මල්ලී, මෙහෙ එනවකෝ?
ඇයි බං?
පොඩි වැඩක් කරමුද?
මොකද්ද?
ෆ්ලෑෂ් වලින් එකම පැටර්න් එකට ඔබ්ජෙක්ට් ගොඩක් ඇනිමේට් කරාම බර වැඩි වෙයිද?
නෑ. එහෙම නෑ. මූවි ක්ලිප් එකක් ක්‍රියේට් කරලා ඩුප්ලිකේට් කරපං. එතකොට හරි.
එහෙනං පොඩි ගේමක් දෙමු.
මොකද්ක කියපංකෝ.
අපි හදමු තොරණක්.
තොරණක්. ෆ්ලෑෂ් වලින්? අහවල් එකකකටද?
අපි වෙසක් එකට පෙන්නමු.
කාටද?
මිනිස්සුන්ට. ප්‍රොජෙක්ටරේ ගහලා ගින්දර වගේ දෙමු.
අම්මට සිරි. පට්ට අයිඩියා එක. කරමු කරමු.
අරුණ අයියා,
උඹට මතකද අපි දෙන්නා එදා එහෙම කතා වුනා.
උඹ කොහොමත් වැඩක් පටන් ගත්තොත් අන්තිම වෙනකම්ම කරන එකානේ.
උඹ තනියම තොරණේ වැඩේ පටන් ගත්තා.
ෆ්ලෑෂ් වලදී මම සප් එක දුන්නට උඹනේ තනියම හැදුවේ.
උඹට මතකද? අපි අඩි තිහේ ලොකු ස්ක්‍රීන් එකක් ඔෆිස් එකේ මිදුලේ හයි කරා. පට්‍ට නේ බං.
මතකද අර අමුතු විදිහේ බුද්ධං සරණං සිංදුව හොයන්න අපි මහන්සි වෙච්ච තරම?
අන්තිමට විමල් අයියගෙ කඩේ බඩු තිබ්බනේ.
අපේ තොරණෙන් පස්සේ උණු කැවුං වගේ ඒ ට්‍රැක් එක ගියාලු බං.
උඹට මතකද වෙසක් දවස් දෙකේම රෑ දෙගොඩහරිය වෙනකල් වැල නොකැඩී මිනිස්සු ආපු හැටි.
ආපු එකෙක් අඩුම තරමේ පැය භාගයක් වත් හිටියා නේද?
අපිත් ඒ දිහා බල බල කොච්චර සන්තෝසෙන් හිටියද?
මතකද එදා දවල් දන්සැල් වඳින්න ගිහින් චන්දනයගේ හෙල්මට් එක නැති වුනා.
මතකද අපි ඊ තොරණ කියලා ගහපු පෝස්ටරේ. පට්ට නේ බං?
මට නං එවා තාම මතකයි බං. මං දන්නවා. උඹටත් ඒවා එකක් නෑර මතකයි.
ඒත් ඇයි උඹ අද අපිත් එක ඒ පරණ සීන් කතා කරන්නේ නැත්තේ?
මතකද උඔට? උඹේ බත් එකේ තිබ්බ හාල්මැස්සෝ එක්ක පපඩම් බැදුමට නිමන්තයා වලි කාපු හැටි.
ඌට ඒක නැතිවම බැරි වුනානේ...
මතකද අපි බෙන්ජව බයිට් කරපු හැටි...
ඇයි ඌ ක්ලාස් එකේ හිටපු කෙල්ලෙක්ව පන්නගෙන ජොබ් එකත් දාලා ගෙදර ගිය වෙලාවේ අපි ඌව බලන්න කෝච්චියේ උන්ගේ ගෙදර ගිය හැටි. මතකද යන ගමන් අපි ගත්ත ආතල්.
අර කෝච්චියේ හිටපු ලස්සන කෙල්ලට උඹේ ෆෝන් නම්බර් එක දුන්නා මතකද?
පස්සේ ඒ කෙල්ල උඔට මැසේජ් කරා මතකද? උඹත් මැසේජ් කරා නේද?
අනේ සොරි මචං. අපි තාම උඔට කිව්වේ නෑ, ඒ මැසේජ් කරේ අපි බං. නිලංගයාගේ ෆෝන් එකෙන්.
