Sunday, June 27, 2010

දෙවියනි! මේ උණ නම් සනීප වෙන්න එපා...

හැමදාම හොඳ සනීපෙන් ඉන්නනේ කවුරුත් කැමති. මාත් එහෙමයි. එත් ‍මේ දැනට අවුරුද්දකට හමාරකට කලින් මට හැදිච්ච පොඩි උණක්, වැරදිලාවත් සනීප වෙයි කියල මං මේ පට්ට බයේ ඉන්නේ. අවුරුද් විසිගානක් තිස්සේ බලං ඉඳලා හදාගත්ත උණ නොවැ. දැන් නං මං කොහොමටවත් කැමති නෑ ඒ උණ සනීප වෙනවට.

මෙන්න ඒ උණේ කතාව...

පුංචි කාලේ මාතක ඇති කාලෙක ඉඳන්ම ඉස්කෝලේ ගියේ දහම් පාසල් ගියේ තාත්තත් එක්ක බයික් එකේ (අපි මෙහෙම හිටියට හොඳ දැහැමි දරුවෝ හරිද?) ඒ දවස් වල තාත්තට තිබ්බේ හොන්ඩා සුපර් කබ් 90 එකක්.
මේන් මේ ජාතියේ කොළ පාටට හුරු එකක්.

ඔය බයික් එකෙන් අපි නොගිය දිහාවක් නෑ. තාත්තටත් පන වගේ තිබ්බ බයික් එක. බයික් එකක් කිවුවට ඉතින් කාර් එක වගේ තම කණ ගාවින් ගියත් කිසී සද්දයක් නෑ. ෆුල් ටියුන්ඩ් එන්ජින් (පොඩි ඇඩ් එකක්). කොටින්ම අපි බදුල්ලේ ඉඳන් මාතර අපේ තාත්තලගේ ගමේත් ගිහින් තියෙනවා. ඩබල් නෙමෙයි ට්‍රිබල් නෙමෙයි තාත්තයි අම්මයි මමයි නංගියි හතරදෙනාම දාගෙන ඔය හොන්ඩා නයින්ටිය මාතර අදිනවා. ඒ විතරක් මදෑ වැලිගමින් දෙනිපිටියට දෙනිපිටියෙන් වීරපානට වීරපානෙන් ආයේ වැලිගමට ඊට පස්සේ ආපහු බදුල්ලට. මේ වගේ සෑහෙන දුරක් අපි හැමෝවම කරෙන් අරන් ගියේ ඔය නයින්ටිය තමයි. ‍කිලෝමීටර 20කින් 30කින් පස්සේ අයිනක නවත්තලා ගිනියම් වෙච්ච ප්ලග් එක සුද්ද කරන්න වෙනවා ඇරෙන්න වෙන කිසිම කරදරයක් දුන්නේ නැති බයක් කට්ටක් ඕක.

ටික කාලයක් ගියාම තාත්තටත් ටිකක් ෆැෂනබල් රයිඩින් එකක අවශ්‍යතාවයක් දැනිලා ගත්තා ඉතින් වයසේ හැටියට ටිකක් විතර ෆැෂන් එකක් :)


ඔය කාලේ තමයි ඩේවිඩ් පීරිස් ලා හිටු කියලා බජාජ් බොක්සර් ලංකාවට ගෙන්නන්න පටන් ගත්තේ. ඒ කාලේ හැටිය‍ටයි, තාත්තගේ වයසේ හැටියටයි හොඳම භාණ්ඩේ තමයි ඒක.‍ පෙට්‍රල් ම හැට හැත්තෑවකට වැඩිය කරනවා. ඔය තියෙන්නෙත් මේ මෑතක ගත්ත ඇත්ත පින්තූරයක්. පරණ නයින්ටිය තාත්තගේ ඔෆිස් එකේ පියන් කෙනෙක්ට දුන්න. ඒ මනුස්සයා තාම ඒක හොඳට පදිනවා. ලස්සනට තියන් ඉන්නවා. ඇන්‍ටික් භාණ්ඩෙ නේ. ම‍ට නොම්බරෙත් තාම මතනයි. 100 ශ්‍රී 3967 . හා හා. කොහොමද මෙමරිය.

