Showing posts with label යුද්ධය. Show all posts
Showing posts with label යුද්ධය. Show all posts

Friday, January 9, 2009

උදම් අනන්නට නොවේ මෙසිනහව

උදම් අනන්නට නොවේ… සැබෑ සතුට සැබෑ අයුරින් රටම දැක්ක වෙලාවක් මේ

army1

‍ෆයිනල් කවුන්ට්ඩවුන් වවාගෙන කෑම

Solder ලංකාවේ ඕනම පොඩි එකෙක් දන්නවා දැන් අපි ඉන්නේ අවුරුදු ගානක්ම කට්ටියත් එකකම බැට කාපු ඊළාම් යුද්ධයේ අන්තිම හරියේ කියලා. තව ටික දවසකින් අපේ කොල්ලෝ ඉතුරු අයින් කෑල්ලත් සුද්ද කරලා දායි. රටේ මින්ස්සු වගේම හමුදාවෙ කොල්ලොත් ඉන්නේ හෙන මොරාල් පිට. පහුගිය දවසක ලයිව් ඇට් එයිට් එකේ හමුදාවෙ අය්යන්ඩි කෙනෙක් කතා කරලා කිව්වා “ගිනනක් නෑ... දීලම තමයි එන්නේ...” කියලා. අන්න මොරාල්... ඔන්න ඔය අස්සේ අවස්ථාවාදියොත් සෑහෙන්න ඉන්නවා... යුද්ධේ වවා ගෙන කන උන්... පෙරේදා ඔෆිස් එකේ පියන් ඇවිත් මාව එලියට එක්කරගෙන ගියා. මම හිතුවේ පිං පත්තර කාරයෙක් වත් ඇවිල්ලා කියලා... මොකද පියන් උන්නැහේට මාව මතක් වෙන්නේ ඒ වගේ වෙලාවට විතරයි. බැලින්නං මෙන්න මරු වෙළෙන්දෙක්. හැබැයි කෑලි පහේ පිහි, පවුඩර්, ‍තෙල් බේත් විකුණන මනුස්සයෙක් නෙමෙයි මේ යකා. එයා විකුනන්නේ යුද්ධේ. කැලැන්ඩරයක් එක්ක උතුරේ ජයග්‍රහණය රුපියල් 100යි. මරු බුවා... කිලිනොච්චි අල්ල‍ලා හරියට දවස් ‍‍තුනක් ගියේ නෑ. මේ යකා යුද්ධේ පොටෝ ටිකක් ගහපු කැලැන්ඩරයක් විකුනනවා රුපියල් 100ට. මම නම් ජීවිතේට සල්ලි දීලා කැලැන්ඩර් අරං නෑ. මූ කැලැන්ඩරෙයි යුද්ධෙයි දෙකම විකුනනවා. “හදවතින් අප යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ” කියලා ඒකේ ගහලා තියෙනවා. කතාව නම් ඇත්ත. අපිත් එහෙම තමයි. ඒත් ම‍ට හිතෙන්නේ ඒ මනුස්සයා යුද්ධේ බිස්නස් එකක් කරගෙන. දුප්පත් වුනත් බඩගින්නේ මැරිලා ගියත් රටේ ප්‍රෂ්නෙකදී අවස්ථාවාදි වෙන්න හොඳ නෑ. ඉස්සරත් යුද්ධේ බිස්නස් එකක් කරගත්තු මිනිස්සු හිටපු නිසා තමයි මේක මෙච්චර ඇදුනේ. නැත්තං මෙලහකට ඕක ඉවරයි. කැලැන්ඩරේ ගානෙන් කීයක් හරි හමුදාවේ කොල්ලොන්ගේ කෑම වේලකටවත් බැර වෙනවනම් මම ඒකක් ගන්නවා. ඒකේ එහෙමත් නෑලු. උන් අරෙහේ මැරෙනවා, මුන් මෙහේ උන්ව මරා ගෙන කනවා... දැන්වත් ඔය අවස්ථාවාදි වැඩ නැවැත්තුවොත් මේ පෙබරවාරි 4 වෙනිදා වත් සිරාවටම නිදහස සමරන්න පුළුවනි.