ආයිබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? දුක? වැස්සත් ඉවරයි නේද? දැං නං ටිකක් නිවීහැනහිල්ලේ ඇති කස්ටිය.
ඔන්න එහෙනම් අදත් කියන්න යන්නේ බයික් කතාවක්. :)
දන්නවද වැඩක්. මෝටර් බයික් ලොවේත් ට්රැක්ටර් සංස්කෘතියක් තියෙනවා. මඩේ යන්න, ගල්ගොඩේ යන්න, කැලේ පනින්න, වැල්ලේ බීච් එකේ යන්න, කඳු නගින්න වගේ ට්රැක්ට්ර් ඇක්ටිවිටීස් කලාවක් බයික් ලෝකේ තියෙනවා. ඇඩ්වෙන්චර් රයිඩින් ගණයට අයිති මේ විගඩං පාන්න වෙනම මෝටර් බයික් ජාතියක් තියෙනවා.