Thursday, August 12, 2010

හුටා... පඹයා මොඩ් වෙලා ;)

ආයුබෝවන් කිව්වා කස්ටියටම. කොහොමද සැප? සනීප?

ටික දවසක් බ්ලොග් කියව කියව විතරක් හිටපු හන්දා ඔන්න් අද ලෑස්තිය මොනාහරි ලියන්න. ලියන්න දෙයක් නැතිව ඉන්දැද්දී බ්ලොගීයි මායි කතා වෙච්ච වෙලාවක එයා කිව්වේ පරණ කතා ටිකක් ලියමු කියලායි. ඇත්ත තමා මෙච්චර කාලයක් බ්ලොග් එක ලියලත් එක පරණ කතාවක් වත් ලියලා නෑ. ඔක්කොම එදිනෙදා සිදුවීම්. ඒ නිසා අද බ්ලොග් එකට “පරණ සීන්” කියලා කාණ්ඩෙකුත් එකතුවෙන පරණ සීන් එකක් ලියන්නයි යන්නේ.


මේක වුනේ අපි ඒලෙවල් කරන පළවෙනි අවුරුද්දෙදී. පිසුසවෙන් වගේ ආතල් ගනිමින් හිටපු කාලෙනේ. ඉගෙනගැනීම කොහොමත් දෙවනි තැනනේ. මේ කතාවේ මට අමතක වෙච්ච ගොඩක් තැන් මතක් කරලා දුන්නේ අපේ ඉඳුනිලයා. එයා බ්ලොග් ලියන්නෙක් නොවුනට පරණ සීන් සෑහෙන්න මතක, මගේ පරණම යාළුවෝ අතලොස්සෙන් එකෙක්.

අපි ඒලෙවල් කරන කාලේ අපේ හොඳම යාළුවෙක්ගේ (දැනට අපි එයා‍ට මනෝ කියලා කියමු) අම්මා අන්තරා වුණා. ගොඩාක් අසනීප වෙලා හිටියේ එතුමී. ඉතින් අපේ මික්ස් ඉස්කෝලෙයි එතුමී වැඩකරපු මෙහේ ජනප්‍රිය කාන්තා ඉස්කෝලෙයි ළමයින්ගෙන් මළ ගෙදර පිරිලා. කෙල්ලෝ ගොඩාරියයි ;-) හරී සෝයි... ඉතින් අපේ කොල්ලො මළ ගෙදර ආවේත් පුළුවන් විදිහට “කිට එහෙම මරලා”. කිට මරලා යනු ජැන්ඩියට ඇඳීම බව දන්නවානේ. ඉතින් ඔය අතරේ හිටියා අපේ ඉස්කෝලේ බොහෝම ජනප්‍රිය චරිතයක්. දැනට එයාට අපි බුවා කියලා කියමු. එදා මෙදා තුර ඉස්කෝලේ හිටපු ජනප්‍රියතම චරිතේ තමයි බුවා කියලා කිව්වොත් මං වැරදි නෑ. එච්චරකට කවුරුත් බුවාව දන්නවා.

ඉතින් අපේ බුවාත් සෑහෙන්න කිට මරලා තමයි මළ ගෙදර ආවේ. අළුත්ම කලිසමක් එක්ක උණු උණුවේ ගත්ත පට්ට අළුත් කොර ටී ෂර්ට් එකක්. ඇස්වහක් කටවහක් නෑ පංකාදු පහයි කිට් එක.
දැන් ඉතින් දවල් කාලේ ගෙවිලා ගිහිල්ලා රෑ බෝ වුනා කියන්නකෝ. කට්ටිය එහෙන් මෙහන් දුමක් මලක් එහෙමත් ගහලා හිටියේ. ඔය අතරේ සෙට් එකේ බුවා සහ අපේ ඉස්කෝලේ නොවන තවත් පොරක් හිටියා. එයාට අපි කලූ කියලා කියමු. අපේ ඉස්කෝලේ නොවුනට සමහර දවස් වලට මූ බැජ් එක මාරු කරගෙන අපේ ඉස්කෝලෙට ඇවිල්ලා හිටපු දවසුත් තිබුනා. පා‍ටෙන් කලු වැඩිය උසකුත් නැති කොල්ලා හොඳ (හොර) වැඩ කාරයා. ;)

