Friday, January 21, 2011

මෝටර්බයික් ලොවේ ට්‍රැක්ටර් සංස්කෘතියට අත ගැහීම හෙවත් කළු මල්ලීගේ කතාව


ආයිබෝවන් කිව්වා කස්ටිය‍ට. කොහොමද සැප? දුක? වැස්සත් ඉවරයි නේද? දැං නං ටිකක් නිවීහැනහිල්ලේ ඇති කස්ටිය.
ඔන්න එහෙනම් අදත් කියන්න යන්නේ බයික් කතාවක්. :)
දන්නවද වැඩක්. මෝටර් බයික් ලොවේත් ට්‍රැක්ටර් සංස්කෘතියක් තියෙනවා. මඩේ යන්න, ගල්ගොඩේ යන්න, කැලේ පනින්න, වැල්ලේ බීච් එකේ යන්න, කඳු නගින්න වගේ ට්‍රැක්ට්ර් ඇක්ටිවිටීස් කලාවක් බයික් ලෝකේ තියෙනවා. ඇඩ්වෙන්චර් රයිඩින් ගණයට අයිති මේ විගඩං පාන්න වෙනම මෝ‍ටර් බයික් ජාතියක් තියෙනවා. 

කොට චැසිය, සුපිරි පික්අප් එන්ජිම, ඉස්සරහ පස්ස තඩි මඩ කට්ට තියෙන ඕෆ් රෝඩ් මඩ් ටයර්ස් තමයි ඒවාගේ ලක්ෂණ. ඔයවගේ විගඩං පාන්න වෙනම ට්‍රේන් වෙච්ච බුවාලා ලෝකේ ඉන්නවා. කොටින්ම වතුරෙත් මඩෙත් ගල් ගොඩෙත් පඩිපෙළෙත් වැල්ලෙත් වගේම ඒදන්ඩකින් උනත් යන බුවාලා තමා ඉන්නේ.
ඉතින් කාලයක් තිස්සේ මගේ හිතේත් තිබුනා ආසාවක් ඒ ජාතියේ බයික් එකක් පදින්න. මඩේ යන්නම නෙමෙයි. තඩි ටයර් දෙකක් උඩ බම්ප් වෙවී රයිඩ් එකක් යන්න. කොහොමත් මේ දවස් වල අපේ පැත්තේ හැම පාරක්ම වගේ හදන කාලේ නිසා උදේ හවස යන එනකොට මග දිගේ තියෙන්නෙත් මඩ් රයිඩින් ඇඩ්වෙන්චර් එකක් තමා.
යමහා සමාගමෙන් නිෂ්පාදනය කරන ටී.ඩබ්ලියු 200 (TW200) මෝටර් බයික් එකත් ඒ ජාතියේ එකක් තමා. සුද්දගේ ජනප්‍රියතම ඕෆ් රෝඩ් ගමන් සගයෙක් තමා YAMAHA TW200 කියන්නේ. මෙන්න මේ තියෙන්නේ එව්වැයේ එකක පිංතූරයක්.
 
ටෙක්නිකල් විස්තරත් ටිකක් කියන්නම්කෝ...
සිලින්ඩර ධාරිතාව 200ක් වන වායු සිසිලන (air cooled) සිව්පහර (four stroke)  Strong pulling ඕෆ් රෝඩ් එන්ජිමක් තමා තියෙන්නේ.
ගියර් 5යි. ඒ වගේ ම අභ්‍යන්තර ප්‍රථිතෝලකය (counterbalancer) නිසා ඕව් රෝඩ් ගමනකදී දෙදරීමත් සෑහෙන්න අඩුයි. සීඩීඅයි යුනිට් එකක් එක්කම විද්‍යුත් පණගැන්වීමෙනුත් (Cell Start) සමන්විතයි. පෙට්‍රල් ටැංකියනම් පොඩියි.
ඉස්සරහා තියෙන්නේ හයිඩ්‍රොලික් ඩිස්ක් බ්‍රේක් යුනිට් එකක්. පස්සේ හබ් බ්‍රේක්. මේ බයික් එකේ පස්සට ඩිස්ක් එන්නේ නෑ. ඕනමනං ඉතිං ආෆ්ටර් මාර්කට් බඩු අරගෙන කන්වර්ට් කරතැහැකි. පංචිකාවත්තේ බඩු තියෙනවා.
‍සුවපහසු මෝටර්ක්‍රොස් හැඩේ සීට් එකක් තියෙනවා. එන්ඩියුරෝ ජාතියේ 60/55 කොටු හෙඩ් ලයිට් එකක් තියෙනවා. තවඉතිං වේගමානය, සැතපුම්මානය ආදී සාමාන්‍ය දේවල් වලින් සමන්විතයි.
විශේෂම දේ තමා තඩි ටයර් සෙට් එක. පිටිපස්සේ ටයර් එක 180/80-14 තඩි ටයර් එකක්. ඉස්සරහා 130/80-18 සාපේක්ෂව තඩි ටයර් එකක්.
සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරේට කිලෝමීටර් 30-35ක් විතර දුවනවා දුකක් නැතිව.
ඉතිං ඔය කෑලි බෑලි ටික හොඳටෝම ඇති ගොඩේ මඩේ දෙකේම දුවන්න. මේ බයික් එක ඇත්තටම ඔය කියන ඇඩ්වෙන්චර් වලට පාවිච්චි කරනවා කියලා ඔප්පු කරන්නයි මේ යන්නේ. TW200 වලටම වෙනම ෆෝරම් එකක් තියෙනවා රයිඩර්ස්ලගේ අත්දැකීම් බෙදාගන්නයි, ටෙක්නිකල් උදව් වලටයි. මෙන්න එතනින් ගත්තු රිපෝට් කිහිපයක්.