මතකද ඒ කෙල්ල උඹට සෙට් කියලා අපි උඹෙන් පාටියකුත් ගත්තා.
අනේ සොරි බං. අපි උඹට එක එදා කිව්වෙ නෑ. තාම කිව්වේ නෑ...
උඹ කොළඹ ගියාට පස්සේ අපේ ආශ්‍රය ගොඩක් අඩුවුනා නේද? ඒත් ඒ බොක්ක එහෙම්මම තිබ්බා නේද?
මතකද අපි කොළඹ මීටින් ආවම උඹලගේ මහරගම බෝඩිමට එනවා. උදේ පාන්දර බස් එකෙන් බැහැලා ඇවිත් මම නාන අතරේ ඉන්දිකයා උඹේ කොම්පියුටරේ වැල බැළුවේ. ඌට උදේ පාන්දරම මෝලංගාය කියලා උඹ නෝන්ඩ් කරා නේද?
අනේ මචං.
මතකද ඉස්සර බදුල්ලේදී අපි ඔක්කෝම වටවෙලා කෑම කනවා. කාපු ගමන් හැමදාම උඹ බඩ අල්ලගන්නවා බඩ රිදෙනවා කියලා. අපි හිතුවේ ගැස්ට්‍රයිටිස් කියලා නේද? ඇයි අපි වැඩිය ඒ ගැන හෙව්වේ නැත්තේ...
මතකද උඔ ළමයි 117ක් එකක් පටන් ගත්ත ඩිප්ලෝමා බැජ් එක. උඹ මාර ආසාවෙන් නේද ඒක කරේ. ඒකේ උඹ ආස කරපු රූපෙකුත් තිබ්බා නේද?
උඹට මතකද ඒක පටන් ගත්ත දවසේ බොස්ලා විසිට්න් ඇවිත් හිටියා බදුල්ලට. එක බැජ් එකට හිටපු ළමයි ගොඩ දැකලා ෆිට් එක වැඩි කමට බොසා අපිට පාටියකුත් දුන්නා නේද? එදා ගත්ත ෆොටෝ තාම තියනවා බං.
මම දන්නවා උඹ අර උස කෙල්ලට ලව් කරා කියලා. ඒකිත් ටිකක් කැමැත්තෙන් වගේ හිටියට උන් ලොකු ෆැමිලි බන්. මං ඒ ගැන අහපු වෙලාවේ එක් කිව්ව දේවල් උඹට මතකයි නේද?
ඇයි බං උඹේ EN බයින් එක. උඹ ඒකේ යනකොට මාර ලස්සනයි බං. උඹ කොහොමත් හෙන හැන්ඩියානේ.
ඇයි බං උඹ කොළඹ ගියේ? උඹ බදුල්ලේ හිටියනම් උඹ තාම අපි ලඟ නේද?
කවුද හිතුවේ උඹේ බඩ රිදිල්ල කෙළවරේ වෙන්නේ කැන්සර් එකකින් කියලා.
උඹ වත් හිතුවේ නෑනේද? අමරෙගේ වෙඩින් එකේදී චන්දනයගේ අනතුරු ඇඟවීම ඇත්ත වුනා නේද?
අනේ බං උඹ එදා නිලමේ කිටි එකෙන් ගහලා තිබ්බ ෆොටෝ එක මට දැනුත් මතක් වෙනවා බං. උඹ මාර හැන්ඩියා...
මතකද උඹේ පළවෙනි ඔපරේෂන් එකෙන් පස්සේ උඹව බලන්න කළුබෝවිල හොස්පිටල් එකට අපි ආවා. උඹව දැක්කම අපිට කඳුළු කාවට ඇඬුනා බං. උඹ අපිටත් වැඩිය කොච්චර ෆිට් කොල්ලෙක්ද? ජිම් ගියා. සෙල්ලං කරා. හොඳ ෆිට් එකට හිටියනේ. අන්ක ගුණක් නැති පිළිකා සෛලෙකට පුළුවන් ද බං කොල්ලෙක්ව ඒ තරං අසරණ කරන්න.
