Sunday, July 17, 2011

ඔබට මතකද..? අතීතයට ගමනක්!


අද මම බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුවේ නෑ. ඒත් හදිසියෙන්ම මට ලියන්න සිදු වුනා.

ප්‍රශ්ණයක් අහන්නං..?

ඔබට (අපට) අතීතයට යන්න පුළුවන්ද? කවුරුත් කියන්නේ “බෑ“ කියලා නේද?

ඒත් මට පුළුවන් වුනා අද අතීතයට යන්න. මාව අතීතයට ගෙනියන්න කෙනෙක්ට හැකි වුනා!

ඒ ගැනයි මේ කියන්න ලෑස්තිය.

තිස්සයියා, දුකා, වැම්පයර් නිතරම බ්ලොග් වල බස් වල බොහෝ පරණ දේ ගැන කතා කරනවා. මට වඩා දිග අතීතයක් ඔවුන්ට තිබුනත් ඔවුන් කතා කරන දේවල් සමහරක් මටත් මතකයි. ඒවා බොහෝ විට පරණ සිංදු.

ඊට අමතරව මම, රවා, ෆා, ඕනයා එහෙම “ඕල්ඩ් ඊස් ගෝල්ඩ්“ කියන එක තදින්ම විශ්වාස කරනවා කියලා මං දන්නවා! ටිකක් හරි ආශ්‍රය කරලා තියෙන නිසා! හැබැයි එක් එක අය එක එක දේවල් වලටයි කැමති. හින්දි සිංදු, සිංහල සින්දු, වෙස්ටර්න් ෆිල්ම්...  ඔබත් එහෙමම තමයි! අපි කවුරුත් එහෙමයි!

හැබැයි සිංදුවකටවත් ගෙනියන්න බැරි අතීතයකට මාව ගෙන ගියපු සංගීත කණ්ඩයක් අද මට හමු වුනා. ඒ “විදුර මහේන්ද්‍ර“ කියලා සයිබරයේ තවත් නොදුටු අලුත් මිතුරෙකු මගින්.

මේ සංගීත කණ්ඩය කොච්චර නම් අතීතයකට මාව ගෙනිච්චද?

ඒ කාලේ... මං පුංචි කාලේ... ඉස්කෝලේ යන්න නැගිටින්න ටිකකට කලින්ම... ඇඳේ ඉඳිද්දිම මට ඇහුණු ඒ පුරුදු සංගීතය මට අද ඇහුණා. මං ඒ අතීතෙට ගියා.

ඒ තමයි උදේ පාන්දර...

තාත්තයි අම්මයි හත් අට වතාව කතා කරලා මාවයි නංගිවයි උදේට නැගිට්ටවන්න උත්සහ කරන හැටි... අමාරුවෙන් ඇඟ මැලි කඩ කඩ අපි නැගිටින හැටි... ඒ දවස් වල අපි හතර දෙනාම නිදා ගත්තේ එක කාමරේ ඇඳං දෙකක් ලං කරලා හදා ගත්ත එක ඇඳේ... ලොකු නෙට් එකකුත් දාලා තිබ්බා...

ඒ කාලයේ උදේ කියන්නේ අද වගේ නෙවෙයි. බොහෝ වෙනස්. හරිම නිස්කලංකයි. සොම්‍යයි. කියන්න තේරෙන්නේ නැති අමුතු ලස්සනක් ඒ උදේ තිබ්බා. මට වචන එන්නේ නෑ කියන්න. ඒ වෙනුවට මං කල්පනා කරනවා. දැන් මේ ලියමන ලියන්න පටන් අරගෙනත් සෑහෙන්න වෙලාවක්! ඒත් ලියලා තියෙන්නේ ටිකයි! ඒතරං මං අතීතයට ගියා මේ සංගීත කණ්ඩය නිසා.

ඒ දවස් වල අපේ ගෙදර තිබ්බා හැටි යන්තමට වගේ මට මැවිලා පේනවා දැං... කොච්චර සුන්දරද... අම්මයි තාත්තයි මායි නංගියි හතර දෙනාම තාමත් ඒ දවස් වල ජීවත් වෙනවා වගේ මට හැඟෙනවා...

සංගීත කණ්ඩයකට පුළුවන්ද අපිව එච්චරම අතීතෙකට ගෙනියන්න. පුංචි කාලේ හැමදාකම ඇහිලා පුරදු කම නිසා වෙන්න ඇති ඉබේම ඒ කාලෙට අපිව ඇදෙන්නේ...

මට තව කියන්න දේ තියෙනවා. ඒත් කියන්න බෑ. මං ඒ වෙනුවට ඒ අතීතෙට යනවා. කළු සුදු චිත්‍රපටියක් වගේ හැඟෙන, අද තරං සංකීර්ණ නැති, අම්මගේ තාත්තගේ ආදරේ උපරිමයෙන්ම ලැබුණු, ඉතාම සැහැල්ලු, පුංචි කාලේ... ඒ ලස්සන අතීතයට මං යනවා!