ඉතිං ඕවා මේවා දැකපු මාව නිකං කරකවලා අතඇරියා වගේ. ඒ නිසි සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා ඒවැයෙන් එකකට. මේ කාලේ ඕකේ මාකට් එක ටිකක් නැගලා. ඒ නිසා බයික් එකක් හොයා ගන්නත් ටිකක් අමාරුයි. තිබ්බත් ටිකක් අස්ප ගනං. විනාසකරපු ඒවානං ඕන තරං තියෙනවා. හොයලා බලලා ඉතිං හොඳවැයිං එකක් ගන්නත් එපැයි. මගේ මිත්‍රයා ෂේන් එක්ක දස ගේමක් දීලා කොහොම හරි එකක් හොයා ගත්තා. හැබැයි ඉතිං ටයර් දෙකේම තට්ටේ පෑදිලා. පහුගිය සඳුදා රෑ මං තව මිත්‍රයෙකුත් එකක් කොළඹ වැඩියා. පොරටත් හොන්ඩා බාජා 250 එකක් ගේන්නයි මට යමහා TW200 එකක් ගේන්නයි. දෙකම කල්තියා හොයලා බලලායි තිබ්බේ. අඟහරුවාදා දවසම මමයි ෂේන් මිත්‍රයයි දෙන්නම ගතකලේ ආදරණිය පංචිකාවත්තේ. ටයර් දෙකක් හොයන්න ගිය ගමන්, නා නා ප්‍රකාර කඩවල් වලින් නා නා ප්‍රකාර බයික් ගැජමැටික්, පරණ බයික් කෑලි බල බල කාලේ ගත කරා. කොහොම හරි හවස් වෙන කොට ටයර් දෙකත් හරි. බ්‍රේක් අවුලක් තිබිලා ඒකත් හදා ගත්තා.
හපොයි ඒ අස්සේ වෙන ප්‍රශ්ණයක්. මගෙත් එක්ක කොළඹ ගිය අනිත් මිත්‍රයාගේ බයික් එකේ පොඩි ලෙඩක්. රෙක්ටිෆයරය හෙයත් ඍජුකාරකයට කෙල වෙලා. ඒ කියන්නේ පහුවදා දවසේ උදේ මට තනියෙන් තමා බදුලු බලා පාගන්න වෙන්නේ. නැත්තං ඉතිං බයික් දෙකේ දෙන්නට එන්න තිබ්බා ආතල් එකේ කදේ දාගෙන.
ඉතිං ඔන්න ඔහේ දෙකෙන් එකක් වෙන්න කියලා මං තනියෙන්ම බදුලු එන්න පිටත් වුනා පහුවදා උදේ. බ්ලොගීයි, අපේ අම්මයි, නංගියි කවුරුත් දන්නෑ බයික් එක කැන්දං එන බව. එන ගමං බණ්ඩාරවෙලින් බ්ලොගීලගේ ගෙදරට දැම්මේ සර්ප්‍රයිස් එකකටත් එක්ක. හත්ඉලව්වට ගහපු කලාබරේ. බ්ලොගී ඇන්ඩි ෆැමිලි ගෙදර නෑ. වෙන දිහාක ගිහිල්ලා. මොනා කරන්නද ගෙදර බලාම ඇද්දා ඊටපස්සේ.
එදා හවසම පොඩි සැත්කමකුත් කරන්න තිබ්බා බයික් එකට. හදිස්සියේ උස්සං ආපු නිසා බයික් එක මට ඕන විදිහට කන්ඩිෂන් කරන්න වෙලාවක් තිබ්බේ නෑ. බයික් එකේ එක්ස්හෝස්ට් එක එහෙම නැත්තං සයිලන්සර් එක විදිහට තිබුනේ සුපර්ට්‍රැප් (supertrap) කියන මාදිලියේ එකක්. ඒ කියන්නේ සාමාන්‍ය සයිලන්සර් එකක් වගේ වාතය යන්න කවුළුවක් මේකේ නෑ. කොටින්ම කියනවා නම් කට වහලා. ඒ වෙනුව‍ට පුංචි පුංචි හිදැස් තියෙන්න ලඟ ලඟ හේත්තු කරපු තැටි කිහිපයක් තමා තියෙන්නේ. ඒ පුංචි හිදැස් වලින් තමා වාතය එලියට එන්නේ. ඒ නිසා බයික් එක යනකොට සයිලන්සර් එක ඇතුලේ පීඩනය වැඩි වෙනවා. ඇතුලේ වාතය සෑහෙන්න තෙරපුමකින් අර පුංචි හිදැස් වලින් එලියට (පිටිපස්සට) කඩාගෙන එන අතරේ නිව්ටන්ගේ තුන් වෙනි නියමයට අනුව බයික් එක සෑහෙන්න වේගයෙන් ඉස්සරහට ඇදෙනවා. ඒ කියන්නේ පුලින් පවර් එක (pulling power) එහෙම නැත්තං අදිනවා ඇදිල්ලක් කියන්නේ අන්න එක වැඩිවෙනවා. බයික් එකට සුපිරි පික්අප් එකක් එනවා. ඕකයි සුපර්ට්‍රැප් එක්ස්හෝස්ට් එකේ තියරිය. මෙන්න මේ වගේ.


