Sunday, June 27, 2010
දෙවියනි! මේ උණ නම් සනීප වෙන්න එපා...
Saturday, June 12, 2010
බ්ලොග් බ්ලොග් බ්ලොග්... එනවා එනවා... මග එනවා...

Wednesday, December 30, 2009
දෙසක් රියක චාරිකාව
Thursday, August 13, 2009
මාර නංගියෙක් හම්බ උනා අයියො… ඔබටත් හම්බ උනාද? පව් නේද…?
Saturday, July 11, 2009
අම්මා හා කිව්වා…
අප්පේ සෑ…හෙන කාලෙකට පස්සේ. මයෙ හිතේ මාස තුනක් විතර අති. කොහොම හරි සින්ඩියේ බොස් මාව සින්ඩියෙන් අයින් කරන්න කලින් ඕන් එකක් ලිව්වා. ඕන් එහෙනං බ්ලොග් නොලිව්වට නිදහසට කාරණා.
- අපේ කොම්පැණිය චකබ්ලාස් උනා. මගේ කලිං පෝස්ට් කියෙව්වනං මම ඒවයේ අනතුරු අගවලා තිබ්බා. සමහර අය මේ සීන් එක දන්නවා. ඉතින් ඕක නිසා අපේ SBU එකේ 3දෙනෙක්ට වැලේ වැල් නැති උනා. මමයි, ෆා ද බ්ලොගීයි, පැංචියි .අනාතයි. දවස් ගානක් ජාලේ තිබ්බෙත් නෑ. කැෆේ යන්න සල්ලි අතෙත් නෑ.ෆුල් අන්දොස්.
- බ්ලොග් ලියන එක පැත්තක දාලා කට්ටියම අළුත් ජොබ් හෙව්වා. ආයේ ඉතින ගමේ ජොබ් හොයනවා බොරු. යනවා නම් ඉතින අගනුවර තමයි. ඒ නිසා මම ජොබ් හෙවිල්ල පැත්තක දාලා ලාවට බිස්නස් එකකට අත ගැහුවා. මේ ගැන මම මුලින්ම කිව්වේ අපේ මරනෙට. මෙන්න මෙතනදි. ඉතින් ඕන් මම ලාවට ජාල කඩයක් දැම්මා. ලාබෙට උබුන්ටුත් එක්ක අපේ ටවුමට ජාලේ දෙන්න. වැඩේ දැන් ටිකක් නැගලා යනවා. උබුන්ටු දුවන්නේ වෑර්ලස් නෙට්වර්ක් එකේ. කොටින්ම උබුන්ටු කියා වෑර්ලස් වත් දුවන ජාල කඩයක් මේ පලාතේ වත් නෑ. ලංකා බෙල් කොම්පැණියෙන් තමයි ජාලේ. ටෙලිකොම්ලට දෙන්න බෑලු. extension අවුල්ලු. ADSL තරහයිලු. Dialog කන්දට වැහෙනවලු. බාධක වැඩියිලු. අපරාදේ කියන්න බෑ අන්තිමේ ලංකා බෙල් කියන ගාන අඩු නැතිව දුන්නා. වෘත්තීය මට්ටමෙන් උබුනුටු දුවනකොට නාගත්ත වෙලාවට අපේ ශාකුන්තල ෆ්‍රෙඩයි හර්ෂන ෆ්‍රෙඩයි හෙන සපෝට් එකක් දුන්නා. දෙන්නටම තැන්කූ… ඉතින් මේවගේ බිසී කේස් නිසා බ්ලොග් එක අයාලේ ගියා.
- තුන්වෙනි හේතුව තමයි සිරාම වගේම දුකම හිතෙන සීන් එක. මගේ ෆියොන්සේගේ අම්මා ඒ කියන්නේ මගේ වෙන්ඩනැද්දම්මා ටිකක් අපි දෙන්නගේ යාළු සමාගමයට ෆීනික්ස් දැම්මා. කරන්නම දෙයක් නෑ. එයා ඉන්නේ ඒරොප්පේ. කවුද රොයිටර් කොනක් එහෙටම නිවුස් එක දීලා. අම්මට මලේ මල. බෑ කිව්වොත් බෑම තමයි. අම්මට සීන් එකට අසූහාරදාහට තද වෙලා.
ඉතින් අම්මා කැමති කර ගන්නත් මාස්ටර් ප්ලෑන් එකක් ගහන්න උනා. පහුගිය දෙවෙනිදා එතුමී ඒරොප්පේ ඉඳන් මෙහේ ආවා. ඒකෙන් අපේ දුරකතන මාර්ගයත් අවහිර උනා. ඉතින් මොන බ්ලොග් ලිවිලිද. මෙලෝ සිහියක් නැතිව නැන්දම්මා කැමති කරගන්න විදිහක් බැලුවා. පස්සේ අපි දෙන්නා කතා වෙලා දුන්නා ඓතිහාසික ගේමක්. ඊයේ දවල් නැන්දම්මව ලන්ච් එකකට එක්කරගෙන ගිහින් හෙන කතාවක් එහෙම පවත්වලා බොහෝම යටහත් පහත් ලෙස ඕකේ එක ඉල්ලුවා. ආයචෙනා කරා. පතරොම් රහිත වෙඩිතැබීමේ කළාව තමයි අනුගමනය කරේ. වැඩේ හිතුවටත් වඩා ගොඩ. නැන්දම්මාගේ හිත උණු වෙලා, මේ අසරණ ගැත්තගේ පහන් සංවේගය උදෙසා ඕකේ එක දුන්නා.