ඒ හැඟිම මට විස්තර කරන්න බෑ...

අහන්න මේ හඬ. හැබැයි ඇස් පියා ගන්න. බලන්න ඔබත් අතීතයට යයිද කියලා... මන්දා... මම නං ගියා...

ඔබට මතකද...?



ප.ලි.:
විදුර මගේ නොදුටු මිත්‍රයා උඹට සෑහෙන්න පිං...!

30 comments:

  1. මාරයි මචන්. තව මේ වගේ ඒවා තියෙනම් දාන්න.
    තැන්කූ කිව්වා.
    JH

    ReplyDelete
  2. සුපිරියි කියන්නෙ කියල වැඩක් නෑ. ඉස්සර ලා නින්දෙන් මේක ඇහෙනකොට දැණුන හැඟීම කවදාවත් ආයෙ දැණෙන එකක් නෑ වගේම ඒක විස්තර කරන්නත් බෑ. ඒ නිසා ඒ ගැන කතා නොකර ආයෙත් මේක වින්දා... මේකට පාර පෙන්නුවට උඹට අම්බානක් තැංQ.

    ReplyDelete
  3. ඇත්තම ඇත්ත.උඹලා තරම් වයස නැතත් මටත් මතකයි මමත් පොඩි කාලේ උදේට ඉස්කෝලේ යන්න ඇහැරුනේ මේ සද්දෙන්....
    හරිම පුදුමයි ඇත්තටම හැරිම පුදුමයි
    මේක දැන් ඇහෙනකොට මට දැනෙන හැඟීම විස්තර කරන්න මට තේරෙන්නේ නෑ...
    හරේ කිව්වා වගේ උඹට අම්බානෙකට ස්තූතියි ආයෙමක් අපිව අතීතෙට ගෙනිච්චට :)

    ReplyDelete
  4. මාරයි නොකිය කියන්න එකක් එන්නෙ..නෑ..

    ReplyDelete
  5. කාලෙකට පස්සේ පොඩි කාලේ මතක් වෙලා ආපහු අවුරුදු ගාණක් ආපස්සට ගියා වගේ මචන්..!! මේ වෙළඳ සේවේ ද ස්වදේශීය සේවේද මේක ගියේ..!! මම තාම මතක අස්සේ කරක් ගහනවා..!! අතීතය මතක් කරලා දෙනවට උඹට පිං..!

    ReplyDelete
  6. parisara sirisara patan gannakota yana music ekath ahenakota mawa athithayata yanwa.
    http://www.youtube.com/watch?v=op6QbdbZQ7Y

    ReplyDelete
  7. මට මේක මතක නැහැ නේ :-D

    ReplyDelete
  8. මටත් මේක හොදට හුරුපුරුදුයි.උදේම ඇහෙන එකක්.ඒ කාලෙ අක්කයි මමයි ඉස්කෝලෙ යනව.

    ReplyDelete
  9. දෙයියනේ...
    මොකක්ද බං මල්ලියේ ඒ අතට දැනෙන්නේ නැති.. හිතට අහුවෙන්නේ නැති හැඟීම....???
    දමලා ගහල ගෙදර යන්න හිතෙනවා බං... :-(

    ReplyDelete
  10. උදේ පාන්දර නිදි ගැට කඩ කඩ කුස්සියට යන්නෙත් මේ සද්දෙට...සමහර දවසට මේක ඇහුනත් තව පොඩ්ඩක් පෙරවාගෙන ගුලි වෙන්නේ අම්මා මේකෙන් පස්සේ කාමරේට ඇවිත් දෙකක් දීලා හරි නැගිට්ටවාගෙන කුස්සියට එක්කන් යනවා කියලා දන්න නිසා...තාමත් යනවද දන්නේ නැහැ මේ සංගීතය.....දැන් නම් ඉතින් නැගිටින්නේ ෆෝන් එකේ එලාර්ම් එකට, එහෙම නැත්තම් පාරේ වාහන යන සද්දෙට...මේ සංගීතයේ තියනවා නින්ද සහ අවදිවීම කියන හැගීම් දෙකම එකට එකතු වුන ගතියක්....උදේ පාන්දරම මේ සංගීතය අහපු අය පොඩ්ඩක් හිතලා බලන්න උදේ පාන්දර මේක වෙනුවට රම්බරී එහෙම ඇහුනා නම් හිතට කොහොම දැනේවිද කියලා

    ReplyDelete
  11. සම්පුර්නයෙන්ම ඈහුවා.ඈත්තටම හරිම අමුතු හෑගීමක් මචන්.මේ දුවන ලයිෆ් එක ට වඩා ඒ කාලේ කොයි තරම් නිදහස්ද

