Wednesday, September 15, 2010

අස්සයා සමග වාසේ, ඇංජිම සීසන් කිරීම සහ අතුරුදහන් වීම

ආයිබොවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප?

බොහෝම අමාරුවෙන් වෙලාවක් හොයාගත්තා (අ)වැදගත් දෙයක් හරි ලියන්න ඕන කියලා. දුකා දුමියා එහෙම මේ පැත්තේ ඇවිත් කොල්ලගේ දුක සැප බැළුවා. පොරවල්ලා හිතං හිටියේ මං කලින් පෝස්ට් එකෙන් පස්සේ අම්බානක කාලා හොස්පිටතාලේ කියලා :)

අද කතා තුනක් කියන්න තියෙනවා. ඇංජිම සීසන් කිරීම, අස්සයා සමග වාසේ සහ අතුරුදහන්වීම තමයි කතා තුන.



පළවෙනි කතාව හෙවත් ඇංජිම සීසන් කිරීම

බයික් එකකට උණු උණුවේ මෝලක් (අංජිමක්) තියපුවම හෝ පාර්ට්ස් රීප්ලේස් කරාම කරන්න ඕන ප්‍රධානම දෙයක් තමයි මෝල එහෙම නැත්නම් ඇංජිම සීසන් කිරීම.

 පට්ට මින්ටෙක්. සුපිරි RFVC එන්ජින් එකක්.

උණු උණුවේ මින්‍ට් එන්ජිම හයි කරාම පිස්ටන් එක උඩ පහල යන එක සිද්ද වෙන්නේ සාමාන්‍යවිදිහට වඩා ටිකක් වෙනස් විදිහකට. ඒකියන්නේ ඔය යකඩ ගොඩ අස්සේ පිස්ටන් එක උඩ පහල යන්නේ ටිකක් තදින් ඇතිල්ලි ඇතිල්ලී. එතකොට එන්ජිමේ රත්වීම සාප්ක්ෂව ටිකක් වැඩියි. එතකොට පිස්ටන් එක ප්‍රසාරණය වෙලා හිරවෙන්න බලනවා.

 පිස්ටන් එක ඇතුලු ක්සටිය

ඒ නිසා බයික් එකේ යනකොට ටිකක් යනවා, නවත්තනවා, ටිකක් යනවා නවත්තතනවා ආකාරයට තමයි යන්න ඕන. එන්ජිම කඩින් කඩ නිවෙන්න දෙන්න ඕන. හිරවෙන්න දෙන්න හොඳම නෑ. වැරදිලා හරි හිරවුනොත් ඒකට කියන්නේ එන්ජිම සීස් වුනා :( කියලා. එතකොට සිද්ද වෙන්නේ ඔළුවේ අතගහගන්න සහ තව රුපියල් හතලිස් දාහක් වත් හොයගන්න, ඉතුරු වැඩටිකට. හැබැයි පළවෙනි කිලෝමීටර් දාහා එක්දාස් පන්සීය වගේ ලස්සනට පරිස්සමට දුවා ගත්තෝත් එන්ජිම ගොඩ. ඊට පස්සේ එනජිම පොඩ්ඩක් ගලවලා ඇතුලේ ගැජමැටික්ස් ටික ගානට අජස්ට් කාරානම්, ආයේ කිසිම කරදරයක් නැතුව කාලාන්තරයක් දුවන්න පුළුවන්.

ඔය ඉන්දියන් බයික් ලංකාවට එන්නේ නිශ්පාදකයා විසින්ම සීසන් කරාට පස්සෙයි. නැත්තං ගත්ත ගමං පදින්න බෑ. හැබැයි සමහරක් ජපන් බයික් එහෙම නෑ. අළුත් කියන්නේ පට්ට අළුත්. අනිවා සීසන් කරන්න ඕන. ඒකියන්නේ පලවෙනි කිලෝමීටර් දාහාවත් පන්නනකං කොහේ හරි යන්න ඕන නවත්ත නවත්ත. මේක ට්‍රිප් යන්න මරු කාලයක්. ටික දුරක් ආතල් එකේ හෙමීට ගිහින් නවත්තනවා. ඇංජිම කූල් වෙනකං ලඟ කඩේ කින් ප්ලේන්ටියක් ගහනවා. විනාඩි දහයක‍ට විතර පස්සේ නැවත ගමන. ඔෆිස් යන්න, වෙන වැඩ එහෙම නැත්තං මේ ක පට්ට ආතල් වැඩක්.