මාර හැපි. හරිනම් බොන්න ඕන සීන් එක. ඒත් කොහෙද බීලා පුරුදු නෑනේ. ඊයේ රෑ අපේ ගෙදරටත් නිවුස් එක ගෙනිච්චා. අපේ අම්මා කොහොමත් ඕකේ එක දීලා තිබ්බේ.
- දැන් ඊලඟට තමයි ලොකුම ගේම් එක. ඒ තමයි මව් සමාගම් දෙක ඉක්මනින්ම මුනගස්සවන්න ඕන. එකටත් දෙන්න ඕන එළ ප්ලෑන් එකක්. ඉතින් මේ නිවුස් එක නොකියා කොහොමද? ඒකයි තකහනියක් බ්ලොග් එක ලීව්වේ. දැන් නම් ඉතින් දිගටම ආපහු ලියන්න ඹ්න.
ඔන්න එහෙනං නිදහසට කරුණු කාරණා කිව්වා. දැනට නවත්තලා යන්න ඕන. “අවසන් සටන”ට ප්ලෑන් එක ගහන්න තියෙනවා. ඕගොල්ලේ ගාව එහෙම තියෙනවනම් එළ ප්ලෑන් එකක් මටත් කියන්න. අමතක කරන්න එපා. මේක අවසන් සටන… අපි දැන් හරි වෙනස් :D
Thursday, April 2, 2009
ගලවපං මේ මාංචු…
එන්නේ නෑ දැන්
ඉස්සර වගේ
කවි සිතුවිලි
මගේ හිතට…
හිර කරලා අපිව,
දාලා මාංචු,
හිතන්න දෙන්නේ නෑ සැහැල්ලුවට,
වගකීම්,
යුතුකම්,
සල්ලි,
අනාගතේ,
මේ එක යතුරකින්වත්
මාංචු ලිහන්න බෑ…
එන්න එන්න හිරවෙනවා…
කෝ අපේ ලෝකේ?
ඒ දවස්වල තිබ්බ,
පාවෙන සැහැල්ලු ජීවිත,
ගංජා ගැහුවේ නෑ අපි,
ඒත් පාවුනා සැහැල්ලුවට,
දැනුනේ නෑ බරක්,
කවදාවත් හිතට,
හිතෙන කොට කෑවා,
හිතෙන කොට බිව්වා,
හිතෙන කොට නෑවා,
හිතෙන කොට නිදා ගත්තා,
හිතෙන කොට නැඟිට්ටා,
හිතෙන කොට ගියා,
හිතෙන කොට ආවා,
ඒත් දැන්,
හැම එකටම වෙලාවක්,
කෝ තිබ්බ නිදහස?
කෝ තිබ්බ සැහැල්ලුව?
මේකද නවත්වය කියන්නේ?
ආසම හැමදේම නැතිවෙන එකද?
ඇයි ආපහු දුවන්න බැරි,
කොල්ලෝ රැලත් එක්ක පාර දිගට?
ඇයි ආපහු හිනා වෙන්න බැරි,
වට වෙලා සෙට් එකම එකට?
ඇයි ආපහු වැටෙන්න බැරි,
අම්මගේ තාත්තගේ තුරුලට,
ඇයි ආපහු අඬන්න බැරි,
දුකක් දැනුනම හිතට?
අපිව හිර කරලා, මාංචු දාලා,
කෝ තිබ්බ සැහැල්ලුව,
ඇයි දැන්ම මේක හිතුනේ?
පිස්සුවත් හැදීගෙන එනවද?
නැත්නම් පිස්සු හොඳවීගෙනවත් එනවද?
කෝ අපේ ලෝකේ?
මේ හිරවෙච්ච කූඩුවද?
ගලවපං මේ මාංචු…
ඇරපං මේ දොර…
යන්න ආයේ අපේ ලෝකෙට…
Tuesday, March 31, 2009
නොපතමි මම
නෙපතමි මම මහ සයුරක්,
පතමි වෙරළත සිප්පි කටුවක්…
නොපතමි මම ඉරක් හඳක්,
පතමි ලඟ ඇති මිණි පහණක්…
නෙපතමි මම රස බොජුනක්,
පතමි ලුණු සහ බත් ඇටයක්…
නොපතමි මම සිටු මැදුරක්,
පතමි සිහිලැල් තුරු සෙවනක්…
නෙපතමි මම සුඟඳ සුර පහසක්,
පතමි සෙනෙහෙබර සිත් අහසක්…
නෙපතමි මම වැතිරෙන්නට සුර යහනක්,
පතමි ඇලවෙන්නට හුරු උකුලක්…
නොපතමි මම ඹබෙන් තොර ලොවක්,
සදමි ඹබට මට එක දෙව් විමනක්…
(ඉහත සොඳුරු ඡායා රූපය මවිසින් ගන්නා ලද එකක් නොවන අතරම, මුලු විශ්ම වියමනම සිසාරා එම සොඳුරු ඡායා රූපය සොයා ගත්තේද මම නොවෙමි)