Showing posts with label සංකල්පනා. Show all posts
Showing posts with label සංකල්පනා. Show all posts

Wednesday, February 2, 2011

The බයික් කවිය

සිලින්ඩර් ම හතරයි එන්ජිම                                              ලොකුය
කාබ් එකක් හරි ලෙඩ දුන්නොත්                                      සොරිය
ෂොක් එක මොනෝ, යන එන කොට නම්                         සැපය
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු                              වැඩිය



අඩි හතරට පහට වඩා වැඩි                                                  වෙච්චී
ලොකු හෙඩ් ලයිට් දෙක ඇස් ගෙඩි දෙක                           වෙච්චී
ගහේ යන එකත් කජ්ජක් නොම                                        වෙච්චී
අනේ මට හොඳයි බාජා ටූ                                                   ෆිෆ්ටී



මැෂින් නැතව මැනුවල් හයි කර                                     කෑලී
ඇමරිකානුවන් මේවට හරි                                          ලෝලී
පස්සේ තියාගෙන තම ආදර                                           බාරී
කොල්ලො පදිනවා ඩේවිඩ්සන්                                     හාලී



කොල්ලට කොහෙ වෙතත් බල්ලට නම්                         නොහැකී
දිගට වඩා පළල වැඩියි ‍ගොඩ                                            නැවකී
රෙස් පදින ලැයිසන් ඇති ම‍ගේ                                             සකී
ෂේන් පදිනවා තවුසන්                                                   කවසාකී



මඩේ යන්නෙ ටී ඩබ්ලියු ‍                                            ටූ හන්ඩ්‍රඩ්
ගලේ යන්නෙ ටී ඩබ්ලියු                                             ටූ හන්ඩ්‍රඩ්
කැලේ යන්නෙ ටී ඩබ්ලියු                                           ටූ හන්ඩ්‍රඩ්
උල පිල එකයි ටැක්ටරේට                                          ටූ හන්ඩ්‍රඩ්



ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි                                      පොරේ
රේස් පදින කොට කොල්ලන් කියයි                                   හුරේ
ලිමිට් පැන්නොතින් අල්ලං දමයි                                        හිරේ
ඩීටී පදියි තේ වත්තේ සින්න                                          දොරේ


හතලිස් නමය සී සී එන්ජිම                            චූටී
දම්පාටයි ලා රතු පාටයි                                ස්වීටී
වර්කිං ගර්ල්ස්ලගෙ තනි නොතනියට             සිටී
කොල්ල පස්සෙ, කෙල්ල පදියි                    ස්කූටී



පල්සර් තිස් පහයි හතලිහ අතර                                       කරයි
ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය                                       කරයි
බොක්සර් එක ලීටරේකට හැටක්                                    කරයි
සී ටී එක පෙට්‍රල් සුවඳටත්                                              දුවයි



කාර් වෑන් පැජරෝ ලොක්කන්                                      ගේය
ඒසී එකේ යනකොට සුර සැප                                       වේය
වැස්සට තෙමී අව්වට අපි වේ                                       ලේය
හැබැයි,
මේවගෙ තියන ආතල් ඒවගෙ                                      නෑය




අවවාදයයි:
ඉහත ඇති පොටෝ කෑලි එකක් වත් මගේ බූදලයක් නොවේ. ඒවා අයිති ඒවා ගසපු අයටය.


Friday, December 17, 2010

සින්ඩියක් කතා කරයි

http://www.attraction-marketing-techniques.com

උඹලට මාව මතකද? නෑ නේද? කොහේ මතක තියෙන්නද?
දැන් උඹලට මට වඩා එකාලා ඉන්නවනේ.

මතකද උඹලා චූ කොල්ලෝ කෙල්ලේ කාලේ බ්ලොග් ලියන්න පටන් ගත්ත අලුත...
උඹලා දවස තිස්සේ මයේ ලඟට වෙලා F5 ඔබ ඔබ හිටයා නේද...
උඹලට වෙන වැඩක් තිබ්බෙම නෑ ඒ ඇරෙන්න ඒ කාලේ...

Thursday, April 2, 2009

ගලවපං මේ මාංචු…

handcuffed

එන්නේ නෑ දැන්
ඉස්සර වගේ
කවි සිතුවිලි
මගේ හිතට…
හිර කරලා අපිව,
දාලා මාංචු,
හිතන්න දෙන්නේ නෑ සැහැල්ලුවට,
වගකීම්,
යුතුකම්,
සල්ලි,
අනාගතේ,
මේ එක යතුරකින්වත්
මාංචු ලිහන්න බෑ…
එන්න එන්න හිරවෙනවා…
කෝ අපේ ලෝකේ?
ඒ දවස්වල තිබ්බ,
පාවෙන සැහැල්ලු ජීවිත,
ගංජා ගැහුවේ නෑ අපි,
ඒත් පාවුනා සැහැල්ලුවට,
දැනුනේ නෑ බරක්,
කවදාවත් හිත‍ට,
හිතෙන කොට කෑවා,
හිතෙන කොට බිව්වා,
හිතෙන කොට නෑවා,
හිතෙන කොට නිදා ගත්තා,
හිතෙන කොට නැඟිට්ටා,
හිතෙන කොට ගියා,
හිතෙන කොට ආවා,
ඒත් දැන්,
හැම එකටම වෙලාවක්,
කෝ තිබ්බ නිදහස?
කෝ තිබ්බ සැහැල්ලුව?
මේකද නවත්වය කියන්නේ?
ආසම හැමදේම නැතිවෙන එකද?
ඇයි ආපහු දුවන්න බැරි,
කොල්ලෝ රැලත් එක්ක පාර දිගට?
ඇයි ආපහු හිනා වෙන්න බැරි,
වට වෙලා සෙට් එකම එකට?
ඇයි ආපහු වැටෙන්න බැරි,
අම්මගේ තාත්තගේ තුරුලට,
ඇයි ආපහු අඬන්න බැරි,
දුකක් දැනුනම හිතට?
අපිව හිර කරලා, මාංචු දාලා,
කෝ තිබ්බ සැහැල්ලුව,
ඇයි දැන්ම මේක හිතුනේ?
පිස්සුවත් හැදීගෙන එනවද?
නැත්නම් පිස්සු හොඳවීගෙනවත් එනවද?
කෝ අපේ ලෝකේ?
මේ හිරවෙච්ච කූඩුවද?
ගලවපං මේ මාංචු…
ඇරපං මේ දොර…
යන්න ආයේ අපේ ලෝකෙට…