මට ඔය කතාව කියන්න හිතුනේ මේ දවස් වල මමත් ඔය වගේ වැඩක් කරන නිසා. ඒක අයිති ඉතුරු කතාවට.

දෙවෙනි කතාව හෙවත් අස්සයා සමග වාසේ.

දැන් මං පෙන්නන්න යන්නේ මගේ අළුත් සගයා. හොන්ඩා එක්ස් එල් ආර් බාජා 250CC අස්සයා ගැන. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අස්සයෙක්. හැබැයි උසයි. මගේ පපුව ගානටම උසයි. ඩබල් හෙඩ් ලයිට්. නෝ බැටරි ඒ කියන්නේ මැගින්ටෝ කරන්ට් එක. ලෙඩ නෑ. මේන්ටේනනස් ලේසියි. දුක් දෙන්නේ නෑ. යන්න තමයි තියෙන්නේ. ගියාට පස්සේ තමයි බයික් එක අපෙන් අහන්නේ අපි කොහෝහරි ආවද කියලා. ඒතරං පට්ට ටුවරිං බයික් එකක් බාජා එක කියන්නේ. සුද්දෝ සෑහෙන්න ආසාවෙන් තියන් ඉන්න බයික් එකක් තමයි හොන්ඩා බාජා එක. සමහරක් පිටරැටියෝ හිතන් ඉන්න විදිහටම මෙහෙම කතාවක් තියෙනවා. පිරිමියෙක් නං ඩ්‍රයිව් කරන්න ටොයෝටා හයිලක්ස් එකකුයි, රයිඩි කරන්න හොන්ඩා එක්ස් එල් ආර හෝ එක්ස් ආර් එකකුයි, හුරතල් කරන්න ජර්මන් ෂෙපර්ඩ් බලු නාම්බෙකුයි ඉන්න ඕනලු. ඒවා අපේ රටට ගැලපෙන්නේ නැති වුනාට කතාවේනං රසයක් තියෙනවා. මේ ඉන්නේ මගේ අස්සයා.

අස්සයාගේ ඉස්සරහා පැත්ත

අස්සයාගේ වම් පැත්ත

අස්සයාගේ පස්ස පැත්ත ;-)

අස්සයාගේ දිලිසෙන ඇස් දෙක.

මෙයත් මින්ටෙක්. ඊයේ පෙරේදා තමයි මං ලඟට ආවේ. තාම කිලෝමීටඒ 453. ඒකියන්නේ සීසන් එකේ තියෙන්නේ. විශෙෂත්වයක් තමයි මේකේ තියෙන RFVC එන්ජිම.


ඒකියනේ Radial Four Valve Combusion Chamber. තවත් විදිහකින් කියනවනම් කෙලින් නෙමෙයි රවුමට ඇලේට තියෙන වෑල්ව් හතරකින් මේක සමන්විතයි. මෙන්න මේ විදිහට.


ඉතිං කියන්න තියෙන්නේ මේ ක දුවන්නම හදපු එන්ජිමක්. විශේෂයෙන් ඕෆ් රෝඩ්. එන්ජින් රෙප්‍යාරිං එහෙම සෑහෙන්න අඩුයි. ලෙඩ නෑ. වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරානං බබාවගේ කාලාන්තරයක් දුවනවා.

අනික මේ බාජා බයික් වල තියෙන විශේෂම ලක්ෂනේ තමයි අයිතිකාරයාට සෑහෙන්න හිතවත් වීම. හොඳටම සෙට් වුනොත් මූ කතාත් කරනවා අපිත් එක්ක. අනික් එක බැටරි නැති මැගින්ටෝ කරන්ට් පවර්ඩ් කික් මොඩ්ල් එක නිසා, අයිති කාරයට විතරයි බොහෝවෙලාවට කික් කරන්නත් පුළුවන් වෙන්නේ. මොකද එයා තමයි කම්ප්‍රෙෂර් ලෙවල් එක දන්නේ. එතෙන්දිම තේරෙනවා මූ අයිතිකාරයාව අඳුරනවා කියලා.

