Sunday, August 29, 2010

පාස්වර්ඩ් වැරදුනත් ජී මේල් ලොග් වෙමු! හික්z... #$%&@

ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප?

පෝස්ට් ටයිටල් එක කියෙව්වා නේද? කට්ටිය හිතුවද දන්නෑ, මමත් ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක්වත් ලියන්න හදනවද කියලා Skype emoticons-12-wondering

අපොයි නෑ... මේ දවස් ටිකේ වස කම්මැලියි. කොහේවත් යන්න වුනෙත් නෑ, ඒ නිසා පට්ට කම්මැලි කමේ වැඩටත් ආවේ. Skype emoticons-13-sleepy ඉන්නම බැරි තැන මම හිතුවා පෝස්ට් එකක් වත් ලියන්න ඕන කියලා. ඒත් ලියන්න දෙයක් නෑ. මුකුත් නොලියත් බෑ. ඒ නිසා අද උදේ මට වෙච්ච සීන් එකක් කට්ටියට කියන්න හිතුවා. මේක කියෝලා කට්ටියට මල පැනලා මට ගහයිද දන්නෙත් නෑ...

Thursday, August 12, 2010

හුටා... පඹයා මොඩ් වෙලා ;)

ආයුබෝවන් කිව්වා කස්ටියටම. කොහොමද සැප? සනීප?

ටික දවසක් බ්ලොග් කියව කියව විතරක් හිටපු හන්දා ඔන්න් අද ලෑස්තිය මොනාහරි ලියන්න. ලියන්න දෙයක් නැතිව ඉන්දැද්දී බ්ලොගීයි මායි කතා වෙච්ච වෙලාවක එයා කිව්වේ පරණ කතා ටිකක් ලියමු කියලායි. ඇත්ත තමා මෙච්චර කාලයක් බ්ලොග් එක ලියලත් එක පරණ කතාවක් වත් ලියලා නෑ. ඔක්කොම එදිනෙදා සිදුවීම්. ඒ නිසා අද බ්ලොග් එකට “පරණ සීන්” කියලා කාණ්ඩෙකුත් එකතුවෙන පරණ සීන් එකක් ලියන්නයි යන්නේ.