Friday, July 16, 2010

මගේ ආදරණීය හාලි ඉපදුනු හැටි

ආයිබෝවං කිව්වා කට්‍ටියට. මතකනේ මම කිව්වා මට තියෙන පොඩි (ලොකු) සනීපවෙන්නෙ නැති උණක් ගැන. ඔය බයික් මොඩිෆිකේෂන් උණ හැදිච්ච කාටත් ලේසියෙන් සනීප වෙන්නේ නෑ. මම දන්න කිහිප දෙනෙක්ම ඉන්නවා ඔය ලෙඩෙන් සැප :O විඳින ;)

කිව්වත් වගේ මට ඉස්සෙල්ලාම හැදුනේ හාලි උණ නේ. ඉතින් හාලි ටයිප් එකකින් ම ගමන ආරම්භ කරන්න හිතුවා. හාලි වල දිග චැසිය, ලොකු හෙඩ් ලයිට්, කොට හැන්ඩ්ල්, දිලිසෙන රිම්, සුපිරි හඬ මාව පිස්සු වැට්ටුවා. ඒ අනුව තමයි මගේ ම කියලා හාලියෙක්ව උපද්දවන්න තීරණය ක‍රේ.


ඔන්න එහෙනං එදා පොරොන්දු විච්ච විදිහට මම මගේ ආදරණීය හාලි ගැන ඔයාලට කියන්නයි යන්නේ.
මගේ ආදර හාලි ඉපදුනේ අ‍ඩු මාසෙන්. ඒ කියන්නේ මාස 7න්. හැබැයි එයා ඉපදිච්ච හැටි පියවරේන පියවර විස්තරයි, පිංතූරයි මං ගාව තියෙනවා.

දිනය 2009 දෙසැම්බර් 28. ස්ථානය දෙහිවල. මං කිව්ව වගේ මගේ උණ සනීප වෙන්නේ නැති පාර බැරිම තැන මම ගත්තා රැපියල් 45000 කට හොඳටම පට්ට ගහපු මැග්මා එකක්. කිලෝමීටර් 13000ක් විතර දිව්වට මොකද එක දවසක් වත් සර්විස් කරලා නෑ. හොඳටම ජරා ජීර්න වෙලා. ඒකයි ඒ තරම් අඩුවට හම්බ වුනේ. මේ තියෙන්නේ ඒ බයික් එක. ෂේන්, ඔහු මගේ මිත්‍රයා. එයාගේ ගරාජ් එක තමයි මගේ හාලිගේ තිඹිරි ගෙය.

ක්ලික් කරලා ලොකු කරලා බලන්න. ඔය පිටිපස්සේ තියෙන්නේ මගේ මිත්‍රයාගේ කවසාකි 1000 එක. පට්ට.
 ඒ තමයි  පළමු යුගය.  ඔන්න එහෙනං මම යුගයෙන් යුගය දිගඇරියා.

දෙවැනි යුගය
මේ අවස්ථාවේදී සිද්ද වුනේ බයික් එක සම්පූර්ණයෙන්ම මස් කිරීමයි. ජීවිතේට ගලවලා නැති ඇණ මගේ මිත්‍රයා ගේ අඬු මිටි පහරවල් වලට හිමීට හිමීට කැඩිලා ගියා.




ඔක්කොම පිංතූර ටික පෙන්නන්න ගියොත් බයික් එකත් එපා වෙනවා. ඒ තරං ලකඩං වෙලා තිබ්බේ. අන්තිමට ඉතුරුවුනේ මෙච්චරයි.

තුන්වැනි යුගය
මේ යුගයේ දී සිද්ද වුන වැදගත්ම දේ චැසියේයි ටැංකියේයි මඩ්ගාඩ් ආදී කෑලි බෑලි වල අද කුද ඇරීම තමයි. හිතන තරම් ලේසි වුනේ නෑ වැඩේ. එච්චරකට ඇදයි. කොහෙන් බැලුවත් මොකක් හරි ඇදයක් තියනවා. ඉතින් ඒ ඔක්කොම ඇද ඇරලා පේන්ටින් එකට සූදානම් කරා.


ඒ වැඩේ එහෙමම යන අතරේ ටයර් දෙකත් ගෙනැල්ලා දැම්මා. ටිකක් මහත හැඩ ටයර් දෙකක් නිසා ලොකු වියදමකුත් වුනා.


හතරවැනි යුගය
මේ යුගයේදී වුනේ එන්ජින් එක සම්පූර්ණයෙන්ම මස් කරලා නැවත පණ ගහලා ගැනීමයි. චූටි අයියා වැඩේට පලාතේ ඉන්න හොඳම දස්සයා. ඒ වගේ ම මගේ මිත්‍රයාගේ ගුරු දෙයියොත් මේ චූටි අයියාම තමා. මේ ඒනජිම එක්ක ඔට්ටුවෙන චූටි අයියා.


ඔන්න ඕකෙන් තමයි කාබියුරේටරය පදං කරන්නේ. මගේ බයික් එක ඕපන් කාබ්. මෙකත් චූටි අයියගේ වැඩපොලේ ගැජට් එකක් තමයි.


පස්වැනි යුගය
බයික් එකට ගැලපෙන පේන්ට් එක සහ ස්ටිකර් ආර්ට් එක තීරණය කිරීමයි මෙතන සිද්ද වුනේ. කතා දෙකක් නෑ පේන්ට් එක කළු. මම මගේ මිත්‍රයාට කිව්වා. ගින්දර (‍‍‍ෆ්ලේම්) එක වගේ ස්ටිකර් ටිකත් තීරණය වුනා.


ඔය තියෙන්නේ ඩිසයින් එක විතරයි හො‍ඳේ.

