Tuesday, March 31, 2009

නොපතමි මම

Nopathami Mama

නෙපතමි මම මහ සයුරක්,
පතමි වෙරළත සිප්පි කටුවක්…

නොපතමි මම ඉරක් හඳක්,
පතමි ලඟ ඇති මිණි පහණක්…

නෙපතමි මම රස බොජුනක්,
පතමි ලුණු සහ බත් ඇටයක්…

නොපතමි මම සිටු මැදුරක්,
පතමි සිහිලැල් තුරු සෙවනක්…

නෙපතමි මම සුඟඳ සුර පහසක්,
පතමි සෙනෙහෙබර සිත් අහසක්…

නෙපතමි මම වැතිරෙන්නට සුර යහනක්,
පතමි ඇලවෙන්නට හුරු උකුලක්…

නොපතමි මම ඹබෙන් තොර ලොවක්,
සදමි ඹබට මට එක දෙව් විමනක්…

(ඉහත සොඳුරු ඡායා රූපය මවිසින් ගන්නා ලද එකක් නොවන අතරම, මුලු විශ්ම වියමනම සිසාරා එම සොඳුරු ඡායා රූපය සොයා ගත්තේද මම නොවෙමි)

10 comments:

  1. "විශ්ම වියමනම" :)

    ReplyDelete
  2. ලස්සනයි!

    (ඒත් කණට දුම් පි‌‌ඹිනවාද කියලත් හිතෙනවා)

    ReplyDelete
  3. අදහස අපූරැයි..... හැබැයි ආදරය නම් බොළ්‍රදයි......!

    ReplyDelete
  4. divi sanasana unu bathakata,
    Nowei pilumu bath ulakata,
    warm nomethi mama nohadami,
    posilean pigaanakata....

    ReplyDelete
  5. දිවි සනසන උනු බතකට,
    ණොවේ පිලුනු බත් උලකට,
    වර්ම් නොමෙති මම නොහඩමි,
    පොසිලේන් පිගානකට....

    ReplyDelete
  6. අවංකවම ලස්සන කවියක්!

    ReplyDelete
  7. ඩනිශ්ක-- ඇත්ත තමයි. ලොකු වැරැද්දක්... "විශ්ව වියමන" වෙන්න ඹ්න නේද?

    a sweet thing-- Thank you...

    බන්දුල-- ස්තූතියි

    ක්‍රිෂාන්-- අපූරු කවියක්...

    Anonymous--
    බොහෝම ස්තූතියි. හැබැයි අන්තිම වචනේ තේරෙන්නේ නෑ...

    මලී-- ස්තූතියි මලී... හදිස්සියේම ලියවිච්ච එකක්...

    ReplyDelete
  8. mekanam mare maru.. ane samawenna sinhala font ekata mokakda wela. ekai suddage akurin mage adahas liyanne. pinthure wishwa wiyana peerala hoyagatta surupiniya kawuda kiyala api dannawaaaaaaa.......

    ReplyDelete
  9. @ Nadee-- Kata Kata.. Sh...!!!

    ReplyDelete