Wednesday, December 30, 2009

දෙසක් රියක චාරිකාව

ඔන්න එහෙනම් කාළෙකට පස්සේ මගේ බ්ලොග් එක පැත්තේ ආවා පෝස්ට් එකක් දාන්න. දාන්නම දෙයක් නැතුව ඉද්දී තමයි හදිස්සියේම පොඩි ට්‍රිප් එකක් යන්න සිද්ද උනේ. පුංචි උනත් ලස්සන ගමනක අත්දැකීම බෙදාගන්න හිතුවේ මම ඒ නිසයි.

දිනය 2009 දෙසැම්බර් මස 25 එනම් නත්තල් දවස.
වෙලාව හවස 1:15
ස්ථානය බණ්ඩාරවෙල
නත්තල් දවසේ උදේම බදුල්ලේ ඉඳන් බණ්ඩාරවෙල ගියේ බ්ලොගී බලන්න කියලා. බදුල්ලෙන් උදේ 8:30ට විතර පටන් අරන් පුළුවන් තරම් හෙමීට බණ්ඩාරවෙලට බයික් එක පැද්දේ වට පිටාවේ ලස්සන බල බල. වේගෙන් යනවට වඩා හෙමීට වින්දනීය ගමනක් යන එක මාර ආතල්. කොහොමහරි පැයකින් විතර බ්ලොගීලග් ගෙදරට ගියා. සීතල වැඩි කම‍ට කම්මැලි කමේ බෑ. උදේ වරුව ටිකක් කම්මැලි වුනත් හවස් වරුව‍ටත් එහෙම වෙන්න දෙන්න හොඳ නැති නිසා අපි හිතුවා පොඩි ට්‍රිප් එකක් යන්න. බ්ලොගීගෙ අයියයි නංගියි සීතල වැඩි නිසා ගෙදරින් එලියටවත් බහින්නේ නැතුව ඉද්දි මමයි බ්ලොගීයි බයික් එකට නැග්ගේ ට්‍රිප් එක යන්න. වැඩිය දුර නෙමෙයි. නාය බැද්දේ කන්ද මුදුනේ තියෙන ටවර්ස් බලන්න යන්න.
සීතලෙන් බේරෙන්න ජැකට් දෙකකුත් දාගෙන බයික් එකට නැග්ගට මොකද, මල් තුහින (පිණි වගේ වුනාට පිණි නෙමෙයි)සහ සීතල කියන දෙක පරද්දන්න ජැකට් වලට බැරි වුනා. කලින් දවසේ රු. 500 කම පෙට්‍රල් ගහපු නිසා බය නැතුව ගමන පටන් ගත්තා. විනාඩි 5කින් විතර අපි බණ්ඩාරවෙල දුම්රියස්ථානය පහු කරලා පූනාගල පාරේ කන්ද උඩට ඇදෙන්න‍ට වුනා. දුම්රිය ස්ථානයට ටිකක් උඩින් නැවතිලා ටවුන් එක පේන හැටි ෆොටෝ එකක් ගන්නත් අමතක කරේ නෑ.
Image0600
UP JO 6809 බයික් එකේ ගිය අංකල් කෙනෙක් තමයි ටිකක් අමතක වෙලා තිබ්බ පාර මතක් කරේ.
Image0601
‍මෙන්න හම්බවුන පලවෙනි හංදිය මෙනින් වම් පැත්තට තමයි අපි යන්නේ. හැබැයි දකුණු පැත්තට ගියත් ලස්සන තැන් ගොඩක් බලන්න පුළුවන්.
Image0603
එතනින හැරිලා කිලෝ මීටර් කිහිපයක් කන්ද උඩට යනකොට තමයි නායබැද්ද තේ ෆැක්ටරි එක හම්බවෙන්නේ. ෆැක්ටර් එක ඇතුලෙන් තමයි කන්ද උඩට යන්න ඕන. එතනෙදී රුපියල් 30ක ටිකට් එකක් ගන්න වෙනවා. මේ තියෙන්නේ ෆැක්ටරි එකෙයි අපිට ටිකට් දීපු අංකල් ගෙයි පිංතූර දෙකක්.
Image0608
Image0607