හය වැනි යුගය
බයික් එකේ සවිමත්ම කොටසක් වෙන ස්විම් ආර්ම් එක මස්ත බාල්දු වෙලා තිබ්බේ. ඒවැයින් එකක් ගන්නත් සෑහෙන්න වියදම්. අනික අපිම හදා ගන්න එක ෂුවර් වැඩි නිසා ස්විම් ආර්ම් එක ඔපරේෂන් කරා යකඩ පට්ටලේකට ගෙනිහිං.
මේ ඒක තිබ්බ හැටි.

මෙන්න ඔපරේෂන් එකට පස්සේ

ඒ අතරෙම ස්ටිකර් ටිකත් ප්‍රින්ට් කරලා ගෙනාවා.

හත් වැනි යුගය
මේ පියවරට කියන්නේ බෆ් කිරීම කියලා. ඒ කියන්නේ නිකල් පාට කෑලි සියල්ල විශේෂයෙන්ම රිම් එක හොඳට දිලිසෙන්න මැදීම. අතේ සල්ලි නැති කාලෙක වුනත් යන්න තියෙන්නේ ඕකෙනේ. :P යකඩ, කොහු, රෙදි, ඩෙනිම් වගේ බ්‍රෂ් වර්ග කිහිපයකින්ම කිහිපවතාවක්ම මැදලා තමයි හොඳට දිලිසෙන ගානට ගන්න ඕන.


කොහොමද? පට්ට නේ?

අට වැනි යුගය
අපිට වැඩේ වැරදුනේ මේ යුගයේදී. ස්ටිකර් ලොකු වැ‍ඩි වුනා. ඇලෙව්වම කොන් වලින් ඉරි තැලිලා යන්න ගියා. ලුක් එක බල්ලට ගියා.


හොඳට බැලුවෙත් පේනවා අයින් වලින් ඉරිලා ගිහිල්ලා කියලා. ඒනිසා පස්සේ අපහු ස්ටිකර් කොස් එක කරන්න සිද්ධ වුනා.

නම වැනි යුගය
ලොකු වැඩක් නම් නෙමෙයි. හැබැයි ගොඩක් චාටර් වෙන්න සිද්ධ වුනා. ෆෝක්  බට දෙක මුල ඉඳලා හොඳට ගැල්වනයිස් කරන තැනක් හොයාගන්න අමාරු වුනා. කොහොම හරි මේ උණ කාරයන්ට පිහිට වෙන එකම තැන පංචිකාවත්තෙන් මේකටත් විසඳුමක් හම්බ වුනා. :) මෙන්න ප්‍රථිපලය. උපරිමයි.

දහ වැනි යුගය
දෙවන වර ස්ටිකර් කිරීම සුපිරි තත්ත්වෙටම සිද්ධ වුනා. ආයේ කතා දෙකක් නෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට.


එකොලොස් වැනි යුගය
බයික් එක නිකං එක විදිහකට තියා බැලීම. මේකත් මාර ආතල් වැඩක්. ටිකෙන් ටික හැදිලා එන පොඩි එකා අපූරුවට බලා ගත හැකි.





ඔය නිකං තියලා බලන වැඩෙන් ගොඩක් වැරදි අල්ල ගන්න පුළුවන්. එතනදී තමයි ඔය පිටිපස්සේ හේත්තු වෙන කෑල්ල අයින් කරන්න තීරණය කරේ. ඒක ටිකක් කැතයි වගේ.‍ ඔය කළුවට තඩියට ඉන්නේ මගේ මිත්‍රයා ෂේන්. :)

දොලොස් වැනි යුගය
කෑලි බෑලි ඔක්කෝම එකලස් කිරීම. දැන් ඉත්නි වැඩෙන් සීයට අනූවක්ම ඉවරයි වගේ තමයි. හෙඩ් ලයිට් එක, හැන්ඩල් එක , සයිඩ් මිරර් එහෙම ආවම ලුක් එක කියලා වැඩක් නෑ.




දහතුන් වැනි යුගය
බයික් එකේ සයිලන්සරය හැදීම. මේකත් ලොකුම වැඩක්. මගේ මිත්‍රයා ෂේන් සයිලන්සර් ඔස්තාර්. ඕනම  ඔරිජිනල් බීට් එකකට සයිලන්සර් හදන්න මනුස්සයා දස්සයා. නිකං බීට් කටවල් ගහන්නේ නෑ. මුළු කෑන් එකෙන්ම තමයි වැඩේ දෙන්නේ. ෂේන් කියන්නේ සයිලන්සර් තාක්ෂනය උපරිමයෙන් හදාරපු කෙනෙක්. මේ බයික් එක හාලි ඩේවිඩ්සන් කෲසර් ටයිප් එකට ගලපපු නිසා ඒ ජාතියේම බීට් එකක් දෙන්න ෂේන් සෑහෙන්න මහන්සි වුනා. අන්තිමට ඔහු ඒක කරා.



අනිත් ලස්සනම කාරනේ තමයි මේ සයිලන්සර් එකේ තියෙනවා ෆ්ලේම් එක්ස්හොස්ට් එකක්. ඒකියන්නේ මේ බයික් එකෙන් ගින්දර විසිවෙනවා. ඒක බොහෝමත්ම කලාතුරකින් දකින්නට ලැබෙන විශේෂ දෙයක්. ඇත්තම හාලියක් වගේ. වෙලාවකට ගෝස්ට් රයි‍ඩර් ෆ්ල්ම් එක සිහිවෙනවා. මේකත් ෂේන්ගේම නිර්මාණයක්. බලන්න ආසද ෂේන් ‍ෆ්ලේම් එක ටෙස්ට් කරපු හැටි. හැබැයි ෆේස්බුක් එකවුන්ට් එකකින් ලොග් වෙන්න වෙනවා ඔබට.
බලන්න මෙන්න ‍මෙතන.