මේ දවස් වල මගේ වැඩේ ඉතිං අස්සයාව සීසන් කරන එක තමයි. එක එක තැන් වල යනවා. කොලඹ ඉඳන් රෑ 10ට පිටත් වෙලා උදේ 5 වෙනකං හෙමීමීමීමීට බදුල්ලට ආවා. එන්ජිම කූල් කර කර. දැන් අහල පහල ලස්සන තැන් වලට අස්සයා පිටේ යනවා. ඉතින් මේ වගේ වෙලාවට බ්ලොගීට සහ මයේ එක් කුස උපන් නංගීට හරි හරියට කරදර විඳින්න සිදුවෙනවා. ඇයි ඉතින් තනියෙන් සීසන් කරන්න යන්න කම්මැලි කමට ඒ දෙන්නාගෙන් කවුරු හරි ඇදන් යන්න එපැයි. හැබැයි බ්ලොගී නං අස්සයා පිටේ යන්න බයයි උස වැඩි නිසා. හැබැයි මගේ නංගි පොඩ්ඩ නං අවුලක් නැතුව පහුගිය දවසක කිලෝ මීටර් 80ක විතර ට්‍රිප් එකක් ‍අස්සයා පිටේ ගියා.

අපි රාවණා ඇල්ලේ ගියා. පොඩියට ෆන් එකක් අරගෙන ආවා. බ්ලොගීට නිවාඩු නැති නිසා එයාට එන්න වුනේ නෑ.
මේ ඉන්නේ අයියයි, නංගියි.

රාවණාඇල්ල බලන්න ආපු සුදු අයියා කෙනෙකුයි
ආපු අයගේ දුක සැප බලන්න ආපු, රාවණා ඇල්ල රක්ෂිතයේ අයිතිකාර රිලා මොටෙකුයිත්  පසුබිමේ.


රාවනා ඇල්ල සහ රාවණා ගුහාව අපේ දෙසක් රියේ චාරිකා ලිස්ට් එකේ ඉදිරියේදී තියෙනවා. ඒ ට්‍රිප් එකේදී වැඩි දුර විස්තර කියන්නම්.

තුන්වැනිකතාව හෙවත් අතුරුදහන්වීම

මේ ක සැබෑම අතුරුදහන් වීමක් වගේ. ෆෝන් එකට සිග්නල් තිබ්බ‍ට කොම්පීටරේට ඉන්ටර්නෙට් නෑ. 3G ඒ පළාතෙවත් නෑ. කිසිම 3G නෙට්වර්ක් එකක් නෑ.  මහා කැලයක් මැදදේ ටික කාලයක් මට ඉන්න වෙනවා. මේක හැබැයි ඔෆීෂියල් අතුරුදහන් වීමක්. අලි, මොණරු, ගෝන්නු, දිවියෝ, හාවෝ, වල් ඌරෝ, නයි ,පොළොංගු, කුරුල්ලෝ වගේ කොටින්ම කියනවනං ස්වභාවධර්මය මැද්දේ තමයි ඉන්න තියෙන්නේ. ආරක්ෂාව අතිං උපරිමයි. (පොඩි ක්ලූ එකක්. පුළුවන් නං හිතා ගන්න) හැබැයි ස්වභාවධර්මය විඳින්න අවස්ථාවක් නැති වේවි. හැබැයි මම උත්සහ නොකර ඉන්නෙත් නෑ. ‍වෙලාවක් තියෙයිද කියන එක තමයි ප්‍රශ්ණේ. හේතුව මේක ඔෆීෂියල් වැඩක්. ඉන්ටර්නෙට් නම් සතියෙන් දෙනවා කිව්වා සංවාද කොම්පැණිය. එයාලගේ වයිමැක්ස් ලයින් එකක්. ඒත් හරියටම ෂූවර් නෑ. එහෙම වනොත් කස්ටියට ප්‍රථිචාර දක්වන්න වෙන්නේ වැඩේ ඉවර වෙලා ආවට පස්සේ. බ්ලොගී නං කැමති නෑ මං යනවට . ඒත් ඔෆීෂියල් වැඩක් නෙව, යන්නම වෙනවා. වැඩි විස්තර පස්සේ කියන්නං. එහෙනං ටටා කිව්වා හො‍ඳේ. හෙට උදේ 6ට මං අස්සයා පිටේ යනවා.