තාත්තා නැතිවෙලා මේ ජූලි 9 වෙනිදට අවුරුදු 3යි. තාත්තගේ මරණෙන් අවුරුදු දෙක හමාරක් යනකම්ම බයික් එක එකම තැන තිබ්බේ. අම්මා මට නිතරම කිවුවා ලයිසන් අරගෙන ඕක පදින්න. නැත්නම් කාට හරි විකුණලා දාන්න කියලා. නිකං යකඩ ගොඩ දිරන්න දෙන්නේ නැතුව. සෑහෙන දෙනෙක් ඕක ගන්නත් ආවා. ඒත් මං පිදුරු කෑවෙත් නෑ කන එකෙක්ට දුන්නෙත් නෑ. හේතුව මට බයික් එච්චර දිරෙව්වේ නෑ. පයින් තමයි ගමන.

අම්මගේ කරදරෙන් බේරෙන්න බැරි තැන මම බයික් එක ආපහු හදලා ගන්න ඕන කියලා ගත්තා එළිය‍ට. පැයක්වත් යයි ස්ටාර්ට් කර ගන්න කියලා ඔෆිස් එකේ කොල්ලෝ දෙන්නෙකුවත් උදව්වට ගෙදර ගෙන්න ගත්තා. මෙන්න බොලේ එක පාරයි කික් කරේ. ග්‍රම් ග්‍රම් ග්‍රම් ඩ්‍රැම ඩ්‍රැම ඩ්‍රැම ඩ්‍රැම ඩ්‍රැම හ්ම් හ්ම්.... බඩු ස්‍ටාර්ට්... ලේසියි පහසුයි. අවුරුදු දෙකහමාරක් එකතැන තිබිලත් වන් කික් ස්ටාර්ට්. (නැවත ඇඩ් එකක්)

පස්සේ රුපියල් 2200 විතර වියදං කරලා රංගයගෙන් සර්විස් පාරක් දාගෙන කොල්ල ලයිසන් නැතුව පදින්න පටන් ගත්තා. අම්මපා බයික් පදින එකත් මාර ආතල් වැඩේනේ... ඇයි මට මෙච්චර කාලයක් මේක තේරුනේ නැත්තේ... මටම හිතුනා. පුදුම ලේසියක් තියෙන්නේ වැඩ කරන්න. පරක්කු වෙලා නැගිට්න්නත් පුළුවන් දැන් :ඩී

ඔය කාලෙම තමයි මම මගේ ජාල කඩේ පටන් ගත්තේ . ඉතින් එකේ වැඩවලටත් මේ දඬුමොනරේ ලේසියක් වුනා. ටිකෙන් ටික මට බයික් එක නැතුවම බැරි උනා. කොල්ලගේ බඩත් එන්න එන්නම වැඩි වුණා. මට ටිකෙන් ටික උණ ගැනෙන්න වගේ වුනා. උණ හොඳටෝම වැඩි උණා. දැන් සහලෝලා උණ.

ඉන්ටර්නෙට් එකේ එක එක බයික් ජාති බලන්න පුරුදු උණා. බයික් වල ටෙක්නිකල් පැත්ත ඉගෙන ගන්න පුරුදු උණා. ක්ලැසිෆයිඩ් සයිට්වල විකුණන්න තියෙන යූස්ඩ් (පාවිච්චි කරපු) බයික් ගැන හොයන්න උන්නදු වුණා. බයික් මොඩිෆයි කරනහැටි, පේන්ටින්, මොඩිෆිකේෂන් ඩමීස් ප්ලෑන් කරන්න පුරුදු උණා. දැන් හොඳටෝම උණ.

බයික් එකක් දිහා හැරිලාවත් බැලුවෙනැති මම දැන් නිකං හරි වෙනස් බීට් කෑන් සද්දයක් ඇහුණත් ඒ දිහාවට ඇදෙනවා. මොඩිෆයි කරපු බයික් එකක් දැක්කොත් ඒ පස්සේ මගේ බොක්සර් එකෙන් එළවනවා. හොඳ බයික් එකක් දැක්කොත් ලඟ ඉන්න කාටහරි කමක් නෑ ඒකේ කැරට්ටුව කියලා දෙනවා. ගොඩාක් වෙලාවට මම කියන ඒවා අහගෙන ඉන්න වෙන්නේ අසරණ බ්ලොගියටයි, පැංචිටයි, කිත්තටයි, සසියටයි. මොනා කරන්නද ඉතින් ෆිට් එක වැඩි කමට එයාලත් අමාරුවෙන් හරි අහගෙන ඉන්නවා. සන්ඩේ ටයිම්ස් එකේ හිට් ඇඩ් එකේ පිටු පෙරලන්න පැංචිත් මගෙත් එක්ක එකතු වෙනවා. පස්සේ හිතෙනවා ඇති කරගත්ත ගොන් කමක් කියලා ;)

කාලයක් හිත වැටුනා ටොප් හාලියකට යන්න. මෙන්න මේ වගේ. ඇට් ලීස්ට් මොඩිෆිකේෂන් එකකට වත්.



