Sunday, August 29, 2010

පාස්වර්ඩ් වැරදුනත් ජී මේල් ලොග් වෙමු! හික්z... #$%&@

ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප?

පෝස්ට් ටයිටල් එක කියෙව්වා නේද? කට්ටිය හිතුවද දන්නෑ, මමත් ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක්වත් ලියන්න හදනවද කියලා Skype emoticons-12-wondering

අපොයි නෑ... මේ දවස් ටිකේ වස කම්මැලියි. කොහේවත් යන්න වුනෙත් නෑ, ඒ නිසා පට්ට කම්මැලි කමේ වැඩටත් ආවේ. Skype emoticons-13-sleepy ඉන්නම බැරි තැන මම හිතුවා පෝස්ට් එකක් වත් ලියන්න ඕන කියලා. ඒත් ලියන්න දෙයක් නෑ. මුකුත් නොලියත් බෑ. ඒ නිසා අද උදේ මට වෙච්ච සීන් එකක් කට්ටියට කියන්න හිතුවා. මේක කියෝලා කට්ටියට මල පැනලා මට ගහයිද දන්නෙත් නෑ...

Thursday, August 12, 2010

හුටා... පඹයා මොඩ් වෙලා ;)

ආයුබෝවන් කිව්වා කස්ටියටම. කොහොමද සැප? සනීප?

ටික දවසක් බ්ලොග් කියව කියව විතරක් හිටපු හන්දා ඔන්න් අද ලෑස්තිය මොනාහරි ලියන්න. ලියන්න දෙයක් නැතිව ඉන්දැද්දී බ්ලොගීයි මායි කතා වෙච්ච වෙලාවක එයා කිව්වේ පරණ කතා ටිකක් ලියමු කියලායි. ඇත්ත තමා මෙච්චර කාලයක් බ්ලොග් එක ලියලත් එක පරණ කතාවක් වත් ලියලා නෑ. ඔක්කොම එදිනෙදා සිදුවීම්. ඒ නිසා අද බ්ලොග් එකට “පරණ සීන්” කියලා කාණ්ඩෙකුත් එකතුවෙන පරණ සීන් එකක් ලියන්නයි යන්නේ.

Monday, July 26, 2010

‍දෙසක් රියේ චාරිකාව - 2

ආයුබෝවන් කිව්වා කට්ටියටම. කොහොමද සැප? සනීප?

අද තවත් පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ. කට්ටියටම මතක ඇති පහුගිය වතාවේ, ඒකියන්නේ අපේ දෙසක් රියේ චාරිකාවේ 1 වැනි ගමනේ අපි ගිය දිහාව. අපි ගියේ ටවර්ස් බලන්නනේ. ඒකියන්නෙ බණ්ඩාරවෙලට උඩින් නායබැද්ද කන්ද මුදුනේ. එතන තමයි අයිටීඑන්, ස්වර්ණවාහිනී, ගුවන්විදුලි සංස්ථා වාගේම තවත් සම්ප්‍රේෂණ කුළුනු කිහිපයක්ම තිබ්බේ. අපේ ගමනේ අත්දැකීම්, බ්ලොග් එක හරහා ඔයාලත් බෙදාගත් වග ලැබුන ප්‍රථිචාර වලින්ම අපිට තේරුණා. බ්ලොග් පිටුව ඇතුලේදී වුනත් මලීට ඉන්දරේ‍ට පිස්සට ආදී කට්ටියටම  නායබැද්ද කන්ද මුදුනේ සීතල දැනිලා තිබුනා. :)

Friday, July 16, 2010

මගේ ආදරණීය හාලි ඉපදුනු හැටි

ආයිබෝවං කිව්වා කට්‍ටියට. මතකනේ මම කිව්වා මට තියෙන පොඩි (ලොකු) සනීපවෙන්නෙ නැති උණක් ගැන. ඔය බයික් මොඩිෆිකේෂන් උණ හැදිච්ච කාටත් ලේසියෙන් සනීප වෙන්නේ නෑ. මම දන්න කිහිප දෙනෙක්ම ඉන්නවා ඔය ලෙඩෙන් සැප :O විඳින ;)

