Sunday, August 29, 2010

පාස්වර්ඩ් වැරදුනත් ජී මේල් ලොග් වෙමු! හික්z... #$%&@

ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප?

පෝස්ට් ටයිටල් එක කියෙව්වා නේද? කට්ටිය හිතුවද දන්නෑ, මමත් ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක්වත් ලියන්න හදනවද කියලා Skype emoticons-12-wondering

අපොයි නෑ... මේ දවස් ටිකේ වස කම්මැලියි. කොහේවත් යන්න වුනෙත් නෑ, ඒ නිසා පට්ට කම්මැලි කමේ වැඩටත් ආවේ. Skype emoticons-13-sleepy ඉන්නම බැරි තැන මම හිතුවා පෝස්ට් එකක් වත් ලියන්න ඕන කියලා. ඒත් ලියන්න දෙයක් නෑ. මුකුත් නොලියත් බෑ. ඒ නිසා අද උදේ මට වෙච්ච සීන් එකක් කට්ටියට කියන්න හිතුවා. මේක කියෝලා කට්ටියට මල පැනලා මට ගහයිද දන්නෙත් නෑ...


ඔන්න මං අපේ ටෙක්නිකල් බ්ලොගර්ස්ලා වගේ ලෑස්ති වුනා පට්ට ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක් ලියන්න. Skype emoticons-36-giggle

ඉතිං මං අද ලමයින්ට කියලා දෙන්න යන්නේ පාස්වර්ඩ් වැරදියි කියලා ගූගල් දෙයියන්ගේ පුතා ඒකියන්නේ ජීමේල් දෙයියෝ කිව්වත් තමන්ගේ එකවුන්ට් එකට ලොග් වෙන හැටි ගැන.Skype emoticons-12-wondering...

 මෙතන තියෙන්නේ බොහෝම සරල පියවර කිහිපයක්. හික් හික්....

අංක 1) ඔයාලගේ කොම්පියුටරේ ස්ටාර්ට් බටන් එක ඔබලා, එකේ තියෙන ඔයාලා ආසම වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. නිතරම සිංහලෙන් ලියන ගොඩක් කට්ටිය වගේ මං ගාවත් තියෙනේ ගිනි හවලා.

අංක  2) එතකොටම ඔයාලගේ හෝම් පේජ් එක එයි. මෙන්න මගේ ආපු එක. ගූගල් දෙයියෝ තමයි ඉතිං.



අංක 3) ඔන්න ලමයි ඊට පස්සේ, ඔය උඩ තියෙන Gmail කියන නිල්පාට වචනේ උඩ ක්ලික් කරන්න. ඕං එතකොට එනවා ගූගල් දෙවියන්ගේ පුතා. ජීමේල් දෙයියෝ. බලන්න කොච්චර ලේසිද කියලා.


අංක 4) දැන් ඉතින දකුණු පැත්තේ තියෙන යූසර් නේම් කියන කොටුව උඩ දෙපාරක් මවුස ගෙන් ක්ලික් කරන්නකෝ. එතකොට නිතරම යන එන යූසර් නේම් ලිස්ට් එක පෙන්නනවනේ. මෙන්න කට්ටියට ලේසි වෙන්න ඒ පිංතූරෙත්. (හෙන සීරියස් වැඩක් හොඳේ මේක. අවධානෙන් කියවන්න ඕන ඈ...)

අංක 5) ඉතිං ඔය ලිස්ට් එකේන් තමන්ගේ යූසර් නේම් එක තෝරගන්නකෝ. මේ කේ නං තිබ්බේ මගේ එක විතරයි.

අංක 6) දැන්තමයි හොඳම හරියට එන්නේ. රයිට් ළමයි. එතනට එනකං ස්ටෙප් ටික හරි නං දැන් අමුණල කරලා පාස්වර්ඩ් එක ගහන්නකෝ ඔය ඊට යටින් තියෙන කොටුවේ. මෙන්න මේ වගේ.


අංක 7) දැං එහෙනං නමෝ විත්තියෙන ඊට යටින් තියෙන Sign in කියන බටන් එක ඔබන්නකෝ. Skype emoticons-38-thinking.  මොකෝ වුනේ. දෙයියන්ගේ පුතා කෝප වෙලා නේද? ඇතුලට යන්න බෑ කිව්වා නේද?