එතනින් පස්සේ තමයි ලස්සනම දේවල් ටික දකින්න ලැබෙන්නේ. පරිස‍රය ඒ තරම්ම සුන්දරයි. සෑහෙන්න ගහ කොළ වැවිලා තියෙනවා. නොයෙක් ‍වර්ගයේ ගස් වලින් පාර දෙපැත්ත පිරිලා. පාරෙන් උඩයි පාරෙන් පහලයි තනිකරම එක යායට තේ වවලා. කඳු මැද්දේ වැඩියෙනුයි කඳු මත ටිකක් අඩුවෙනුයි තෙරපෙන මීදුමත් මේ දර්ශණය එකතු වුනාම මැවෙන්නේ අමුතුම ලස්සනක්. ඒක වචනයෙන් කියන්න තරම් මම දක්ෂ නෑ. ඒ ලස්සන පෙන්නන්න Nokia Music Express එකේ කැමරාවත් එච්චර දක්ෂ නෑ. ඒත් ඔයාලට ඒවා පෙන්නන්නේ නැතුවත් බෑ.
Image0629Image0628
Image0633 Image0635
අපි හැමෝම ගහ කොළ වලට ආදරෙයි. හැබැයි හැමෝම එහෙම නෑ. ලොකේ එක පැත්තක කැළැ ගිනිතියන කොට ගෝලීය උනුසුම වැඩිවෙලා මුලු ලෝකෙම ඒවගේ අතුරු ඵල වලින් විඳවනවා. ලෝකේ තවත් පැත්තක මේ වගේ ගහ කොළ වවලා හොඳ ඔක්සිජන් ටිකක් හොඳ වතුර ටිකක් හොඳ දේශගුණයක් හිත ඇදී යන සුන්දරත්වයක් ලෝකෙට දායාද කරනවා. ඒත් මේ පැති වලත් ගස් කපන කැළෑ ගිනි තියන මිනිස්සු නැතුව නොවේ. ඒත් මිනිස්සු‍න්ගේ ආකල්ප වෙනස් කරොත් ගහකොළ ටිකක් ඉතිරි කරගන්න පුළුවන්. මේ එකට හොඳම උදාහරණයක්. මෙහෙම ලියලා තියෙන්නේ නිකම්ම නිකං වචනෙට නෙමෙයි. සුද්දගේ කාලේ ඉඳන් වතු ආශ්‍රිතව ජීවත් වෙන මිනිසුසු ගහ කොළ වලට ආදරේ නිසා.
Image0636
Image0644
කොහොමින් කොහොම හරි සෑහෙන වෙලාවකට පස්සේ අපි ශාන්ත කැතරින් පෙදෙසට ලඟා වුනා. මෙතනින් එහාට පරිසරය තවත් ලස්සනයි.
Image0645
මේ ගමනෙදී බ්ලොගීටයි මටයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි අපි දෙන්නගේ ‍පිංතූරයක් ගන්න කෙනෙක් නොසි‍ටීම. වාසනාවකට වගේ St. Catherines වලට ආවම අපිට තව මල්ලිලා කට්ටිටක් හම්බ වුනා. ඒ ගොල්ලොත් පයින්ම ටවර්ස් බලන්න යන අය. ඉතින් ඒගොල්ලොන්ගේ පිහිටෙන් අපිට පුළුවන් වුනා අපේම පිංතූරයක් ගන්න. මේ ඉන්නේ මායි බ්ලොගීයි අපේ ගමන් සගයයි.
Image0646
St. Catherines කියන්නේ නායබැද්ද වත්තේ උඩම ලස්සනම හරිය. ඒවගේම මුලු ලෝකෙටම හොඳම වර්ගයේ තේ ලබා දෙන වටිනා කියන තැනක්. මේ තියෙන්නේ කඩලා එකතු කරපු තේ දළු.
Image0648Image0649
මෙතනට ලං වෙනකොට තව හන්දියක් හම්බවෙනවා. එතනින් අපි තීරණය කළ යුතුයි Lipton Seat යනවද St. Catherine Seat යනවද කියලා. Lipton Seat එකත් ඇත්තටම ලස්සනයි. හැබැයි යන්න වෙලාව මදි. ඒ නිසා එහේ විස්තර වෙන දවසක ඔයාලට කියන්නම්. අපි මෙතනින් වමට හැරෙමු.
Image0650