මාදිලිය හොඳවුනාට මේ සයිලන්සර් එක ටිකක් වාත වෙලා තිබ්බේ. සෑහෙන්න කාබන් බැඳිලා ඇතුලේ. ඒනිසා ඇලන් කී එකකින් ගලවලා පියන් ටික අයින් කරලා, පැය දෙකක විතර පොඩි සැත්කමක් කරලා ආපහු හයි කරා. හප්පට සිරි. බලන්න එපැයි උජාරුව. නියම බර හඬක් එක්ක බයික් එක හොඳට දුවනවා.
ඔන්න ඕකයි කතන්දරේ. කැමතිද බලන්න මයේ ට්‍රැක්ටරේ පොටෝ ටිකක්...  ඔරිජිනල් එන කොටු හෙඩ් ලයිට් එක වෙනුවට රවුං ලයිට් එකක් රීප්ලේස් කරලා තියෙනවා. ඊට අමතරව ටැංකිය ‍තද කොළ පාටකින් පේන්ට් කරලා තියෙනවා. කන්ඩිෂන් කරන්න තව දේවල් දෙක තුනක් තියෙනවා. එතෙක් මෙන්න පිංතූරයක් දෙකක් තුනක්....

තාම මයේ බ්ලොගීවත් මේක හැබැහින් දැක්කෙනෑ. දැක්කා තියා මේ ට්‍රැක්ටරේ ගෙනාවා කියලා දන්නෙත් නෑ. එයා දකින්නෙත් මේ පෝස්ට් එකෙන් තමා. අපේ නංගි බයික් එක දැක්ක ගමන් මෙයාට නමක් දැම්මා “කළු මල්ලී” කියලා. තඩි කොට මොඩල් එක නිසා වෙන්න ඇති මයේ හිතේ. අහලා තියෙනවනේ කතාවක්. කොට මොඩල් ලඟ පිකප් කියලා. J රායිට් එහෙනං. කළු මල්ලිගේ කතාව තමයි අද කියන්න තියෙන්නේ. එහෙනම් ගිහින් එන්නං. ජය වේවා....
Zzzර්ර්ර්ම්..... Zzzර්ර්ර්ම්..... Zzzර්ර්ර්ම්..... ගර්ම් ගර්ම් ගර්ම් ම් ම්ම්ම්...........!!!
 