එහෙනං දැං වැඩේ ඉවරයි. ගිය සිකුරාදා උදේ හතර හමාරට මම ෂේන්ව හම්බවෙලා බයික් එක ගත්තා. උදේ 6.30 ට කොළඹින් පිටත් වුනා. අවිස්සාවේල්ල, රත්නපුර, බලංගොඩ, බෙලිහුල් ඔය, හල්දුම්මුල්ල, බෙරගල, හපුතලේ හරහා මුහුදු මට්ටමෙන් මීටර් 1400කටත් වඩා උඩට අවා කිසි කරදරයක් නැතුව. එසැනින් බණඩාරවෙලින් බ්ලොගීට පෙන්නුවා මගේ ආදර හාලිව. මොකද එයාට තමයි වැඩි හරියක් මේකේ යන්න වෙන්නේ. පස්සේ ගෙදර ඇවිත් අම්මටයි නංගිටයි පෙන්නුවා. මාස 7ක් මේ කිසි දෙයක් වෙනවා එයාලා දන්නෑ. ෆුල් සර්ප්‍රයිස් ;) නංගි මගේ හාලිට නමකුත් දැම්මා "ගිනි කසයා" කියලා. ඒ එයාගෙන් ගින්දර විසිවෙන නිසා.

බයික් එකේ සම්පූර්ණ නිර්මාණයේ ෆොටෝ පෙන්නුවේ නෑනේ තාම. ඔන්න බලා ගන්න දැන්.

මේ තමයි මගේ ආදරණීය හාලි. ක්ලික් කරලා ටිකක් ලොකු කරලා බල්න්න.




මේ තමයි හාලිගේ නිල හෙල්මට් එක. මේකෙත් පොඩ් මොඩිෆිකේෂන් එකක් තියෙනවා.

මේ තමයි හාලිගේ අයිතිකාරයා ;) හාලි නිසාමයි ඔච්චර කොන්ඩේ වැව්වෙත්.
 මේ ඉන්නේ හාලිගේ අයිතිකාරයාගෙත් අයිතිකාරයා ;)


මේ ඉන්නේ හාලිගේ නිර්මාණකරුවා. මගේ මිත්‍රයා. ෂේන්.



ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම ඉෂ්ඨ කලා.
මේ වෙනකොටත් අපි අපේ හාලිත් එක්ක අපේ දෙවැනි "දෙසක් රියේ චාරිකාව" ගිහිල්ලයි ඉන්නේ. ඒකේ විස්තරත් ඉක්මනටම ගේනකං ආයිබෝං කිව්වා එහෙනං.

පසුව ලියම්--

ධනික මල්ලිගේ ඉල්ලීම මත ඔන්න බයික් දෙක (දෙක කිව්ව‍ට එක) සංසන්දනය කරන්න පුළුවන් වෙන්න එක ලඟ දැම්මා. :) ක්ලික් කරලා ලොකු කරලාම බලන්නකෝ... ෂේන් වැඩ්ඩා නේ?????


නැවත පසුව ලියමි.
පසුව ලිවීම‍ට කාරණා කිහිපයන්ම ඇත.

අංක 01 )
 මේ ලිපිය දැකීමෙන් පසුව ෂේන්ගේ ගෝලයා හෙවත් බබා අඬාවැටෙන්නට පටන් ගෙන තිබේ.
"මං නේ ෂේන් අයියා මේක ඇණයක් ගානේ ගැලෙව්වේ. ඔයා කරේ මට කරන්න ඕන එක කියපු එක විතරනේ" "ඒත් මං ගැන ඒකේ කිසි දෙයක් කියලා නෑ"
ඔන්න මලේ එහෙනම් මම ඔයා ගැනත් කිව්වා. පළවෙනියට ම බයික් එකේ ඇණයක් හරි ගැලෙව්වේ ඔයානේ. :) හොඳට වැඩ ඉගෙන ගෙන් ඉස්සරහදී ෂේන් වගේ ම පොරක් වෙන්න. ජය වේවා...

අංක 02)
 බයික් එක හදන අවස්ථාවේ වීඩියෝ එකක්වත් තිබ්බේ නෑනේ. ඒ නිසා ඔන්න අවස්ථාවන් දෙකකදී ගත්තු වීඩියෝ 2ක් අප්ලොඩ් කරා.
පළමු අවස්ථාව - ටැංකියේ ඇද කුද අරලා පේන්ටින් එකට සූදානම් කරපු හැටි.



දෙවන අවස්ථාව - ඇද ඇරපු ස්විං ආර්ම් එක අර ලකඩං චැසියට පාස්සද්දී පට්ටලේ අයියාගේ මල්ලී අනේ "අපොයි මෙහෙමත් මරාලයක් වෙච්ච බයික් කට්ටක්" කියා ඔළුවේ අත ගසා ගත් හැටි :)



අංක 03)
මේක තමයි හොඳම කාරණය. මගේ හාලිගේ ලයිව් ෆ්ලේම් එක්ස් හෝස්ට් එකක් දාන්න කියලා කට්ටිය කියපු නිසා මෙන්න අද උදේම ගත්ත වීඩියෝ එකක්. කොහොමද පට්ටද බලන්නකෝ?



වීඩියෝ බලන්න බැරි අයට මෙන්න ෆොටෝ එකක්. ;)


එහෙනම් කට්යගේ ඉල්ලීම ඔන්න ඉෂ්ඨ කරා... මොකද හිතෙන්නේ? මාස හතක් බලන් හිටියට පා‍ඩු නෑ නේද?

59 comments:

  1. ගිනි ගින්දර... වැඩේ නියමෙටම කරලා තියෙනවා.

    ReplyDelete
  2. වැඩේනම් එලටම කරල තියනවා.හැබැයි සෑහෙන ගේමක් දීල තියනව වාගෙ.සුපිරියි ආ..........

    ReplyDelete
  3. ඇත්තටම පට්ට වැඩක්. හැබෑටම මේක හදලා ඉවර වෙනකොට කීයක් විතර වියදම් වුනාද?

