Friday, January 16, 2009

අකමැත්තෙන් වුවද…

WithHher

අකමැත්තෙන් වුවද අද මා ඇයට යන්නට දුනෙම් තනිවම…

ඒ අප ඊයේ පොරොන්දු වූ පරිදිය…

හවස හය හත වන තෙක් බස් නැවතුම්පලෙහි චාටර් අද නැත…

එය ඇයටද මටද පාඩුවකි…

කලින් යන්නට අදහස ගෙනාවේද ඇයයි…

ඒ… මට ඇය සමඟ බස්නැවතුමෙහි,

ඇයගේ බස් රථය එනතෙක් ඉන්නට වීම,

ම‍ට තරදරයක් යැයි ඇය සිතූ නිසාවෙනි…

මන්ද මම බසයෙහි යන කෙනෙක් නොවෙමි…

පයින් ගෙදර යන කෙනෙක්මි…

ඈ එසේ කලේ….

ඈ මට සැබෙවින්ම ආලය කරන නිසාම නොවේද?

දැන් ඇය තනිව යයි… මම පසුව යයි…

අප දෙදෙන යන්නේද දෙපැත්තකටය…

ගත මං දෙකක වූ නමුදු සිත එක මගකය…

දැන් ඇය තනිව යයි… ඇය කලින් යයි…

ඇයට මෙන් කලින් යාම‍ට මගේ කාර්යාලයේ ම‍ට අවසර නැත…

දැන් මම යන විට, බස් නැවතුමෙහි, මා වෙනුවෙන්,

බලා සිටින කෙනෙක් නැත…

බස් නැවතුමට දැන් යාමටද වුවමනා නැත…

මන්ද, මම නිවෙස බලා පයින් යන කෙනෙක් නිසාවෙනි…

මම එහි ගියේ ඇය නිසාවෙනි…

අද සිට මමද තනිව යමි…

ජංගම දුරකථනයේ රේඩියෝව මගේ පාළු මකනු ඇත…

කවදාහෝ ඇයත් සමඟ එක මග එකට යන්නට කල් යල් බලමි…

එදිනට මට බස් නැවතුම අවශ්‍යය නැත…

ඈ අත අල්වා ගෙන ම‍ට පයින්ම අපේ ගෙදර යා හැක…

ඒ දවස ලඟ ලඟම එනු ඇත…

ලඟ ලඟම… මේ ලඟ ලඟම…

6 comments:

  1. sha.........elakiri....macho....
    Mama Sandu Sachin- Matara

    ReplyDelete
  2. "කවදාහෝ ඇයත් සමඟ එක මග එකට යන්නට කල් යල් බලමි…

    එදිනට මට බස් නැවතුම අවශ්‍යය නැත…

    ඈ අත අල්වා ගෙන ම‍ට පයින්ම අපේ ගෙදර යා හැක…

    ඒ දවස ලඟ ලඟම එනු ඇත…

    ලඟ ලඟම… මේ ලඟ ලඟම…
    "

    එළ කිරි... නියමයි.. ලස්සනයි

    ReplyDelete
  3. අනේ හැකි ඉක්මනින් ඒ දවස පැමිණේවා.. මොකද ඇයත් තනියම යනවා ඇත්තේ කැමැත්තකින් නෙවෙයි

    ReplyDelete
  4. ඉක්මන් කරන්න...අයියා ඉක්මන් කරන්න...!

    ReplyDelete
  5. මලීගේ අදහසට මාත් එකඟයි.පොරොන්දුව ළඟදීම අවලංගු වෙනු නියතයි. සුභ පැතුම්.

    ReplyDelete