Showing posts with label බස්. Show all posts
Showing posts with label බස්. Show all posts

Saturday, January 10, 2009

බස්ටෑන්ඩ් එක

P1000749BadullaBusStation1 ඉස්කෝලෙ කාළේ කොල්ලෝ නිකරුනේ චාටර් වෙන්න යන්නේ බස්ටෑන්ඩ් එකට. උදේ ඉඳන් හවස් වෙනකල්ම ස්ටෑන්ඩ් එකේ කොට බිත්ති වලට පිට අලවගෙන ඉන්න අයත් හිටියා. කෙල්ලෝ බලන්න, දොඩමලු වෙන්න, ගැන්සියට සෙට් වෙන්න, තමන්ගේ තරහකාරයත් එක්ක අම්බානක කෙළ ගන්න, කිට මාරාගෙන ඇවිත් ෂෝ එක දෙන්න, ඇත්තටම බස් එක එනකල් ඉන්න, මේ වගේ සෑහෙන හේතු තිබුනා කොල්ලොන්ට බස්ටෑන්ඩ් එකට එන්න. හැබැයි ඉතින් ඒකේ වැරැද්දකුත් නෑ. කොච්චර මිනිස්සු, දුම, බස් හෝන් ඝෝෂාව මැද උනත් කිසි දෙයක් නෑහුන ගානට, වචනයක් දෙකක් හරි හුවමාරු කරගන්න බස්ටෑන්ඩ් එක තරම් නිදහස් තැනක් පෙම්වතුන්ට තවත් නෑ. පස්චාත් නූතනවාදය කියලා නිදහසේ කතාකරන්න කියලා ආදරේ කරන කෙල්ලත් ඇදගෙන ගෙස්ට්හවුස් ගානේ දුවන බොරු ලව් වඩා බස්ටෑන්ඩ් ලව් එක කොච්චර ආදරණීයද? හැබැයි බාල්දි පෙරළෙන තරමක් පෙරළෙන්නේ ඒ අසරණ ජෝඩු වලටමයි. සමාජෙ ඉස්සරහ ෆේඩ් වෙන්නේත් ඒ අයමලු. ගෙස්ට් හවුස් වල බිත්ති හතර මැද්දේ හැංගිලා ඉන්න අය ගැන කවුරුවත් දන්නේ නෑ.

හත්වලාමේ ඒ දවස් වල මම වැස්සකට වත් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා නැතුව ඇති. ඒ තරම් ඉස්කෝලෙ දවස් වල ස්ටෑන්ඩ් එක මට අප්පිරියයි. කොළඹ යන දවස් වලට විතරයි බස්ටෑන්ඩ් එක මතක් වුනේ. අනිත් වෙලාවට ළඟින් යනකොටත් නිකම් මොකද්ද වගේ. ඒත් දැන්… තත්ත්වෙ හාත්පසින් වෙනස්… හැමදාම හවසට බස්ටෑන්ඩ් එකේ. මම කවදාවත් හිතුවෙ නෑ මමත් බස්ටෑන්ඩ් එකට බරක් වෙයි කියලා. මුලදී මුලදී මට ටිකක් බයත් හිතුනා අම්මට අහුවෙයි කියලා. ඒත් දැන් ආපහු අමුතුවෙන් අහුවෙන්න දෙයන් නෑ… ඒක දැන් ප්‍රසිද්ධ රහසක්…