ඒත් උඹ ඉන්ජෙක්ෂන් වලින් පස්සේ ටික ටික සනීප වෙන හැටි අපි බලන් හිටියේ ආසාවෙන්. ටිකක් සනීප උනාම උඹ ආයෙ ජොබ් එකට ගිය එක ගැන අපි ගොඩක් සංතෝස වුනා. ඒත් කවුද බං උඹේ ඔළුවට දැම්මේ උඹ ජීවත් වෙන්නේ තව අවුරුදු දෙකයි කියන කතාව. ඇයි උඹේ අයියලා ටික උඹ භාවනා කරන්න යන එක නැවැත්තුවේ?
උඹට මතකද අපේ සෙට් එකට ජොබ් එක නැති වෙලා කොළඹ ආපු වෙලාවේ උඹ ඉන්දිකයගේ අතට රුපියල් 1500ක් ගුලි කලා. ඒ වෙලාවේ උන්ට් එක කෝටියකටත් වඩා වටින එකක් වුණා කියලා ඉන්දිකයා තාම කියනවා. එච්චර හිත හොඳ උඹ කොහොමද අද මෙහෙම උනේ...
කොළඹ ජොබ් එක දාලා උඹ ගෙදර ආපු වෙලාවේ අපි සන්තෝස වුනා උඹ අපි ලඟ කියලා. උඹ ක්ලිනික් ආවම හොස්පිටල් එකේ ඉන්න බැරුව අපේ ඔෆිස් එකට එනවා නේද? පහල කඩෙන් වඩේ කාළා ප්ලේන්ට් බ්ව්වා උඹට මතකද? හොඳට සනීප වෙවී හිටිය උඹ ඇයි එකපාරම දුර්වල වුනේ.
බලං ඉද්දි උඹ ඇදිලා ගියා නේද? ඇඳ උඩටම සීමා වුනා නේද?
උඹට මතකද උඹට ෆ්‍රයිඩ් රයිස් කන්න ආස හිතිලා ඉන්දිකයත් එකක් දුල්සර එකට ගියා. මාස ගානක් බත් නොකා හටපු උඹට එහෙම ආසාවක් අපු එක පුදුමයක් නෙමෙයි. උඹ කොහොමද එක දිගට මාස එකහමාරක් මොනාවත් ම නොකා හිටියේ? අපිනම් සතියෙන් මැරෙයි. උඹ ඒ තරං ෆිට් බං.
දොස්තරලා සනීප කරන්න බෑ කිව්වම මතකද අපි උඹව අරං සිංහල වෙද්දු ගානේ ගියා. උඹේ අයියලත් නොකළ දෙයක් නෑ නේද. පුළුවන් හැමදේම කරා නේද? මතකද හාලිඇල වෙද මහත්තයා ගාවට උඹව වෑන් එකේ එක්කයන වෙලාවේ කිත්තයි උඹයි එක්ක අපි කතාවුනේ උඹට සනීප වුනාමඅපි පොඩි ට්‍රිප් එකක් යං කියලා. උඹත් ගොඩක් කැමැත්තෙන් නේද හිටියේ. ආයෙම කොල්ලෝ එක්ක වල බහින්න.
ඇයි උඹේ දෛවය අපෙන් ඒ අවස්ථාව උදුරලා ගත්තේ.ඇයි උඹ අපිව දාලා ගියේ. ඇයි මෙච්චර ඉක්මනට ගියේ. උඹ කෙල්ලෙක්ව වත් දාගන්නේ නැතුව හිටියේ මේ සේරම දේවල් දැනගෙනවත්ද? උඹ කොහොමත් ප්‍රශ්ණ අපිට කියන එකෙක් නෙමෙයිනේ.
දැන් උඹට සන්තෝසද? අපි නැතුව උඔට ඔහේ ඉන්න පුළුවන්ද?