දැන් කොල්ලෝ විස්සක් විතර රෑ ජාමේ ලෑස්තිය පොල් කඩන්න යන්න. දන්නවනේ ඔය කාලෙට තියෙන උණ. මනෝගේ ගෙදරට ඉස්සරහින් පාර. පාරට එහායින් මානං ගාලක් පොඩි කුඹරු කෑල්ලක් එක්ක තව ගෙවල් ටිකක් තියෙනවා. ඊටත් පිටිපස්සෙන් ඔයක් (ගඟක්) ගලා ගෙන යනවා. ඔයෙන් එගොඩ කුඹුරුද පොල්ද අරවද මේවද සෑහෙන්න කියෙනවා. ඔන්න කට්ටිය රෑ ජාමේ ඔයෙන් එගොඩ වෙලා කුඹර මැදින් ගිහින් මඩ නාගෙන පොල් ගස් තියන හරියට ආවා කියන්නඅකෝ.  එතන තනි ගෙයක් තියෙනවා. වත්තකු ත් තියෙනවා. කුඹරත් තියෙනවා. වත්තේ එළවළු එහෙමත් හදලා තියෙනවා. පඹයෙකුත් ඉන්නවා මැද හරියේ හෙන උජාරුවට. සෝක් පඹයා. ගෙදර කවුරුත් නැති පාටත් පෙනුන නිසා කලූ නැග්ගා දඩි බ්ඩියේ පොල්ගහේ. ඌට පොල් ගහේ යනවා කියන්නේ බිම යනවා වගේ. විනාඩියෙන් දෙකෙන් කුරුම්බා ගෙඩි හත අටක් බිම වැටුනා කියන්නකෝ. ගෙදරත් කිසී සද්දයක් බද්දයක් නෑ. කට්ටිය කුරුම්බා බීලා බොහොම සංතෝසෙන් ආපහු මඩ නාගෙන කුඹුරෙන් ඇවිත් ග‍ඟෙන් මෙගොඩ වුනා. වෙලාව පාන්දර එකයි. මේ වෙලාවේ බුවාටයි කලූටයි මීහරක් ගිනියම හැදිලද කොහොද ග‍ඟේ නාන්න ඕන කිව්වා. ඇයි ඉතින් මඩ ග‍ඳේ බෑ පොරවල් ගාව. කොල්ලෝ එපා කියද්දී මුන් දෙන්නා පාන්දර එකට ගඟට පැන්නා යට ඇඳුම් පිටින්. අනික් ඇඳුම්  ගඟ අයිනේ පඳුරක් උඩ දාලායි පැන්නේ. උන්ට ඕව ඉලව්වක් කරගන්න කියලා අනිත් උන් ටික මළ ගෙදරට දිහාවට ආවා ආපහු.

මෙන්න බොලේ ටික වෙලාවකින් බුවායි කලූයි සුදුපාට ලංකට් එක පිටින් මළගෙදර දිහාට දුවගෙන එනවා. දැන් අපි කට්ටියත් මාරට කලබලස් වෙලා පාරට ගියා. හෙළුකොටෙන් මුන් මළ ගෙදරට ආවොත් මළවුනුත් නැගිටියිනේ ;) “මාර වැඩේනේ බං. ඇඳුං ටික නෑනේ”. හු‍ටා... මේ මහ රෑ පාන්දර කවුද මුන්ගේ ඇඳුම් වලට ගේම දුන්නේ. පාරට වෙලා දැන් කට්ටියම කල්පනා කරනවා. කොහොමද ඇඳුං ටික හොයා ගන්නේ කියලා. “ෂුවර් එකට වතුරේ ගහගෙන යන්න ඇති” බුවා කිව්වා. “එහෙනං යමං හොයන්න” කලූ ලෑස්තිය මහ පාරේ ඊට හැතැම්මක් විතර එහායින් තියෙන පාලමක් යටට ගිහින් වතුරේ ගහගෙන එන ඇඳුං ටික අල්ල ගන්න. “තොට පිස්සුද යකෝ. මේ රෑ කොහොමද ඕවයේ යන්නේ. අනික මේ හෙළුවෙන්” අනිත් උං ගේම ඉල්ලුවා. එතකොට තමයි කලූටයි බුවාටයි මතක් උනේ උන් දෙන්නා ඉන්නේ ලංකට් එක පිටින් බව. බුවානං හෙන සුදුයි. ඌ නං කමක් නෑ කියමුකෝ. කලූ කොහොමත් කලුයි නේ. කලුවට කලුවේ සුදු ලංකට් එක විතරක් ඇඳගෙන පාර මැද්දේ ඉන්කොට සිකේ... අප්පිරියාවේ බෑ...