    ReplyDelete
  4. මාරයි බං. ෂේන් වැඩර් නේද? හැබැට කොහොමද බං අර ගින්දර එන්නේ.

    ReplyDelete
  5. නිශාචරයා-- ඔව් බං... ෂේන් වැඩ්‍ඩානේ ඉතිං. ඌ කරොත් ගින්දර තමා...

    දිනේෂ්-- ගේම? ආයෙත් අහලා... මාස 7ක් සෙල්ලංද බං... :)

    ධනංජය-- ටැංකියු මචං. මේ පැත්තේ ආව පළවෙනි වතාව නේද? සාදරයෙන් පිළිගන්නවා... :)

    මමගි-- ටැංකියු මචං. ඇත්තටම කියනවා නමං හරියටම දෙකයි පහක් ගියා. කමක් නෑනේ බං. මේ වගේ තව එකක් නෑනේ ;)

    කාංචන-- වැඩර්දත් අහලා... පොර සීබීආර් පප්පා... පලවෙනි වතාවට ඔය කෲසර් ටයිප් එකට අත ගැහුවෙ මයේ හිතේ... ගින්දර එන එකනම් බං පොරගෙම තාක්ෂණයක්. පොර වැඩිහරියක් ෆ්ලේම් කරන්නේ රට යවන බයික් වලට. ෆිට් එක නිසා මට කරලා දුන්නා.

    ආගන්තුකයා-- ටැංකියු... ටැංකියු...

    ReplyDelete
  6. ෂහ්! මරුනෙ...
    ලිපිය කියවලා ඉවර වෙලා මං මොකද දන්නවද කළේ... අර මුලින්ම තිබ්බ චාටර් photo එකයි, අන්තිම හරියෙ තිබ්බ ගිනි කසයගෙ පට්ට photo එකයි ආයෙත් බලපු එක. පුදුමත් හිතෙනවා අර ලදරම මේ තරං පට්ට භාණ්ඩයක් කරලා ගත්තෙ කොහොමද කියලා... :D
    එහෙනං ඔන්න හාලිට ජයවේවා කිව්වා!!! :D

    (ප.ලි. අර photos දෙක එක ලඟ දාන්න පුළුවන් නම් මරු)

    ReplyDelete
  7. ධනික මල්ලී-- ඔන්න එහෙනං කිව්ව විදිහටම වැඩේ කලා. බොහෝම ස්තූතියි :)

    ReplyDelete
  8. ‍ගන්න නෙමේ, නිකං දැනගන්න සේරටම කීයක් විතර ගියාද.
    මාත් කල්පනා කලේ කොහොමද මේකෙන් ගින්දර එන්නෙ කියල.
    කවුද මේ බයික් එකේ අයිතිකාරයාගෙ අයිතිකාරයා දැකල පුරුදුයි වගේ. හිකිස්.
    නොනත් ලස්සනයි බයික් එකත් ලස්සනයි :P.

    ReplyDelete
  9. හප්පේ පහන්-- සෑහෙන දවසකින් මේ පැත්තේ. මම අර ම.ම.ග ට කිව්ව විදිහට ඔක්කෝටම දෙලක්ෂ පන්දාහක් ගියා. කමක් නෑනේ. ඔය විදිහේ තව එකක් නෑනේ ආයේ ;)

    දැකලා පුරුදු නැත්තං තමා පුදුම.

    ආ... දැන් අපි ඔන්න හත්මාලුවේත් ඉන්නවා...

    ReplyDelete
  10. ආ.......එහෙනම් මේකයි මේ සද්ද වහලා කරලා තියෙන වැඩ ටික නේද ......... හාලියේ නැගලා ගියාට කමක් නෑ ඔන්න පාරේ තව මිනිස්සු යනවා කියලත් මතක තියාගන්න....( අපි වගේ පයින් යන ඈයෝ..... ;) )

    බයික් එක නම් නියමයි....

    අර කිව්වත් වගේ... " නෝනත් ලස්සනයි...බයික් එකත් ලස්සනයි...." ;D

    ReplyDelete
  11. ආ.. ටැංකියු ටැංකියු... මං කිව්වනේ ස්පීඩ් රයිඩිං වලට මං කැමති නෑ. රයිඩ් විත් පැෂන් තමා.

    දැන් එත කොට නෝනයි බයික් එකයි විතරයි ලස්සන ආ...

    ReplyDelete
  12. අර උඩ එක දිල්ට හො‍ඳේ... මට කියන්න බැරි වුනා...

    ReplyDelete
  13. හැබැයි ඔය හාලියත් එක්ක මටනම් දැන් පුංචි තරහක් එනවා..!මෙන්න මේ හේතු නිසා..
    01) කොයි වෙලේ මගේ දකුණු කකුල පුච්චයිද දන්නෑ..
    02) ෆොටෝ වලින්ම පේනවනේ අහවලාගේ වැඩි අවධානය කාටද කියලා..
    03) පේනවනේ අර පත බයික් එකේ මට වෙන් වෙලා තියෙන ඉඩ..
    ඔය ටික ඇරෙන්න හාලියාට මාත් ආදරේ..!
    ඔන්න ෂේන් අයියා ඔයාගේ වැඩ කිඩ නම් අගය නොකර ඉන්නම බෑ.
    මේ බයික් එක හදන්න ඔයාලා කොච්චර මහන්සි වෙලාද කියලා මං දැන ගත්තේ මේ සටහන දැක්කට පස්සේ..!ඔන්න අපේ අයියත් ලංකාවට ආපු කලෙක බයික් එකක් මොඩිෆයි කරලා ගන්නයි ඉන්නේ.! ආයි කතා දෙකක් නෑ මං කෙලින්ම එයාව එවන්නේ ‍ඔයා ගාවට..!