23 comments:

  1. එළ එළ...... සිරා ස්ටොරිය..... :)

    ReplyDelete
  2. අනේ මම ගෙදර..ගෙනාපු ගෙනාපු හැම බයික් එකක් ම i-buntu සමාගම ඉදිරියේදි මටත් රවුමක් ගහල ඉදුල් කරල බලන්න දුන්න කුශාන් ගෙ අළුත් බයික් එක ගෙන කොට මම බදුල්ලෙ නැ.මේක හරිම දුක්ඛ සහගත තත්වයක් මට.මාත් ඉතින් ජිවිතේ පළවෙනි වතාවට හාලි වගේ මැග්ම වල බජා 250 (මම දැනට පැදල තියෙන ලොකුම එංජිම තියෙන බයික් එක) පැද්දෙ කුශාන් සහො ට පින් සිද්ධ වෙන්න තමා..මම මේ ටිකකට කලින් කලින් හොන්ඩ fatcat එකකින් වැඩ දානව ඔයාtube එකෙන් බල බල උන්නෙ,මෙන්න ටිකකින් rss ෆීඩ් එකක් එනව මෙයාගෙ අලුත් බයික් එක ගැණ..ඉතින් මගේ උණුසුම් සුභ පැතුම්.මේ අපේ ගේ ඉස්සරහින් කොළඹ යනව නිකමට කවදාවත් ගොඩ වෙලා යන්නෙ නැනෙ කොච්චර කිවත්.ඔයාටත් තියෙන්නෙ රථ ගාය ඕක ගැන රෝග ලක්ෂන මෙන්න මේකෙ මම ලිව්ව http://pandaslif.blogspot.com/2011/01/blog-post_20.html

    ReplyDelete
  3. අම්මපා බයිසිකල් කීයක් තියනවද බං..?
    ලංකාවේ සිවිල් ජනතාවට 250CC එව්වට වඩා ලොකු එව්වා පාවිච්චිය තහනම් ද මලේ...?
    මොනවා වුනත් හම්බ කරන එව්වා ඇතිද මන්දා මෙව්වායේ නඩත්තුවට.. :-)

    ReplyDelete
  4. Supertrapp සයිලන්සරේ ගැන කියලා තියෙන එකේ නම් පොඩ් ගැටලුවක් තියේ. ම‍ට තේරෙන විදිහට නම් ඒකෙන් Performance අඩු වීමක් මිසක් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න බෑ.

    එක හේතුවක් තමයි සයිලන්සරේ ඇතුලේ ඇතිවෙන අධික පීඩනය. මේකෙන් අපේ Exhaust stroke එකට විශාල ප්‍රතිවිරුද්ධ බලයක් යෙදෙනවා.. ඒ කියන්නේ Power stroke එකෙන් flywheel එකේ ගබඩා උන ශක්තිය අපතේ යනවා කියන එකනේ.
    අනික සයිලන්සරේ තැටි පිහි‍ටලා තියෙන ආකාරයට Trust එකක් එන්නේ නෑ.. 45 degree angle එකකටනේ exhaust එක යවන්නේ. ඒ‍කියන්නේ ඒ එන බලයෙන් වරක් cos(45)

    මට නම් හිතෙන විදිහට මේකෙ ප්‍රධාන අරමුණ වෙන්න ඕනා බයික් එක off road නිසා සයිලන්සරේ ඇතුලට අරවා මේවා යෑම වලක්වන එක. ඇතුලෙන් එන පීඩනයකට අර පතුරු විවෘත්ත වෙන නිසා පි‍ටින් මඩ අරවා මේයා යන්න තියෙන සම්භාවිතාවය අඩුයි කියලා ‍තේරෙනවා ඇති.

    ReplyDelete
  5. තෝ කොටියම කාපිය වන්නියෝ... මේ උඹ මට කිව්වෙවත් නැහැ නේ. දැන් ඉතින් තව ලෙඩක් හැදුවා. මේ ඉක්මනට කොළඹ වරකෝ මටත් ජුන්ඩක් ඕක පදින්න!!!

    ReplyDelete
  6. මේ දෙවනි පාරත් කියෙව්ව හලො..එක නෙවෙ රවුම් ලයිට් එක තමා මට නං ගති..මම ආස නැ කොටු ලයි වලටයි එක එක හැඩේට එන ඉන්ඩියන් බයික් ලයිට් වලටයි..හැබැයි මේ ලයිට් එක තව ටිකක් ලොකු වුනා නම් හොඳා නේද අර 2004 hornet එකට එන්නෙ ඒ තරං ලොකු නැද්ද මේ ලයිට් එක එහෙම නැත්තං බජා එකේ වගේ ඩබල් කරා නම් කොර.

    ReplyDelete
  7. එහෙනං අලුත් කලු මල්ලිත් එක්ක සුබ ගමං....

    ReplyDelete
  8. Cell Start or Self Start ?

    ReplyDelete
  9. අර තිසා කිව්ව වගේ උඹලගේ ගෙදර ඉඩ තියෙනවද බං මේ බයික් තියාගන්න ? කීයක් විතරද ගොයියෝ මේ බයික් එක ?

    මට නම් ඉස්සර තිබුනා බයික් එකක් "Yamaha DX100", 1980 මොඩල් එක. අපේ බාප්පගෙන් නිකන් තමයි හම්බ උනේ.

