේ ගියා.
  3. තුන්වෙනි හේතුව තමයි සිරාම වගේම දුකම හිතෙන සීන් එක. මගේ ෆියොන්සේගේ අම්මා ඒ කියන්නේ මගේ වෙන්ඩනැද්දම්මා ටිකක් අපි දෙන්නගේ යාළු සමාගමයට ෆීනික්ස් දැම්මා. කරන්නම දෙයක් නෑ. එයා ඉන්නේ ඒරොප්පේ. කවුද රොයිටර් කොනක් එහෙටම නිවුස් එක දීලා. අම්මට මලේ මල. බෑ කිව්වොත් බෑම තමයි. අම්මට සීන් එකට අසූහාරදාහට තද වෙලා. ඉතින් අම්මා කැමති කර ගන්නත් මාස්ටර් ප්ලෑන් එකක් ගහන්න උනා. පහුගිය දෙවෙනිදා එතුමී ඒරොප්පේ ඉඳන් මෙහේ ආවා. ඒකෙන් අපේ දුරකතන මාර්ගයත් අවහිර උනා. ඉතින් මොන බ්ලොග් ලිවිලිද. මෙලෝ සිහියක් නැතිව නැන්දම්මා කැමති කරගන්න විදිහක් බැලුවා. පස්සේ අපි දෙන්නා කතා වෙලා දුන්නා ඓතිහාසික ගේමක්. ඊයේ දවල් නැන්දම්මව ලන්ච් එකකට එක්කරගෙන ගිහින් හෙන කතාවක් එහෙම පවත්වලා බොහෝම යටහත් පහත් ලෙස ඕකේ එක ඉල්ලුවා. ආයචෙනා කරා. පතරොම් රහිත වෙඩිතැබීමේ කළාව තමයි අනුගමනය කරේ. වැඩේ හිතුවටත් ව‍ඩා ගොඩ. නැන්දම්මාගේ හිත උණු වෙලා, මේ අසරණ ගැත්තගේ පහන් සංවේගය උදෙසා ඕකේ එක දුන්නා. මාර හැපි. හරිනම් බොන්න ඕන සීන් එක. ඒත් කොහෙද බීලා පුරුදු නෑනේ. ඊයේ රෑ අපේ ගෙදරටත් නිවුස් එක ගෙනිච්චා. අපේ අම්මා කොහොමත් ඕකේ එක දීලා තිබ්බේ.
  4. දැන් ඊලඟට තමයි ලොකුම ගේම් එක. ඒ තමයි මව් සමාගම් දෙක ඉක්මනින්ම මුනගස්සවන්න ඕන. එකටත් දෙන්න ඕන එළ ප්ලෑන් එකක්. ඉතින් මේ නිවුස් එක නොකියා කොහොමද? ඒකයි තකහනියක් බ්ලොග් එක ලීව්වේ. දැන් නම් ඉතින් දිගටම ආපහු ලියන්න ඹ්න.

ඔන්න එහෙනං නිදහසට කරුණු කාරණා කිව්වා. දැනට නවත්තලා යන්න ඕන. “අවසන් සටන”‍ට ප්ලෑන් එක ගහන්න තියෙන‍වා. ඕගොල්ලේ ගාව එහෙම තියෙනවනම් එළ ප්ලෑන් එකක් මටත් කියන්න. අමතක කරන්න එපා. මේක අවසන් සටන… අපි දැන් හරි වෙනස් :D

35 comments:

  1. එළ එළ ඔන්න මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  2. අමුතු ප්ලැන් මොකටද දෙන්නා දෙපැත්තටම උපදෙස් දුන්න නම්,
    කට පියාගෙන වැඩිය සද්ද දාන්න යන්නේ නැතිව ඉන්න කියලා එච්චරයි නේ,
    අපි කැමති දේ අනික් අය කැමති නැ, අපි අකමැති දේට අනිත් අය කැමතියි ඉතින් එවගේ දෙවල් බොහොම සිරුවෙන් කතා කරලා දැන හදුන ගෙන තොරා බෙරා ගත යුතු දෙවල් එක නිසා එක පාරම බල කරලා දරදඩු තිරණ ගන්න එපා කියලා ඔය දෙන්න, දෙන්නගේ දෙපැත්තේ අයට තෙරුම් කරලා දෙන්න.
    ඡය වෙවා කියලා පතනවා

    ReplyDelete
  3. ඡොබක් හොයලා දෙන්න ට්‍රයි පාරක් දාන්න පුළුවනි විස්තරයක් එව්වනම් මට

    ReplyDelete
  4. ව්‍යාපාරය සාර්තක වේවා!!!