    ReplyDelete
  14. මේක නම් මාරයි. අර කලින් තිබ්බ බයික් එකමද කියලා නිකමටවත් හිතෙන්නෙ නැහැ. වැඩ කාරයාට බොරු බැහැ කියන්නෙ නිකන්ද.

    ඇත්තටම මට නම් හිතා ගන්නවත් බැහැ. මාර දක්සයෙක් නෙව අයියාගේ යාලුවා.

    ReplyDelete
  15. මචං මේකනම් මැක්සාම වැඩක්... කියලා වැඩක් නෑ.. ගෙදර බයිසිකල් කිහිපයක් තිබිලත් බයිසිකල් එකකට අතවත් ගහලා නැති මටත් බයිසිකලයක් ගන්න හිතුනා... පුහ් වචන නෑ කියන්න අර "Monster Garage" ටී වී ෂෝ එකේ modification පරාදයි....

    ReplyDelete
  16. පට්ටනේ. ..දැන් ඉතින් හොඳට කාපන් අයියේ!

    ReplyDelete
  17. උඹනම් මාව කෑවා බන් මම මේ පොඩ්ඩක් මේ බයික් අමතක කරල හිටිය මගේ උන ආයෙත් වැඩිකරා දැන් ඉතිං සල්ලි හොයපන්කෝ බයික් වලට. වෙලාවට මම ඔය හාලි වලට වඩා ආස Hornet වගේ ඒවට එව ගන්න ඔය ගණන් වලට බැරි නිසා හිත හදාගෙන ඉන්නවා. මටත් පොඩි රෙපෙයාර් වගයක් තියනවා. බයික් වල workshop (service) manual හොයාගන්න තැනක් තියනවද? දන්නවනම් මට mail එකක් දාන්න.
    වැඩේ නම් එල. පට්ට තව කියන්න වචන නෑඈ....

    ReplyDelete
  18. ෆා ද බ්ලොගී-- මෙන්න උත්තර,
    1) අනේ නෑ... එහෙම වෙන්නේ නෑ. තනියෙන් යනකොට විතරයි ගින්දර දාන්නේ.
    2) ඒකත් නෑ... ෂේන් නම් කියන්නේ "ෆස්ට් මයි බයික්, නෙක්ස්ට් මයි වයිෆ්" කියලා. මං නං ඒකේ අනිත්පැත්ත.
    3) ඇත්ත තමයි. ඒ ඒකේ හැටි නේ.

    ඔව් මේක හැදිලා එන හැටි මම ඔයාටවත් කිව්වේ නෑ නේ.
    අනි අනි අයියටත් කියන්න. ෂේන්ට බාර දුන්නොත් ඉන්ෂුවරන්ස එකටත් වඩා ෂුවර්. ;) (පොඩි ඇඩ් එකක්)

    Ansh Lucky Sri Jay-- ඒක නේන්නම්. ෂේන් බයික් පප්පා. විනාඩියක් කතා කරොත් පොරත් එක්ක පිස්සු හැදෙනවා. කරකවලා අත ඇරියා වගේ. බයික් එකේ ඇණේ ඉඳන් විස්තර කියයි.

    කාඩ් පැක් එකක් ගෙනැල්ලා කට්ටියව මඤ්ඤං කරා නේද පහු ගිය ටිකේ? ;)

    තිස්ස දොඩන්ගොඩ-- ඕකමනේ බං මටත් වුනේ. කොහොම හිටපු අහිංසකයෙක්ටද මේ උණ හැදුනේ. අනිවා ගන්න එකක්. බයික් එකේ යන ආතල් එක කාර් බාර් වල නෑ බං. :)

    මුඡලින්ද-- කනවා මලේ කනවා... අම්බානක කනවා. ෂේන් නං කිව්වේ වීක්එන්ඩ් විතරක් එලියට දාන්න කියලා. ඒත් කොහොම කරන්නද ඒක. මාස 7ක් බලන් හිටියේ ඕකට නෙව.

    උදිත-- ටැංකියු මලේ...

    ප්‍රියන්ත-- ඒකත් හරි. මමත් එහෙම තමයි හිටියේ. ඒත් උණ වැඩි වුනාම සල්ලි සල්ලි කියලා බල බල ඉන්න හිතෙන්නේ නෑ. සර්විස් මැනුවල් ද? ගූගල් දෙයියාගෙන් අහපන්කෝ. ගෝනි ගනන් දෙයි ;)
    ටැංකියු ටැංකියු.

    ReplyDelete
  19. @කුෂාන් ඇස්. වන්නිආරච්චි
    ගූගල් දෙයියාගෙන් ඇහුවා.දෙන්න බෑ කිව්වා. මට බජාජ් ඩිස්කවර් එකට ඕන. තිබුනේ නෑ.
    මම මේල් එකෙන් හරි මූනු පොතෙන් හරි කන්ටැක්ට් කරන්නම්.

    ReplyDelete
  20. මරු කතාවනෙ... flame exhaust කතන්දරේ දැක්කම නං තවත් ආස හිතුණා... පියවරෙන් පියවර විස්තර කරල තියෙන හැටි දැක්කම ආසා හිතෙනවා... :-)

    ඒ අස්සෙ තව මරු සංසිද්ධියක් මතක් වුණා. Nitro (nitromethane) ගැන අහල ඇතිනේ... Drag racing වලදි එන්ජින් එකට වැඩි ජවයක් දෙන්න ඉන්ධන වලට එකතු කරන රසායනිකයක් තමා ඒ. පොට්රල් වලට සාපේක්ෂව Nitromethane දහනය වෙලා අවසාන වෙන්න ටිකක් විතර වෙලා යනවා. ඒ හේතුව නිසා දහනය වුණු ඉන්ධන exhaust එකෙන් එළියට එන අතරෙදිත් nitro තාමත් දහනය වෙනවා. අවසාන ප්‍රතිපලය... FLAME EXHAUST!!!