    ඔය කළු මල්ලිගේ මෙමරි එහෙම කොච්චර තියෙනවද ? ප්‍රොසෙසර් එක ඉන්ටෙල්ද නැතිනම් ඒ.එම්.ඩී ද ?

    ReplyDelete
  10. කෝ මේ වන්නියා..මේවට උත්තර දෙන්නෙ නැතුව කොහෙ ගිහින්ද ? සාමන්‍යයෙන් වන්නියා බයික් එකක් ගෙනවාම මිනිහට හිතට වදින තරමට කන්ඩිශන් කරනව මම හිතන්නෙ..සමහර විට මේ දවස් ටිකෙ ඕක පිහිනව හෝදනව මදිනව පොලිශ් කරනව පොඩි පොඩි මොඩිෆයි කරනව ඇති..අනේ ඉක්මනට ඇවිත් මේවට උත්තර දීපන්

    ReplyDelete
  11. ආ මේ ලමයි ඇවිත් තියෙන්නේ...

    @ඇනෝ... ස්තූතියි

    @පැන්ඩා-- ඔව් ඔව් කළු මල්ලිත් ඇහුවා පැන්ඩා කෝ කියලා... ;-) මාත් දන්නවනේ උඹේත් උණේ තරම

    @තිස්සයියා-- අඩේ තිස්සයියේ.... මං එච්චර සල්ලිකාරයෙක් නෙමෙයි බං. එකක් දීලා (විකුණලා) අනික ගන්නවා මිසක. 250CC වල‍ට වඩා බෑ තමා. ඒත් කොල්ලෝ පොත් හදලා පදිනවා. හැබැයි රේසින් කරන උන්‍ට අවුලක් නෑ... මගේ මිත්‍රයා ෂේන් පදින්නේ 1000CC එකක් :O

    @කණියා-- ආ මලේ. ‍ටෙක්නිකල් බුවෙක් විදිහට උඹට එහෙම නොහිතුනානං තමා පුදුම. උඹට කියන්න මටත් ඔහොමම හිතුනා මුලදී. පස්සේ මං ඒ ගැන සෑහෙන හෙව්වා. ‍එන්ජින් එකේ පවර් එකට අනුව ප්ලේට්ස් ගාන අඩු වැඩි කරන්න ඕන. ඒක බයික් එනේ එන්ජින් එකේ ස්වභාවය දන්න ටෙක්නීෂියන් කෙනෙක්ට තේරෙනවා කොච්චර ප්ලේට්ස් ගානක් ඕනද කියලා. ඒ අනුව සද්දෙද ඕන පුලින් පවර් එකද කියලා ඒ අනුව ප්ලේට්ස් ගාන හදන්න පුළුවන්. ඒ එක්කම සමහර එන්ජින් වල පවර් එක අනුව ප්ලේට් ගාන අඩු වැඩි නොකර හරි ප්ලේට් අතර ස්පේසින් විතරක් හරි ගස්සසලා අවශ්‍ය පවර් එක ගන්න පුලුවන්. කොච්චර වුනත් එන්ජින් පවර් එක වැඩි වෙන්නේ නෑනේ. ඒ පවර් එකෙන් ගන්න වැඩේ වැඩි කර ගනීම විතරනේ වෙන්නේ. ශබ්දයයි, පවර් එකයි අතර තියෙන සම්බන්දය ප්‍රස්ථාරයකට ගන්නත් පුළුවන්. හැබැයි කලින් කිව්වා වගේ ස්පේසින් සහ නම්බර් ඔෆ් ප්ලේට්ස් වගේ කතන්දර ගොඩක් ගැන හිතන්න ඕන නේද?. මමත් තාම සුපර් ට්‍රැප් ගැන ඉගෙන ගන්නවා. සුපර්ට්‍රැප් විතරක් නෙමෙයි හැම එක්ස්හොස්ට් සිස්ටම් එකක් ගැනම. ඒක වෙනම විද්‍යාවක්. උදාහරණයක් විදිහට මේ පුංචිම පුංචි ඇක්‍රපොවික් එක්ස්හෝස්ට් එක ගැන බැලුවොත් පිස්සු හැදෙනවා. සද්දෙයි, පවර් එකයි දෙකම උපරිමයි... කතන්දර ගොඩයි බං. මේවා බලන්න ගියොත් පිස්සු ඩබල් වෙනවා මලේ. හැබැයි රයිඩින් කරන අය විදිහට අත්දැකීමෙන් අපි මෙහෙම දෙයක් දන්නවා. සාමාන්‍ය සයිලන්සර් එකකට වඩා සුපර්ට්‍රැප් එකක් දැම්මම බයික් එක පැලෙන්න දුවනවා... :)

    @පැතුමා-- ඉතිං උඹ නිකං වත් කතා කරේ නෑ නේ මේ ටිකේ. අපරාදේ එදා මට උඹවත් මුණගැහිලම තමා එන්න තිබ්බේ. :)

    @පැන්ඩට ආපහු-- මමත් කොටු එක‍ට වැඩිය ආස නෑ. ඩබල් කරන්නත් පුළුවන්. හැබැයි එතකොට ටීඩබ්ලියු කියන යුනික්නස් එක යනවා බං.