අංක 7) දැන් තව පාරක් පාස්වර්ඩ් එක ගහන්න. බැංකුවට වරදුනාද දන්නෑනේ. ම්ම්ම්ම් හ්ම්... යන්නෑ නේද? ආපහු අරකම නේද ආවේ... දැන් පොඩ්ඩක් ගූගල් දෙයියන්ගේ හත් මුතු පරම්පරාව මතක් කර ගන්න. හරි නේද? ඕ කේ ... දැන් ලොකු හුස්මක් ගන්න. හෝව් හෝව්... තාම හුස්ම පහලට දාන්න කිව්වේ නෑ. ත්‍රී... ටූ... වන්... දැනි හරි. හුස්ම පල්ලෙහටෙ දාන්න. Skype emoticons-36-giggle හරි දැන් ආපහු පාස්වර්ඩ් එක ගහන්න.



අංත 8) යන්නේම නෑ නේද? ඔන්න දැං තමයි කට්ටියට මගේ හෙලුප් එක ඕන වෙන්නේ.Skype emoticons-38-thinking.
 මෙන්න මේ පිංතූරේ තියෙනවා වගේ කරන්න ඕන. හරිය... (පුතා ගේ වර්ඩ් එකක් හොඳේ...)
මොනිටරේ පහලම හරි යේ දකුණු පැත්තේ තියෙනවා SI කියලා පොඩි අයිකන් එකක්....

නෑ... ?

නෑ වෙන්න බෑ.. පොඩ්ඩක් බිම බලන්න, සමහර විට වැටිලා ඇති.

දැන් එක ඔබලා ඒකෙන් එන මෙනු එකේ තියෙනවා EN කියලා එකක්. ආන් ඒක ක්ලික් කරන්න.


අංක 9) දැන් හරි. ආපහු පාස්වර්ඩ් එක ගහන්න. හරිය. දෙයියෝ බුදුන් සිහි කරගෙන දැන් සයින් ඉන් කියන බටන් එක ඔබන්න....

අංක 10) සෝක් නේ.... ඔය එන්නේ බබා වගේ ලියුම් පෙට්ටිය.


කොහොමද ටිකිරි මොළේ...Skype emoticons-36-giggle.

කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

 (දැන් ඉතිං දුවන්න ඕන බිත්තර කට්ටක් හොයන්න. කට්ටියගේ අවි අමෝරාගෙන ගහන්න එනකොට හැංගෙන්න... Skype emoticons-46-punch )

52 දෙනෙක් හිතුන දේ කිව්වා:

  1. මූට නම් බිත්තර වලින් ගහල මදි.
    හිකිස්.
    එල එල
    මටත් ඔහොම සෑහෙන්න වෙලා තියනවා. :)
    දවසක් ebay එකේ password එක reset කරා password එක වැඩ කරන්නේ නැතුව. පුරුදු password එක ගහනකොට කියනවා ඒ පාස්වර්ඩ් එක කලින් තිබුන එකක් නිසා වෙන එකක් දෙන්නලු. හුටානේ. එතකොටතමයි වුන දේ තේරුනේ. :(

    ReplyDelete
  2. ඊඊඊඊඊඊ ලග ඉන්දියානම් ගලකින් ගහනවා හික් හික් මොකක් වුනත් එල කතාව මරු ටෙක්නිකල්

    ReplyDelete
  3. බොලා හාලේ එක ස්ටාර්ට් කොරගෙනද මේක පෝස්ට් කලේ . . . ?

    මොනා උනත් මේවට තමයි නියම ටෙකී පෝස්ට් කියන්නෙ . . . . !