අයි මේ Seat කියලා නමක් දාන්නේ කියලා හිතෙන්නේ නැද්ද? හේතුව මේකයි. මේ තේ වතු වල උඩට යන්න යන්න ලස්සන තැන් තියෙනවා සෑහෙන ප්‍රදේශයක් ඈතට පේන. හරිම ලස්සන Panoramic දර්ශණ. සුද්දගේ කාලේ මේ වගේ තැන් වල ආසන හදලා තියෙනවා ඒ ගොල්ලන්ට නිවා‍ඩු පාඩුවේ සැනසිල්ලේ වාඩි වෙලා ඉන්න. දෙවනුව ඒ තැන් වලට නමකුත් දානවා. සමහර වෙලාවට මීදුම නැති අවස්ථාවල බොහෝ ඈත වගේම තමන්ගේ වත්තේ හැම අස්සක් මුල්ලක්ම පේනවා. ඒ අතින් බැලුවොත් ලොක්කෙක්ට තමන්ගේ වත්තේ ප්‍රගතිය බලන්න, ගස් හරියට කප්පාදු කරලද බලන්න, හරියට පිළිවෙලට වවලද බලන්න, කට්ට්ය ඒ ඒ තැන්වල වැඩද බලන්න හොඳ මොනිටරින් ටූල් එකක්.
මෙන්න අපි ආවා Sr. Catherine Seat එකට. මෙතන ඉඳන් බැලුවම කඳුවලින් වට වෙලා තියෙන් බණ්ඩාරවෙල දියතලාව පැත්ත හොඳට පේනවා. හැබැයි ඉතින් මොනා පේන්නත් මීදුම නැති වෙන්න ඕන. මේ වෙලාවෙනම් සෑහෙන්න මීදුම. අ‍ඩි 50ක් එහා හරිය පේ‍න්නෙත් ලාවට.
Image0658
ඔන්න එතනින් මීටර් 100ක් විතර ඈතට ගියාම අපේ නියම මාතෘකාවට එන්න පුළුවන්. එතනදී තමයි අපිට ලංකාවේ පළවෙනි රූපවාහිනී සේවාවේ සේවා කුළුන දකින්න පුළුවන් වෙන්නේ. ඒ තමයි ITN ස්වාධීන රූපවාහිනී කුළුන සහ කාර්යාලය. ප්‍රශ්ණයක්!!! විශේෂ අවසරයක් නැතිව ඇතුල් වීම ස්ම්පූර්ණයෙන්ම තහනම්.
Image0665 Image0666
ළඟට යන්න බැරි නිසා ඈත ඉඳන් ගත්තේ මේ පිංතූරේ. හොඳට බැලුවොත් පේනවා ITN Sri Lanka කියලා ගොඩනැඟිල්ලේ ගහලා තියෙනවා. වැඩි විස්තරයක් (විශ්ෂයෙන්ම ටෙක්නිකල්) දැනගන්න කෙනෙක් නොසිටියත් ස්ථාන භාර නිලධාරී තුමා තමන් දන්න විදිහට අපිට ගොඩක් දේවල් කියලා දුන්න. හැබැයි එයා ගේට්ටුවෙන් එහා. අපි මෙහා.
මෙතන තියෙනවා කුළුනු දෙකක්. හොඳට බැලුවොත් ඔබට පෙනේවි. වම් පැත්තේ පිංතූරේ ‍ඈත පේන කුළුනු දෙක අමතක කරන්න. නැත්නම් දකුණු පැත්තේ පිංතූරේ බලන්න.
Image0671 Image0673
අපේ දැන් කතාව ඔය එක ලඟ තියෙන ලොකු කුළුනයි පොඩි කුළුනයි ගැන. ඒ දෙක තමයි ස්වාධීන රූපවාහිනියට අයිති. වැදගත්ම දේ… ඔය පොඩි කුළුන තමයි ලංකාවේ පළවෙනි රූපවාහිනී කුළුන. (තොරතුරු ලබා දීම ස්ථානභාර නිලධාරීතුමන් විසිනි) ඒ දවස් වල ලංකාවේ සෑහෙන ප්‍රදේශයකට ස්වාධීන රූපවාහිනිය ස්ම්ප්‍රේශණය කරලා තියෙන්නේ ඒ කුළුනෙන්. ඒ ට්‍රාන්ස්මීටරය තාමත් මෙතැන ඔවුන් සතුව තිබෙනවා. අද කාලේ ඒ වැඩේම අපි ඔබ දැකලා තියෙන මහා උස කුළුනු වලින් කෙරෙද්දි, ඒ කාලේ මේ බට්ටා කොහොම ඒ වැඩේ කළාද කියලා පුදුමත් හිතෙනවා.
