Sunday, January 11, 2009

නින්ද

Tete-a-Tete Series I-II-III-IV-09-2007 ඕන වෙලාවට එන් නැති,
ඕන නැති වෙලාවට බලෙන්ම එන,
ඕන වෙලාවට කලින්ම යන,
ඕන නැති වෙලාවට ලොවෙත් නොයන,
වැඩකුත් නැති,
වැඩක් නැත්තෙමත් නැති,
එක්සෑම් කාලෙට අමතක වෙන,
අනික් කාලෙට නිකනුත් මතක් වෙන,
මහ කම්මැලි,
ඒත් ආතල්,
කැඩෙන කන් දන්නැති,
කඩන එකාව කන්න හිතෙන,
කාලත් මදියි හිතෙන,
වැඩිය කෑවම වැඩිය ලැබෙන,
රෑට විතරක් ගන්න,
දවල්ට නොගන්න,
ඕන්නං බැරිත් නැති,
ගත්තොත් මුස්පේන්තු හිතෙන,
මෙලෝ සිහියක් නැති,
සිහියෙන් හිටියොත් සැප නැති,
ආවත් ගියත් එකම වෙන,
කවුරුත් වැඩියෙන්ම කැමති,
ජීවිතේ එකම ගන්ධබ්බ අත්දැකීම…
හීන බලන ‍ෆිල්ම් හෝල් එක…

7 comments:

  1. මගේ ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් පෙන්නන එක නතර කරල තියෙන්නේ. නින්ද යන්නේ නැත්තම් පොතක් අතට ගන්න නිකම්ම නිදි :D

    එළ එළ ‍ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  2. පහන් -- මගේ බ්ලෝග් එකේ පළමුවැනි පරිශීලකයන් තුන් දෙනා අතරට එක් වීම ගැන ඔබට තුති. ඔබේ බ්ලොග් සටහනත් මම බොහෝම කැමැත්තෙන් කියවන එකක්. දිගටම මාත් සමඟ රැ‍ඳෙන්න.

    ReplyDelete
  3. hik hik නින්ද... මතක් වෙද්දිත් ආසයි... ආහ්හ්ම්.. නිදිමතාාායි..!

    ReplyDelete
  4. ඔහොම කියනකොට මටත් නිදිමතාාාාාාාාාාාායි...

    ReplyDelete
  5. නින්ද...මානසිකත්වය නිසා අහිමි වුනත් මානසික් පීඩනයෙන් ලොවෙන් මුවා වෙන්නට මගේ මිතුරෙක්...

    ReplyDelete
  6. බින්කු -- පැහැදිලිව ඇත්ත. නින්ද කාගෙත් මිතුරෙක් තමයි.

    ReplyDelete