    ReplyDelete
  4. හිහිහි.....මට නම් ඔය SI ඔබලා EN ගන්න ඕන වෙන්නේ නෑ....
    මට වෙන්නේ "සි" අකුර ඔබලා E අකුර ගන්න වෙනඑක.... :D

    ReplyDelete
  5. අහ් මේ මේක හින්දද මේ අව්ල

    සිංහල කිට් එක දාගත්ත දවස් වල පින්තුර කඩේ ( PhotoShop ) ට යන හැම වෙලාවකම සිංහල කිට් එකටයි බිල් ගේට්ස් සීයටයි හොදටම බැන බැන හිටියෙ පස්සෙ දවසක තමයි දැනගත්තෙ Alt + Shift ක සිංහල කිට් එකේ ෂොර්ට්කට් එකක් කියල

    දැන් නම් ඉතින් මම ඔය කැල්ල ටාස්ක් බාර් එකෙන් අයින් කරල තියෙන්නෙ

    ඒක හින්ද අව්ලක් නෑ

    ReplyDelete
  6. username එක double click කරමා user names ගොඩාක් ආවලු පස්සෙ ටූල්ස් ගිහිල්ල history clear කරලලු ස්ක්‍රීන් ප්‍රින්ට් එක ගත්තෙ... සිතැඟි ගෙ කොම්පියුටර් ජිල්මාට් මාට්ටු වෙයි කියල හික්ස් :P

    ReplyDelete
  7. ෂිහ්... කොච්චර දුර එක්කන් ඇවිත්ද පහලට තල්ලු කළේ...!!

    ReplyDelete
  8. ගැල් උගුඩුවා.. මූ යෙපේ රුපියල් පහ‍ කේවා :D

    ReplyDelete
  9. තුහ් නොදකින් මූ කරපු වැඩේ අම්මපා........

    ReplyDelete
  10. අපරාදෙ වෙලාව මෙයා... ආයෙනම් ඕව කියවන්න එන්නෙ නෑ...

    ReplyDelete
  11. ෂහ්... නියම ටෙක් පෝස්ට් එක මචං... උඹේ ගෝලයන්ට එහෙම ඔව්වා කියල දෙන්ට එපා... ගුරු මුෂ්ටි විදිහට තියාගනින්... :D

    ReplyDelete
  12. හික්ස්...මටත් අනන්තවත් ඔය වැඩේ වෙලා තියනවා.මරු.

    ඔය ඉන්නෙ නියම ටෙක්නිකල් බුවාලා...:)

    ReplyDelete
  13. ඊඊඊඊඊඊඊඊඊඊ.......... :(
    මගෙත් මේ පෝස්ට් එක යට හරියට එද්දි කටත් එක්ක බාගෙට ඇරිල තිබුනෙ. :(

    ReplyDelete
  14. මට ඔය කියල SI අයිකන් එක හොයා ගන්නම බේරී උනා... කොහෙවත් නැහැ, කාමරේ අතුගාලා බැලුවත් හම්බුන් නැහැ... ඉතින් වැඩේ අත්හැරිය. :D
    (කට්ටියම සිතැඟි කියවන්න බඩගින්නේ ඉඳල තියෙන බවනම් පේනවා (:...)

    ReplyDelete
  15. අහුවෙයන්කෝ උදේ පාන්දරම කරපු වැඩේට. මමත් උදේම මේක කියවන්න ආවා උඹ මගේ ලේ ටික ඔක්කොම පිරිසිදු කරා. මමත් නිතරම ඔය වැඩේ කරගන්නවා. එකවුන්ට් ලොක් කරගෙනත් තියනවා.

    ReplyDelete
  16. ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්!!!!!!! වෙරි යුස් ෆුල් ටිප්!

    ReplyDelete
  17. පට්ටම පට්ට ටෙක්නිකල් නෙව. මටත් ඔය සීන් එක වෙලා නං තියනවා

    ReplyDelete
  18. චික් දරුවෝ... හද්ද බලුයි..

    ReplyDelete
  19. හික්.. හික්.. හික්..

    ReplyDelete
  20. හප්පේ... මුලු දවසෙම හැංගිලා හිටියා ප්‍රහාර වලින් බේරෙන්න. කවුරුත් පේන්න නැති වෙලාවක් එනකං හිටියේ. දැන්නම් කවුරුත් පේන්න නෑ වගේ.

    @කාංචන දිනූක--
    සොරි සෑර් ;) ඒක තමයි. වෙලාවකට ඕක මතකම නැතුව යනවා. ඊටපස්සේ පාස්වර්ඩ් චේන්ජ් කරන්නයි. අරකයි මේකයි. කතන්දර නේ බං.