    ඉතිරි ඓතිහාසික අවසන් සටනටත් ජයගෙන..... ජය මංගලම් :)
    ‍දෙන්නගෙම බ්ලොග් වලටත් ආයෙත් පණ ලැබේවා.!!

    ReplyDelete
  5. සුභ පැතුම් දෙන්නාටම

    රස්සාවයි පරස්තාවයි දෙකම හරි යත්වා !!!

    ReplyDelete
  6. මට උඹලා ගැන හෙන දුකයි බං. කොම්පැනිවල ලොක්කෝ සුරසැපවිඳලා ගල් කරලා මාට්ටු උනාම අන්තිමට කෙලවෙන්නෙ උඹලා වගේ අහිංසක පොරවල්වලට. දැං ගණං ගන්න එපා බං. අලුත් බිස්නස් එක හොඳට කරගෙන පලයං. ජයවේවා කියල පතනව !

    ඒ වගේම බාධා නැතිව ඔබ දෙදෙනාට එක්වන්නට ලැබේවා කියලත් පතනව !

    (ගෙවල් වලින් කැමති කරවාගැනීමේ මිෂන් එකට මමත් ලඟදිම මුහුනදෙන්නයි ඉන්නේ :P )

    ReplyDelete
  7. ව්‍යාපාරය සාර්ථක වේවා. බදුල්ලෙද ඔක තියෙන්නෙ? ආපු වෙලාවක එන්නං බලන්න. එකපාරක් ඉන්ටර්නෙට් කැෆේ එකක් හොයාගෙන බදුල්ල පුරාම ඇවිදල මට එපා වුනා.

    ReplyDelete
  8. අළුත් ව්‍යාපාරයයි ළඟදි permission ලැබුණු පරණ ව්‍යාපාරයයි දෙකම සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ඔබට ජය!

    ReplyDelete
  9. @තාරක -- එළ එළ බොසා... ගින්දර... තැන්කූ...

    @නුවන්සි -- අම්මපා ඇත්ත. සිරා පොයින්ට් එක. ඔයිට ලඟින් යන එකක් තමා මමත් හිතන් හිටියේ. දෙකම කලවං කරලා දෙමු එළ ගේමක්. තැන්තූ...

    @නුවන්සි -- අනි අනි... මෙහේ බැරිම උනොත් මම කියන්නම්. තැන්ක්ෂ්

    @පහන් -- ටැංකියු... එළ එළ... වෙඩින් එකත් ඕන් ලයින්ම ගන්න ක්‍රමයක් තියේ නම් මරු... මේ දවස් වල බ්ලොග් දෙකටම සස්ටජන් පොවනවා:D ලඟදි කවුද කට්ටියක් ඔයාගේ බ්ලොග් එකේ පිකටින් එකක් කරා නේද? මාර ආතල්...

    @දිසා නොහොත් ගැන්ග්ස්ටර් -- එළ එළ ගැන්ග්ස්ටර් එළ එළ..

    @ඉනා -- සත්‍යයි බං සත්‍යයි... හැබැයි ඕකේ අපි නොදන්න පැත්තකුත් තියෙනවා බං. ටැංකියු...
    (ආ එතකොට මටත් ටිකක් එක්ස්පීරියන්ස් තියෙයි... දෙන්නං ඹ්න හෙල්ප් එකක්... එය වේවා...)

    @අනු-- ඔව් ඔව් අපේ සිටි එකේ තමා තියෙන්නේ... මෙහේ වැඩිය නෑ.. එකයි... මෙල් පාඩම නැගලා යනවා නේද? :D එළ එළ..

    @ශාකු -- සිරාවටම ටැංකියු... දෙකම ගොඩ දාගන්න ඕන... එළුවා උඩ වයර්ලස් අල වුනු වෙලාවෙ දුන්න හෙල්ප් එකට බොහෝම ස්තෑතියි... දැන් හාවට වයර්ලස් නැතුවම බෑ... නියමෙට වැඩ...

