Sunday, January 18, 2009

සුවඳ

BlueUmbrella

අහස කලු කරපු නිසා…

වැස්ස වහින්න වාගේ තිබූ නිසා…

අසනි වැස්සේ තෙමෙන්නට වූ නිසා…

හදිස්සියේම ඇගෙන් ඉල්ලා ගත්,‍‍

නිල් පාට පුංචි කුඩය,

හිතුවේ නෑ මම, ඇගේ පුරුදු සුවඳ…

මුලු රෑ පුරාවටම මා අසලම රැ‍ඳෙමින්…

මගේ පුංචි කාමරයම සුවඳවත් කරයි කියා…

ඒ ඇගේම සුවඳයි…

මම හැමදාමත් කැමති, සුවඳට නමක් නැති,

ඇගේම සුවඳ…

2 comments:

  1. ඇගෙන් ඉල්ලා ගත් නිල් පාට පුංචි කුඩය වෙනුවට ඇයම ඔබේ පුංචි කාමරයම සුවඳවත් කරන්නට පැමිණේවායි ප්‍රාරථනා කරනවා.

    ReplyDelete
  2. ඔව් ඔව්.. එක කුඩේ යටින් එකම ගෙදරට ගිහින් එකම කාමරේ දෙන්නගෙම සුවද පුරවලා සතුටින් ඉන්න වාසනාව ලැබේවා....!

    ReplyDelete