Wednesday, January 28, 2009

e – සිරියාව නොහොත් අවස්ථා සම්බන්දය…

jealous

+ මට ඉරිසියා හිතෙන වැඩමයි කරන්නේ… බව්වා…
+ අනේ මොනාද ඒ වැඩ..?
+ ඔයා ඊමේල් කරත්, ඊකාඩ් දැම්මත් දෙකම එකයි. මට පේන්න ඕවා කරන්න එපා Pleeeeease…
+ හොරෙන් කරාට කමක් නැද්ද එහෙනම්?
+ හොරෙන් කරලා අහු වෙන්නත් එපා…
+ අහුවුනොත් මොනාද කරන්නේ...?
+ මොකුත් නෑ… ඔයාට කැමති දෙයක් කරන්න ඉඩ දීලා, මම අයින් වෙනවා...
+ එහෙම හොඳද?
+ ඔයාට හොඳ නම් මටත් හොඳයි...
+ ෂෝක්... මගේ හොඳඳඳඳඳඳඳඳඳඳඳ බව්වී....

මෙය කා විසින්, කා හට, කොතැනකදී, කුමක් අරබයා කියන ලද්දක්ද?

පරීක්ෂණාත්මක සටහනක්

මෙම සටහන් මාගේ බ්ලොග් අඩවිය සින්ඩිකේටරයේ ලියාපදිංචිව පවතී දැයි පරීක්ෂාකර බැලීමට පමණි.

Monday, January 26, 2009

මම බූරුවෙකු (නො)වීමි

donkey

ඇය මට එසේ දුරකථනයෙන් අමතන කල්හි,

මම බූරුවෙකු වීමි…

ඒ මා වැරැද්දකි කර ඇති නිසාවෙනි…

තවද.,

මම බූරුවෙකු වීමි…

ඒ මා අවුරුදු පහකුත් තෙමසක් වැඩ කොටත්,

කීයක් වත් ඉතුරු කර නැත් නිසාවෙන්…

මම බූරුවෙකු වීමි…

ඒ මා දහස් ගණන් වියදම් කොට ඇතත්,

උපාධිය නිම නොකළ නිසාවෙනි…

මම බූරුවෙකු වීමි…

ඒ මා මාගේ දිවියේ හොඳම අවධිය,

කොම්පැණිය වෙනුවෙන් දියකළ නිසාවෙනි…

මම බූරුවෙකු වීමි…

ඒ මාගේ දෙමව්පියන්ගේ කීම නොඅසා,

උසස් පෙළ දෙවන වර නොකළ නිසාවෙනි…

මම බූරුවෙකු වීමි…

ඒ මා ඇය සමඟ නිතර නිතරම,

ඕන්නැති කෙහෙම්මලටත් පැටලෙන නිසාවෙනි…

මම බූරුවෙකු වීමි…

ඒ මා මෙකී නොකී ආකාරයෙන්,

නොයෙක් බූරු වැඩ කර ඇති නිසාවෙනි…

නමුදු, මම බූරුවෙකු නොවෙමි…

ඒ මා ඇයට හෘදය වසුතුවෙන්ම,

සහ එහි පතුළෙන්ම, ආලය කරන නිසාවෙනි…

මන්ද යත්,

අන් අයට කෙසේ වෙතත්, ඈ මට,

මිහි බට දෙවඟනක් වන නිසාවෙනි…

Thursday, January 22, 2009

කවලමක්ද? කලවමක්ද?

mess

දනිස් අමාරුව සනීප වෙන්න

වසන්තය එන්නේ කවදාද?

