Thursday, March 19, 2009

තත්ත්වෙ භයානකයි ලොකු පුතේ

BadSituation

කොම්පැණියේ තත්ත්වෙ එන්න එන්නම භයානක අතට හැරිලා. දැනට වට දෙකක් සෙල්ලං කළා. අපි හිතුවේ වට දෙකෙන් ගේම ඉවර වෙයි කියලා. එහෙම නම් ගොඩ. හැබැයි අවාසනාවට තුන්වැනි වටේටත් තේරුණා. තව තව වැඩේ දිග්ගැස්සෙනවා. ආරංචියේ හැටියට 18 වෙනිදා සෙමි ෆයිනල්. 26 වෙනිදා අන්තිම ෆයිනල් එක (හික්). අනේ අප්පේ ඒකෙන් වත් වැඩේ ගොඩ ගියොත් හරි.

තේරෙන්නේ නෑ නේ… ඒක තමයි… මටත් තේරෙන්නේ නෑ… ඒනිසා තේරුං ගන්න උත්සහ කරන්නෙත් නෑ. ආයෙනම් ඉතින් ජොබ් හෙයලා ගොඩයි. අනික පුරුදු ජොබ් එකම. අපේ ලොකු බොස් නම් තාම ගේමේ ඉන්නවා. ෆුල් පොසිටිව්. ගේම අතඅරින්නේම නෑ. තිස් තුන් කෝටියක් දෙයියොන්ගේ නාමෙන් වැඩේ ගොඩ ගියොත් හරි. ඔබාමා මාමේ.., මේ පෙලවහක් කරගන්න ඕන වයසේ ආයේ ජොබ් හොයන්න නම් බෑ හොදේ… අපේ බොස්ට… ජයවේවා… අසරණ අපිටත් ජය වේවා…

(මේක ටික දවසකට කලින් පොතක ලියලා තිබ්බ එකක්… වෙලා තිබ්බ නැති නිසා පබ්ලිෂ් කරන්න බැරි උනා. දවස් එහෙම වැරදි ඇති. වරදට සමාව… (හික්ස්))

8 comments:

  1. මට නම් තේරුණා.. අනේ තිස්තුන් කොටීයක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි.. ආරකෂාවයි..! වැඩේ හරියන්න ඕනි..!

    ReplyDelete
  2. හැමකෙනාගේම වැරදි තියෙනවා වගේම ආයතන වලත් තියෙනවා තමා, මේ අයියාගේ එකම විතරක් නෙමේනේ. ඇත්තටම ධනවාදීව සිතන ගමන් උත්සහාය දරනවා නම් වරදින්නේ නැහැ, සුභ පැතුම් අයියේ.

    ReplyDelete
  3. අනෙ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි!!

    ReplyDelete
  4. මිත‍්රයාට සහ බොසාට දෙන්නටම ගොඩ යන්න ලැබේවා. :)
    ඒත් මචෝ සූදානම් සරීරෙ කියල කෝකටත් බැකප් ජොබ් විසදුමකුත් හොයන් හිටිය නම් හොදා..

    ReplyDelete
  5. සුදු සීයට පින් සිද්ද වෙන්න මෙදා පොටේ අවුරුදුත් නැතිවෙන්නයි යන්නෙ. ඔහොම යන් ඔහොම යන් මල්ලී

    ReplyDelete
  6. කමන්ට් දැමූ සියලුම මිතුරනි,
    මේ දවස් ටිකේ අම්බානක බිසී... පොඩි වැ‍ඩක් පටන් ගන්න යනවා... ජොබ් එක ෂුවර් නැති නිසා... බොහෙම ස්තූතියි මලී නඟා... බින්කු මලයාටත් ස්තූතියි... චිනතකගේ අදත් මල්ලේ පොල් වගේ... ගවේෂණ කිව්වත් වගේ පොඩි බිස්නස් ලයින් එකක් බලා ගෙන යනවා... නදී උඹයි මමයි දෙන්නම එක බෝට්ටුවේනේ...

    ReplyDelete
  7. හ‍රිම කනගාටුයි අහන්නත්
    එත් නිකමට වගෙ මෙක තියාගන්න...
    http://www.topjobs.lk/

    ගුඩ් ලක්

    ReplyDelete
  8. ශලනි-- හැබෑව... හැබැයි වැඩි හරියක් ඕකේ තියෙන්නේ කොළඹ ජොබ්... දෙයියෝ දුන්නත් කොළඹ ජොබ් නම් එපා...

    ReplyDelete