තව ටික දවසක් යනකොට හොඳ කස්ටම් පේන්ට් එකකටත් හිත ගියා


තව ටික දවසකින් හොඳ ඩී ට්‍රැකර් එකක් මගේ ඔළුවට කඩං පාත් වුනා


යමහා විරාගෝ එකත් ටිකක් හොල්මන් කරා...



දිග බයික් එකකට ගැලපෙන්න ඕන නිසා කොණ්ඩේ කැපුවෙත් නෑ තව. ඒ අතර එස් ආර 400 එකත් මාර ආතල් එකක් දුන්නා.


ඒ ආතල් එක වැඩි කමට මගේ බොක්සර් එක එස් ආර් 400 එකක් වගේ මොඩිෆයි කරන්න තනියම පොඩි ඉකොනොමිකල් ට්‍රයි එකක් දුන්නා... ස්ටිකර් ටික ගැලෙව්වා... රුපියල් 500කට පරණ බඩු කඩේ කින් ෂෝට් හැන්ඩ්ල් එකක් ගත්තා... අඩු මුදල කින් පොඩි ලුක් එකක් ගත්තා. දැන් කවුරුත් අහනවා මොකද්ද බං මේ බයික් එක කියලා... ෂීට් එකේ ගහල තියෙන ඒ.ටී කියන අකුරු දෙක නැත්නම් මේක බොක්සර් කියලා කියන්න බෑ. තවා වැඩ තියෙනවා මේ‍කේ... පැංචිට කේහේද යන්න හදිස්සි නිසා ටක් ගාලා ඕව් එයා ගේ කැමරාෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තා... කට්‍ටිය මොකද කියන්නේ.... වෙරි ඉකොනොමිකල්... රුපියල් 800 මගේ මහන්සියයි විතරයි....





තව වැඩ පසුව‍ට... ඒවා පස්සේ පෙන්නන්නංකෝ.... එතකං මෙන්න ම‍ගේ අනිත් ඩ්‍රීම් එක ටී.ඩබ්. 200 එක...




හනේ මන්දා මට පිස්සුද කොහේද හැදීගෙන එනවා... ඔය අතරේ හොනට්, බෙන්ඩිටි, බැලියස්, එලිමිනේටර් එහෙමත් නැතුව නොවෙයි... මට හිට් වෙච්ච ඔක්කොම දාන්න ගියොත් පෝස්ට් එක දිග වැඩි වෙනවා... එත් මට නම් තව තව ලියන්න බෑ... මට පිස්සු... මට උණ... ම‍ට හොඳටම පිස්සු... ම‍ට සහලෝලා උණ... එනිසා මම පරණ බයික් එකක් ගත්තා රුපියල් 45000කට. මොකද්ද මොඩ්ල් එක කියලා දැන්ම අහන්න එපා... එයා තාම බීං මොඩිෆයිඩ්... තව ටික දවසකින් එළියට එනවා. එතකොට ඔක්කෝටම පේනන ඒක ගැන මෙතනම කියන්නංකෝ... ඒ බයික් එක ගෙදරට ගන්න, පෙරේදා මම ගෙදරට එන පාරත් ටිකක් ලොකු කරා දොරේ අයියට කියලා කොන්ක්‍රීට් තලියක් දාලා...

අනේ තවත් නම් ලියන්න බෑ... මට උණ... මම දැනට නවතිනවා....

අනේ දෙවියනි මේ උණ නම් සනීප වෙන්න එපා කවදාවත්....

23 comments:

  1. හැබැයි පුතෝ ඔව්වට වැඩ දැම්මට කමක් නෑ.ඕක උඩ යනකොට පරිස්සමෙන්..අඬුකඩාගන්නේ එහෙම හදන්නේ නැතිව යන එකයි තියෙන්නේ...

    ReplyDelete
  2. මේ මේ මේ ඕවල නැගල යද්දී අපි වගේ උදවියත් පාරේ යන බව අමතක කරන්න නම් එපා පුතෝ.......