AC මැෂිම වැඩ කරන්නෙත් නෑ

නිල් සයුර කළඹන්න

පුභාකරන්වත් ලඟදීම අල්ලනවා කියන්නේ

මේසෙ උඩ දූවිලි වරුසාව

ෆෘට් සැලඩ් එකක් වත් තිබ්බනම්

සෙන්ට් සුවඳ නම් මට අරහං

ෆෝන් එකට කාඩ් එකක් දැම්මෙත් නෑ

ජංගම දුරකථනය සයිලන්ට් කරන්න

බස් එකකටම හතර දෙනයි ඉන්නේ

මාළු මැරෙනවා හේතුවක් නැතුව

නිවිච්ච තේ… පියන්ට පිස්සු…

අද මට ඉන්නේ ළමයි දෙන්නයි

ඔබාමත් වැඩ පටන් ගත්තා

මඟුල් කේක් එක පුස් කා යන්කල්

සිත් අහසට හඳක් වගේ

ආදරය සුන්දර ඇයි මේ තරම්

අද වතුරත් නෑ ඔෆිස් එකේ

ප්‍රොජෙක්ටරේ අපේ නෙමෙයි

කවලමක්ද? කලවමක්ද?


මේක තේරෙන්නේ නැත්නම් මෙතන කොටන්න

Sunday, January 18, 2009

සුවඳ

BlueUmbrella

අහස කලු කරපු නිසා…

වැස්ස වහින්න වාගේ තිබූ නිසා…

අසනි වැස්සේ තෙමෙන්නට වූ නිසා…

හදිස්සියේම ඇගෙන් ඉල්ලා ගත්,‍‍

නිල් පාට පුංචි කුඩය,

හිතුවේ නෑ මම, ඇගේ පුරුදු සුවඳ…

මුලු රෑ පුරාවටම මා අසලම රැ‍ඳෙමින්…

මගේ පුංචි කාමරයම සුවඳවත් කරයි කියා…

ඒ ඇගේම සුවඳයි…

මම හැමදාමත් කැමති, සුවඳට නමක් නැති,

ඇගේම සුවඳ…

Saturday, January 17, 2009

The Deep Blue Sleep

N හා පුරා කියා 2009 වසර ලැබූ දිනයේම අපට ඒ අවස්ථාව උදා වූයේ සාමාන්‍යයෙන් ජනවාරි පළමුවැනි දින අප ආයතන සමූහයටම නිවාඩු දිනයක් වන බැවිනි. දයාරත්න රටගෙදර ශූරීන්ගේ නවතම සැලෝලයිට් රූප පෙළහර “නිල් දිය යහන” හෙවත් “The Deep Blue Sleep” නැරඹීමට බදුල්ල නගරයේ Rex නම්වූ සිනමා පෙන්වන ටකරන් මඩුවට ඇතුලුවුයේ ඒ අනුවය.

ආරම්භයේදී තරමක් ම්‍ධ්‍යස්ථ ලෙස වින්දනාත්මක වුවත් කෙමෙන් කෙමන් මධ්‍යය භාගය එලැඹෙන විට එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම The Deep Blue Sleep සාක්ෂි සහිතව සාධනය කරන්නක් විය. ඒ Blue කෙසේ වෙතත්, අප සමඟ ගිය සාමාජිකයන් සතර දෙනෙකුගෙන් දෙදෙනේකුම Deep Sleep හෙවත් තද නින්දේ පසුවන්නටත් අනෙකා අඩ නින්දේ පසුවන්නටත් වූ බැවිනි. සැලෝලයිට් පටයෙන් ප්‍රක්ෂේපිත නේක වර්ණ කදම්භ ක්ෂීර වර්ණ තිරයේ වැදී පරාවර්තනය වූ ආලෝක කිරණ අක්ෂි කණිනිකාවට ඇතුළු වීම කඩින් කඩ හෝ නැවතියාම ආයාසයෙන් හෝ වලක්වාගෙන සිටියේ මා පමණි. ඒ ස්වභාවයෙන්ම මා හ‍ට මහා ඝෝෂාවක් ඇති තැන නින්ද නොයන නිසාවෙනි.