    @ඔක්කෝටම -- යුනිකෝඩ්ගේ හරි කොරොන්ගේ හරි ලයිව් රයි‍ටර්ගේ හරි ජනෙල් හතේ හරි අවුලක් නිසා පෝස්ට් එකේ කෑල්ලක් මිස් වෙලා. කාරණා අංක එකේ අපේ පැංචිගේ නමත් තියෙන්න ඕන. එත් මගේ බ්‍රව්සර් එකේ පේනේනේ නෑ. ලයිව් රයිටර් එකේ නම් තියෙනවා... දැන් ආපහු පැංචිගේ නම එඩිට් කරාම හරි වගේ... පහන් ගේ කමන්ට් එකේ අන්තිම වාක්‍ය පේන්නේ නෑ... සිලෙක්ට් කරලා රයිට් ක්ල්ක් කරාම මෙනු එකේ බලා ගන්න පුලුවන් හැබැයි. (මේ කතාව අදාළත් නැද්ද මන්දා මෙතනට)

    ReplyDelete
  10. මම දවසක් ඔයාව පහල වීදියෙදි දැක්කා. ඒත් ෂුවර් නැති නිසා කතා කලේ නෑ. කොහොද ෂොප් එක තියෙන්නේ. පුළුවන් නම් තැපෑලක් දාන්න. හැකි ලෙස සෙට් වෙමු. :)

    ReplyDelete
  11. නියමි මචෝ, පෙලපාලි යන්නේ නැතිව නිකං ඉන්නේ නැතිව දිරියෙන් ඉදිරියට යන උඹ අයියේ ආදර්ශයක්! සුභම සුභ පැතුම් ඒ උතුම් ප්‍රේමා කතාවට සුභාසිරි එක්කම!

    අපිට ඔය තරම්ම බාල්දි වැටුණේ නෑ දෙපැත්තෙන්ම ඒත් එයා ගියානේ වෙනතක! :(

    ReplyDelete
  12. @ech -- සිරාවටම උඹ බදුල්ලෙද? එළනේ මචං. මචං මගේ කැෆේ එක තියෙන්නේ කැම්පස් එක ගාව. ඊට ඉස්සරහා... ලේසියි හොයාගන්න... සෙට්වෙමු... ඔය open id එක වැඩ නෑ වගේ...

    @බ්න්කු -- අප්පටසිරි බින්කු මලයා... අම්මා මුත්තා කීවත් පෙලපාලිනං යන්නෑ කියලා තමා හිතං ඉන්නේ... බලමු බලමු වැලේ වැල් නැති උනොත් ඒකත් කරන්න වෙයි සමහරවිට... සුභ පැතුමු වලට ටැංකියු මලේ...

    මලේ අරවට සැලෙන්නන එපා. යන්න ඕන නම් යන්න දෙන්න... පස්සේ තේරෙයි:D

    ReplyDelete
  13. අනෙ අම්මේ දැක්ක කල්....අපිටත් වුණ නස් පැත්තියක තරම.....අර කිව්ව වගේ බිලොග් කැලේ.බිලොගී නංගි තව හොඳයි. පැංචිට වැලේ වැල් නෑ..ටයිපින් ආයෙ බිංදුවට බැහැලා.ඒවා ආයෙ නග්ගගන්න බැරියැ. මොකක්ද මේ නැන්දම්මගේ පලහිලව්ව? මේ දවස් වල පීස් ටෝක්ද? මවි යානා දෙක සල්ගාදු යවලා ෆලූඩා අරන් දෙන්න.සද්ද බද්ද නැතුවම ස්ටාට් වෙයි. මොනා වුණත් සීරුවෙන්.ලකුණු කපාගන්න එපා. ඔන්න මම "ගුඩ් ලුක්" කිව්වා.

    ReplyDelete
  14. ඉදිරි කටයුත් හිතන පතන විදිහටම සාර්ථක වෙන්න කියලා මගෙන් සුභ පැතුම්
    චියර්ස්.............!!!!
    සමරන්න බොන්න එහම ඕනේ නම් මන් නම් ඕනේ වෙලාවක ලැස්තියි

    ReplyDelete
  15. ඇයිද මන්දා මේක වැඩ කරන්නෙ නැත්තේ...

    එල කිරි. ඒ පැත්තේ ආවොත් මම එන්නම්.

    ReplyDelete
  16. පිකටින් එක සාර්ථකයි :D

    ReplyDelete
  17. සුභ පැතුම් මචං. කාටහරි හරියනව නං අනේ හොඳයි. අපිට ඒ පැත්ත කැමති කරගන්න නං වැඩිය ප්ලෑන් ගහන්න උනේ නෑ. ඒවුනාට ඔයවගේ මාස්ටර් ප්ලෑන් මටත් ඕනෑවෙයි පොඩ්ඩක් ටච් එකේ හිටපං මචං. ලව් එක පටාං ගත්ත විතරයි අපි. ඒ පැත්ත ෂේප් මේ පැත්ත තමා දැන් කේස් යන්න තියෙන්නේ.
    උඹේ බ්ලොග් එක සිරා. දිගටම ලියන්න.
    අවසන් සටනෙන් ජයගනීවා කියල ප්‍රාර්ථනා කරනවා. අලුත් වැඩේත් හරියත්වා.

