සාර්ථකත්වය... මේ ලෝකෙ ඉන්න ඕනම මනුස්සයෙක් තමන්ට ලං කරගන්න කැමති දෙයක්. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියලා කතාවකුත් තියෙනවනේ. ඒත් මගේ පිටිපස්සේ ගැහැණු තුන් දෙනෙක්ම ඉඳලත් මම හිතන්නේ මට තාම බැරි වුනා කියලා ඒ සාර්ථකත්වය මට ළං කරගන්න. අම්මයි, නංගියි, මගේ ජ්වලිත දෙව්දුවයි හැම ති ස්සෙම මගේ ලඟ... ඒත් තාම මම සාර්ථක මනුස්සයෙක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ... ඒක ඒගොල්ලොන්ගේ වැරැද්දක් නෙමෙයි... මගේ අදහස ඒක මගේ වැරැද්ක්... තාත්තා දාපු ෆවුන්ඩේෂන් එක උඩ මගේ ජීවිතේ කියන ගේ හරියට යදා ගන්න මට තාම බැරි වුනා වගේ... තාත්තා දිව්‍යලෝකේ ඉඳන් මට බනිනවද දන්නෙත් නෑ... ජීවිතේ හරියට හදා ගන්න නෙමෙයි, හිතට එන මේ වගේ විකාර වගේ පේන ඒත් එහෙමම නොවෙන අදහස් සිංහල යුනිකෝඩ් අකුරු බවට පත් කරවන්නයි මේ උත්සහය... “සිතැඟි”... මේක මේන් කියල පිළිගන්නවන්න නම් මට වෙන කවුරුත් නෑ, මගේ පිටිපස්සේ හැමතිස්සේම ඉන්නවයි කියපු ගැහැණු තුන් දෙනා ඇරෙන්න... ඉතින් හා පුරා කියලා මගේ තුන් වැනි බ්ලොග් එක ඕන් එහෙනං “අම්මටයි”, “නංගිටයි”, “එයාටයි”...
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
1 month ago
මම අදනේ මේක දැක්කේ.. අද කිව්වේ මේ දැන් ලියාගෙන යන්න...!
ReplyDeleteඅහලා නැද්ද සාර්ථක මනුස්සයෙන් පිටිපස්සේ එක ගැහැණියකුත්
ReplyDeleteඅසාර්ථක මනුස්සයෙක් පිටිපස්සේ ගැණු දෙන්නෙකුත් ඉන්නවා කියලා.
ඒකද දන්නේ නෑ කේස් එක.
(විහිළුවක්)
මචෝ බදුල්ලට කවද්ද මුහුද අරන් ආවේ.ඉස්සර නං තනිකර දූවිල්ල විතරනේ තිබ්බේ
අමල් -- ඒක සිතැඟි හෙවත් සිත නැඟි මුහුදක් විතරයි... මෙහේ ටවුම මැද්දේ දූවිල්ල තිබ්බා ඉස්සර ටෙලිකොම් වයර් දාන්න පැර කපපු දවස් වල... ඒ දවස් වල මෙහේ ආපු ගොඩක් අය හිතුවේ බදුල්ල එකම දූවිලි ගොඩක් කියලා... මේක ඇත්තටම හරිම ලස්සන නගරයක්... ට්‍රැෆික් නෑ... සද්ද බද්ද නෑ... වැඩිය සෙනග නෑ...
ReplyDeleteඔබ අහලා තියෙන වද මෙහෙම කතාවක්...
මුහුදු ගියෝ ආවෝ... බදුලු ගියෝ නාවෝ... කියලා...
දවසක එන්න... අපි බදුල්ලේ ලස්සන තැන් ගොඩක් බලමු...