Thursday, August 13, 2009

මාර නංගියෙක් හම්බ උනා අයියො… ඔබටත් හම්බ උනාද? පව් නේද…?

මට අද මාර සීන් එකක් උනා. Tagged කියලා මල මගුලක ඒ….. දවස් වල මම රෙජිස්ටර් වෙලා ඉඳලා තියෙනවා. තාම පොරවල්ලගෙන් Alerts එනවා අරයා උඹේ profile එක බැලුවා… මෙයා බැලුවා කියලා… මෙන්න මේ ගෑනු 12 දෙනා හම්බ වෙන්න කියලා… නා නා ප්‍රකාර මේල් එනවා tagged එකෙන්. පට්ට ආතල්… ඒ අතරේ වැඩි හරියක් ඉන්නේ තමංගේ ලිංගය female කියලා profile එකේ ගහගත්ත කොල්ලෝ. shemale ද කොහෙද? (හික්)

ඔන්න ආපහු උක්ත කතාවට… ඉතින් ඊයේ tagged alert එකක් මගේ මේල් එක‍ට ආවා… කවුද නංගි කෙනෙක් මට මැසේජ් එකක් එවලා කියලා… (ලොකු කරන්න නම් ක්ලික් කරන්න)
alert
මාත් ඉතිං නංගියෙක් නිසා click කරා ලින්ක් එක උඩ. ඔන්න ගියා tagged පේජ් එකට… ඒකේ login username password ඉල්ලන්නෙත් නෑනේ… ඇත්ත තමා… මෙන්න බොලේ නංගියෙක් මට මැසේජ් එකක් එවලා… මෙන්න මේක… ලොකු කරලා හොඳ….ට කියවන්න.
msgOfHer
ඔන්න ඉතිං කවුරුහරි නංගියෙක් නිසාම මමත් දැම්මා reply එකක්. අනික foreign නගෙක්නේ… :)
myMail
ඔය සැත්කම ඊයේ සිද්ද විච්ච එකක්. අද උදේ මම මම ඇව්ත් මේල් චෙක් කරන කොට මෙන්න බොලේ අර නගා ම‍ට මේල් එකක් දාලා…. දිග…. එකක්… පව් අප්පා හරී අසරණයිලු එයා… (hiks)
යාළුවනේ… ලොකු කරලා හොඳ…ට කියවන්න ඕන…
HerMail
සෙල්ලං ගානක්ද නේද? ඇමරිකානු ඩොල්ර් මිලියන 6.8ක් මගේ එකවුන්ට් එක‍ට දාන්නංලු… පිස්සු හැදෙයි. දැක්කෙත් ඊයේ… (ආ.. දැක්කේ නෑනේ) පල්ලියේලු ඉන්නේ. අම්මා තාත්තා නැතිලු. පාස්ටර්ගෙයි එයයි අතර සම්බන්ඳයකුත් නැතිලු. මගේ එකවුන්ට් එකට සල්ලි දාලා ටික ටික එයාට ඕන වෙනකොට ගන්නංලු. කා‍ටවත් කියන්නත් එපාලු… ඔන්න මං ඔයාලට කිව්වා කියලා ලිලියන් නගාට කියනව එහෙම නෙමෙයි හො‍ඳේ… :)
මෙන්න එවලා තිබ්බ ෆොටෝ එක. පව් අම්මා තාත්තා නැති අසරණ කෙල්ල. කාගේ වුනත් නංගියෙක් නිසා මං මූණ අහක් කරා ඕං…
3U4O50461357-02
වැචේ කියන්නේ මෙයා hi5 එකෙත් ඉන්නවද කොහෙද? ‍බ්‍රව්සර් එකේ තියෙද්දිම image properties ගියාම මෙහෙම ආවා…
image
පව් නේද මේ නඟා… සමහරවිට හෙට ඔබටත් මේ නඟා හම්බවෙයි… එතකොට අර සල්ලි ටික බෙදිලා යයිද දන්නේ නෑ… අපරාදේ අපේ මව් කොම්පැණිය තිබ්බනං මං නගා ගෙන් සල්ලි ටික අ‍රගෙන ෆික්ස් ඩිපොසිට් එකක් දානවා :) කොම්පැණිය ගැන කියලා කට වරද්ද ගත්තවද්ද. කමක් නෑ.. ප්‍රස්ද්ධ රහසක් නේ.
හරි හරි කතා ඇති. දැන් ලමයි මොකද කියන්නේ. මම සල්ලි ටික මගේ එකවුන්ට් එකට දාගන්නද? එපාද? නැත්නම් සල්ලි ටික ඉවර වෙනකල් පාටි දාමුද? සෙල්ලංද ඇමරිකානු ඩොලර් මිලියන 6.8ක්. හැබැයි මේකත් ලොකු ඇමරි-“කානු” වක්ද කොහෙද? වැටෙයි බලාගෙන. එයා මට කෝල් කරන්න කියලා තිබ්බනේ. මම එයාගෙන් skype id එක අහලා replly එකක් දැම්මා. අපිට පිට රට කෝල් ගන්න සල්ලි නෑනේ. උත්තරයක් ආවොත් උණු උණු විස්තර පස්සේ කියන්නම්. මේ නගා හොරෙක් නම් එයාව අල්ල ගන්න කොන්ත්‍රාත්තුව කාටද බාර දෙන්නේ…? අපේ DEEPS නගාට නම හොරු අල්ලා පුරුදුයි… බලමු බලමු…
හෙට ඔබටත් මේ නංගි හරි මෙයාගේ යාළුවෙක් හරි හම්බ උනොත් කියන්න.
ආ අර අවසන් සටන හරි. ලයිව් දෙන්න තරං තරඟයක් තිබ්බේ නෑ. කාසියේ වාසිට අපිට ආපු ගමන් අපිටම දිනුම දුන්න. මැච් එකක් තිබ්බේ නෑ…