කිව්වත් වගේ මට ඉස්සෙල්ලාම හැදුනේ හාලි උණ නේ. ඉතින් හාලි ටයිප් එකකින් ම ගමන ආරම්භ කරන්න හිතුවා. හාලි වල දිග චැසිය, ලොකු හෙඩ් ලයිට්, කොට හැන්ඩ්ල්, දිලිසෙන රිම්, සුපිරි හඬ මාව පිස්සු වැට්ටුවා. ඒ අනුව තමයි මගේ ම කියලා හාලියෙක්ව උපද්දවන්න තීරණය ක‍රේ.

Wednesday, July 7, 2010

අරුණ අයියා, දැන් උඹට සන්තෝසද?

මල්ලී, මෙහෙ එනවකෝ?

ඇයි බං?

පොඩි වැඩක් කරමුද?

මොකද්ද?

ෆ්ලෑෂ් වලින් එකම පැටර්න් එකට ඔබ්ජෙක්ට් ගොඩක් ඇනිමේට් කරාම බර වැඩි වෙයිද?

නෑ. එහෙම නෑ. මූවි ක්ලිප් එකක් ක්‍රියේට් කරලා ඩුප්ලිකේට් කරපං. එතකොට හරි.

එහෙනං පොඩි ගේමක් දෙමු.

මොකද්ක කියපංකෝ.

Sunday, June 27, 2010

දෙවියනි! මේ උණ නම් සනීප වෙන්න එපා...

හැමදාම හොඳ සනීපෙන් ඉන්නනේ කවුරුත් කැමති. මාත් එහෙමයි. එත් ‍මේ දැනට අවුරුද්දකට හමාරකට කලින් මට හැදිච්ච පොඩි උණක්, වැරදිලාවත් සනීප වෙයි කියල මං මේ පට්ට බයේ ඉන්නේ. අවුරුද් විසිගානක් තිස්සේ බලං ඉඳලා හදාගත්ත උණ නොවැ. දැන් නං මං කොහොමටවත් කැමති නෑ ඒ උණ සනීප වෙනවට.

මෙන්න ඒ උණේ කතාව...

Saturday, June 12, 2010

බ්ලොග් බ්ලොග් බ්ලොග්... එනවා එනවා... මග එනවා...



ඩබ් ලබ්... ලබ් ඩබ්... බ්ලොග් බ්ලොග් බ්ලොග්.... එනවා එනවා.... අපහු එනවා.... ම‍ග එනවා... මේ ලඟ එනවා...
බ්ලොගියයි පැංචියි දෙන්නම ලියද්දි මටත් නිකං ඉන්න බෑ වගේ...
එනවා එනවා... අනිවා එනවා... ලඟ එනවා.... බලං ඉද්දි එනවා... මේ එනවා...
පරණ සෙට් එක නැද්ද දන්නෙත් නෑ... මාව මතකද දන්නෙත් නෑ...
අර බදුල්ලේ... අර කොම්පැණිය වැහුවේ... අර ජාල කඩයක් දැම්මේ... අර අළුත් කොම්පැණියකට ගියේ...
අර නැන්දම්මයි අම්මයි කැමති වුනේ... අර පැංචිලගේ ඔපිස් එකේ... බ්ලොගීගෙ හබී... අර ටවර් බලන්න ගියේ...
ආං ඒ මං තමයි... හත්වලාමයි කට්ටියට අමතකද කොහෙද...
සින්ඩියෙන් එලවලාවත්ද දන්නෑ... කමක් නෑ අනේ මේ එනවා... කාලිංග අයියේ මේ එනවා...
මාස හයකට පස්සේ මේ එනවා... හිටු කියලා එනවා... පෙනි පෙනී එනවා...
ඕන් ආවා.... ආවා... ආවා.... ඔන්න ආවද කොහෙද... අල්ලගනියෝ... අල්ලගනියෝ...