    මටත් තියෙනව චිරාත් කාලයක සිට පැවතෙන බයික් උණක්... බයික් උණට තියෙන එකම බාධාව ඉතිං දෙමාපියෝ ම තමා.

    මම Harley Davidson එකට එච්චර ආසා නෑ... මගේ ආසාව ඉතිං Suzuki GSX1300R ම තමා. මට තියෙන බයික් උණ කෙසේ ද යත්, often going my insane 100 km/h ride with a Hero Honda Splendor NXG... (තියෙන්නෙ එච්චරයි නොවැ)

    ReplyDelete
  21. ප්‍රියන්ත-- ඕකේ මචං..

    ශාකුන්තල-- හප්පේ... කමන්‍‍ට් එකක්ද පෝස්ට් එකක්? පට්ට එක්ස්ප්ලනේෂන් එක ආ... අසා ඇත. අසා ඇත... ටොප් ෆුවල් එකක්නේ. ෂේන්ගෙන් ඇහුවනම් තව ටිකක් මට දැනගන්න පුළුවන් වෙයි.

    ආ.. ඒ බාධාවම නිසා තමයි මම ඕක නොකියාම කරේ. මම දැක්කා අයියයි මල්ලියි දෙන්නම සීබීආර් එකක්ද එන්එස්ආර් එකක්ද කොහෙද උඩ නැගලා ඉන්නවා.
    හප්පේ ජීඑස්එක්ස් ආර් කියන්නේ හේයබ්සා(Hayabusa)මාදිලියේ එකක් නේද? පට්ට ආ... ටැක්ටරේකට නැග්ගා වගේ තමා ඉතිං.

    ආ එළ එළ... හීරෝ හොන්ඩා කියන්නේ ඉතිං ෂෙඩ් එකක් ලඟින් ගියත් ඇතිනේ. පෙට්‍රල් ගහන්නම ඕන නෑනේ. තෙල් සුවඳටත් එන්ජිම වැඩනේ. මමත් මේ ලඟක් වෙනකං පැද්දේ බොක්සර් එකක් තමයි. ඒකත් ඔය ජාතියේම තමයි. C8H18 සුවඳටත් වැඩ. ;)

    ReplyDelete
  22. අඩේ නියමයිනේ බන්
    බැරිද බන් ස්කූටි පෙප් එකටත් මේ වගේ වැඩක් කරන්න :-D

    ReplyDelete
  23. ඕක වචනෙ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ට බයික් එක..මොකො දවසක් මාත් ඔකෙන් රවුමක් දාල බැලුව නෙ කුශාන් අයියට තෑන්ක්ස් වෙන්න.රෑ හින්ද ගින්දරත් නියෙමට දැක්ක.හරියට නිකං කුශාන් අයිය දැන් bikerboys ෆිල්ම් එකෙ smoke වගෙ ඉන්නෙ..

    මේ අර මුල හරියෙ තියෙන හාලි handle එක හැලුවෙ ඇයි.දැන් තියෙන ටිකක් කොට හින්ද මං හිතන්නෙ අතට බර එනව වැඩි ඇති low speed හරවන කොට.

    ReplyDelete
  24. නිකං රියැලිටි ෂෝ එකක් වගේ..... යාලුවා වැඩකරු වගේ නේද?

    ReplyDelete
  25. Splendor එකේ 100 පන්නන එක මතක් කළේ වෙන මොකවත් නෙමෙයි... බයික් එක හරි අපූරුවට දෝලනය වෙනවා දැනෙනව ඒ වෙලාවට... නිකං ඩෝප් ඩෝප් වගෙ...

    ආදරණීය හාලි එක්ක ඒ වගේ රයිඩ් එකක් ගියෙ නැද්ද තාම?

    ReplyDelete
  26. WHAT THE.....! Damn You! -_-

    දැන් නම් යකෝ තෝ හින්දා පොඩි කාලේ තිබිලා නැති වෙච්ච ආසාව ආයිං ආවානේ! ලංකාවේ බුවෙක් කරපු.පට්ට්..වැඩක්. කරලා තිබිලා දැකලා මට....පලාගෙන උඩ යන්න පිස්සු වගේ!

    ඒකට ඉතිං මෙහෙන් ලේසි නෑ හැබැයි, පංචිකාවත්ත වගේ ඔයාගේ යාළුවෝ වගේ හීනියට කර ගන්න කට්ටිය අඩුයි බං, ඒකටත් එක්ක ගාණ! තුං නෝ දකිං රට රාජ්ජේ ගියාට ලෝකේ නැති වැඩත් අපේ උන් කරනවනේ!


    සිරාවටම උඹලා වගේ Ghostලා ඉදිරියට ගියා නම් රටෙන් සමාජෙන් සප් ඒක දෙනවා නම් ලෝකයට ලංකාව බබලවන්න වෙන්නත් තිබ්බා බං!

    ReplyDelete
  27. පිස්සු හැදෙන මැක්ස වැඩක්....

    ReplyDelete
  28. මිනිස්සුන්ගේ ලෙඩ වැඩි කරන්න එපා බං. මට හාලි පිස්සුඑ ගැහැව්වෙ අර "Renagade" ඩ්‍රාම එකෙන්. අම්මෝ එදා ඉඳින් මුන් ගැන සෙවිල්ලේ ඉවරයක් නැහැ. ඇත්ත හාලියක් පදින්න පිං මදි අපි "Avenger" එකක් වත් පදින්න බලාගෙන ඉන්නෙ. ඉරිසියයි බං. එල වැඩේ. මේකෙ පෙට්‍රල් කෙරුවාව කොහොමද?

