Friday, December 17, 2010

සින්ඩියක් කතා කරයි

http://www.attraction-marketing-techniques.com

උඹලට මාව මතකද? නෑ නේද? කොහේ මතක තියෙන්නද?
දැන් උඹලට මට වඩා එකාලා ඉන්නවනේ.

මතකද උඹලා චූ කොල්ලෝ කෙල්ලේ කාලේ බ්ලොග් ලියන්න පටන් ගත්ත අලුත...
උඹලා දවස තිස්සේ මයේ ලඟට වෙලා F5 ඔබ ඔබ හිටයා නේද...
උඹලට වෙන වැඩක් තිබ්බෙම නෑ ඒ ඇරෙන්න ඒ කාලේ...


උඹලට මතකද උඹලා ඒ දවස් වල ලියපුවා?
ලඟදී නිකමටවත් බැලුවෙ නෑ නේද?
චිකේ මෙලෝ රහක් නෑ නේද? මොනා හරි වචන ජුංඩක්...
මං එදා ඒවයේ කොලිටිය හොයන්න ගියේ නෑ...
මං ඒවා පෙන්නුවා...
උඹලා එතනිං තමයි පන්නරය ලැබුවේ...
දැං ඉතිං උඹලා පෙරවල් වෙලා... ලොකු ලොකු දේවල් නේ ලියන්නේ...
දැං උඹලට මාව මතක නෑ...

අනික දැං උඹලට මගෙන් හිට්ස් එන්නෙත් නෑ නේ...
ෆේස් බුක්, ටුවිටරේ, බzස් එක වගේ පොෂ් ප්ලේස් වලින්නේ උඹලට හිට්ස් එන්නේ...
අමතක කරන්න එපා. මං සෙට් කරලා දුන්න ‍ෆලෝවර්ස්ලා තමා උඹ ලඟ මුලින්ම ඉන්නේ...
දැං ඉතිං රීඩරේට නිකංම උන්ගේ ෆීඩ් එනවනේ...
ඒ නිසා උඹලට මාව බලන්න එන්න ඕන කමක් නෑ...

මං හන්දා හම්බ උඹලට වෙච්ච යාළුවො කොච්චරද කියපංකො.
එකේ ඉඳලා පංතියේ හිටපු උන්ට වඩා දැන් උඹලත් එක්ක ඉන්නේ උං නේද?
තැන තැන උඹලා එක්කහු වෙන්නේ උන් උන් එක්ක නේද?

එහෙව් උඹලට මාව මතක නෑ.
නිකමටවත් උන්නද මලාද බලන්න මයේ දිහා එන්නේ නෑ...
ආවොතින් ඉතින් අලුත් උං එකා දෙන්නා විතරයි...
මට හරි මහන්සියි අප්පා... ඉස්සර වගේ නෙමෙයි දහස් ගානක් කර පින්නං ඉඳලා...
ඒත් මොනා කරන්නද උඹලා නැතත් අලුත් උන් වෙනුවෙන් හරි මං මේක කරනවා...

මට ආරංචියි උඹලා හෙට අනිද්දා දෙවෙනි පාරටත් සෙට් වෙනවා කියලා...
එකෙක් නිකමට කට ඇරලා මට එන්නයි කියලා කිව්වද...? නෑනේ...?
ඒව්වයෙන් කමක් නෑ මං උඹලත් එක්ක තරහා නෑ...
උඹල‍ එදාට ගන්න ආතල් එකක් ගනිල්ලා...
මං මගේ පාඩුවේ මගේ වැඩේ එදාටත් කරගෙන ඉන්නං...

හැබැයි එකක් පුළුවන් නං කරපං.
කවදාහරි උඹලගේ දරුවන්ට හරි කියපං මං කියලා එකෙක් හිටියාය ඉන්නවාය කියලා...

උන් එකෙක් හරි කුලුඳුලේ බ්ලොග් එකක් පටන් ගෙන මං ලඟට ආවොතින්,
ඒක තමා මගේ සංතෝසේ...

ආයේ ඕන වෙච්ච වෙලාවක වරෙන්,
කොහේ කියලා යන්නද?
මං හැමදාමත් මෙතන ඉන්නවා...

උඹලට ජය !!!