මෙන්න බොලේ එතකොටම ඈතින් කාර් එකක් ආවා හෙඩ් ලයිටි දාගෙන. විනාසයි. මුන් දෙන්නා හෙළුවෙන්. බුවා දඩස් ගාලා ගස් ගාලකට මුවා වුනා. කලූට කර ගන්න දෙයක් නැති උනා. පාර අයිනේ හේත්තු කරලා තිබ්බ උගේ පොඩි බයිස්කල් කට්ට අරගෙන් මූ ඇර සෝලෝ පැදලා යන්න ගියා. දැන් මූ බයිසිකල් පදිනවා මහ රෑ හෙළුවෙන්. කාර් එක උගේ පස්සෙන් යනවා හෙඩ් ලයිට් එකත් ගහගෙන. මූ කැලේ පැන්නා නම් ඉවරයිනේ. දැන් ඉතිං කාර් කාරයාට නොමිලේම ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම් එකක් පෙන්නුවා ව‍ගේ. ටිකවෙලාවකින් කාර් කාරයා මූව පහු කරලා හෝන් එකකුත් ගහගෙන ගියා කියන්නකෝ ;) එතකොටයි කලූට මතක් උනේ ඌ බයිසිකලේ පැද්දේ වැරදි පැත්තට බව. අනිත් පැත්තට පැද්ද නං කාර් කාරයාට මුගේ හෙළුව ලයිව් බලන්න වෙන්නේ නෑ හරියට. මහ රෑ පාන්දර සුදු ලංකට් එකක් විතරක් ඇඳගත්ත කළු කොල්ලෙක් හිටු කියලා බයිසිකලේ පාගනවා දැකලා කාර් එකේ ඉස්සරහා වම් පැත්තේ ගිය බවලතාට පහුවදා නූල් බඳින්න වුනාද කියන්න නං අපි දන්නේ නෑ ඕං... ;)


දැං එදා රෑට සීන් එක ඉවරයි. ඒත් කතාව ඉවර නෑ. බුවා නං මනෝ ගෙන් ෂෝටක් ඉල්ලං ඇඳගෙන එදා ගෙදර ගියා. කලූ කොහොම ගෙදර ගියාද කියලා අදටත් ඌම තමයි දන්නේ.

ඔන්න හත් දවසේ දානේත් ආවා කියමුකෝ. කොල්ලෝ ටික දවල් බඩ පැලෙන්න කෑවා. බුවාත් අම්බානක කාලා තව ටිකකුත් කෑවා. කාලා ටික වෙලාවක් යද්දී බුවාට බොකක් ෆිට් වෙලා. ඒ කිව්වේ ශරීරකෘත්‍යය  කරන්න අවශ්‍යතාවයක් මතු වෙලා. සෙට් එකම ඒ වෙලාවේ පාරේ හිටියේ. ගෙදරට දුවන්නත් වෙලා නෑ. මූ දැං බඩ අල්ලං ඇඹරෙනවා. හීන් දාඩියකුත් දාලා.  ‍දුකේ බෑ. දන්නවනේ කොහොම ආතල් එකක් ද ඒ වෙලාවට දැනෙන්නේ කියලා... බුවා කරේ කොල්ලොන්ගේ උපදෙස් පිළිපැදපු එක. තමන්ට පුරුදු තැනනේ. පොර මානං ගාලක් අස්සේං රිංගුවා ගඟ දිහාවට. ගඟ අයිනේ කාටත් පේන්න නැති තැනක නිදහසේ තමන්ට දැණුනු බර හෑල්ලු කරගන්න අතරේ දැකලා පුරුදු දෙයක් හුළගට වැනෙවවා බුවාට පේනවා. හුටා... බුවාගේ ඊයේ රෑ නැතිවිච්ච කලිසම තියෙනවා පඳුරක පැද්දි පැද්දි හුළඟට. ඒත් ටීෂර්ට් එක නෑ.... පස්සේ ඉතිං බුවා බොහෝම සංතෝසෙන් සැහැල්ලුවට පාර දිහාට අවා. අම්මේ හිනාව... කොහොම අමාරුවකින්ද මූ ඉන්න ඇත්තේ :P