කියන්නට තරම් මහ ලොකු වැරැද්දක් නැතත් කතාවේ ගලායාමේ වේගය වැඩි යැයි හෝ ඉවරවූවා ඉක්මන් වැ‍ඩි යැයි මට සිතුනි. ඒ එය ඒතරම්ම ආත්මීය සුවයක් අත්කර දුන් නිසා නොවේ. කතාවේ සෑම වචනයක්ම තිර රචනය තුල චිත්‍රණය කිරීමට උත්සහ කිරීම එයට හේතුව ලෙස මම දකිමි. ඒ සමඟම කෙදිනකහෝ මා නරඹා ඇති ඉංග්‍රීසි වෘත්තාන්ත චිත්‍රපටයකවත් කතා කොපියක් දැයි මට සිතුනු වාර අනන්තය. එහෙත් මට හරියටම නිච්චියක් නැත. සමහරවිට කලකට පෙර කන වැකුණු කතාවක් විය හැකිය.

කෙසේ වෙතත් වාණිජමය අරමුණින් සෑදෙන සමහරක් ජොකා බයිලාවන්ට සාපේක්ෂව වින්දනීය රසයක් ගැබ් වුනු පැය දෙකක් තිරයේ මවන්නට ද‍යාරත්න රටගෙදරයන් ගෙන ඇත්තේ කිසිසේත්ම අසාර්ථක උත්සහයක් නොවන බව නම් නොවලහා වහ වහා පැවසිය යුතු මනාය. එසේ නැතුව කෝකටත් ගරහන, ලක්ෂණ තුළ අවලක්ෂණ දකින, රස තුළ නීරස දකින, වර්ණ තුළ කළු සුදු දකින, වාක්‍යයන් තුළින් ජනප්‍රියත්වය සොයන, තීරු ලිපියකට සිරවුණු බෝල්පොයින්ට් පැනක් අතගත් සාම්ප්‍රදායික මට්මමේ විචාරකයකු වීම මාගේ අභිප්‍රාය නොවේ.

මේ මාගේ පෞද්ගලික මතය වන අතර ඔබ සතු ලුණු ඇඹුල්ද මෙයට එකතු කර මෙය තවත් රසවත් කරන ලෙසට ආරාධනා කරමි.

Friday, January 16, 2009

අකමැත්තෙන් වුවද…

WithHher

අකමැත්තෙන් වුවද අද මා ඇයට යන්නට දුනෙම් තනිවම…

ඒ අප ඊයේ පොරොන්දු වූ පරිදිය…

හවස හය හත වන තෙක් බස් නැවතුම්පලෙහි චාටර් අද නැත…

එය ඇයටද මටද පාඩුවකි…

කලින් යන්නට අදහස ගෙනාවේද ඇයයි…

ඒ… මට ඇය සමඟ බස්නැවතුමෙහි,

ඇයගේ බස් රථය එනතෙක් ඉන්නට වීම,

ම‍ට තරදරයක් යැයි ඇය සිතූ නිසාවෙනි…

මන්ද මම බසයෙහි යන කෙනෙක් නොවෙමි…

පයින් ගෙදර යන කෙනෙක්මි…

ඈ එසේ කලේ….

ඈ මට සැබෙවින්ම ආලය කරන නිසාම නොවේද?