Tuesday, March 31, 2009

නොපතමි මම

Nopathami Mama

නෙපතමි මම මහ සයුරක්,
පතමි වෙරළත සිප්පි කටුවක්…

නොපතමි මම ඉරක් හඳක්,
පතමි ලඟ ඇති මිණි පහණක්…

නෙපතමි මම රස බොජුනක්,
පතමි ලුණු සහ බත් ඇටයක්…

නොපතමි මම සිටු මැදුරක්,
පතමි සිහිලැල් තුරු සෙවනක්…

නෙපතමි මම සුඟඳ සුර පහසක්,
පතමි සෙනෙහෙබර සිත් අහසක්…

නෙපතමි මම වැතිරෙන්නට සුර යහනක්,
පතමි ඇලවෙන්නට හුරු උකුලක්…

නොපතමි මම ඹබෙන් තොර ලොවක්,
සදමි ඹබට මට එක දෙව් විමනක්…

(ඉහත සොඳුරු ඡායා රූපය මවිසින් ගන්නා ලද එකක් නොවන අතරම, මුලු විශ්ම වියමනම සිසාරා එම සොඳුරු ඡායා රූපය සොයා ගත්තේද මම නොවෙමි)

Sunday, January 18, 2009

සුවඳ

BlueUmbrella

අහස කලු කරපු නිසා…

වැස්ස වහින්න වාගේ තිබූ නිසා…

අසනි වැස්සේ තෙමෙන්නට වූ නිසා…

හදිස්සියේම ඇගෙන් ඉල්ලා ගත්,‍‍

නිල් පාට පුංචි කුඩය,

හිතුවේ නෑ මම, ඇගේ පුරුදු සුවඳ…

මුලු රෑ පුරාවටම මා අසලම රැ‍ඳෙමින්…

මගේ පුංචි කාමරයම සුවඳවත් කරයි කියා…

ඒ ඇගේම සුවඳයි…

මම හැමදාමත් කැමති, සුවඳට නමක් නැති,

ඇගේම සුවඳ…

Friday, January 16, 2009

අකමැත්තෙන් වුවද…

WithHher

අකමැත්තෙන් වුවද අද මා ඇයට යන්නට දුනෙම් තනිවම…

ඒ අප ඊයේ පොරොන්දු වූ පරිදිය…

හවස හය හත වන තෙක් බස් නැවතුම්පලෙහි චාටර් අද නැත…

එය ඇයටද මටද පාඩුවකි…

කලින් යන්නට අදහස ගෙනාවේද ඇයයි…

ඒ… මට ඇය සමඟ බස්නැවතුමෙහි,

ඇයගේ බස් රථය එනතෙක් ඉන්නට වීම,

ම‍ට තරදරයක් යැයි ඇය සිතූ නිසාවෙනි…

මන්ද මම බසයෙහි යන කෙනෙක් නොවෙමි…

පයින් ගෙදර යන කෙනෙක්මි…

ඈ එසේ කලේ….

ඈ මට සැබෙවින්ම ආලය කරන නිසාම නොවේද?

දැන් ඇය තනිව යයි… මම පසුව යයි…

අප දෙදෙන යන්නේද දෙපැත්තකටය…

ගත මං දෙකක වූ නමුදු සිත එක මගකය…

දැන් ඇය තනිව යයි… ඇය කලින් යයි…

ඇයට මෙන් කලින් යාම‍ට මගේ කාර්යාලයේ ම‍ට අවසර නැත…

දැන් මම යන විට, බස් නැවතුමෙහි, මා වෙනුවෙන්,

බලා සිටින කෙනෙක් නැත…

බස් නැවතුමට දැන් යාමටද වුවමනා නැත…

මන්ද, මම නිවෙස බලා පයින් යන කෙනෙක් නිසාවෙනි…

මම එහි ගියේ ඇය නිසාවෙනි…

අද සිට මමද තනිව යමි…

ජංගම දුරකථනයේ රේඩියෝව මගේ පාළු මකනු ඇත…

කවදාහෝ ඇයත් සමඟ එක මග එකට යන්නට කල් යල් බලමි…

එදිනට මට බස් නැවතුම අවශ්‍යය නැත…

ඈ අත අල්වා ගෙන ම‍ට පයින්ම අපේ ගෙදර යා හැක…

ඒ දවස ලඟ ලඟම එනු ඇත…

ලඟ ලඟම… මේ ලඟ ලඟම…