++++++ මාස තුනකට පසු++++++

කාලේ ගෙවිලා ගියා. මාස තුනක් කියන්නේ සෙල්ලං කාලයක් නෙමෙයි. තුන් මාසේ දානෙත් ආවා. කොල්ලෝ ටික ආපහු බණ දවසේ රෑ මනෝගේ ගෙදරට සෙට් වුනා. බුවායි කලූයි දෙන්නත් හිටියා. මාස තුනකට කලින් වෙච්ච සීන් එහෙමත් මතක් කර කර බුවාවයි කලූවයි බයිට් කර කර ඉද්දී සෑහෙන්න රෑ වුනා. දැන් කට්ටියටම ආපහු කුරුම්බා බඩගින්නක් ආවා කියන්නකෝ :) මෙදා සැරෙත් සෙට් එක හෙමීට මානං ගාල අස්සෙං රිංගලා ‍ගඟෙනුත් එගෙඩ වෙලා මඩ නාගෙන එගොඩහ වත්තට ගියා කුරුම්බා සප්පායං වෙන්න. ටික ටික ලං වෙනකොට ගියපාර හිටපු පඹයා ‍ටිකක් මොඩ් වෙලා වගේ පෙනුනා. හැමෝටම නිකං පඹයා මීට කළින් කොහේදි හරි දැකලා පුරුදුයි වගේ. කට්ටිය කුරුම්බා කැඩිල්ල පැත්තකින් තියලා හෙමීට පඹයාට ලං වුනා.

හත්තිලව්වට ගහපු කලාබරේ... විනාසයි... දැකලා පුරුදු පඹයෙක් නෙමයි. ගෙවිච්ච මාස තුනට පඹයා මොඩ් වෙලා. හෙන පැණි හිනාවක් එහෙම දාගෙන ඌ ජැන්ඩියට ඇඳන් ඉන්නේ බුවාගේ අළුත ගත්ත ටී ෂර්ට් එක.  :D



(නං ගං සියල්ල මන:කල්පිතයි හො‍ඳේ... අමතක කෑලි මතක් කරාට ඉඳුනිලාට ස්තූතිය)

31 comments:

  1. මෙන්න මෙහෙ මඩක් යනවා කිරා = කුෂාන් කියලා...
    ඇත්තද මන්දා ඒක...

    ReplyDelete
  2. එල එල නියම පෝස්ට් එක . .. . උඹ ඉතිං අර පඹය ඇඳලා හිටපු උඹේ ෂර්ට් එක ගලව ගත්තාද මචං . . හික් හික්

    ReplyDelete
  3. චමී-- හා හා... එහෙම හිතුවත් වරදක් නෑ... මොකද ඊලඟ සීන් එකේ මාත් ඉන්නවා. ඒක් තව ටික දවසකින් දාන්නම්... ;)
    (මචං මං කලිං නම දැම්මේ කිරා කියලා. ඒත් කලු පොරක්ට කිරා කියන එක හරි නෑනේ. ඒ නිසා කලූ කියලම වෙනස් කරා. ඒත් එක තැනක් මිස් වෙලා. උඹටම ඒක අහුවුනා.... ;-))

    දුකා-- පඹයා වුනත් අහිංසකයෙක්නේ. ඌ ඔහේ තියා ගත්තාවේ කියලා බං නිකා හිටියා බං ;)

    ReplyDelete
  4. එළ කතාව මචෝ, පස්සෙ කාලකදි ඒ පඹයා හොයා ගන්න බැරි ලෙඩක් හැදිල මැරුනද ?

    ReplyDelete
  5. දුමී- සිරාවට ඒ පඹයා බලන්න ආපහු යන්න බැරි වුනා බං ;)

    ReplyDelete
  6. හේහේ පට්ට කතාව‍‍.....

    ReplyDelete
  7. උඹලා මැරිච්ච එවුන්ටවත් ඉන්න දෙන්නේ නැනෙ නිදහසේ.කලූ, බුවා ඇනඩ් මනෝ කව්ද බං? බුවා උඹ එහෙම නෙමෙයිනේ? මොකද මනෝ වෙන්න බෑ.කලූ නම් ඒත් වෙන්නම බෑ නෙ. JJ මචං :D.

    ReplyDelete
  8. @නදී-- ෂ්... හප්... කට කට... උඹත් අපේ ඉස්කෝලේනෙ...

    ReplyDelete
  9. හික් හික් හික් හිනා කාල නහිනව නොවැ බන් මේකට.... පට්ට කතාව හි හි.

    ReplyDelete
  10. පඹයාට නත්තල්‌ වගේ තියෙන්න ඇති නේ, අලුත් ෂර්ට් එකක්‌ හම්බෙලා ;)

    ReplyDelete
  11. හික් හික්!!පඹයද දන්නෑ ඇවිල්ලා උඹලගෙ ඇදුම් හොරකං කළේ!!! අපරාදෙ ගලවගෙන එන්නනෙ තිබුනෙ.හැබෑට අර දුමී කිව්ව වගේ පඹයා ඕක ඇන්දට පස්සෙ ලෙඩ වුණාද දන්නෑ!!