මං උඹලගේ සින්ඩිය

31 දෙනෙක් හිතුන දේ කිව්වා:

  1. අනේ පව්! :-(

    ReplyDelete
  2. හරිම සංවේදි සටහනක් :D

    ReplyDelete
  3. සිරා කතාටික ... ඒත් ඈත්ත..

    ReplyDelete
  4. ලස්සනට ලියල තියනව. කාලයක් යනකොට අපිටත් ඔය විදියට එපාවෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  5. ෂා.... නියමයි නේ !!! සින්ඩිය කතා කරන විදිහට ගොඩක් දුක හිතෙනවා !!! මමත් චුට්ටක් හරි සයිබර් අවකාශයේ රැදිලා ඉන්නේ ඔය සින්ඩි ටික නිසයි. !!!!

    ReplyDelete
  6. Wooww... අඩේ සිරාවටම පට්ට පෝස්ට් එකක්............

    ReplyDelete
  7. අපොයි.. මට ඇතිවෙච්ච සංවේගෙට ආයේ සිංඩි පැත්තේ යන්න හිතයි...මේ ගූගල්කාරයගේ රීඩරේ හින්දා තමා ඕක උනේ...

    ReplyDelete
  8. නියම සටහනක්... ඒත් අදටත් මගේ බ්ලොගයටනම් වැඩි පුරම කට්ටිය එන්නේ සින්ඩිවලින් තමා...

    චික් මේ පිස්සු මූනෙන් ලිවිල්ල නිසා හරි හමන් විදියට එකෙක්වත් දැන අදුන ගන්න බැරි කම...

    ReplyDelete
  9. අයියෝ පව් අනේ සිංඩිය.

    ReplyDelete
  10. සංවේදි සටහනක් :D

    ReplyDelete
  11. දැන් සින්ඩි වැහි වැහැලා තියෙනවානේ.. ඔය මොන සින්ඩිය ගැනද කියන්නේ.. මොනා වුනත් පව් සීන් එක..

    ReplyDelete
  12. කාර්‍ය බහුලත්වය නිසා මුල අමතක වීම ද?
    කම්මැලිකම නිසා මුල අමතක කිරීම ද?

    හරිම සංවේදියි,
    හැමෝම සින්ඩියට සදා ණයගැතියි!

    ReplyDelete
  13. අපොයි..!! [නියම පෝස්ට් එකක් හැබැයි]

    ReplyDelete
  14. සින්ඩිය නිකන් කින්ඩියක් දානවද ? මගේ පැත්තට නම් වැඩි හරියක් ජනී ජනයා එන්නෙ සින්ඩි වලින්ම තමා...

    ReplyDelete
  15. අපිට නම් තාම වැඩිම ට්‍රැෆික් සින්ඩි මාමි ගෙන් තමයි..ඒ හින්ද අපි නම් අමතක කරන්නෙ නැ

    ReplyDelete
  16. අපූරු සංවේදී සටහනක්..

    ReplyDelete
  17. අලුත් එකෙක් බෝ වෙලා වගේ නේද? ඌත් ඇති වෙනකම් ආතල් දීලා ගියාවෙ ඔන්න ඔහෙ...

    ඇත්තටම මමත් පහුගිය ටිකේ සින්ඩියට ගියෙ නෑ නේන්නම්.....

    ReplyDelete
  18. ඇත්තටම මටනම් කඳුලුත් ආවා සහෝ.. අපි කොයි තරම් කූරයිද කියලා දැන් තමා තේරුනේ..

    ReplyDelete
  19. :) මට නං කියන්න වචන නෑ. :)

    ReplyDelete
  20. මන්දා නම් මමත් තාම සිංඩි වලින් තමයි අලුත් පෝස්ට් හොයා ගන්නේ.

    ඉතිං කොහොමෙයි සින්ඩි පාලු වෙලා කියන්නේ?

    ReplyDelete
  21. මෙන්න මොනවද? හිතෙන්නේ
    http://iplusblog.blogspot.com/2010/12/blog-post_18.html

    ReplyDelete
  22. බ්ලොග් ගඩොලුත් තාම දුවන්නෙ සිංඩි වලට පින් සිද්ද වෙන්න තමයි

    ReplyDelete
  23. වදින්නම ලියල තියනවා...