දැන් ඇය තනිව යයි… මම පසුව යයි…

අප දෙදෙන යන්නේද දෙපැත්තකටය…

ගත මං දෙකක වූ නමුදු සිත එක මගකය…

දැන් ඇය තනිව යයි… ඇය කලින් යයි…

ඇයට මෙන් කලින් යාම‍ට මගේ කාර්යාලයේ ම‍ට අවසර නැත…

දැන් මම යන විට, බස් නැවතුමෙහි, මා වෙනුවෙන්,

බලා සිටින කෙනෙක් නැත…

බස් නැවතුමට දැන් යාමටද වුවමනා නැත…

මන්ද, මම නිවෙස බලා පයින් යන කෙනෙක් නිසාවෙනි…

මම එහි ගියේ ඇය නිසාවෙනි…

අද සිට මමද තනිව යමි…

ජංගම දුරකථනයේ රේඩියෝව මගේ පාළු මකනු ඇත…

කවදාහෝ ඇයත් සමඟ එක මග එකට යන්නට කල් යල් බලමි…

එදිනට මට බස් නැවතුම අවශ්‍යය නැත…

ඈ අත අල්වා ගෙන ම‍ට පයින්ම අපේ ගෙදර යා හැක…

ඒ දවස ලඟ ලඟම එනු ඇත…

ලඟ ලඟම… මේ ලඟ ලඟම…

Thursday, January 15, 2009

කමෙන්ට්

ජීවිතේ පළවෙනි වතාවට මගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් ලැබිලා තිබුනා. ඒවා දැක්කම හිතට පුදුම ෆිට් එකක් ආවේ… ඒකත් මාර ආතල් වැඩක්… දිගින් දිගටම ලියන්න හිතෙනවා…

Sunday, January 11, 2009

නින්ද

Tete-a-Tete Series I-II-III-IV-09-2007 ඕන වෙලාවට එන් නැති,
ඕන නැති වෙලාවට බලෙන්ම එන,
ඕන වෙලාවට කලින්ම යන,
ඕන නැති වෙලාවට ලොවෙත් නොයන,
වැඩකුත් නැති,
වැඩක් නැත්තෙමත් නැති,
එක්සෑම් කාලෙට අමතක වෙන,
අනික් කාලෙට නිකනුත් මතක් වෙන,
මහ කම්මැලි,
ඒත් ආතල්,
කැඩෙන කන් දන්නැති,
කඩන එකාව කන්න හිතෙන,
කාලත් මදියි හිතෙන,
වැඩිය කෑවම වැඩිය ලැබෙන,
රෑට විතරක් ගන්න,
දවල්ට නොගන්න,
ඕන්නං බැරිත් නැති,
ගත්තොත් මුස්පේන්තු හිතෙන,
මෙලෝ සිහියක් නැති,
සිහියෙන් හිටියොත් සැප නැති,
ආවත් ගියත් එකම වෙන,
කවුරුත් වැඩියෙන්ම කැමති,
ජීවිතේ එකම ගන්ධබ්බ අත්දැකීම…
හීන බලන ‍ෆිල්ම් හෝල් එක…

Saturday, January 10, 2009

බස්ටෑන්ඩ් එක

P1000749BadullaBusStation1 ඉස්කෝලෙ කාළේ කොල්ලෝ නිකරුනේ චාටර් වෙන්න යන්නේ බස්ටෑන්ඩ් එකට. උදේ ඉඳන් හවස් වෙනකල්ම ස්ටෑන්ඩ් එකේ කොට බිත්ති වලට පිට අලවගෙන ඉන්න අයත් හිටියා. කෙල්ලෝ බලන්න, දොඩමලු වෙන්න, ගැන්සියට සෙට් වෙන්න, තමන්ගේ තරහකාරයත් එක්ක අම්බානක කෙළ ගන්න, කිට මාරාගෙන ඇවිත් ෂෝ එක දෙන්න, ඇත්තටම බස් එක එනකල් ඉන්න, මේ වගේ සෑහෙන හේතු තිබුනා කොල්ලොන්ට බස්ටෑන්ඩ් එකට එන්න. හැබැයි ඉතින් ඒකේ වැරැද්දකුත් නෑ. කොච්චර මිනිස්සු, දුම, බස් හෝන් ඝෝෂාව මැද උනත් කිසි දෙයක් නෑහුන ගානට, වචනයක් දෙකක් හරි හුවමාරු කරගන්න බස්ටෑන්ඩ් එක තරම් නිදහස් තැනක් පෙම්වතුන්ට තවත් නෑ. පස්චාත් නූතනවාදය කියලා නිදහසේ කතාකරන්න කියලා ආදරේ කරන කෙල්ලත් ඇදගෙන ගෙස්ට්හවුස් ගානේ දුවන බොරු ලව් වඩා බස්ටෑන්ඩ් ලව් එක කොච්චර ආදරණීයද? හැබැයි බාල්දි පෙරළෙන තරමක් පෙරළෙන්නේ ඒ අසරණ ජෝඩු වලටමයි. සමාජෙ ඉස්සරහ ෆේඩ් වෙන්නේත් ඒ අයමලු. ගෙස්ට් හවුස් වල බිත්ති හතර මැද්දේ හැංගිලා ඉන්න අය ගැන කවුරුවත් දන්නේ නෑ.