    ReplyDelete
  12. සිරා මචං . . . . අවුරුදු 25කට වඩා ආපස්සට ගියා . ... . ගියාමත් නෙමේ . .. ගෙනිච්චා. . . .
    මේ ජිංගල් එක ගියේ ස්වදේශීය සේවෙ.
    මම හිතාන හිටියෙ නයිට් ක්ලබ් වල චාටර් වෙච්චි මගෙ මල්ලිට මේවගේ දෙයක් මතක නැතුව ඇති කියල. ඒත් ටිකක් සද්දෙට මේ ක්ලිප් එක දැම්ම විතරයි . ... ඌ කොහෙදෝ ඉඳල ඇවිත් අහනව "ඕයි. ... ඔය අපි පොඩි කාලෙ රේඩියෝ එකේ ගිය ජිංගල් එකක් නේද ?" කියල .. . . .

    ReplyDelete
  13. aiye adala nethi deyak ahanawata sama wenna

    aiye yamaha fz 1kakata hoda silencer 1kak gaganna aiyage yaluwata kiyala beri wevida?

    mata mail 1kak danna ko
    mahima2md88@gmail.com

    ReplyDelete
  14. සහෝදරයා මෙච්චර කාලයක් මම උඹේ අනිත් බ්ලොග් එකට ගිහින් බැලුවා. මොකද නොලියන්නේ කියලත් ඇහුව. අදයි මේක දැක්කේ.
    ඇත්තෙන්ම අතීතයට ගියා,... සිහිනෙන් ගා සුවඳක් වගේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ එක්ක එකට හිටි කාලේ..

    ReplyDelete
  15. අනේ මට මතක නැහැනේ.. :-/
    අපේ ගෙදර මං දන්න කාලෙක ඉදන් රෙඩියෝ එකක් අහන්නැ :D
    රෙඩියෝ එකක් කියලා විශේෂ පෙට්ටියක් නැහැ.. මං ඔය අමුන ගන්න සර්කිට් කෑලි තමා තියෙන්නෙ :D

    ReplyDelete
  16. යාන්තන් වගේ මේ මෙලඩි එක මතක තිබුනට අතීතේ මතක් වෙන්න තරම් නම් නෑ. හැබැයි පල්ලෙහා තියෙන මේ සින්දුව නම් ඇහෙනකොට පොඩි කාලේ ඉස්කෝලෙ ගිය හැටි, උදෙන්ම නැගිලටලා කඩේ පාං ඉවර වෙන්න කලින් කඩේ දුවපු හැටි මතක් වෙනවා....

    පිනි බිඳු මුතු මල් සැණකෙලියේ..,
    අරුනෝදේ හිමකර නැගෙනා...,
    දවසේ මෙහෙවර නික්ම යන....,
    සොහොයුර සොයුරිය වාසනා.....!!



    පිනි බිඳු මුතු මල් සැණකෙලියේ

    ReplyDelete
  17. @ඇනෝ JH
    බොහෝම ස්තූතියි මචං. ඒත් මටත් ඒක හම්බ වුනේ විදුර ගේ මාර්ගයෙන්නේ...

    @හරේ
    ඇත්ත මචං. මටත් එහෙමයි. ඇයි ඒක කියාගන්න බැරි කියලා ම‍ට තේරෙන්නේත් නෑ.

    @පූසා
    උඹ‍ට දෙන්න තියෙන්නෙත් හරේට දීපු උත්තරේම තමයි මචං!

    @Indi
    මාරයි නේන්නං

    @ප්‍රසන්න
    ඇත්ත

    @ලිෂා
    ඔව් මචං. උඹලා අපි එක වයසෙනේ. ඒ නිසා මේක දැනෙන්නම ඕන.
    ඔව් එහෙම වෙන්න ඇති. වෙළඳ සේවේ හරි ස්වදේශීය සේවේ හරි තමා. නිච්චියක් නෑ.

    @Wikeds
    අනේ මචං හරුවක් තිබ්බට මට ඒක එච්චරටම මතක නෑ. ස්තූතියි!

    @ම
    උඹ මේ ඊයේ පෙරේදා ඉපදිච්චි පොඩි එකානේ බං. මේක අපි පුංචි කාලේ අහපු එකක්නේ. උඹ පුතේ මුල් පිටුවේ තීම් එක හොඳට මතක තියා ගනින්.... :-) හික් හික්...

    @ගලායන ජීවිතය
    හම්... ඇත්ත. උදේ කාලේ කරපු කියපු සිද්ද විච්ච දෙවල් තමයි මතක් වෙන්නේ නදී.