20 comments:

  1. There is nothing called easy or free money. Everything has a prize. Usully when you find the "prize" , it is too late or too heavy. This is a golden rule of servival.

    -Dappi Sira-

    ReplyDelete
  2. මම කියන්නං ඊලඟට වෙන ටික. ඔය සල්ලි උඹේ එකවුන්ට් එකට දාන්න බෑන්ක්/පෝස්ටල් චාර්ජස් නැත්තං ටැක්ස් මෙච්චර යනවා කියලා ඩොලර් පණහක් සීයක් එවන්න කියලා කියාවි ඒකි දෙන එකවුන්ට් නම්බර් එකකට :D

    ඔය සෙල්ලම නෙට් එකේ දැං ප්‍රසිද්ධ රහසක්. ඒත් ඉතිං කණගාටුවට වගේ තවමත් සමහරු ඕවට අහුවෙනවා කියලා ඔය පත්තර වල තියෙන්නේ. මටත් ඔය වගේ මේල් නං ඇවිත් ඇති ඕනෙ තරමි.

    කෝකටත් සෙල්ලම් කරන්නෙ පරිස්සමින් කොල්ලෝ...

    ReplyDelete
  3. Same thing hapen to me :D:D
    but different story..Just got the same mail from a girl(Cant remember the name).earlier One of my friend too got the same thing.I knew this is a spam.but its really funny.so i replied in utter filth to that mail.hahah..
    i got the same reply in few days :D:D
    this is a method how spammers harvest real eMail addresses.
    If you reply thats it,they know you are real.
    but its really funny :D:D after replying in that manner

    ReplyDelete
  4. මේ ලොකු අයියා මේක සටහන ඔබතුමාගේ ගෙදර උන්දෑ(හරි හරි වෙන්න ඉන්න කෙනා) දැක්කොත් හොඳ නෑනේ. අහු උනොත් ගුටි කාලා බෙහෙත් දාගන්ඩ ඔය මිලියන 2 ඕන වෙයි. ‍ෂේප් කරගන්න ඉතුරු මිලියන 4.8ම ඉවරවෙයි.