    ReplyDelete
  18. @Crishi -- එළ එළ මිත්‍රයා... අදයි දැක්කේ...

    @Nadee -- කිරි අප්පච්චියේ පැංචි... කොහෙද බොල හිටියේ... කිව්වා නේද "සංවාද" සිම් එක දාගන්න කියලා, හදිස්සියකට කෝල් එකක් කාරිය දෙන්න. පලහිලව්වක් නෑ. පීස් ටෝක්ස් ඉවරයි. නෝර්වේ වගේ තුන්වෙනි පාර්ෂවයක සහය පැතුවේ නෑ... ස්වේඡ්චාවෙන් ගේම දුන්නා... සාමය උදාවුනා... :D ෆලූඩා කිව්වම මතක් උනේ, ආයෙත් දවසක සෙට්වෙමු... ඕස්ට්‍රේලියාවට වහිනවද දන්නෑ ;D

    @ම -- ඔය ඉන්නේ... ඔබ තුමා තමා හොය හොය හිටියේ... ඕන් අර කිව්ව වැඩේ පටන් ගත්තා... ඔන්ලයින්ම සෙට් වෙලා බොන්න ක්‍රමයක් නැද්ද? ක්‍රීම් සෝඩා නම් ඔට්ටුයි... අරව මේ ලාමක අක්මාවට බර වැඩියි... ටැංකියු වේවා.

    @ech -- මොකද්ද වැඩ කරන්නේ නැත්තේ..? එළ එළ එන්න..

    @පහන් -- ජ‍ය!

    @උන්මන්තක -- අනි අනි... එගොඩහ හරි නම් මෙගොඩහ කජ්ජක්ද? මෙගොඩහ කේස් උනත් ඉතින් විකල්ප තියෙනවා. හැම පෝයටම හඳ පායනවානේ:D ටැංකියු...

    ReplyDelete
  19. මේ මේ හඳපානේ ප්ලෑන් නං බෑ. දෙන්නම අකමැතියි. ගෙවල්වලට විරුද්ධ වෙන්න බෑ. මේක නං හරිම අවුලක් තමයි. :(
    එක හේතුවක් නිසා අපේ ගෙදරින් අකමැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මාමාත් ටිකක් බර බරේ දැම්මේ.

    ReplyDelete
  20. @උන්මන්තක -- එහෙනම් උන්මන්තක මචෝ වැඩිය උමතු වෙන්න එපා... අපි කාලයටයි අවකාශයටයි ඉඩ දීලා බලමු :) (ටෝක් ලොකු වැඩිද මන්දා ;D ...)

    ReplyDelete
  21. පහුගිය ටිකේ කියෙව්වා මිසක් රිප්ලයි කරන්න වෙලාවක් සෙට් උනේ නෑ අප්පා.. දෙන්නටම උණු උණු සුභ පැතුම් ‍මගෙන්..!ඔන්න මමත් බදුල්ලේ ආව වෙලාවක අනිවාර්යෙන්ම එනවා.. ටවුන් එකේ ඉදං කිලෝමීටර් එකක් විතර හරියේ තියෙන්නේ කියලා ආරංචියක් ආවා..! එන එක එනවා කුෂාන් සහෝව බලන්න එතකොට බ්ලොගී නගා එහෙමත් ඉන්නේ නැතැ...!

    ReplyDelete
  22. ඔන්න මගෙනුත් සුබක්.. ඕක තමා පලවෙනියට කොල්ලෙක් අමාරුවේ වැටෙන වැඩේ.. එලකිරි වගේ ගොඩ දැම්මනම් එල....

    ReplyDelete
  23. @මලී -- මං ඒත් බැලුවා කෝ කියලා... මේ ඉන්නේ ගජරාමෙට... බදුල්ලේ තවුදත් ඉන්නවා කිව්වා නේද? අර ෆෝන් එකෙන් යනවා කිව්වේ... එයාවත් බලන්න ආසයි... හරියටම ‍කි.මී 1යි. කැම්පස් එක ඉස්සරාහම... එන්න එන්න සාදරයෙන් පිලිගන්නවා... බ්ලොගී නගාත් ඉන්නවා...

