Monday, January 26, 2009

මම බූරුවෙකු (නො)වීමි

donkey

ඇය මට එසේ දුරකථනයෙන් අමතන කල්හි,

මම බූරුවෙකු වීමි…

ඒ මා වැරැද්දකි කර ඇති නිසාවෙනි…

තවද.,

මම බූරුවෙකු වීමි…

ඒ මා අවුරුදු පහකුත් තෙමසක් වැඩ කොටත්,

කීයක් වත් ඉතුරු කර නැත් නිසාවෙන්…

මම බූරුවෙකු වීමි…

ඒ මා දහස් ගණන් වියදම් කොට ඇතත්,

උපාධිය නිම නොකළ නිසාවෙනි…

මම බූරුවෙකු වීමි…

ඒ මා මාගේ දිවියේ හොඳම අවධිය,

කොම්පැණිය වෙනුවෙන් දියකළ නිසාවෙනි…

මම බූරුවෙකු වීමි…

ඒ මාගේ දෙමව්පියන්ගේ කීම නොඅසා,

උසස් පෙළ දෙවන වර නොකළ නිසාවෙනි…

මම බූරුවෙකු වීමි…

ඒ මා ඇය සමඟ නිතර නිතරම,

ඕන්නැති කෙහෙම්මලටත් පැටලෙන නිසාවෙනි…

මම බූරුවෙකු වීමි…

ඒ මා මෙකී නොකී ආකාරයෙන්,

නොයෙක් බූරු වැඩ කර ඇති නිසාවෙනි…

නමුදු, මම බූරුවෙකු නොවෙමි…

ඒ මා ඇයට හෘදය වසුතුවෙන්ම,

සහ එහි පතුළෙන්ම, ආලය කරන නිසාවෙනි…

මන්ද යත්,

අන් අයට කෙසේ වෙතත්, ඈ මට,

මිහි බට දෙවඟනක් වන නිසාවෙනි…

10 comments:

  1. එහෙනම් මම මී හරකා වෙන්න ඕනේ. නියම කවියක්! හික් හික්, අයිත් බුරු වැඩ කරන්න එපා ඔන්න?

    ReplyDelete
  2. දෙවගන ලග ඉන්නවා නම් බුරුවෙක් නෙවෙයි.. තඩි හිපකොටේමස් ‍කෙනෙක් හරි ඔටුවෙක් හරි වෙන්න වත් බය වෙන්න එපා..මොකද කාට මොකෙක් වුනාත් එයාට ඔයා හැමෝටම වඩා වටින නිසා....!

    ReplyDelete
  3. හෘදය වස්තුවෙන්ම,
    සහ එහි පතුළෙන්ම, ආලය කරනව නම් ඔයා බූරු රජෙක්.

    ReplyDelete
  4. බින්කු-- ඒක තමයි...
    මලී-- කතාව ඇත්ත
    හිරු-- ඒකත් ඇත්ත

    ReplyDelete
  5. කරන දේ හරියට කල යුතුයි ආදරේට වුනත් ඒක අදාලයි... මම හිතන්නේ කුශාන්ට මට වගේම අපි හුඟදෙනෙක්ට මේක අදාලයි... එල... සපිරිස්ති...

    ReplyDelete
  6. "...අනේ මාමේ ගහන්න එපා. . .අනේ නැන්දේ ගහන්න එපා. . .අනේ ආච්චියේ ගහන්න එපා. . ."

    ReplyDelete
  7. මචෝ උඹේ බ්ලෝග සහමුලින්ම කියෙව්වා අද, ලෙඩ වෙලා ඇඳට වෙලා කොරන්න දෙයක් නැතිව කම්මැලිකමේ ඉන්න ගමන්. හරිම විවෘර්ත මනසකින් ලියපු බවක් තේරුණා. හුගක් සිංහල බ්ලොග් වලට වඩා ආත්මීය බවක් තියෙනවා. හරියට මම දන්නා සමහර පින්තූර දිහා බලන් ඉන්නකොට දැනෙනවා වගේ. හුඟ කාලෙකට වතාවක් ලිව්වත් ලියන එක නවත්වන්නේ නැති වෙයි කියල හිතනවා..

    ReplyDelete
  8. @සචිර-- මං ඒත් බැලුවා කවුද‍ මේ පරණ ලියුම් පෙට්ටියේ කරක් ගහලා තියෙන්නේ කියලා. හිතුවත් ව‍ගේ කැන්ගරුවෙක්නේ ;-)
    කාලයක් කෝඩයක් ගහලා තිබ්බා. ජොබ් එකට හෙම කෙල වෙලා. ඒ කාලේ ලිව්වේ නෑ බං. දැන් ආපහු ලියනවා.
    මේ එක නෙමෙයි. අපේ එකියක් ඔහේ එනවා. හොඳට බලා කියා ගන්න ඕන හොඳේ....

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මම ඉන්න කාලෙක, ළඟ පාතකට අවොත් ඉතින් බැරියැ. :) බටහිර වෙරළට අවොත් නම් මට වඩා ලංකාවට ලඟයි :)

    ReplyDelete