හත්වලාමේ ඒ දවස් වල මම වැස්සකට වත් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා නැතුව ඇති. ඒ තරම් ඉස්කෝලෙ දවස් වල ස්ටෑන්ඩ් එක මට අප්පිරියයි. කොළඹ යන දවස් වලට විතරයි බස්ටෑන්ඩ් එක මතක් වුනේ. අනිත් වෙලාවට ළඟින් යනකොටත් නිකම් මොකද්ද වගේ. ඒත් දැන්… තත්ත්වෙ හාත්පසින් වෙනස්… හැමදාම හවසට බස්ටෑන්ඩ් එකේ. මම කවදාවත් හිතුවෙ නෑ මමත් බස්ටෑන්ඩ් එකට බරක් වෙයි කියලා. මුලදී මුලදී මට ටිකක් බයත් හිතුනා අම්මට අහුවෙයි කියලා. ඒත් දැන් ආපහු අමුතුවෙන් අහුවෙන්න දෙයන් නෑ… ඒක දැන් ප්‍රසිද්ධ රහසක්…

Friday, January 9, 2009

උදම් අනන්නට නොවේ මෙසිනහව

උදම් අනන්නට නොවේ… සැබෑ සතුට සැබෑ අයුරින් රටම දැක්ක වෙලාවක් මේ

army1

‍ෆයිනල් කවුන්ට්ඩවුන් වවාගෙන කෑම

Solder ලංකාවේ ඕනම පොඩි එකෙක් දන්නවා දැන් අපි ඉන්නේ අවුරුදු ගානක්ම කට්ටියත් එකකම බැට කාපු ඊළාම් යුද්ධයේ අන්තිම හරියේ කියලා. තව ටික දවසකින් අපේ කොල්ලෝ ඉතුරු අයින් කෑල්ලත් සුද්ද කරලා දායි. රටේ මින්ස්සු වගේම හමුදාවෙ කොල්ලොත් ඉන්නේ හෙන මොරාල් පිට. පහුගිය දවසක ලයිව් ඇට් එයිට් එකේ හමුදාවෙ අය්යන්ඩි කෙනෙක් කතා කරලා කිව්වා “ගිනනක් නෑ... දීලම තමයි එන්නේ...” කියලා. අන්න මොරාල්... ඔන්න ඔය අස්සේ අවස්ථාවාදියොත් සෑහෙන්න ඉන්නවා... යුද්ධේ වවා ගෙන කන උන්... පෙරේදා ඔෆිස් එකේ පියන් ඇවිත් මාව එලියට එක්කරගෙන ගියා. මම හිතුවේ පිං පත්තර කාරයෙක් වත් ඇවිල්ලා කියලා... මොකද පියන් උන්නැහේට මාව මතක් වෙන්නේ ඒ වගේ වෙලාවට විතරයි. බැලින්නං මෙන්න මරු වෙළෙන්දෙක්. හැබැයි කෑලි පහේ පිහි, පවුඩර්, ‍තෙල් බේත් විකුණන මනුස්සයෙක් නෙමෙයි මේ යකා. එයා විකුනන්නේ යුද්ධේ. කැලැන්ඩරයක් එක්ක උතුරේ ජයග්‍රහණය රුපියල් 100යි. මරු බුවා... කිලිනොච්චි අල්ල‍ලා හරියට දවස් ‍‍තුනක් ගියේ නෑ. මේ යකා යුද්ධේ පොටෝ ටිකක් ගහපු කැලැන්ඩරයක් විකුනනවා රුපියල් 100ට. මම නම් ජීවිතේට සල්ලි දීලා කැලැන්ඩර් අරං නෑ. මූ කැලැන්ඩරෙයි යුද්ධෙයි දෙකම විකුනනවා. “හදවතින් අප යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ” කියලා ඒකේ ගහලා තියෙනවා. කතාව නම් ඇත්ත. අපිත් එහෙම තමයි. ඒත් ම‍ට හිතෙන්නේ ඒ මනුස්සයා යුද්ධේ බිස්නස් එකක් කරගෙන. දුප්පත් වුනත් බඩගින්නේ මැරිලා ගියත් රටේ ප්‍රෂ්නෙකදී අවස්ථාවාදි වෙන්න හොඳ නෑ. ඉස්සරත් යුද්ධේ බිස්නස් එකක් කරගත්තු මිනිස්සු හිටපු නිසා තමයි මේක මෙච්චර ඇදුනේ. නැත්තං මෙලහකට ඕක ඉවරයි. කැලැන්ඩරේ ගානෙන් කීයක් හරි හමුදාවේ කොල්ලොන්ගේ කෑම වේලකටවත් බැර වෙනවනම් මම ඒකක් ගන්නවා. ඒකේ එහෙමත් නෑලු. උන් අරෙහේ මැරෙනවා, මුන් මෙහේ උන්ව මරා ගෙන කනවා... දැන්වත් ඔය අවස්ථාවාදි වැඩ නැවැත්තුවොත් මේ පෙබරවාරි 4 වෙනිදා වත් සිරාවටම නිදහස සමරන්න පුළුවනි.