අපි නැතත්, අම්මා තාත්තා, අයියලා හතරදෙනා නැතුව උඹට ඉන්න පුළුවන්ද? උඹ ඉන්දුගේ පොඩි එකාටත් ගොඩක් ආදරෙයි නේද? උඹ කොහොමද මේ හැමෝවම දාල ගියේ. උඹ යන්න ගියා කියලා නොදන්න කී දෙනෙක් තව ඉන්නවද? අපි කොහොමද උන්ට කටක් ඇරලා කියන්නේ. උඹේ ළගම යාළුවා මාලන්ට මළලමට එන්න වුනේ නෑ බං. ඌ එන්ගලන්තේ. ඒ උනාට අනිත් හැමෝම ආවා. පරණ සෙට් එක ඔක්කෝම ආවා. පුදුමේ උන්ට අඳුරුගන්න බැරි වුනා උඩබලියගෙන ඉන්නේ උඹ කියලා. උඹ එච්චරකට වෙනස්. උඹේ බඩේ තිබ්බ පිළිකා ගෙඩි තුනට සාප වෙන්න ඕන මේ අපරාදෙට. අපේ කරෙන් උඹව ගෙනියන ගමන් අපි කිව්වේ එහෙම.
අවාසනවක මහත. පරණ ඔෆිස් එකේ සෙට් එක වෙනුවෙන් මළ ගෙදර කතාව කරන්න උනේ මට. මම මෙච්චර වෙලා කියපු හැමදේම එතනදී කියන්න පුළුවන්ද? ඒනිසා මං කිව්වේ, අම්මඅප්පට නැතිවුනේ පුතෙක් වුනාට, අයියලාට නැතිවුනේ මල්ලි කෙනෙක් වුනාට, අපිට නැති වුනේ අපේ ෆිට් එකක් වුනාට රටට නැති වුනේ පරිගණක ඉන්ජිනේරුවෙක් කියලා. මිනිස්සු මීක් නැතුව අහගෙන හිටියා.
උඹ දන්නවද බෙර සද්දෙට උඹේ අම්මට පපුවේ අමාරුව හැදුනා. පාංශකූලෙට ඒ අසරණ ඇත්තිට ඉන්න වුනේ නෑ. ඉස්පිරිතාලේ ගෙනිහින් එනකොට පාංශකූලෙ ඉවරයි. අපි උඹව පෙට්ටිය පිටින් කපොල්ලේන් උඩ සොහොනේ වළ දැම්මා. ආපහු උඹලගේ ගෙදර ආවා. මූනෙන් මූන බලං හිටියා. දැන් අපි උඹව මතක තියාගෙන ජීවත් වෙනවා.
දැන් උඹට සන්තෝසද? අපි නැතුව ඉන්න පුළුවන්ද? කවුරුහරි "සනීපවෙන්නේ නෑ, තව අවුරුදු දෙකයි ජීවත්වෙන්නේ" කියලා දාපු මනසගාතේ ඔළුවේ තියා ගෙන කාටත් හොරෙන් ඉන්ජෙක්ෂන් එක නොගෙන හිටියේ ඕකටද? උඹට මේ යාළුවෝ කියන දේවල් වලට වඩා ඒ මනස්ගාත කාරයා ලොකු වුනාද?
උඹට බනින්නේ නෑ බං. අපි උඹට ආදරෙයි. අම්බානක ආදරෙයි. කන පැලෙන්න ආදරෙයි. අපිට උඹ නැතුව බෑ. ඒත් අපි දන්නවා, උඔ දැන්ම නිවන් යන්නේ නෑ. ලබන ආත්මෙත් උඔ අපිව හොයන් එනවා මයි. අපි දන්නවා හැමදාමත් උඹ අපි ලඟ...
දයාබර බ්ලොග් මිතුරනි, හිතට ආපු හැමදේම ඔහේ ලියාගෙන ගිය නිසා එකකක එකක් ගැලපෙන්නේ නැත්නම් සමා වෙන්න.
Wednesday, July 7, 2010
Subscribe to:
Post Comments (Atom)
හිතේ වේදනාව කියවනකොට හොඳට දැනෙනවා...:(....ඔබේ ආදරණීය මිතුරාට නිවන් සුව පතමි...
ReplyDeleteලියන්න මුකුත්ම වචනයක් එන්නේ නෑ....
ReplyDeleteඅවසානේ පපුව පොඩ්ඩක් හිර උනා වගේ දැනුනා...
මට කියන්න වචන නෑ ඇත්තටම.. කවදාවත් වචනයක් වත් කතා කරපු නැති මේ ආදරණීය මනුස්සයාගේ මරණය අහපු වෙලේ මගේ ඇස් වලටත් කඳුළු ඉනුවා.. ! හොඳ මිනිස්සුන්ව මෙච්චර ඉක්මනට ලෝකෙන් ඉවත් කරන්න දෙවියන් වහන්සේට ඇති හදිස්සිය මොකද්ද?