අනිත් උස කුළුන තමයි අලුත් එක. හැබියි මේ කුළුනෙත් අනිත් ඒවාගේ වගේ අර ඩ්‍රම්ස් සවි කරලා නෑ. දකුණු පැත්තේ පිංතූරේ හොඳට බැලුවොත් ඒකේ ආධාරක කොට‍ස‍ට ඉහලින් තියෙන සිහින් කොටස නැවතත් ඉහලදී විශාල වෙනවා. එතන කුල්ලක හැඩේට තියෙන අන්ටනා කිහිපයකින්ම තමයි ලක්හඬ ගුවන්විදුලිය සම්ප්‍රේශණය වෙන්නේ. ඊටත් උඩින් කුළුන නැවත සිහින් වෙන තැන (මීදුම නිසා පේන්නේ නැති තරම්) තියෙන තනි ඇන්ටනාවෙන් තමයි ස්වාධීන රූපවාහිනිය විකාශය වෙන්නේ. මෙතනට සංඥා ලබා ගන්නේ සූරිය කන්දේ තියෙන ස්වාධීන රූපවාහිනී කුළුනෙන්. ලඟපාත තියෙන මධ්‍යම කඳුකරයේ වෙනත් කුළුනු වලින් සංඥා ලබා ගන්නට නොහැකි හේතුව ලෙස පැවසෙන්නේ විශාල කඳු පංතිම එයට බාධාවක් වන නිසයි. යටියන්තොට ප්‍රධාන මධ්‍යස්ථානයෙන් ලබාදෙන පිංතූරේ කුළුණු කිහිපයක් හරහාම අවිත් බදුල්ල බණ්ඩාරවෙල අපේ පැත්තේ ටීවී වලට එන්නේ මෙතනින්. හදිසියේම අර නිළධාරී තුමන්ට දුරකථන ඇමතුමක් ආපු නිසා ඈත ඉඳන්ම ඔහුට ස්තූති කරමින් අපි ආපහු හැරුනා. මේ ටවර් එක ළඟ ඉඳලා බණ්ඩාරවෙල දියතලාව නගර පේන හැටි පෙන්නන්න ගත්ත පිංතූරේ අප්ලෝඩ් කරනවට වඩා සුදු A4 කොළයක් දිහා බලන්න කියලා ඔබට කියන එක හොඳයි. ඒතරම්ම මීදුම. හ්ම්ම්ම්… එහෙනම් යමු ටිකක් එහාට…
දැන් අපිට හමබ වෙන්නේ ස්වර්ණවාහිනී (EAP) සහ ඩයලොග් (MTT) කුළුණු. අවාසනාවක මහත, වටිනා කියන තොරතුරු ටිකක් අහගන්න කෙනෙක් සහ අඩුම තරමේ මනුස්ස පරාණයක් පේනනවත් හිටියේ නෑ. ඒත් අපි පිංතූර ටිකක් ගන්න අමතක කරේ නෑ.
මේ තියෙන්නේ ස්වර්ණවාහිනී ඇතුලු EAP කට්ටියගේ කුළුණ. එතැනට ලංවෙන්නට හැකියාවක් තිබ්බේ නෑ.
Image0674 මෙන්න එනවා අපේ ආදරණීය වැඩිකැපිලි නැති බොරුකැපිලි නැති (පොඩි ඇඩ් එකක් :D) ‍ඩයලොග් ජී.එස්.එම්. සහ ඩ‍යලොග් Broadband (Broadband කෑල්ල සිංහලෙන් ලියාගන්න බැරුව ගියා) කුළුණූ. පිංතූර දෙකේම තියෙන්නේ එකම දේ.
Image0676
Image0677
හැබැයි Broadband එක කෝකද ජී.එස්.එම්. කෝකද කියලා හරියටම දැනගන්න කවුරුත් ලඟපාත හිටියේ නෑ.
ඊලඟට Lipton Seat පාරේ පොඩ්ඩක් දුර මීටර් 200ක් විතර යනකොට හම්බවෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුළුණ. එතැන‍ට බණ්ඩාරවෙල දියතලාව පැත්ත වගේම අනිත් පැත්තේ වැල්ලවාය තණමල්විල පැත්තත් ඈතට පේනවා.
Image0684
Image0686
කන්දෙන් අනිත්පැත්තේ පේන දර්ශණයත් ඒ තරම්ම ලස්සනයි. මීදුමයි,‍ තේවත්තයි, කඳුපන්තියයි එක්ක මැවෙන්නේ අපූරු දර්ශණයක්. කන්ද මුදුනෙම පුංචි බුදු කුටියකුත් තිබ්බා.