    @ආගන්තුකයා -- වැටුනා වැටුනා මචා... වැටුනා... එළ එළ ටැංකියු...

    ReplyDelete
  24. ඔව් ඔව් එයා නම් මට කලින් එනවාලුනේ.. ඒක හොදා තියන තැන ටීක්කෙටම දැනගත්තහම මං එන දවසට කට්ටක් නැතුවම එන්න පුළුවන්..

    ReplyDelete
  25. අනේ ඉතිං සොරි වෙන්නෝන මචං සුභපතන්න ප්‍රමාද උනාට.
    අලුත් රස්සාවටයි, කවදාවත් පරණ වෙන්නැති අලුතින් පටන්ගන්න හදන 'අවසරලත්' පරස්තාවටයි දෙකටම ඔන්න ජයෙන් ජයම වේවා!
    එහෙනම් ඔන්න අවසන් සටනෙ සජීවී විකාශයක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳද... :D

    ReplyDelete
  26. මලී -- එළ එළ
    ධනික -- පරක්කු වෙලා හරි මේ පැත්තේ ආපු එක හොඳා... ටැංකියු වේවා... සජීවී කෙසේවෙතත් විටින් විට විස්තර විචාරයක් ගේන්න බලාපොරොත්තු වෙනවා :D

    ReplyDelete
  27. Niyamai kush!
    mama danagena hitiye nee oyata mechchara lassanata liyana puluwan kiyala
    Aluthen mona hari liwwoth mata link eka post karanna.

    Ruvini

    ReplyDelete
  28. @Ruvini -- එළ එළ... ලින්ක් පස්සේ යන්න ඕන නෑ... මේ සින්ඩිය බලන්න පුරුදු වෙන්න...

    ReplyDelete
  29. Onna ithin passe unath.mageth kaama pirichcha bokken ena unusum suba pAthum!

    ReplyDelete
  30. පස්සේ හරි දැක්ක එක නොවෑ හොඳ... එළ එළ ටැංකියු...

    ReplyDelete
  31. kushan/bloggy;

    singlish walin livvata tharaha wenna epa, nidi mathe livve.

    Umbala dennagema blogs baluwa. api wage hithana thava evun kiyala full friendly paarak ava. ekayi livve.

    dennagema jobs anja bajal wena nisa puluvan nam kiyapan api sup ekak denna [ona davasakadi] umba self suff vechcha ekata suba pathum. apita thava koheda bool ballo. kokatath hariyata karanna danna IT scenes tika liyala evapan. chance ekak dakkoth danuvath karanna. dennagema.

    umbala dennage affair ekatath suba pathum. bandapu davasak kiyala evapan. anyway ikmanata. blogiya nathnam cirosis hadila mareyi.

    man api vage kiwwe liyana deval haa karana deval nisa. inne nam rate hathara kone. oya sundara parisaraye inna ekata apata patta J macho. issara kaalayak thibba apith ovaye vatila hitiya dan ithin kandu venuvata building wala padi thamatyi naginne.

    KIT. May be oneday the community will meat. blogiyatath hai paarak daapan. channel eka set une ekigen, eth dennagema message eka kollage site ekata damma. habayi api gender eq/balance oki?

    jaya weva ehenam.

    ReplyDelete
  32. Ah meka daanna bari una. mage sinhala blog eka.

    http://nikamata.blogspot.com/

    meka damme ad ekata nove. sharing pamanayi.

    ReplyDelete
  33. @Sujeewa Kokawala--
    හප්පේ දිගගගගග කතාවත්.... ටැංකියු ටැංකියු... මමත් ඒ පැත්තේ ඇවිත් තියෙනවා.... ;-) කවිත් කියවලා තියෙනවා... :)
    කීප් ඉන් ටච් කිව්වා ඕන්...

    ReplyDelete
  34. අප්පෙ මං දන්නෙ නැතුව කට්ටිය කියවනවද? මං හිතුවෙ ඒක අන්තර්ජාලේ බොට්ස්වානාව වගෙ තැනක් කියලා. එපා වෙලා හිටියෙ. ඊයෙ තමයි සින්ඩියට දා ගත්තෙ.

    ප්‍රොෆෙෂනල් විස්තර එව්වෙ නෑ නෙ. දෙන්නගෙම [ජොබ් අවුලක් ඇත්නම් විතරයි]. මේකට දාපන්.

    sujeewa.kokawala@gmail.com

    ReplyDelete