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම් !
ReplyDeleteමදෑ.....බස් එකේ කට්ට කාලා ඇවිත් කියවන්න ගත්තා.....ඇත්තමයි කුෂාන්......මට හිතුනෙ එක දෙයයි....හොඳ අයව ඇයි ඉක්මනට මේ වගේ නැතිවෙන්නෙ කියලා :(
im blue
ReplyDeleteපෝස්ට් එකේ වැරදි එඩිට් කරන්නත් කලින් දීපු කමන්ට් වලට බොහෝම ස්තූතියි...
ReplyDeleteහේමලයා... බෑ බෑ... මනුස්සයා අපි අතරටම එන්න ඕන...
චමීදේවා... අපි තාමත් හිරවෙච්ච ගමන් බං...
බ්ලොගී... ඔව් අරුණ අයියත් කියලා තියෙනවා මට ඔයා එකක තාම කතා කරලා නෑ කියලා... අහපු ප්‍රශ්නෙට උත්තරේ දන්නෑ කියන එක තමා...
දිල්... ඇත්ත තමයි. හැබැයි බය වෙන්න දෙයක නෑ. ඊලඟ ආත්මේ ආයේ අපි ලඟට ඒ අය එනවා...
Il mondo di una povera pazza ... :( I have lost words too...
මිතුරාට නිවන් සුව පතනවා..
ReplyDeleteමොනවා කියන්නද මන්දා.
ෆා අහපු ප්‍රශ්නයම තමයි මටත් අහන්න තියෙන්නෙ,
'හොඳ මිනිස්සුන්ව මෙච්චර ඉක්මනට ලෝකෙන් ඉවත් කරන්න දෙවියන් වහන්සේට ඇති හදිස්සිය මොකද්ද?'
Ansh Lucky Sri Jay ... හේමලයාට කියපු දේ තමයි කියන්න වෙන්නේ... නිවන් දකින්න දෙන්න බෑ... මනුස්සයා අපි අතරටම එන්න ඕන.. උත්තරයක් නැති ප්‍රශ්ණයක්. එහෙම නැත්තං ප්‍රශ්නේ අහන්න කෙනෙක් නෑ.
ReplyDeleteසත්තකින්ම කවදාවත්ම නොදැන සිටි නමුදු...
ReplyDeleteඔබේ වචන ඔහුගේ ගතිගුණ ....අපි ඉදිරියේ මැවුවා..
ඒ ඇරෙන්න..වෙන කිසිම දෙයක් මම කියන්නේ නැහැ...:-(
කියෙව්ව අපිට ඒ ගැන මෙච්චර දැනුනනම් අයියලට දැනෙන හැඟීම.............
ReplyDeleteඅයියල ප්‍රාර්ථනා කරන විදියට ආපහු අයියල ලඟටම ඒ අයියට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව....!!!!!
හොද එවුන්ට වැඩි කලක් ඉන්න නොදෙන එක පුදුමයක් මචන්,
ReplyDeleteනිමන්ති-- මටත් ඇත්තටම කියන්න දෙයක් නෑ නඟා... ඔහේ කියවුනා. සංතොසයි මේ පැත්තේ ආවාට...
ReplyDeleteමෙන්න බොලේ හාපැටියෙක් බ්ලොග් එකේ... හා පැටික්කි... දැනෙන තරමින් සීයෙන් එකක් වත් බ්ලොග් එකේ නැතුව ඇති.
බොහොම සන්තෝසයි පළවෙනි පාරට මේ පැත්තේ ඇවිත් ගියාට.
BEAUTIFUL SRI LANKA -- සහතික ඇත්ත මචං...
ReplyDeleteඕව්, වැඩි හොඳ මිනිස්සුන්ට වැඩි ආයුශ නෑ!
ReplyDeleteමට කියන්න දෙයක් නෑ මචං, මාත් එක්ක අවුරුදු අටක් විතර එකටම හිටපු එකෙක්ටත් උනේ ඔය ටිකමයි. ඌත් හොඳ වැඩියි!