Image0687
Image0690
දැන් අපි ඉන්නේ කන්ද මුදුනේම. ඉතින් මෙච්චර දුරක්, මෙච්චර උසක් කිසිම කරදරයක් දෙන්නේ නැතුව කිසිම වාතයක් වෙන්නේ නැතුව අපිව එක්කගෙන ආපු එක්කෙනාව මතක් නොකරම බෑ. මෙන්න ඉන්නවා අපේ සුසූකි ජී.එන්. 125 මිත්‍රයා.
Image0691
ඔන්න එහෙනං අපි ගමන ඉවර කරලා පල්ලම් බහිනනයි ලෑස්තිය. හදිස්සියට කන්නෙත් නැතුව ආවට මොකද කන්න මුකුත් ගේන්නත් බැරි වුනා. අඩුම තරමේ බිස්කට් එකක්වත් ගෙනාවේ නෑ. තේ කඩයක්වත් හොයාගෙන යං කියලා කන්ද උඩ තිබ්බ ගමක‍ට ගියා. මොන තේ කඩද… කොච්චර තේ ගස් තිබ්බත් එක තේ කඩයක් වත් නෑ. මේ ආච්චි තමයි අපිට ගමට යන පාර පෙන්නුවේ. හොඳවෙලාවට බ්ලොගී දෙමළ දන්නවා. නැත්නම් අනාතයි. මේ ආච්චි “අන්ද කීඊඊඊඊඊඊඊඊල පෝ…” කිව්වම අපි කොහේ යයිද දන්නෙ නෑ. :D
Image0695 කරන්න දෙයක් නැති පාර ගමේ කෝවිලටත් ගිහිල්ලයි ආවේ.
Image0692 Image0694
එන ගමන් අපි ඊලඟ දවසේ යන්න හිතාගෙන ඉන්න පැත්තත් ඔබට පෙන්නන්නම්. ඒ තමයි Lipton Seat එක. St. Catherine Seat තියෙන්නේ නායබැද්‍ද වත්තේ වගේ Lipton Seat තියෙන්නේ දඹේතැන්න වත්තේ. ඒ වත්ත නායබැද්දටත් වඩා ලස්සනයි. ඒ දවස්වල ලංකාවේ හොඳම තේ. දැන් කියලා වෙනසකුත් නෑ. මගේ ලොකු තාත්තා ඒ කාලේ දඹේතැන්නේ තමයි වැඩ කරේ. ඉතින් ඊලඟ ට්‍රිප් එක Lipton Seat ගිහිල්ලා පෝස්ට් එක ලියන්න කලින් ලොකු තාත්තා අපේ ගෙදර පැත්තේ ආවොත් රසවත් වගේම හරවත් කතා ගොඩක් ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙයි. එතකල් ඉතින් ලිප්ටන් සීට් යන ලස්සනම ලස්සන දඹේතැන්න වත්ත මැදින් වැටුනු පාර ඔයාලට පෙන්වන්නම්.
Image0681
Image0682
එහෙනම් අදට චාරිකාව ඉවරයි. හැබැයි ඔයාලට වුනත් නිවාඩු පාඩුවේ ඇවිල්ලා නිස්කලංකව ඉඳලා යන්න නියම තැනක් මේ. හැබැයි මේ ලස්සන පරිසරයට පොලිතීන් හා අනෙකුත් නොදිරන දේවල් අරං ඇවිත පරිසරයට පොඩ්ඩක්වත් හානි කරන්න දායක වෙන්න එපා. අවුරුදු ගානක් තිස්සේ මේ මිනිස්ස් මේ වතුවල සුන්දරත්වය එකවගේම පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ බොහෝම අමාරුවෙන්. ඒ නිසා පරිසරයට හානියක් නොකර කට්ටියත් එක්ක ඇවිල්ලා ලස්සන බලලා විනෝද වෙලා යන්න. ආ… තව එකක්. අපේ බ්ලොගර්ස්ලා එහෙම මේ පැත්තේ එනවනම් කියන්න. අවශ්‍යනම් මාර්ගෝපදේශණය නොමිලේ… :D