ටටා......

24 comments:

  1. මං බයික් එක දැකල ඇතුලට එනකොට මොකක් හරි බර වැඩක් කියල හිතුන,..මං ගෙස් කලා බ්ලොග් එක ලියනව ඇති කියල..ආපු ගමන් චෙක් කොලා..මෙන්න බොලේ අස්සයා ගැන දාලා..එක හුස්මට දෙපාරක් විතර කියෙව්වා..අපිට තව ටෙක්නිකල් විස්තර ඕනි..

    අයියට සුභ ම සුභ ගමන්...මනුස්ස වර්ගයා නැති සත්තු ඉන්න කැලයක් නං ඒක ආරක්සාව අතින් උපරිමයි කියන එක මාත් සනාථ කරනවා.

    ඒ වගේම අර මැගින්ටො වෙලාවකට සිකියුරිටි සිස්ටම් එකක් වගේ..මොකො දන්නවද මටත් බැරි වුනා මේක කික් කරගන්න,අන්තිමට කුශාන් අයියට බ්ලොග් ලිවිල්ල පැත්තටකට දාලා එන්න වුනා මට ස්ටාට් කරල දෙන්න,,බොරු කියන්නෙ මොකොටද හැබැයි මට නං අස්සය හරියට control කරගන්න අමාරුයි.ඒ තරම් ජවයක් තියෙන්නෙ..පට්ට...

    ජය වේවා......

    ReplyDelete
  2. දැං රෑ උනා වැඩියි හෙට කියෝලා කමෙන්ට් කරන්න ඕනෑ!

    ReplyDelete
  3. හරිම ඉන්ටරෙස්ටින්ග් නෝට්ස් බන් මෙව්වා...
    ආසාවේ බෑ කියවන් යන්න... Tech වැඩයි, කලාත්මක වැඩයි, දේශාටන සටහනුයි, නියමයි නේ...?

    මට අර රිලා මොටා කොයි එකාද කියලා හරියට අඳුනා ගන්න බැරි වුනානේ බන්...!

    ReplyDelete
  4. සිරාවට.. මොකාද දැන් රිලවා?

    ReplyDelete
  5. ඉගිලලෙන්න උඩින් යන්න මරු බඩුවක්නේ...

    ReplyDelete
  6. සුපිරි වාර්ථාව..! රාවණා ගුහාවයි ඇල්ලයි ගැන පොඩ්ඩක් තව විස්තර ඉදිරි පෝස්ට් එකකින් දාපන් මසං..! මේව කියවන්න ආසයි..!
    සුභ සහ ජය..!

    ReplyDelete
  7. බාජා? මගේ එකම හීනය. මෙක හැමදාම මාව පිස්සු වට්ටපු වට්ටන බයික් එක. ඕක ගැනනම් කියන්න දෙයක් නෑ. උපරිමයි පට්ටම පට්ට. මචං එන්ජිමක් හරියට සීසන් වෙන්න 3000ක් 5000 ක් අතර යන්න ඕන කියලයි මම අහල තියෙන්නේ. එත් 1000-1500 වැඩියෙන් පරෙස්සම් වෙන්න ඕන.
    ගමන සාර්ථකවේවා. ඉන්ටර්නෙට් ඉක්මනට ලැබේවා.
    ජයවේවා!!!!!

    ReplyDelete
  8. අද නම් මට ටිකක් ටෙක්නිකල් වැඩියි වගේ. අවුලක් නැහැ අලුත් බයික් එකක් සහ ඔෆීෂියල් ගමනක් යනවා කියලයි තේරුණා :)

    ReplyDelete
  9. නියම පෝස්ට් එක..
    කම්මැලි නැතිව කියෙව්වා, හැමදාමත් වගේ..
    :)
    සුභ ගමන්..!

    ReplyDelete
  10. දැන්නම් උඹ අතුරුදහන් වෙලත් ඇති... ගමන ගියාට පස්සේ අස්සයා ඇහුවේ නැද්ද කොහේ හරි ආවද කියලා .... එහෙනම් සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටයි... ආරස්සාවයි කිව්වා ඕං...