    @පුබුදුවා--
    ඒකනේ බං හැංගිලා හිටියේ. :) හික් හික්... ටැංකියු

    @දුමී--
    අපොයි නෑ. හාලි සර්විස් එකේ. මේක මේ පට්ට කම්මැලි කමට ලියවිච්ච පට්ට ටෙක්නිකල් පෝස්ට් එකක් :0 ටෙකී පෝස්ට්. කැටගරියක‍ට හොඳ නමක්.

    @චමිදේවා--
    හික් හික්... ඒකෙන් මොකද්ද වෙන්නේ බං. මං දැන්නෑනේ ?

    @DarKneT--
    ඒකනේ බං. උදේම මාව පිස්සුවැට්ටුවා :)
    පිංතූර කඩේදී තමයි මමත් වැඩියෙන්ම ඥොක්ස් වෙලා තියෙන්නේ.
    එතනින් අයිං කරාම හරි යනවද බං? කරලා බලන්න ඕන. ටැංකියු වේවා.

    @අඳුරෙන් එළියට--
    ඒක නේන්නම්.

    @සංකල්පනා--
    කොල්ලා දස්සයා. වැඩේ අහුවුනා නේ. සිරාවටම ඒක තමයි වුනේ. ඔපීසියේ ඔක්කෝම උන්ගේ ඒවා එතන තිබ්බා. :-)

    @තිස්ස දොඩන්ගොඩ--
    සොරි වෙන්ඩ් ඔනෑ සර්... :-) සිංදුවක් කියාගෙනමද පහලට වැටුනේ.? හික්ස්

    @Kanishka | කණියා--
    ෂොරි සේර්... රුප්පියල් පාට දායක්ම දෙන්ඩ බැරියෑ සේර්... සේර් අපිලා පෙත්තේ ආපු යෙකම වට්ටිනවනේ අපපිලට... :)

    @අභීත--
    සොරි සෑර්.... :) උදේ පාන්දරම මස්තබාල්දු කරාට :) හක් හක්....

    @Anonymous--
    සෑර් ටත් සොරි වෙන්ඩ් ඕන.... ;)

    @පුතා--
    නෑ පුතේ... මලාට මෙව්වා කියලා දෙන්නේ නෑ... මෙව්වා සෑහෙන්න වැදගත් ඇඩ්වාන්ස් පාර්ට්ස්. හරිය. ;)

    @blog gadol--
    ඒකනේ කියන්නේ. පට්ට ටෙකී පොස්ට් කියලා වෙනම කැටගරියක් දාන්න වෙනවා. :)
    පනහකුත් ගැහුවා නේද පූසෝ... ජය...

    @වැම්පයර්--
    කට බාගෙට ඇරිලා තිබුනේ මගේ බෙල්ල කන්නඩද බං. හොඳ වෙලාවට මං හැංගිලා හිටියේ. මේ දවස් වල ඇඟේ ලේත් නෑ එච්චර :)

    @SACHIRA--
    ආ... පොටෝ කැංගරු මහත්තයා.... සුවර් එකට ඔය අයිකන් එක උඹට මොනා හරි එක්ක කැවෙන්න ඇති. නැත්තං නැති වෙන්න විදිහක් නෑ. දෙයියා පල්ලා... :)

    @priyantha.ඒබී--
    ඒක තමයි රජෝ හැංගිලා හිටියේ. උඹලාගෙන් බේරෙන්න :) හක් හක්... ඕන වුනොත් කියන්නං. අර දූවිලි ට්කක් එවහං හොඳේ...

    @මුචලින්ද--
    අන්න වචනේ... කූජීතයි නේන්නං :)

    @ෆා--
    සොරි වේවා මැඩම්... ටැංකියු ෆො යුවර් කයින්ඩ්නස් ;)

    @Naදී --
    ලෙට්ස් ඩාන්ස් ;)

    @තීර්ථ යාත්‍රිකයා--
    පට්ට කියන්නේ මැක්ස්මම්. ;-) අළුත්වගේ මේ පැත්තට. සා‍ද‍රයෙන් වෙල්කම් කිව්වා ඕන්... මං නං ඒ පැත්තේ ඇවිත් තියෙනවා....

    @කැළණිතිස්ස--
    හික් හික්... කූජීතයි.... හික් හික්...