සාර්ථකත්වය

Image041

සාර්ථකත්වය... මේ ලෝකෙ ඉන්න ඕනම මනුස්සයෙක් තමන්ට ලං කරගන්න කැමති දෙයක්. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියලා කතාවකුත් තියෙනවනේ. ඒත් මගේ පිටිපස්සේ ගැහැණු තුන් දෙනෙක්ම ඉඳලත් මම හිතන්නේ මට තාම බැරි වුනා කියලා ඒ සාර්ථකත්වය මට ළං කරගන්න. අම්මයි, නංගියි, මගේ ජ්වලිත දෙව්දුවයි හැම ති ස්සෙම මගේ ලඟ... ඒත් තාම මම සාර්ථක මනුස්සයෙක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ... ඒක ඒගොල්ලොන්ගේ වැරැද්දක් නෙමෙයි... මගේ අදහස ඒක මගේ වැරැද්ක්... තාත්තා දාපු ‍‍ෆවුන්ඩේෂන් එක උ‍ඩ ‍මගේ ජීවිතේ කියන ගේ හරියට යදා ගන්න මට තාම බැරි වුනා වගේ... තාත්තා දිව්‍යලෝකේ ඉඳන් මට බනිනවද දන්නෙත් නෑ... ජීවිතේ හරියට හදා ගන්න නෙමෙයි, හිතට එන මේ වගේ විකාර වගේ පේන ඒත් එ‍හෙමම නොවෙන අදහස් සිංහල යුනිකෝඩ් අකුරු බවට පත් කරවන්නයි මේ උත්සහය... “සිතැඟි”... මේක මේන් කියල පිළිගන්නවන්න නම් මට වෙන කවුරුත් නෑ, මගේ පිටිපස්සේ හැමතිස්සේම ඉන්නවයි කියපු ගැහැණු තුන් දෙනා ඇරෙන්න... ඉතින් හා පුරා කියලා මගේ තුන් වැනි බ්ලොග් එක ඕන් එහෙනං “අම්මටයි”, “නංගිටයි”, “එයාටයි”...