Monday, November 29, 2010

නම් වෙනස් කිරීම සහ සතියේ බ්ලොග් පුවත් ;-) හික් හික් @@#$$%%


ටී..ක්   ටී..ක්   ටී..ක්   ටී..ක්   ටී...............ක්...

ආයුබෝවන්..!

වෙලාව උදෑසන 6යි.

මේ සිරිලංකා බ්ලොග් කොම්පැණියේ සිංහල සේවයයි...

සතියේ පුවත්...

මුලින්ම සිරස්තල...

Monday, November 22, 2010

දෙසක් රියේ චාරිකාව 3 - බුදුරුවගල


ආයුබෝවන් කිව්වා කස්ටියටම, කොහොමද සැප? සනීප? මාව අමතකාවෙලාවත්ද දන්නෑ.... ;-) කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් ලියන්න බැරි වුනා. දන්නෝ දනිති මං වනගත වෙලා හිටියේ කියලා. එහේට යහමින් ජාලේ තිබ්බෙත් නෑ කියන්‍නකො. සීඩීඇම්ඒ ෆෝන් කට්ටක් හම්බවුනා තමා, ඒකෙන් යාන්තං බස්(z) එක‍ට ගොඩවුනා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් කලාවක් තිබුනේ නෑ නෙව. (රහසින් - බස්z එකේ උන්ටත් දැං බ්ලොග් ලිවිල්ල අමතක වෙලා J) වන ගත ජීවිතේ ගැන ලියන්න හිතන් හිටියත් ඒ සුන්දරත්වය ගැන කතා කරන්න කලින් හිතන්න ඕන රෙස්ට්‍රික්ෂන්ස් වගයක් තියෙනවා. ඒ නිසා ඒවා ගැන හිතලා වනගත ළමෝ ගැන පස්සේ වෙලාවක කියන්නම්. දැනට හිතාගන්නකෝ හිටියේ අධි ආරක්ෂිත කළාපයක කියලා.