වැම්පයර්-- බලං ගියාම හැමෝ ලඟම එකම තකාව :(
ReplyDeleteබොහොම දුක හිතෙනව මචන්.....
ReplyDeleteඒත් කවුද කියල තියෙන්නෙ ජීවත් වෙන්නෙ අවුරුදු 2යි කියල....???
ඔය වගේ අත්දැකීමක් මටත් තියවා බං. අපි වගේ චාටර් ටික ඉතුරු කරල සිරා පොරවල් ඉක්මනටම අපිව දාල යනවා. ඹ්ක තමා ලෝකේ හැටි. උඹල හැර ගිය මිතුරාගේ සිතේ තිබුන සියලු පැතුම් මතු බවයේ ඉටුවී උඹලාගේ විතරක් නොවී අපේත් මිතුරෙකුව ඉපදෙන්න පතමි.
ReplyDeleteI'm Sorry Kush....
ReplyDeleteHe's my 1st Lecture in Golden Key..
ප්‍රියන්ත -- හොඳම ප්‍රාර්ථනාවක් මචං... ස්තූතියි.
ReplyDeleteසාෆි-- අයි ඩොන්ඩ් නීඩ් ටු එක්ස්ප්ලේන්. යූ නෝ මෑන්. වී ඕල් මිස් හිම්:(
ඇනෝ... උඹ කවුරු වුනත් දුක බෙදාගන්න එකතු වුනාට ස්තූතියි. අපිත් හොයන්නනේ ඒකව තමා.
ReplyDeleteයාලුවෙක් ගතින් ඈත් උනාම හිතට දුකයි ඒත් සැනසීමයි ඌ කොහෙහරි සතුටින් ඇති කියලා.ඒත් උන් අපිටත් නොකියම නොයෙන්නෙම යන්නෙ අපි යන්න නොදෙයි කියලා දැනෙන නිසා වෙන්න ඇති...
ReplyDelete෴ අරුණට නිවන් සුව පතමි ෴
නිපුන-- අපිත් එහෙමයි හිතන්නේ... ස්තූතියි...
ReplyDeleteහිත හිර වුනා වගේ දැනෙනවා.දුකයි, දුකයි. හරිම දුකයි.ඒත්, යාළුවා ලස්සන මතකයක් එක්ක උඹලගෙ හිත් වල හැමදාම ජීවත් වෙයි.හරියට ග්‍රීක වීර කතාවක වීරයා වගේ. එහෙමත් නැත්තං සිංහල දේශාභිමානී කතාවක දුටුගැමුණු කුමාරයා වගේ.උඹලා ඔක්කොම මේ ලෝකෙං යනකං යාළුවා මේ ලෝකෙං යන්නෙ නෑ.දුකයි සහෝදරයා, සිතුවිලි ගොන්නක් එකපාර පපුවේ හිර වෙලා එළියට එන්න පොදි කනවා.ඒත් එකක් වත් පැහැදිලිව එළියට දා ගන්න මට තේරෙන්නෙ නෑ.හැමදාම යාළුවව ජීවත් කරවන්න ඔබට ශක්තිය පතනවා.
ReplyDeleteඔහොම එවුන් මැරෙන්නේ නෑ! මෙහෙම ලියවෙනවා කියන්නේ ඒ මිනිස්සු ජීවත් වෙනවා!
ReplyDeleteමේක කියවලා අවසන් වෙද්දි ඈස් වලට කදුලු ආවා.ඔබේ සහෝදර මිත්‍රයාට,අරුණ අයියාට නිවන් සුව.
ReplyDeleteකුෂාන් මේ පෝස්ට් එක වටිනවා සෑහෙන්න. ඇත්තටම අරුණ අයියා මම ඇස් දෙකින් දැක්කේ එකම එක දවසයි අනිත් කතා ඔක්කොම කනින් අහපු ඒවා. ඒත් මට මාර විදිහට දුක හිතුණා. හිතට සෑහෙන්න දවසක් වද දුන්න මරණයක් වුණා. අදටත් මළගම දවසේ අරුණ අයියගේ අයිය දුන්න ෆොටෝ එක දකින කොට හීල්ලෙනවා. එයාට හොඳ ආත්මයක් ලබන්න පින් පතනවා.