    ඔය මොඩිෆයිඩ් කරන එක ඉවර වෙද්දී ඔය උණ වැඩි වෙලා අංගොඩ පැත්තෙ යන්න වෙයිද මන්ද.....පරිස්සමෙන් ....:D

    ReplyDelete
  3. චමීදේවා- අම්මත් ඕකමයි කියන්නේ :ඩී
    දිල් -- ආ මේ අර මතක අහුලන එක්කෙනානේ... මම බ්ලොග් එක පැත්තේ ආවා ඊයේ පෙරේදා... අංගොඩ පැත්තත් නරක නෑ... පංචිකාවත්තට ලඟයිනේ බදුල්ලේ ඉඳන් යනවට වඩා.... :ඩී

    ReplyDelete
  4. මොන බයික් එකක් උනත් වැඩක් නැහැ බන් සීට් එක යට බෝතලයක් තියාගෙන යන්න බැරිනම්. ඒක නිසා ස්කූටර් තමා මන් නම් කැමතිම. පදින්නත් ලේසියි :-D

    ReplyDelete
  5. ම-- අඩේ මචං... උඹ කියන්නේ ජංගම පානයක් ගැනද? එහෙනම් ඉතින් ස්කූටරේ තමා හොඳම. බෝතලේත් තියාගෙන, වීදුරුවත් බගෙට පුරවල තියාගෙන, බයිට් දීසියත් තියාගෙන වීදුරුවේ ද්‍රවය පොඩ්ඩක් වත් හෙල්ලෙන්නැතුව ගියෑකි ස්කූටරේ...

    ReplyDelete
  6. බයික් පදින එවුනගේන් උණ නැති එකෙක් හොයා ගන්න හරිම ආරුයි තමා. මට මතකයි එක පාරක් ඩිලන්ත මාලගමුව පත්තරේකට කියල තිබුනා කොච්චර අනතුරුදායක වුනත් තවමත් වැඩියම ආස බයික් එකට කියල. අපටත් ඉතිං රෝද දෙකේ සරණනේ. බාජා වලට එහෙම ආස නැද්ද.

    ReplyDelete
  7. ප්‍රියන්ත-- කතාව ඇත්ත. කාර් බාර් වලට වඩා මට හිතෙන හැටියට බයික් එක මාර ආතල්... හැබැයි මම කාර් නම් පැදලා නෑ ;)
    බාජා එකකුත් බැලුවා. පට්ට නේ තඩි ලයිට් දෙකත් එක්ක... පරණ එකක් අරන් සුපර්මොටෝ කරන්න තමයි අදහස තිබ්බේ. පොඩි ෆයිනෑන්ෂියල් කේස් එකක් ආවා... ඒ නිසයි 45000කට වෙන එකකට ගියේ... පරණ බාජා එකක් 45කට ගන්න බෑනේ :ඩී

    ReplyDelete
  8. අපේ අයියාටත් තියෙනවානේ ඔහොම උනක් :D

    ReplyDelete
  9. හසී-- කියන හැටියට අයියා එළ පොරක් වෙන්න ඕන :ඩී
    මේ පැත්තේ දැක්කේ අදමද කොහෙද... සාදරයෙන් පිළිගන්නවා...

    ReplyDelete
  10. මටත් ඔය උණ පාසල් යන කාල ඉදලම තිබුණා.. නමුත් ෙගදරින් බර බර දාපු නිසා, අතහැරියා...

    ReplyDelete
  11. ටෙරා-- ම‍ට නම් තාම බරබරේ දාන්න පටන් ගත්තේ නෑ... පටන් ගත්තොත් ඉතින් උඹට වෙච්ච දේ තමයි... :(

    ReplyDelete
  12. අඩේ මාරම උනක් නේ ඒක , ටික ට්ක මටත් ඕක ඔලුවට ගහ්ගෙන එනවද කොහෙද ???? ;)

    ReplyDelete
  13. හෙහෙහ්හෙ..
    මාර උණක් නෙ..
    :D

    ReplyDelete
  14. හිඟන්නා- සොරි තමයි මචං. ඕකට බෙහෙත් දීලා හොඳ වෙන්නෑ. අමාරුවෙන් වුනත් ලෙඩ ගානේ ඉන්නම වෙනවා.