    ReplyDelete
  12. @පිස්සා-- හික් හික්... උඹත් එතන ඉන්න තිබ්බේ... පට්ට ආතල් එකක් බං... :)

    @änthräX-- අප්පටහුඩු බලන්න එපැයි උජාරුව... :)

    @blog gadol-- ඔව් ඔව් වෙන්නත් බැරි නෑ. මොකද ඌ අර ටීෂර්ට් එක ඇන්ඳම හෙන මනුස්ස පාටයි බං... ;)
    සිරාවටම ආයේ ඒ පැත්තේ යන්න බැරි වුනා... හික්ස...

    ReplyDelete
  13. හෙහෙහෙහෙහෙ...
    මේක නම් මරු කතාව.
    :D :D

    ReplyDelete
  14. මචං කවුද බං සිරාවටම කලු කියන්නෙ?
    හැබැයි එළ සීන් එක
    -රණේ-

    ReplyDelete
  15. @Ansh Lucky Sri Jay-- හෙ හෙ හෙ... ලයිව් සීන් එකේ හිටියනම් තමයි පට්ට...

    @Anonymous - රණේ -
    හා හා ඒවා රහස්... අපේ ඉස්කෝලේ කස්ටිය ටික නම් දන්නවා...
    මචං රණේ කියන්නේ උඹ අපේ ඉස්කෝලේ රණා වත්ද?

    ReplyDelete
  16. මරු කතාව....
    පව් පඹයා

    ReplyDelete
  17. ane macho oya taram dewal wela tiyena bawa danne danne!!!!!!!!!!

    ReplyDelete
  18. @ඉරෝෂන්-- සෝක් පඹයා බං... වෙල්කම් මේ පැත්තට...

    @rasika-- ඒකනේ කියන්නේ. හැබයි ඔයා රසික ද රසිකාද කියලානම් දන්නේ නෑ ;)

    @ආගන්තුකයා | Stranger-- ;-) ටොයිං...

    ReplyDelete
  19. මරු වෑඩේ..අනේ තව සින් ලියන්නකෝ

    ReplyDelete
  20. හෙහ් හෙහ් හෙහ් ...මැක්සා ආතල්...!

    ReplyDelete
  21. @Dangamalla-- ටැංකියු ටැංකියු... කොහෙද මේ වෙලවක් නෑ නේ.. . වෙල්කම් කිව්වා....

    @තිස්ස දොඩන්ගොඩ-- හප්පේ... අම්මා තාත්තා දැක්කා වගේ... මං ඒත් බැළුවා කවුද කියලා... :) ජය වේවා...

    ReplyDelete
  22. මචං අර කට්ටිය මලගෙදරට දුමක් මලක් ගහලා යන්නේ යක්කු පෙරේතයෝ එලවන්ටද.....:)

    ReplyDelete
  23. පුතේ... එහෙම නැතුව ඉන්න බෑලු ඔය යක්කු පෙරේතයෝ ආතුරයෝ ගැවසෙන තැන්වල... ;)

    ReplyDelete
  24. ඌනම් මාර පඹයෙක්නේ මචං. දැන්වත් දැනගනින් පඹයන්ගෙන් ප්‍රවේශම් වන්න.

    ReplyDelete
  25. මම රසිකා.රසික නෙවෙයි ඔයා ඒ පරණ දෙවල් මතක් කරනකොට 12/13-F math's පන්තිය මතක් වුනා :)

    ReplyDelete
  26. @ප්‍රියන්ත-- අනි අනි ;)

    @රසිකා-- අප්පේ. උඹද මේ. මං ඒත් බැළුවා මේ කවුද කියලා. පට්ට මෙමරීස් නේ බංස්....

    @බිඟුවා-- හක් හක් හක්... :ඩී

    ReplyDelete
  27. එහනං ඔන්න ආයුබෝං කිව්වා.. මේ පඹයා සෑහෙන්ඩ පිං කරලා තියනවා වගෙයි.. මොකද ගොඩක් පඹයින්ට ලේසියෙන් අලුත් අදුම් ලැබෙන්නනෙ නැහැ නෙව.. හොහ් හොහ් වෙරි නයිස් ස්ටෝරිය කුශාන් අය්යා..
    ඔන්න දැන් ඉඳලා මමත් ඔයාව ලුහුබඳිනවා..
    දිගටම මේ වගේ එළ කතා ලියන්න.. දාන හැම එකක්ම බලනවා.
    එහනම්..
    ගෙහුං එඤ්ඤං..

    ReplyDelete