    @ප්‍රසන්න-- ස්තූතියි.

    @ඇනෝ-- මචං ඔය දෙකම පාවිච්චි වෙනවා. හැබැයි ගොඩක් පරණ ටෙක්නීෂියන්ලා Cell Start කියන එක පාචිච්චි කරනවා. හේතුව බැටරියකින් එහෙම නැත්නම් කෝෂයකින් (cell) පණ ගැන්වෙන නිසා. හැබැයි Self Start කියලා කියන අයත් ඉන්නවා. ඇත්තටම බයික් එකකට ස්වයංව ස්ටාර්ට් වෙන්න බෑ නේද? හැබැයි ඔය ආන්දෝලනය නිසාම දැන් අළුතෙන් ඔය නම් දෙකෙන් එකක්වත් කියන්නේ නෑ. ඒ වෙනුවට electric start කියලා තමා කියන්නේ. ;-)

    @දුමී-- උඹටත් උත්තරේ තිස්සයියාට දීපු එකේ තියෙනවා. යමහා dx කිව්වේ ක්ලැසික් මොඩල් රතු එකක්ද?

    ස්පීඩ් එකයි මෙමරියිද? අනේ මගේ කට... ;-)

    පැන්ඩට ආපහු-- ඕන් ආවා. උඹලා කවද්ද මෙහේ එන්නේ...

    ReplyDelete
  12. සාමන්‍යයෙන් රොද හතරෙ වාහන වල නම් එක්සොස් සිස්ටම් එක පුලුවන් තරං හොදට එක්සොස් කරන්න ඕනි..එකනෙ කට්ටිය ඔය 16 වැල්ව් කියල එහෙම ආඩම්බරෙට කියන්නෙ සිලින්ඩරෙට ඉන්ටෙක් දෙකයි අවුට් ටෙක් දෙකයි..සයිලන්සර් දෙකක් දාල එන්නෙත් ස්පොර්ට් මොඩල් වල ලස්සනටම නෙවෙනෙ..බැක් පෙශර් එක පුලුවන් තරං අඩු කරන්න නේද? ඉතින් මේ සුපර් ට්‍රැප් එකෙන් මේක අස්සෙ එක්සොස් එක පහසුවෙන් පිට නොවෙන්න හදල තියෙන එකෙන් බැක් ප්‍රෙශ‍ර් එකක් ඇවිත් එංජිමේ පර්ෆොර්මන්ස් අඩු වෙන්නෙ නැද්ද වන්නි..මේ මට ඇහුන ලගකදි රටේ තත්වෙ යහපත් හින්ද දැන 800 විතර වෙනකං බයික් ගෙන්න පුලුවන් කියල.

    ReplyDelete
  13. වන්නියෝ, ඔව් ඔව්, ඒ DX 100 එක ගොඩක් දැකල තියෙන්නෙ රතු ඒවා තමයි. හැබැයි මගේ එක නිල් පාටයි. බාප්පා පාට මාරු කරාද දන්නෙ නෑ. මට ඕක හම්බ උනේ 1995 - 96 දිහාවෙ. පස්සෙ පට්ට ගැහුවා හොඳට. එකම අප්සෙට් එක 2T දාන්න ඔනෙ සහ සයිලන්සර් එක හැම තිස්සෙම සුද්ද කරන්න ඕන වෙන එක තමා. ගම හාමිනෙත් එක්ක ලව් කරපු කාලේ ඉතින් ඒක දෙයියෙක් තමා.

    ReplyDelete
  14. එකෙන්ම පට්ටයි බොස්.

    මමත් කම්පනා කොරල කොරල හීරෝ හොන්ඩා හන්ක් එකක් ගත්තා.
    ඒත් ගත්තු ගමං පල් බූරු වැඩක් කොරා වගේ හිතෙනවා. වැඩි හොඳට කියලා 95 ඔක්ටේන් ෆුල් ටෑන්ක් ගැසුවා. මම මේ බයේ ඉන්නෙ මොකක් හරි අවුලක් වෙයිද කියලා. තාම කි.මී. 150 දිවුවෙ. මොකක්ද කොරන්න ඕන කියල පොඩි උපදේශයක් දෙන්නකො මහත්තයා. පෙට්‍රල් ටික අයින් කරල නෝමල් පෙට්‍රල් ගහන්නද?