    @AKP Priyal--
    සොරි වෙන්ඩ ඕනෑ සෑර්ටත්.... ටැංකියු වේවා... :)

    @කට්ටියටම....
    ගොහිං එඤ්ඤං එහෙනං... ආයේ මොනාහරි පට්ට ටෙකී ට්‍රික්ස් ඕන වුනොත් කියන්නකෝ.... :D

    ReplyDelete
  21. අනේ අයියණ්ඩියෝ ..............

    ReplyDelete
  22. ඇයි යකො මෙහෙමත් අපරාද..මෙක උඩ හරහා යන්න වෙස්ට් වුන දත්ත ප්‍රමාණයට අපිට ගෙවපං.. පාඨමලා හදාරපු සිසු දරුවන්ටත් ඔහොමද කියා දුන්නෙ.. ඇ කැලණිතිස්සයො මේයා ගුරුකම කොරන්නෙත් ඔහොමද?

    කොහොම වුනත් එල කතාව ලග පාතක හිටිය නං පිට මැදට පාරක් දීල බඩටත් ඇගිල්ලෙන් ඇනල බස් එක වගේ ගැස්සි ගැස්සි තඩි පැන්ඩට හිනා වෙන්න තිබ්බ..

    ReplyDelete
  23. ටැක්නිකල් ලිපි දැකලා ඇත්වෙච්ච මට නම් මේක මසුරං වගේ :D

    ReplyDelete
  24. @වැප්--
    උඹලා ඉතිං උපතින්ම ටෙකීනේ. මේ ඒක නෙමෙයි. උඹේ බ්ලොගේ ‍පස්සෙන් එන ගැජට් එක දාපන්කෝ බං...

    ReplyDelete
  25. ඉහි ඉහි..... මගේ මැසිමේ ඉස්ටාර්ට් බටොං එකක් නෑනේ...... :( SI EN මෙනු එකකුත් නෑ. :(

    ඉතිං පාස්වර්ඩ් අමතක වුණොත් සොරිම තමා.

    ReplyDelete
  26. @ශාකු--
    ඔය මැසිමට දාපු මෙව්වා එකේ හැටි මයෙ හිතේ... උඹලා පාවිච්චි කරන්නේ විලිලැජ්ජා නැති සොට්ටෙයා නේ. ඇතුල පේන ඒවා නේ... හික් හික්...

    ReplyDelete
  27. ආ නරක් වෙලා තියෙයි ඇතුල පේන එවා....මං කිව්වෙත් සොට්ටෙයා ගැනම තමයි හොදේ..

    ReplyDelete
  28. @පැන්ඩා--
    නරක නෑ නරක නෑ... මාත් මුලදී එළුවා පිටෙයි හාවා පිටෙයි ගියා හරිහරියට, ශාකුටයි හර්ෂණටයි පින්සිද්දවෙන්න. ඒත් ජනේල් හතෙන් පස්සේ වෙන එක්කට හිත දෙන්න බැරුවා වගේ...

    ReplyDelete
  29. හිකිස්.... එළ එළ මටත් ඕනෙතරම් වෙනව ඔය හරුපෙ... පී

    ReplyDelete
  30. @Prabhath Darshana--
    ඒකනේ... මටත් හරිහරියට ඕක වෙනවා...

    ReplyDelete
  31. අනේ හරි සෝක් බන්.උබත් දන්න දේවල්

    ReplyDelete
  32. @NUWAN"s lane--
    ඒකනේ කියන්නේ ටිකිරි මොලේ කියලා... :)
    ඒක නෙමෙයි, උඹේ පරණ පෝස්ට් වගේකට ස්පෑම් කමන්ට් ආවද? පොඩ්ඩක් බලපං. මට නිකං දැක්කා වගේ මතකයි.

    ReplyDelete
  33. ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්‍ර්ර්..!!
    මේක අදයි දැක්කේ. දැක්කට වැඩිය හොඳයි නොදැක්ක නම්.
    ලොල්
    මරුවට ලියලා තියෙනවා කුශාන්. අපිත් කට ඇරගෙන කියෙව්වා නෙව.
    හෙහ්හෙහෙහෙ

    ReplyDelete
  34. උම්මා... ළඟ හිටියනම් කලිසම ඔලුවෙන් අන්දනවා.. හික්ස්..