    ReplyDelete
  29. ම-- ආ... ඔය ඉන්නේ... මං මේ බැලුවා කෝ කියලා... ස්කූටි..? ෂේන් ට හිතුනොත් ව්ල්බැරෝවකට හිරි ඔය වින්නැහිය කරයි බං. ;)

    පැන්ඩා-- උණ උණ... උඹටත් මලේ උණ... ඒකනේ ආරංචිය ලැබිච්ච ගමන් තකහනියක් ඇවිල්ලා රවුමක් ගිහිල්ලා බැලුවේ. කොට හැන්ඩල් එක නිසා ‍කන්ට්‍රෝලිං උපරිමයි. ලොවෙත් පෙරලෙන්නේ නෑ. ;)

    බුද්ධි-- ටැංකියු ටැංකියු... වැඩ කාරයාදත් අහලා.. පට්ට බයික් පප්පා... :)

    ශාකුන්තල-- ඔව් ඔව්.. තනි අකුරේ පොල්කට්ටක් ගැහුවා වගේ තමා. මරණෙගෙන් අහුවානං තව හොඳට විස්තර කරයි. ගියා ගියා මැක්සා ප්ලේස් එකකට ගියා. දෙසක් රියේ දෙවැනි චාරිකාව බ්ලොග් එකේ දැන්න ඕන තව ටික දොහකින්. :)

    බින්කු මලේ-- හෙන කාලෙකින් දැක්කේ... මොකෝ ලියන්නැතෙයි දැන්.
    කතාව ඇත්ත. මෙහේ සෑහෙක වැඩකා‍රයෝ ඉන්නවා බං. උන් හයිලයිට් වෙන්නේ නෑ... ඒකයි. ෂේනුත් වැඩි හරියක් ෆ්ලේම් ගහන්නේ පිටරට යවන්න. ෆිට් එකට මගේ එකට ගැහුවට. ළඟදී අපේ එකෙක්ට ෆ්ලේම් ගහලා, ඌ වෙන ගරාජ් එකකට ගිහිල්ලා එක ගලවලා තාක්ෂණේ හොරකම් කරන්න ගිහිල්ලා. ඊට පස්සේ ෂේන් ලංකාවේ බයික් වලට ‍ෆ්ලේම් ගහනවා අඩුයි. :)

    ඉන්දික්-- ටැංකියු මචං...

    අනුෂ්ක-- ඔව් බං... හාලි පිස්සුව කියන්නේ අමුතුම පිස්සුවක්. ඒක මටත් වචන වලින් කියන්න තේරෙන්නේ නෑ... ඒක මාර ආතල් වැඩක්. ටුවරින් වලට මරු බයික් තමා. පෙට්‍රල් 35 ක් කරනවා බං... ;)

    ReplyDelete
  30. බදුල්ල පැත්තෙ ආපු වෙලාවක යන්ට ඕනැ ඔය දෙසකරියෙන් රවුමක්... :)

    ReplyDelete
  31. ලියන්න ඕන කියලා හැමදාම කිව්වට ලියන්න දෙයක්, හිතක් නෑ වගේම තියෙන කාලේට වේලාවත් නෑ. කොහොමත් මේ කාලේ ටිකක් බාල්දි පිට බාල්දි, එව්වා බේරා ගත්ත ගමං ලියන්න ඕනේ ඉස්සර වගේ වල්පල් නැතිව.

    සිරාවටම, අපේ අය Highland නො වෙන නිසාත් එයාලාට පාඩුයි, රටේ අය ඒ අය ගැන බොහෝවිට දකින්නේ වෙන ඇසින්, නැතුවත් රටම හිතන්නේ පිටරට එව්වාටම වදින්න (එහෙත් අපේම ඒ අයගෙන් වැඩේ කරවා ගන්නවා අඩුයි).

    එහෙමද? එහෙමත් දේවල් අපේ අය කරනවා මචං, කොපි කෙරිල්ලටත් අපේ අය දක්ෂයිනේ. ෂේන්ලා උඹලා වගේ නගින්න නෙමෙයිනේ.

    උන්දෑට මං සුභ පැතුවයි කියන්ඩ!!!

    ReplyDelete
  32. Matath Bike Pissuva Athima vela Thiyenne Eheth meka Dhakkama Aapahu Pissu Hadenna Vage. Monaa unath Karapu Vade Gintharatama Karala Thiyenava.

    ReplyDelete
  33. නරකද ගිනි කසයා ගිනි පිඹගෙන යන video එකක් එහෙම දැම්මොත් හැමොටම බලන්න.

    ReplyDelete
  34. Wow!!! Awesome Story Kushan!! and Congrats for the Bike!! Its really Splendid!!

    Shane Aiya SuuupeerrB Job!!!! You have such a gift!! Keep up the Great work!!!

    Cheers!!!

    -shaun crusz-

    ReplyDelete
  35. හී හී..... මරනයක්නේ ගොඩ අරගෙන තියෙන්නේ....
    ගොඩ කීවට ගොඩේ ගොඩ.
    නියම වැඩ්ඩෙක් වෙන්න ඕන මෙහෙම දෙයක් කරන්නනම්.
    සෑහෙන ගානක් යන්න ඇති. ;)

    ReplyDelete
  36. ශාකුන්තල-- කිව්වට ළමයි එන්නේ නෑ නේ. කියනවා විතරනේ. අවොත් නැවත නොයයි ;)

    බින්කු මලේ-- කතාව ඇත්ත. හරි හරි මං කියන්නංකෝ. ෂේනුත් මේක බලනවා. පොරට කමන්ට් කරන්න එකවුන් එකක් නෑ. මං කිව්වා ඇනෝ වගේ හරි දාන්න කියලා.

    සාෆි-- ඔය ඇවිත් ඉන්නේ මේ පැත්තේ. ඔයත් ඉතිං ඇති තරං සීබීඉසෙඩ් පැදලා තියෙනවා නේ. ටැංකියු ටැංකියු.

    කාංචන-- ටැංකියු වේවා. ඔන්න කිව්වත් වගේ ගිනි කසයගේ ගිනි පිඹින වීඩියෝ එකක් අප්ලෝඩ් කරා.