සටහන මගෙන්...
ඡායාරූප බ්ලොගීගෙන්...

15 comments:

  1. Sha....මාරම ලස්සනයි අප්පා.. මීදුම දැක්කම හීතල ගැන හිතා ගත්තහැකි.. පොඩ්ඩක් හිටුකෝ.. මාත් එනවා කවදම හරි ඔය පැත්තට එතකොට සේරමලා එකතු වෙලා මාවත් එක්ක පලෝ හොදේ...!!

    ReplyDelete
  2. අම්මටසිරි.. පට්ට සීනරිය නොවැ!
    කොච්චර සීතලේ වෙව්ලුවත් මමත් හරියට ඇවිදින්න ආස පලාතක් තමා උඩරට. හැබැයි ඔය බණ්ඩාරවෙල පැත්තේ නං ඇවිත් නෑ :(
    දැං ඉතිං එන්න බැරියැ... කුෂාන් අයියා පාර පෙන්නන්න එනවනේ.. :P

    ----
    කෝ ඔය දෙන්නා ඉන්න පොටෝ එක පැහැදිලි නෑ නේ... O_o

    ReplyDelete
  3. නියමයි සීතල දැනෙනව වගේ.....

    ReplyDelete
  4. මං උඹව නම් අදුනන්නේ නෑ.. ඒත් ඉස්සර ඉදන් බ්ලොගියාව නම් දන්නවා.. කට්ටියගේ ෆොටෝස් බලලා තමා ඔන්න උඹ ගැන දැන ගත්තේ...

    මේක නම් හෙනම හෙන සීතල පාටයි නේ.. ඔය ජැකට් ඔරොත්තු දෙන්නේ නෑ තමයි... ඔය දෙන්නාට සන්නියක් වත් හැදෙන්නේ නැතුව ආවට දෙයියොන්ට පිං දෙන්න... හෙ හේ...

    ReplyDelete
  5. මලියෝ-- කාලෙකට පස්සේ ලැබිච්ච පලවැනි කමෙන්ටුවට ටැංකියු. මීදුම කියන්නේ නඟා ආයේ නෑ අහසේ ඉන්නවා වාගේ තමයි. එන්න එන්න සාද‍රයෙන් පිලිගන්නවා. පුළුවන් නම් අර නීතිවේදියා (මම දන්න විදිහට) වත් අරගෙන දෙසක් රියක එන්න. හොඳ රයිඩ් එකක් දාමු.

    අප්පට සිරි ඉන්දරේ මල්ලී-- සීනරිය කියන්නේ මෙන්න (මහපට ඇඟීල්ල ඉහලට). මෙහේ ඇවිල්ලා නැත්නම් ඉතින් ජීවිතේ පොඩි අඩුවක් තමයි. අනිවා එන්න. යමු නියම ටුවර් එකක්.
    ආ පොටෝ එක. මේක මේ මේ සින්දු ෆෝන් එකක් නේ. ඒ නිසා ෆොටෝ හොඳ මදි මයෙ හිතේ.

    ප්‍රභාත් -- එළ එළ

    පිස්සා වෙත -- එච්චර දන්නේ නැති වුනාට මම ඔය අයිකන් එන නිසා බොලාව මතකයි.
    අනිවා පින් දෙන්න වෙනවා. අනික අපිට ටිකක් පුරුදුයි. :D

    ReplyDelete
  6. සීතලේ බයික් එකේ යන්න??? අපොයි මටනම් මේ දවස්වල උදේට මෙහේ යන්නත් බැහැ සීතලට. ඕකනම් කීයටවත් යන්න බැහැ. කොහෙද අරයා ඒදා සේරම ඉවර කලානේ නැත්නම් පොඩ්ඩක් අරන් ගිහින් ගැහුවනම් සීතල අඩු කරගන්න තිබ්බා.

    ඔය කණු තියෙන හරියවල් අධි ආරක්ෂිත කලාප නෙමෙයිද බන්? ඕවා ගාවානම් වැඩිය ඉන්න හොඳ නැහැ හෙන වදින්න පුළුවන්.