    ReplyDelete
  35. @Ansh Lucky Sri Jay---
    හකේ හකේ හක් හක් හක්... සත්තයි ලිව්වත් හරි මං කියෙව්වෙත් නෑ ඕක... :)

    @Tharaka Weerasekara--
    අප්පට සිරි. වෙල්කම් කිව්වා... ඒකත් මාර එක්ස්පීරියන්ස් එකක්නේ. ට්‍රයි එකක් දාලා බලන්න ඕන... ටැංකියු ;-)

    ReplyDelete
  36. සී විතරක්. මාත් අගටම කියෙව්වනෙ හරකා වගේ.

    ReplyDelete
  37. අහුවුණෝත් සෑහෙන දෙනෙක්ගෙන් කන පාටක් පේන්නේ... මම නං මේකට කිසිම දොසක් කියන්නේ නැහැ.... මොකද මමත් හොඳට කල්පනා කරලා ගොනා වගේ ඔය විදිහට පාස්වර්ඩ් ගහන හින්දා.....
    මේ පෝස්ට් එක මතක් වෙද්දිවත් ඒ ලෙඩේ හරිගියොත් එහෙම....

    ReplyDelete
  38. යකෝ මගේ බීපු ඒවායේ වෙරිත් හිඳුනා දැන් තව කාලක් ගන්න සල්ලි දීපන් :-D

    ReplyDelete
  39. ඔක්කොම වැඩ දාලා මේක කියවද්දි, මෙයා මගුලක් කතා කරනවා.

    ReplyDelete
  40. මලේ තරමට මේක අමතක විය. මේ ටික මරුය. සරළ රසවින්දනයට මෙවැනි පෝස්ට් අනගියි.

    ''මොනිටරේ පහලම හරි යේ දකුණු පැත්තේ තියෙනවා SI කියලා පොඩි අයිකන් එකක්....

    නෑ... ?

    නෑ වෙන්න බෑ.. පොඩ්ඩක් බිම බලන්න, සමහර විට වැටිලා ඇති.''

    (කුෂානයට විතරක් පෙනෙන ​ලෙස - තෝ ආයෙ මේ වගේ වැඩ කරල තිබ්බොත් තොගෙ දිග කොන්ඩ එක පිහි පාරින් සුනු විසුනු කර දමමි )

    ReplyDelete
  41. @änthräX--
    හායි කිව්වා... සොරි සෑර්... ;-)

    @ම--
    කාලක් මෙකෙටෙයි බං. දෙන්නංකෝ බොතලයක්ම ;-)
    ඕන් අල්ල ගනියෝ

    @Jeew--
    ඒ‍කනේ කියන්නේ. ඉවසා වදාරන්න ඕන.

    @බුද්ධි--
    මඟුල් නං කියලා කීයක් කතා කොරලා ඇත්ද මෙලහකට. එව්වත් එක බලන කොට මේක නිකං බර්ත්ඩේ පාටියක් විතරයි බං. මේ ඒක නෙමෙයි රොබින් හුඩ් ගාව කොයින්ද බං පිහි. කඩු එපැයි තියෙන්න... ;-)

    ReplyDelete
  42. උඹ කස්ටියගෙන් ගුටි නොකා බේරුනාද මචෝ . . හික්ස්

    ReplyDelete
  43. ඒයි, උඹ තාම ඉස්පිරිතාලෙද ? සති දෙකක් ගියා, තාම පෝස්ට් එකක් නැහැනෙ !! තාම පත්තු බඳිනවද ?

    ReplyDelete
  44. @දුකා--
    ගුටි නං කෑවේ නෑ බං. ඒත් කං පිරෙන්න අහගත්තා... :) දැන් කන් දෙකත් අගුලු වැටිලා...

    @දුමී--
    එනෝ එනෝ... පත්තු බැන්ඳේ නෑ බං. බෙඩ් රෙස්ට් ගන්න කිව්වා ;-)

    ReplyDelete
  45. මිස්ටර් හොදහිතNov 25, 2010 07:48 PM

    නිකං බොරු කියලා මිනිස්සු රවටන්න එපා...ඒවා පාහර වැඩ .. ..

    ReplyDelete
  46. @මිස්ටර් හොඳ හිත,
    සොරි සෑර්... සෑර්ට තරහ ගිහිල්ලා වගේ... :)

    ReplyDelete