    ReplyDelete
  11. මුල් හරිය ගැන නම් මට ව‍ගේ වගක් නෑ.. ඒ කිව්වේ මෙලෝ මගුලක් තේරුනේ නෑ.. හැබැයි බදුල්ල වගේ පැත්තක නතර වෙවී ට්‍රිප් යනවා කියද්දි නම් ඊරිසියත් හිතුනා.. අපි ඉතිං කවදා ඔහොම චාන්ස් ලබන්නද මන්දා..
    දැන් අර යනවා කිව්ව දිහාවේ ගිහින් වෙන්ටැ.. පාසමෙන් යන්න..! හොදින් ඉන්න...!

    ReplyDelete
  12. කොර බයික් එකක් ඇහ්!
    සුබ ගමන්.. ගිහින් ඇවිත් විස්තර ලියන්න..

    ReplyDelete
  13. තැන්කූ වේවා මෝටර් මිකෑනික් පාඩමට. මචං ඔය බයික් එකේ මෙමරි කොච්චරද ? ස්පීඩ් එක කීයද මෙගා හර්ට්ස් වලින් ?

    හැබැයි උඹ අළුතෙන් හාලේ එකක් ගන්න ගාන කුඩු කරල තියෙනවා වගේ මේකට. කමක් නෑ ඉතින් හම්ම්බ කරන සල්ලි වියදම් කරන්නත් එපැයි !! හිහ් හිහ් . . .

    මචෝ අර රාවණා ඇල්ල ගාව කණ්ඩියේ ඉන්නෙ කවුද එතකොට ?

    උඹ දඹානෙට වත් යනවද ? හැබැයි දඹානෙ නම් ඔය ඕන කනෙක්ශන් එකක් වැඩ. නැතිනම් වැද්දො පෝන් බලන්නෙ කොහොමද ?

    ReplyDelete
  14. උඹේ දේශාටන සටහන් එළ කිරි ලොක්කා. මේ යන ගමනත් ඒ වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජෙල තමයි දැක්කම කොන්ක්‍රීට් වනාන්තරේ හිර වුණු අපට.

    සුභ ගමන්.

    ReplyDelete
  15. එළකිරි අස්ස පතයක්නෙ..

    මොනා උනත් අර ඇංජිමක් ගලවපු පින්තූරු ටිකක් තියෙන්නෙ.. මොකෝ අස්පයා ගත්ත ගමන් බේයියං පොවන්න උනාවත්ද?

    ReplyDelete
  16. "සමහරක් පිටරැටියෝ හිතන් ඉන්න විදිහටම මෙහෙම කතාවක් තියෙනවා. පිරිමියෙක් නං ඩ්‍රයිව් කරන්න ටොයෝටා හයිලක්ස් එකකුයි, රයිඩි කරන්න හොන්ඩා එක්ස් එල් ආර හෝ එක්ස් ආර් එකකුයි, හුරතල් කරන්න ජර්මන් ෂෙපර්ඩ් බලු නාම්බෙකුයි ඉන්න ඕනලු." - I think its SL made story. I haven't seen any white guy driving Hilux or riding Honda XLR. Both of them are not in US...

    ReplyDelete
  17. අස්සයා පිට නගින්න බ්ලොගීටනං ඉනිමඟක් ඕන වෙයි. ඇංජිම සීසන් කිරීම නං මෙලෝ දෙයක් තේරුනේ නැත. අතුරුදං වීම ගැන නම් විස්තර දැනගත්තා. බෝලේ ලස්සනට පාස් වෙලා ආවෙ නැද්ද?

    අවුලක් නෑ බොලාට පෝස්ට් කන්දක් ලියන්න දේවල් එකදු පහදු කරගත්තෑකි. සුභ අතුරුදං වීමක් වේවා.

    ReplyDelete
  18. සුභ ගමන් ඒ විස්තරත් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  19. හපොයි.... ඕන්න අදයි කැලෙන් එලියට ආවේ ජාලේ ‍හොයන්... සමාවෙන්න ඕන පමාවට...