    ReplyDelete
  7. මරණේ-- ඒ වුනාට පට්ට් ආතල් බං. හපොයි මම ඒවා බොන්නෙ නැතෝ... අධිආරක්ෂිත තමයි බං. ඒකනේ ඇතුලුවීම තහනම්. වැස්ස වෙලාවට නම් බයයි තමයි. එතන ඉන්න අය කියන කතා ඇහුවම ගැහෙනවා බං බයට... කන ගාවලු අකුණු පුපුරන්නේ. උණ ගැනෙනවලු ඒ වෙලාවට...

    ReplyDelete
  8. බණ්ඩාරවෙල කොයි හරියේද අයියේ ඉන්නේ??? අපේ මාමා කෙනෙක්ගේ තේ වත්තක් තියෙනවා. ඒතනට කොතරම් ගිහින් තිබ්බට කැලේ වදින්නයි බදුල්ලෙන් එහා යන්නයි නකල්ස් ගහින්නයි එහෙම හැරෙන්න ඔතනට ආවයි කියලා මතක නෑ. ඒත් ‍දවසක් මොකක්හරි කන්දක නැගලා මුදුනේ ඔය වගේ කලුණු තිබ්බ එකක් හම්බ වුණා මතකයි, ඒ වුණාට ඕක නො වෙන්න පුළුවන්.

    එලෙළ, බීලොගී එක්ක අවුරුද්දට නත්තලට අර සතියක් තරහ වුණාට පලහිව්වටත් එක්ක හොඳ ගමනක් ගිහින් නෙව!

    ඔය දෙදෙකාට සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  9. බින්කුවෝ... සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා මලයාටත්... සමහරවිට ඔයා යන්න ඇත්තේත් මෙතනට තමා. මොකද වෙන ටවර්ස් තියෙන තැනක් නෑ...

    ජය වේවා...

    ReplyDelete
  10. අපේ දෙසක් රියට ජයවේවා. දැන් අපි මේ ගමනේ පාට් ටූ යන්නේ කවදාද?

    @බින්කු - ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා මල්ලී.!

    ReplyDelete
  11. හුටාස්.. කුෂාන් අයියේ.. නීතිවේදියා එක්ක දෙසක් රියක ආවොත් එහෙම මගේ මිනිහා මොකේද එන්නේ??? ටපල ගන්න එපා.. ඒ නීති කාරයා මගේ හොදම යාළුවා.. ඔයාලගේ පැත්තේ ඉන්න කෙනා තමා මහත්තයා.. :ඩී

    ReplyDelete
  12. මලි‍යෝ-- ඈ බං සිරාවට... මං හිතන් හිටි‍‍‍යේ වැරදියට‍නේ. අම්බානක ‍‍සොරි ‍‍වෙන්ඩ ඕන. ඔය ‍‍මෙ‍හේ ඉන්න එක්‍‍‍කෙනාව මුණ ගැ‍‍හෙන්න බැරිද අපට?

    ReplyDelete
  13. මෙතනට පයින් යනවනම් ගොඩක් දුර පයින් යන්න තියනවද ?

    ReplyDelete
  14. නැහැ නැහැ... බොහෝම ලේසියෙන් යන්න පුළුවන්. වැඩිය දුර නෑ. පැය තුන හතරක් ඇතුලත හෙමින් සැරේ ගිහිල්ලා හෙමින් සැරේම එන්න පුළුවන්.

    අදයි බ්ලොග් එක පැත්තේ ආවේ. ප්‍රථිචාර පමා වුනාට සමාවන්න.

    අප්පටසිරි මේ අපි දන්න කියන මල්ලි කෙනෙක්නේ. දැනුයි ඔයාගේ profile එක බැලුවේ... ;D

    ReplyDelete
  15. අපේ නෑදෑයොත් ඉන්නවා බණ්ඩාරවෙල පිට්ටනිය ලග පාරේ.ඒ පැත්තේ කොච්චරවත් කරක් ගහලා තිබුනත් ඔය කියන හරියට ගිහින් නෑ නොවැ.හිටින්කො..මේ සැරේ බයික් වලින් ඇවිත් වටවන්දනාවේ යන්නයි හිතාන ඉන්නේ...

    ReplyDelete