Monday, January 31, 2011

දෙසක් රියේ චාරිකාව 4 - කඳු මුදුනේ ප්‍රෞඩත්වය

ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප? ඔන්න අදත් දෙසක් රියේ චාරිකාවක් අරගෙන එන්නයි ලෑස්තිය. මේ ට්‍රිප් එකත් ටික දවසකට කලින් ගිය එකක් ඕන්. හරියටස කිව්වොත් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 නොවැම්බර් 26 වෙනිදා. බ්ලොගීයි මායි ටිකක් හුරුපුරුදු දිහාවක යන්න ලෑස්ති වුනා. අපි එතැනට “කඳුමුදුනේ ප්‍රෞඩත්වය” කියලා ආමන්ත්‍රණය කෙරුවොත් වැරදි නෑ. ඒ තමයි ඇඩිෂම් මන්දීරය. හැබැයි ඉතිං වෙනම ට්‍රැවල් බ්ලොග් එකක් ලියන නිසා චාරිකා විස්තර මෙතන දාන්න ඔට්ටු නෑනේ. ඒ නිසා මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න.

Friday, January 21, 2011

මෝටර්බයික් ලොවේ ට්‍රැක්ටර් සංස්කෘතියට අත ගැහීම හෙවත් කළු මල්ලීගේ කතාව


ආයිබෝවන් කිව්වා කස්ටිය‍ට. කොහොමද සැප? දුක? වැස්සත් ඉවරයි නේද? දැං නං ටිකක් නිවීහැනහිල්ලේ ඇති කස්ටිය.
ඔන්න එහෙනම් අදත් කියන්න යන්නේ බයික් කතාවක්. :)
දන්නවද වැඩක්. මෝටර් බයික් ලොවේත් ට්‍රැක්ටර් සංස්කෘතියක් තියෙනවා. මඩේ යන්න, ගල්ගොඩේ යන්න, කැලේ පනින්න, වැල්ලේ බීච් එකේ යන්න, කඳු නගින්න වගේ ට්‍රැක්ට්ර් ඇක්ටිවිටීස් කලාවක් බයික් ලෝකේ තියෙනවා. ඇඩ්වෙන්චර් රයිඩින් ගණයට අයිති මේ විගඩං පාන්න වෙනම මෝ‍ටර් බයික් ජාතියක් තියෙනවා.