    @සු෴--
    ටැංකියු වේවා... :)

    @පැන්da--
    බො‍ලානේ ඉතිං ඉස්සෙල්ලාම හාලියත් පැද්දේ... හික් හික්...
    කැලේ මිනිස්සුනං ඕන තරං... එයාලා කැලේ ඉන්නෙත් ඔෆීෂියලි තමා...

    @බුද්ධි--
    ඒයි නැගිටපං. දැං උදේ වෙලා... ;)

    @තිස්සයියා--
    අපේ අම්මත් ඕකමයි බං ඇහැව්වේ. කොයි එකාද රිලා මොටා කියලා...

    @වැම්පයර්--
    අර කොට කලිසමක් ඇඳන් ඉන්නේ.. මං හිතන්නේ ඌ වෙන්න ඇති.

    @Jeew--
    ඔව් බං. මූට කඳු පේන්න බෑ. ;)

    @LishWish--
    අනිවා රාවණා ගුහාවයි ඇල්ලයි ගැන කියන්න දේවල් සෑහෙන්න තියෙනවා. ජය වේ....

    @priyantha.ඒබී--
    මං දන්නවා බොලා බාජා තඩියකට නොසෑහෙන්න මනාප බව.
    හරිනං 3000ක් වත් යන්න ඕන. ඒත් පොතේ නැති පොඩි ට්‍රික්ස් තියෙනවා කිහිපයක්. ඒවෑයින් දෙක තුනක් දැම්මම 1500න් වගේ ගොඩ ගියෑකි. ඒවා රහස්.... :0

    @SACHIRA--
    හැබෑව හැබෑව... වැඩි දෙනෙක්ට ඒ වගේ තමා... අනිවා අනිවා....

    @Ansh Lucky Sri Jay--
    ටැංකියු වේවා....

    @පුතේ--
    ඔව් බං පුතේ. දැන් තමා කැලෙන් එලියට ආවේ ජාලේ හොයාන... බොහෝම ස්තූතියි.

    @මලීයෝ...
    ටෙක්නිකල් නොතේරුණාට ඔයාට තේරිලා තියෙනවා පොඩි පොයින්ට් එකක්. ටිකක් සීතල පලාත් එන්ජීම සීසන් කරන්න මරු. එන්ජිම වැඩිය රත් වෙන්නේ නෑනේ...
    පාසමෙන් ගිහින් ආවා. ටැංකියු...

    @ඉනා--
    ගිහිල්ලා නං ආවා. තව ටික දොහකිං ලියන්නං.

    @දුමී--
    වෙල්කම් වේවා. මෙමරි නෑ. බැටරි නෑනේ බං...
    ඒකනේ බං. දැන් වියදං කරපු එකක් තමා. බැන්දම ඕවා පුළුවනෑ...
    අඩේ වැදදොන් ගෙත් "පෝන්" ඉන්නවද? උඹත් නොගියපු දිහාවක් නෑ නේද?

    @Sujeewa Kokawala--
    ආ... අළුත් මිත්‍රයා... ජය වේවා...

    @කැළණිතිස්ස--
    නෑ නෑ ඒ මේ අස්සයගේ එන්ජිමම නෙමෙයි. මේවැයේ වෙන එකක්. ;)

    @Bassa--
    Thank you very much for the somment. Actually I saw that kind of a thing on youtube as a comment for XLR video. Just now I tried to find it out, but failed :( Anyway it may be an other place, not in US.
    Thanks again... :)

    @Naදී--
    ඔව් බං. මවු කොම්පැණියෙන්ම පෙරළුළණු බෝලේ නේ බං.
    අනිවා කතා ගොඩක් පොදි බැඳගෙන මිස එන්නෑ ඕන්...

    @නුවන්.---
    අනිවා ලඟදීම....

    ReplyDelete
  20. දැන් බ්ලොගී ඕකට නගින මිටි බංකුව කොහෙද බන් එල්ලන් යන්නේ :-D

    ReplyDelete
  21. @ම--
    ඒ බංකුවට කියන්නේ "මගේ කර" කියලා... හික් හික්...

    ReplyDelete
  22. මරු ඔහොම සීසන් කරා නම් කරා වගේ ති‍යෙයි.

    ReplyDelete