    @තිස්සයියා
    අනේ අම්මේ මයේ පණ... උඹ ඒ ක හරිමටම කිව්වා බං...
    "මොකක්ද බං මල්ලියේ ඒ අතට දැනෙන්නේ නැති.. හිතට අහුවෙන්නේ නැති හැඟීම....???
    දමලා ගහල ගෙදර යන්න හිතෙනවා බං... :-("
    සහතික් ඇත්ත බං. මටත් එහෙම්මයි හිතුනේ...

    @දීප්ස් නඟා
    ඇත්තටම තාමත් මේක යනවද කියලා හොයලා බලන්න වටිනවා. කවුරුත් ඒක ගැන කියලා නැත්තේ කවුරුත් වැඩිය දැං රේඩියේ අහන්නේ නැති නිසා වෙන්න ඇති.
    "මේ සංගීතයේ තියනවා නින්ද සහ අවදිවීම කියන හැගීම් දෙකම එකට එකතු වුන ගතියක්..." සහතික් ඇත්ත. එහෙම හැඟීමක් තමා අපට තියෙන්නේ...

    @නුවන්
    අන්න ඒ නිදහස් හරි සැහැල්ලු බව මටත් දැ‍නුනා බං.

    @ඕනයා
    ආහ්... මාස්ටර් ජී... උඹත් ආවැයි. ඔන්න අනිත් මචං ලා මූ පෙට්ටිය දිගඇරියා. ඔය මියුසික් එක ගිහින් තියෙන්නේ ස්වදේශීය සේවේලු... මූ කිව්වොත් ඉතිං ලොවෙත් වරදින්න විදිහක් නෑ.
    මමත් මචං උදේ පාන්දර මේක ප්ලේ කරලා අම්මව පුදුම කරා...

    @මහිම
    ඔන්න මල්ලියේ එව්වා!!!

    @සරත් ලංකාප්‍රිය
    ට්‍රිප් යන්න සල්ලි බාගේ හිඟයි බොල මේ ‍ටිකේ. මං දැක්කා උඹේ කමන්ට් එක.
    අන්න හරි. හීනෙන් ගාපු සුවඳක් කියන වචන ටික මේකට හරියටම ගැලපෙනවා!

    @බනී
    තෝ පොඩි එකා වෙච්චි. උඹ කොහේද ඕවා අහන්නේ. :-) උඹ ඔන්න ඔහේ රම්බරී අහ අහා දොයිය ගනිං. :-)

    @දුමියා
    අනිවා මචං. ඒකත් හැමදාම වගේ යන සිංදුවක් නේ. සත්තකින්ම මතකයි බං. කවුද බං ගායිකාව?

    ReplyDelete
  18. පිණිබිඳු මුතුමල් සින්දුව කියන්නෙ ස්වර්ණලතා කවීෂ්වර....!

    ReplyDelete
  19. @දුමී... ආ... බොහෝම ස්තූතියි!

    ReplyDelete
  20. මෙතනත් නැහැ.. එතනත් නැහැ.. කියන්න කියලා නමක් තියන තැනකුත් නැහැ... ස්තුතිය විතරක් තියලා.. ඔන්න සටහනක් දැම්ම...

    ReplyDelete
  21. මදෑ ඉතින් ඔය අතීතයේ හිටියා අප්පේ - පොඩියක් වර්ථමානයට ඇවිත් මොනවා හරි ලියමුකෝ :-(
    දැන් දැන් සිංහල බ්ලොග් අවකාසයේ කමකට ඇති දේ අඩුයි කියවන්න

    ReplyDelete
  22. වන්නි
    තිස්ස අයියා කැමති නැහැ අපි අතිතයෙ ලියනවට...
    වර්ථමානයෙ ලියන්න දෙයක් නැහැ...
    අනාගතෙ ගැන දන්නෙ නැහැ..

    ReplyDelete
  23. අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුවකින් ආවේ.. අලුත් පෝස්ට් ඉස්සරහට කියවමි. හැකිතාක් පරණ පෝස්ටුද කියවමි.. ජය !

    ReplyDelete
  24. වන්නියා බ්ලොග් ලියන එක නවත්තලාද?

    ReplyDelete
  25. වන්නියා බ්ලොග් ලියන එක නවත්තලාද? ගොඩ කාලෙකින් දැක්කේ නැහැ. දිගටම ලියනවනම් අපි ආසයි.

    ReplyDelete
  26. අද තමා මෙක කියෙව්වෙ.නියමයි.මගෙ අතීතය නම් හරිම පාලුයි.ඒත් ඒ අතීතයට මං හරිම කැමතියි.ස්වදෙශීය ඒක වගෙ තමා මතක.ස්තූතියි ඔබට.

    ReplyDelete
  27. මේ බ්ලොග් එක මම කලින් ඉඳල කියවනවා. මොකද යාළුවා දැන් ලියන්නේ නැත්තේ.

    ReplyDelete
  28. ආයෙ ලියන්න පටංගත්තොත් නරකද කුෂාන්.

    ReplyDelete