    තේරෙන්නෙ නෑ හප්පා.. ඇංජිම සීස් වෙන එකක් නෑ නේද?

    ReplyDelete
  15. ඇත්තමයි නසරාණියාට මක් වෙයි ද ? සමාන්‍යයෙන් රොද 4 ඔය ලොකු ලීටර් වල ලොකු එන්ජින් තියෙන පෙට්‍රොල් වාහන වලට නම් හයි ඔක්ටේන් ගහන්න කියන එක හේතුවක් තමා මම දන්න විදිහට ඒවායේ හයි ප‍්රෆොර්මන්ස් ඕනි හින්ද සිලින්ඩර් එක ඇතුලෙ වාතය දෙවන ස්ට්‍රොක් එකෙදි ඒ කියන්නෙ කම්ප්‍රෙශන් ස්ට්‍රොක් එකෙදි අධික පීඩනයට ලක් කරනවා සාමන්‍ය ඉකොනොම්කල් කාර් එකකට වඩා..ඉතින් මේ අධික පීඩනයේදී උශ්ණත්වය ඉහල නිසා ප්ලග් එකෙන් දෙන පුළිගුවට කලින් මේ පෙට්‍රල් වායු මිශ්‍රණය ස්පොථනය වෙන්න පුලුවන්..නමුත් ඔක්ටෙන් ප්‍රමානය වැඩි වුනාම මෙක ඉබේ දනය වෙන්න හදන්නෙ නැ පුලිගුව ලැබුනම තමා දනය වෙන්නෙ.ඒත් ඉතින් රොද දෙක කට ඕක කොහොම බලපායි ද දන්නෙ අපේ වන්නිය උගෙ බයික් පියා වෙන ශෙන් වගේ ඇත්තො තමයි...අපිත් ඉතින් මේ වන්නියගෙ බ්ලොග් එක දිහා කමෙන්ට් කර කර කට ඇරගෙන බලා ඉන්නෙ ඕව ඉගෙන ගන්න තමයි.

    ReplyDelete
  16. 1986 ට කලින් හදාපු වාහන වල වෑල්ව සීට් ලුබ්‍රිකේට් වෙන්න, ඔක්ටේන් අගය 90ට වැඩි කරන්න දාපු "ටෙට්‍රා එතිල් ලෙඩ්" වල ඇති ලෙඩ් උදව් වුනා... වෑල්ව් සීට් එක ඩිසයින් කළෙත් ඒක බලාපොරොත්තුවෙන්... ඒත් ලෙඩ් සංයෝග භාවිතයෙන් ඉවත් වීමත් වෑල්ව් සීට් සඳහා නව ලෝහයන් යොදාගැනීමත් නිසා සීස් වීමේ ප්‍රස්නයක් වෙන්නේ නෑ...
    ලංකාවේ දැන් විකුණන 90 ඔක්ටේන් පෙට්‍රල් වල ඔක්ටේන් ඒ අගයට ගන්නේ වෙනත් ක්‍රමයකින් - ලෝකයේම පෙට්‍රල් වලට ලෙඩ් තහනම් කර ඇති නිසා...
    ඔක්ටේන් 90 රෙකමදාරු කර ඇති එකකට ඔක්ටේන් 95 පෙට්‍රල් පාවිච්චි කිරීමෙන් වෙන්නේ මුදල් නාස්තියක් විතරයි... වෙන මුකුත් වෙන්නේ නෑ... අනෙක ඉග්නිෂන් ටයිමින් සෙට් කර ඇත්තේ ඔක්ටේන් 90 නම් 95 දැමීමේන් පෙට්‍රල් නාස්තියක් විතරයි වෙන්නේ...

    ReplyDelete
  17. අප්පොයි!!!
    මල්ලිට කුශාන් අයියගෙ බ්යික් එක ගැන ත්වුසන් ටෝක් දීලා ඇවිත් බ්ලොග් එක බලනකොට මෙයා පෝස්ට් එකත් දාලා...
    එල එල මට තියෙන්නෙ යුනිවර්සල් වාහන පිස්සුවක් මේ භාන්ඩෙ ඇහැටම දැකල අත පත ගාලත් තියන නිසා කියන්ඩ තියෙන්නෙ පට්ටම පට්ට..
    කුශාන් අයියා.. මට තව මාසයක් දෙන්ඩ ලැයිසොම අප්ඩේට් කරගන්නව මෙයා නිසාම... හික්z
    (මට බයික් පදින්ඩ බෑ කියල ඔය පැන්ඩලට එහෙම කියනව නෙවෙයි)

    ReplyDelete
  18. අපිට දැන් හිතාගන්න වෙන්නෙ i-buntu කියන්නෙ වාහන sale දාන තැනක් කියලා. විශෙශයෙන්ම බයික්.. එක එක දවසට එක එක පාට ලස්සන එව්වා...