    Shaun Crusz-- මචං මම දන්නේ නෑ ඇත්තට ම උඹ කවුද කියලා. ෂේන්ගේ යාළුවෙක් වගේ පේන්නේ. බ්ලොගර් එකවුන්ට් එකක් හදාගෙන අපිත් එකක් සෙට් වෙන්න එන්න.
    ටැංකියු වේවා ප්‍රථිචාර වලට.

    සහන්-- මං කිව්වනේ. ෂේන් විල්බැරෝවක් වුනත් ගොඩදායි බෙන්ස් එකක් වගේ. උඩ කමන්ට්ස් ටික කියවන්න. වියදම එතන ඇති දාලා. ;)

    ReplyDelete
  37. සියළු දෙනාටම-- ළමයිනේ ඔන්න ගිනි කසයගේ වීඩියෝ එකක් දැම්මා... සිතැත්තෝ බලත්වා... :)

    ReplyDelete
  38. පිස්සු හැදෙනව, මොනව වුනත් මරුවට හදල අරන් තියෙනව. එළ හැබැයි පරිස්සමින් පදින්න.

    ReplyDelete
  39. ගිනි පිඹින එක නම් පට්ටම පට්ට. අනේ සහෝ පට්ටලේ අයියා ඔලුවේ අතගහගත්ත හැටි බලන්න බෑනේ This is a private video. If you have been sent this video, please make sure you accept the sender's friend request කියල වැටෙනවා. :(

    ReplyDelete
  40. Wow, Maxxxaaaa machan.... Umbata kohomath a dawas wala indanma tikak amuthu mind ekak thibbane.... wade nam super machan..... love see this bike for real....

    ReplyDelete
  41. හර්ෂණ-- ටැංකියු ටැංකියු... ඔව් ඔව් බොහෝම පරිස්සමින් තමයි පදින්නේ. හැම තිස්සේම ගිනදර යන්නේ නෑ. ඕන කොට විතරක් යවන්න පුළුවන්.

    කාංචන-- ඒ නෝටිස් එකටත් ටැංකියු සහෝ... ඔන්න දැන් වැඩේ හරි.

    සාරංග-- ටැංකියු මචං. මම තුන් හතර පාරක්ම ගේ ලඟින් ගියා. ඒත් උඹ ගෙදර නෑනේ ;)

    ReplyDelete
  42. Harley V rod National geographic channel -ultimate factories වීඩියෝ එක බලල තියනවද? මම මේ දැන් බැලුවා. මාරයි හාලියක් ෆැක්ටරියේ හදන විධිය මුල ඉඳන් තියනවා

    ReplyDelete
  43. නෑ නෑ මමත් බලන්නම් :)

    ReplyDelete
  44. මචන් පිස්සු හෑදෙනවානේ.ඈත්තටම මහන්සි උනාට ප්‍රථිපල තියෙනවා.නියමම පෙනුමක් තියෙනවා.මටත් ආස හිතුනා බයික් එකට නම්.ඒ වගේම උබ විස්තරෙත් උපරිමයෙන් දාලා තියෙනවා.පෑහෑදිලිවම.අර ගින්දර පිටවෙන විදිය තමා මටත් හිතාගන්න බෑරි.

    ReplyDelete
  45. මචං සොරි වෙන්න ඕන. දැනුයි දැක්කේ.
    හා හා ඒක රහසක් ;)

    ReplyDelete
  46. අර කිව්වත් වගේ පට්ටම පට්ට . . . . සුපර්බ් . . . !

    ගිනි කසයම තමයි . . . . . . ! ඔන්න නියම වැඩ කාරයෝ . . . . !

    ReplyDelete
  47. දුමී-- ටැංකියු ටැංකියු මචෝ...

    ReplyDelete
  48. විකුනන්න දාල මොතද

    ReplyDelete
  49. flame exhaust 1kak gahanna beriwevida yamaha fz16 1kata sirawatama

    ReplyDelete
  50. ෆට්‍ටම ෆට්ට.....!!!
    නියමයි!
    සුපර්......බ්!!

    ReplyDelete
  51. @මහීම--
    මොකෝ බැරි එකකට ගැහුවා... පට්ට වෙන්න තියෙනවා... ඕන නම් වීඩියෝ එකක් එවන්නම්.

    @තාරක--
    මං ඒත් බැළුවා කවුද මේ පරක්කුවෙලා ඇවිත් තියෙන්නේ කියලා... :-)

    ReplyDelete
  52. සෑහෙන්න පරක්කුයි නේද?
    අද තමා මේ පැත්තෙ ආවෙ

    ReplyDelete
  53. Bike eka dan thiyenne matara ne da

    ReplyDelete
  54. අඩේ මට මේක කියවන්න අහු වෙලා නැහැනේ.. අද තමා අර පියංතයට පින් සිද්ධ වෙන්න අහු උනේ...

    හාලිය කියන්නේ මටත් තිබුන අමාරුවක් තමා.. හැබැයි ඉතිං පෙස්ටෝල් බොන එව්වා පැදීම ගුණදායක නැහැ කියලා දන්න හින්දා අතෑරලා දාලා තියෙන්නේ... නැත්තං මං ඒ දවස්වල ඉදන් සීඑම් 125 එකක් හරි අරං ඔය වගේ කරන්න හිතං හිටියේ... ආයේමත් මොකක් හරි ලොට්ටයක් උස්සං ඇවිත් ගේ ඇතුලේ දාගෙන හදන්න තරං මේක දැක්කම හිතට ආසාවක් ආවා...

    මේකනං ටොපේ ටොප් වැඩක් යකෝ...ඇඩෙනවා...

    ReplyDelete
  55. අයියණ්ඩිය.......,මේ බයික් එක තවම තිබේද?

    ReplyDelete