Showing posts with label ඇය. Show all posts
Showing posts with label ඇය. Show all posts

Sunday, January 18, 2009

සුවඳ

BlueUmbrella

අහස කලු කරපු නිසා…

වැස්ස වහින්න වාගේ තිබූ නිසා…

අසනි වැස්සේ තෙමෙන්නට වූ නිසා…

හදිස්සියේම ඇගෙන් ඉල්ලා ගත්,‍‍

නිල් පාට පුංචි කුඩය,

හිතුවේ නෑ මම, ඇගේ පුරුදු සුවඳ…

මුලු රෑ පුරාවටම මා අසලම රැ‍ඳෙමින්…

මගේ පුංචි කාමරයම සුවඳවත් කරයි කියා…

ඒ ඇගේම සුවඳයි…

මම හැමදාමත් කැමති, සුවඳට නමක් නැති,

ඇගේම සුවඳ…

Friday, January 16, 2009

අකමැත්තෙන් වුවද…

WithHher

අකමැත්තෙන් වුවද අද මා ඇයට යන්නට දුනෙම් තනිවම…

ඒ අප ඊයේ පොරොන්දු වූ පරිදිය…

හවස හය හත වන තෙක් බස් නැවතුම්පලෙහි චාටර් අද නැත…

එය ඇයටද මටද පාඩුවකි…

කලින් යන්නට අදහස ගෙනාවේද ඇයයි…

ඒ… මට ඇය සමඟ බස්නැවතුමෙහි,

ඇයගේ බස් රථය එනතෙක් ඉන්නට වීම,

ම‍ට තරදරයක් යැයි ඇය සිතූ නිසාවෙනි…

මන්ද මම බසයෙහි යන කෙනෙක් නොවෙමි…

පයින් ගෙදර යන කෙනෙක්මි…

ඈ එසේ කලේ….

ඈ මට සැබෙවින්ම ආලය කරන නිසාම නොවේද?

දැන් ඇය තනිව යයි… මම පසුව යයි…

අප දෙදෙන යන්නේද දෙපැත්තකටය…

ගත මං දෙකක වූ නමුදු සිත එක මගකය…

දැන් ඇය තනිව යයි… ඇය කලින් යයි…

ඇයට මෙන් කලින් යාම‍ට මගේ කාර්යාලයේ ම‍ට අවසර නැත…

දැන් මම යන විට, බස් නැවතුමෙහි, මා වෙනුවෙන්,

බලා සිටින කෙනෙක් නැත…

බස් නැවතුමට දැන් යාමටද වුවමනා නැත…

මන්ද, මම නිවෙස බලා පයින් යන කෙනෙක් නිසාවෙනි…

මම එහි ගියේ ඇය නිසාවෙනි…

අද සිට මමද තනිව යමි…

ජංගම දුරකථනයේ රේඩියෝව මගේ පාළු මකනු ඇත…

කවදාහෝ ඇයත් සමඟ එක මග එකට යන්නට කල් යල් බලමි…

එදිනට මට බස් නැවතුම අවශ්‍යය නැත…

ඈ අත අල්වා ගෙන ම‍ට පයින්ම අපේ ගෙදර යා හැක…

ඒ දවස ලඟ ලඟම එනු ඇත…

ලඟ ලඟම… මේ ලඟ ලඟම…