    ReplyDelete
  19. @පැන්ඩා--
    තියෝරිටිකලි එහෙම ගැටළුවක් මටත් ආවා. හැබැයි පැද්දට පස්සේ වෙනස තේරුණා. මං හිතන්නේ තාම 250 වලින් එහා බෑ....

    @දුමී--
    හරිනේ මං කිව්වා. පරණ ටයිප් බයික් වල තියෙන්නේ වෙනම ආතල් එකක් බං. ඔක්කෝම ඔරිජිනල් ජපං බයික් නේ. දැන්නේ මේ ඉන්දියන් ඒවා වැහි වැහැලා තියෙන්නේ. ඒවා නරකයි කියනවා නෙමෙයි, ලක්ෂ 2ක් හමාරක් දීලාද ඉන්දියන් බයික් එකක් ගන්නවට වඩා ජපන් රී කන්ඩිෂන් එකක් පදින එක මට හිතෙන හැටියට වටිනවා. ලයිෆ් ටයිම් වොරන්ටිය නේ...

    @නසරානියා--
    එකෙන්ම් පට්ටයි බං. උඹ විශ්වාස කරයිද මන්දා. ලංකා‍වට එන ඉන්දියන් බයික් ඔක්කෝම මොඩල් ටික පෝලිමට තියලා එකක් තෝරගනිං කිව්වොත් මං අනිවා ගන්නේ හන්ක් එක. පල්සර් තඩි වලට වඩා හන්ක් එක මාර ගති. පට්ට පිකප්. හිටු කියලා දුවනවා. හොඳ එඩිට් කරපු කාබන් ෆයිබර් සයිලන්සර් එකක් ගහගන්න පුළුවන් නං ආයේ ඉතිං සුපිරි ජපන් බයික් එකක හඬකුත් එනවා. ඔය පල්සර් වාග් ඒවයේ ගහන මෆ්ලර් කටවල් නං ගහන්න යන්න එපා. පුළුවන් නං ටයරේ ගෙවුනම ටිකක් ලොකු බැළුන් එකක් පට්පස්සට දාන්න. ඩුවල් ෂොක්ස් කියලා නෑ ආයේ පට්ට ලුක් එක. මොනෝ ෂොක් වගේ තමා. කොට්න්ම මගේ මිත්‍රයා ෂේනුත් ඉන්දියන් බයික් වලින් හන්ක් එකට මාර කැමතියි. පෙට්‍රල් ගැන ඉතිං මං කියන්න ඕන නෑනේ. ඔය යසට කියලා තියෙන්නේ තිස්සයියා.

    @පැන්ඩා--
    ඔය ඉන්නේ තිස්සයියා වගේ පට්ට බුලට්... ඇට්ටි හැලෙන්න උත්තරේ දීලා තියෙන්නේ...

    @තිස්සයියා--
    මං හැමදාමත් කියනවා වගේ උඹ නං පට්ට බුවෙක් අයියා... ආයේ නෑ ලාල් අලවත්ත මහත්තයාගේ කතාවක් රේඩියෝ එකේ ඇහුවා වගේයි මට දැනුනේ.

    @උදාන--
    උඹ මේ පැත්තේ ආවයි කියලා මං දන්නේ නෑනේ... කොහොම හරි පියාණන් දෑ ෂේප් කර ගෙන් රයිඩින් ලැයිසොං ගනින් මලේ...

    @තාරා--
    සත්තකින්ම මං දැනං හිටියේ නෑනේ මේ තාරාවා ගැන. සිරාවටම කියන්නේ හො‍ඳේ...
    කතාව ඇත්ත, ඒ හරි‍යේ ඔය වයිරස් උණක් යනවා... ;-)
    ජය වේවා...

    ReplyDelete
  20. ai ban aiye yamaha fz 1ka hoda nedda?

    ReplyDelete
  21. මටත් මේ දවස් වල tw උණක් හැදිලා.කීයක් විතර යයිද සනීප කරගන්න .

    ReplyDelete
  22. ගොඩක් වටිනාව පොස්ට් එක අයියා. මන් ගොඩක් අසවෙන් හටියෙ tw එකකට. ගොඩක් ඩෙවල් ඉගෙන ගට්ට. ඔයට පින් සිඩ්ඩවෙනව....

    ReplyDelete
  23. Pulsar 180 වලට හරියන්නෙ Octane 90/95 ?

    ReplyDelete