ReplyDeleteඉබ්බෝ... හිමීට හිමීට මේ පැත්තට ඇවිල්ලා කියලා ගියදේ සෑහෙන්න වටිනවා. බොහෝම ස්තූතියි දුක බෙදාගන්න එකතු වුනාට.
ReplyDeleteමුචලින්ද... උඹ හරි මිත්‍රයා... මේ උත්සහය ඒකට තමයි.
නුවන්ස් ලේන්... බොහෝම ස්තූතියි මිත්‍රයා මේ පැත්තේ ඇවිත් ගියාට.
නදී... ඇත්ත. අරුණ අයියා හොඳට හිටපු කාලේ උඹට අඳුරගන්න ලැබුනනම් සෑහෙන්න වටිනවා.
'ආගන්තුකයා' ගෙ blog එකෙත් මේ වගේ කතාවක් කියෙව්වා කාලෙකට ඉස්සර... අන්තිමට බලද්දි ඒක ප්‍රබන්ධයක්... හිතට දැනුනෙ පුදුම සැහැල්ලුවක්... මේ කතාවත් කියෙව්වෙ අන්තිමට ඒ සැහැල්ලුව බලාපොරොත්තුවෙන්... ඒත් මේ පාර ඒ වාසනාව නෑ... කියා ගන්න බැරි තරම් දුකයි මචං... යාලුවට නිවන් සුව පතනවා !...
ReplyDeleteආගන්තුක සගයා... උඹට කියන්න මමත් මේක ලිව්වේ එහෙම අවසානයක් බලාපොරොත්තුවෙන්. ඒත් එහෙම වුනේ නෑ බං...
ReplyDeleteමම ආයෙත් මේක බැලුවා.. අනේ මන්ද...
ReplyDeleteවැම්පයර්-- මමත් හැමදාම බලනවා බං :(
ReplyDeleteදුක කියලා ලියලා තියලා යන්නම්.. අපිට ඉතිං සති දෙකෙන් ඌව අමතක වෙයි ආයි සැරින් සැරේ මතක් වෙයි පස්සෙ අවුරුද්දකට සැරයක්.. ජීවිතේ ජීවිතේ..
ReplyDeleteආගන්තුකයා... මේ දැන් උත්සහ කරන්නේත් ඒක අමතක කරන්න තමයි බං.. :(
ReplyDeleteමේක මහ කරුම ලෝකටයක් කුෂාන් අපි ආදරේ කරන අපි පපුවේ තියාගෙන ඉන්න අයව අපෙන් ඈත් කරනවා අපි නොහිතන වෙලාවල් වල..! මම නම් කියන්නේ මැරෙනවා නම් ඔක්කෝට ම කලින් මාව මැරෙන්නයි ඕනේ..! මොකද කට තියෙන්නේ හරි දුර්වල හිතක්..! මට අහිමි වීම් දරාගන්න ටිකක් අමාරුයි..!!!
ReplyDeleteලිෂ්--
ReplyDelete"මම නම් කියන්නේ මැරෙනවා නම් ඔක්කෝට ම කලින් මාව මැරෙන්නයි ඕනේ..!"
මටත් එහෙම හිතිච්ච වෙලාවල් තියෙනවා. ඒත් වගකීම් බැඳීම් මතක්වෙලා ආපහු රේස් එකේ දුවනවා...
"මට අහිමි වීම් දරාගන්න ටිකක් අමාරුයි..!!!"
කිව්වම මොකද මටත් එහෙමයි. ඒත් ඒවෙලාවට මට පුළුවනි හයියට ඉන්න. තාත්තා නැතිවිච්ච වෙලාවෙදීත් එක තත්පරයක්වත් අඬන්නැතුව මං හිටියා. ට්‍රයි කරපන් බං. එතකොට පුළුවන්... පස්සේ අපිට අපි ගැනම ආඩම්බරයක් හිතෙනවා. ඒක කියන්න තේරෙන්නේ නෑ...
ජය...
මා ඔහුව අඳුනනවාද.???
ReplyDeleteඑහෙනම් ඇයි මේ ඇස් දෙක තෙමෙන්නේ???
ඔහුට නිවන් සුව!