    ReplyDelete
  24. සිරාවට පවු සිංඩිය.. මම මෙච්චර ක්‍රැරද ? :P

    ReplyDelete
  25. කෝ අපේ සර්ලක්හෝම් මල්ලි... අර Priyanke අල්ල ගන්න ඔනේ ඌට කියලා..අරු හෙන වැඩ්ඩා.. හීරෝවත් ඇල්ලුවා නෙවැ :P

    ReplyDelete
  26. ගූගල් දෙයියගෙ ඉස්ටෑට් වල හෑටියටනම් මගෙ පෑත්තටහ් එන්නෙම සින්ඩි වලින් නෙව. ඉතින් සින්ඩියේ නාඬා හිටින්! අපි තාමත් බෝව අමතක කොරාල නෑ :)

    ReplyDelete
  27. ඒ සින්ඩියත් මේ සින්ඩිත් හැර වෙනත් සිනඩි තිබේ ද...........?

    ReplyDelete
  28. @එච්...
    පව් නේනනං ;-)

    @වැපා-
    උඹ නාඬා ඉඳිං බං... :)

    @අමිල නුවන්-
    නයිස්දැ? ;-)

    @ඉලංදාරියා-
    ඇත්ත නේන්නම්. හැබැයි තැනින් තැනට වෙනස්

    @නවම්-
    ආහ්... මේ අර අළුත් පාර නේදැ?
    වෙන්නත් බැරි නෑ ගොයියෝ... :)

    @මධුරංග-
    අපි කවුරු කවුරුත් පටං ගත්තේ ඔතනින්නේ බංස් :-)

    @චන්දික-
    එහෙයි එහෙයි

    @චමීදේවා-
    උඹලා කියලා තිබ්බ ඒවත් ඔළුයට ආවා මයේ...

    @පිස්සා-
    සින්ඩියෙන් එන අය ඉන්නවා. සින්ඩිය දිහාවත් නොබලන අයත් ඉන්නවා. වැරැද්දක් කියන්න බෑ කාටවත් :) මටත් සම සමව යි එන්නේ

    @ප්‍රසන්න-
    පවු නේන්නනං ;-)

    @ඩාරක්-
    ;-)

    @ආගන්තුකයා-
    දැන් සිංඩි පැත්තේ යන්නේ වත් නෑ කියලා කියාපු උං අතරේ හැම සිංඩියකටම අයිති උං හිටියා බං.

    @karesblog-
    ඔය දෙකම වෙන්න ඇති. බ්ලොග් ගොඩාක් සින්ඩිකේට් වෙනවනේ බං.

    @Ansh Lucky Sri Jay-
    ආ... මොකෝ මේ ටිකේ නිස්සද්ද

    @දුමී-
    කින්ඩියක් වගේ තමා. මටත් එනවා හැබැයි සම සමව ඇතුලෙන් සහ පිටින්.

    @පැන්ඩා-
    ඒක යසයි. කොහොම හරි උඹලා ආවෙ නෑ ඕං හරිය...

    @තමීර-
    එහෙයි එහෙයි

    @අභීත-
    ඔව් බං කවුරු හරි මගේ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩිකරන්න සපෝට් එකක් දීලා... ;-)
    ඒක හරි. මාත් එහෙමයි.

    @ළමයා-
    ළමයට කියන්න ළමයෝ මටත් ඕකම හිතුනා. ඒත් දැන් අපිට වෙලාවක් නෑ වගේ...

    @සුදාරක-
    එහෙයි. එහෙයි.

    @දුකා-
    ඒක හැබෑව. අලුත් ඒවා හොයන්නනම් ඉතිං සින්ඩිම තමයි.

    @කසුන්-
    හ්ම්...

    @JHOTHISHALANKA-
    සොරි මහත්තයෝ. ඔබතුමාගේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ...

    @blog gadol-
    පූසෝ... මටත් සම සමව එනවා. සින්ඩියෙන් සහ පිටින්... :)

    @ප්‍රියන්ත-
    එහෙම හිතං ලිව්වේ නෑ බං. හිතිලයි ලිව්වේ.... ;-)

    @Bugs Bunny-
    උඹ අර බනී ම නේදැ?
    අන්න හොයාපං බලන්න ඒ කොලුවව

    @ජීවිතේ මල්-
    අන්න හොඳ ලමයි. අමතක කරන්න එපා...

    @දඟමල්ල-
    යේ හ්.... මී ටූ ෆ්‍රොම් හියර්... ;-)

    @සෝරෝ-
    තිබේ තිබේ අනේකවිධ සින්ඩි තිබේ.... :)

    ReplyDelete