    Ansh Lucky - හලෝ හලෝ ලිඳගාවට එන්න කිව්වා. ෂිහ් වැරදුනා. වෙල්කම් කිව්වා. පළවෙනි පාර මේ පැත්තේ මයෙ හිතේ...
    මාරද කියලත් අහනවා... හරි වියදං ‍බෙහෙත් වලට...
    ජය...

    ReplyDelete
  15. ඔයාගෙ අලුත් බයික් එක, උඩ comment දාල තියෙන හැමොටම වඩා හොදින් දැක්කෙ මම නේ... මම එක පැදල ත් බැලුව නෙ..හුගක් පින් හොදෙ පැදල බලන්න දුන්නට..මොකද මටත් තදින්ම ඔය උන තියේ.ප්‍රස්නෙ අපි තාම ඉගෙන ගන්න ලමයි නෙ.කොහෙද ඕව කරන්න සල්ලි..මම magna එකකට පස්සෙ cruiser type එකෙ බයික් එකක් පැද්දෙ ඔයාගෙ එක තමයි..කොහොම වුනත් වැඩෙ නං විශිස්ටයි සර්...ඔය උණ නං සනීප වෙන්න එපා.මොකද අපිට තව අලුත් අලුත් වැඩ දකින්න ඕනි..එහෙනං අපේ කුෂාන් අයියට ජයෙන් ජය!

    ReplyDelete
  16. තව එකක් ආස honda Hornet එක ගැන අදහස මොකද? ලංකාවෙ අපෙ සාමාන්‍ය ජීවිතෙ ට CBR සැර වැඩි මට හිතෙන්නෙ .මොකද ඉතින් ලස්සනට ගතියට අමතරව ඕක කාර් එකකට වඩා අඩු වියදම් ප්‍රවාහනයක් දෙන්නත් එපැයි..

    ReplyDelete
  17. පැන්ඩා-- හප්පේ හප්පේ... ඒ ගැන තාම මම කිව්වේ නෑ අපේ බ්ලොගර්ස්ලට. ඊලඟ පෝස්ට් එකත් ඒගැන තමයි.
    හොනට් එකත් නරක නෑ, ගේ පිටිපස්සේ තෙල් ලිඳක් එහෙම තියෙනවා නම් ;)

    ReplyDelete
  18. බලාගෙන ගියාම අපි දෙන්නටම තියෙන්නෙ එකම උණ නොවැ... බයික් එකේ හැඩහුරුකම විතරයි වෙනස්...

    මගේ ආසාව මේ කපේට ලංකාවෙදි ඉස්ට සිද්ද කරගන්න වෙන්නෙ නෑ... මට ඕනේ Suzuki GSX1300R එකක්... :D

    ReplyDelete
  19. මගෙත් තියෙනවා ඔහොම ඉස්ට කරගන්න අමාරු බයික් ආසාවක්..
    මොකද්ද දන්නවද පැන්ඩගෙ ආසාව
    ඕං කිව්වා yamaha Vmax 2010

    ReplyDelete
  20. ශාකුන්තල-- බලාගෙන ගියාම මේක ලාංකාවේ හැම තැනකම තියෙන උණක් නේ. කිව්වත් වගේ ඔය GSX1300R එක ට්‍රාක්ටරේ වගේ තමා. සාඩම්බර ගමනක් යතහැකි. ;)

    පැන්ඩා-- උණ උණ උඹටත් මලේ උණ... ඕකත් ටැක්ටරේ වගේ තමා ඉතිං පට්ට. යමහා එෆ්.ඉසෙඩ් එකේ තියෙන්නේත් ඔයිට සමාන මූණක් තමා... ;)

    ReplyDelete
  21. කියල වැඩක් නැ කුශාන් අයීයා වෙලාවකට මල පනිනව මේ 150cc බයික් වලට අර 1200cc V ටයිප් එකේ එන්ජින් එකක් තියෙන බයික් එකේ ඩිසයින් එක ගන්නකොට..

    එත් ඉතින් අරක ගන්න බැරි හින්ද ආදේශකය බලල සංතොස වෙන්නත් පුලුවන්..
    එත් නිකං කොහොමද කරුමෙට වගෙ රත්නපුරෙ කොල්ල හින්ද මැනික් ගලක පය හැපුනොත්..Vmax එක shipping වලට යන delay එක විතරයි ඉතින්,බයික් එක මෙහෙ ගෙන්න.

    ReplyDelete
  22. පැන්ඩා-- පට්ට...

    ReplyDelete