    ReplyDelete
  5. හාපෝ අහුවෙන්නෙපා ඕවට. ඔය වගෙ එක එක කතා කියල පහුගිය දවස් වල මට ආපු mails 50ක් විතර තියෙනවා. ඕන්නම් මං forward කරන්නම්. ඕව ඔක්කොම බොරු. පොඩ්ඩක් මෙන්න මේ link එකට ගිහිල්ල කියවල බලන්න අයියෙ.

    ReplyDelete
  6. ධනික උඹට මාර ඩිමාඩ්ස් එකක් නෙ තියෙන්නෙ. මානවයා ඩවුන් කරන් බලන්න කියල ලින්ක් එක යැව්වෙ නැද්ද? forward කරව ගෙන ඕව බලන්න අපිට පිස්සු කියල හිතුවද?. මේ මම කුෂාන් නම් නෙවෙයි. ‍කුෂාන්ගෙ රසිකයෙක්, උඹේ ගොන් කතා ඉවසගන්න බැරුව මේක දැම්මේ.

    ReplyDelete
  7. මට නම් උඩ එව්වා වැඩක් නෑ.. අන්තිම වාක්‍යය දෙක දැක්කම මාර හැපී.. ඔන්න කොයි ලොකේ හිටියත් කේක් කන්න මම බදුල්ලේ ඇති. නැත්තං අම්මපා අර කැම්පස් එක ඉස්සරහා තියනවා කිව්ව කඩේට එනවා! දන්නේ නෑ අපේ හැටී හරී...! අර නගා ටත් කියන්න මලී කියලා හෙන චණ්ඩියෙක් කිව්වේ කියලා..! හික් හික්..

    ඔය නොදන්න දිය රෙදි වලින් බෙල්ල හිර කරගන්නේ නැතුව හිටු! මේ ඇමරිකන් ඩෙලර් වගේද ඔරිජිනල් ශ්‍රී ලංකන් රුපීස්!

    ReplyDelete
  8. හැමෝටම කියන්නේ.. පොඩ්ඩක් මේල් බොක්ස් අවුස්සල බලන්න Clara Ajaiye කියන බවලතා මේල් එකක් එවල නැද්ද කියලා. එයත් දැං අවුරුදු ගාණක් තිස්සෙ දුකට පත්වෙලා ඉන්න කෙනෙක්! පවු අනේ !
    පුලුවං නං කවුරුහරි උදව් කරන්න. ඔය වගේ බර ගාණක සල්ලි වගයක් එයා ලඟත් තියෙනවා. මට මතක හැටියට හස්බන්ඩ් මැරිලා, ඔය කියන්නෙ හස්බන්ඩ් ගෙ බූදලේ ගැන. :D

    ReplyDelete
  9. එකම දෙයයි ඉතින් කරන්න තියෙන්නේ Report Spam Click කරන එක තමා.. අපි නොදන්න සමාජසේවය නැද්ද කුෂාන් ...

    ReplyDelete
  10. ජංජාලෙ ජංජාල

    ReplyDelete
  11. මේ දවස්වල යාහුමේල් එකෙත් ඔය වගේ සෙල්ලමක් යනවා...

    ReplyDelete
  12. මගේ යාලුවෙකුටත් ඔය සෙල්ලමම උනා. ඌ නම් තව පඩියක් ඉස්සරහ හිටියේ. තාව මේල් දෙකකින් කියාවි, මම ඉන්න පල්ලියෙන් මාව ගන්න නම් පොඩි ගානක් ගෙවන්න වෙයි කියලා. උබට නම් ඒක පොඩි ගානක් වෙයි. හැබැයි සල්ලි ටික අරගෙන මාරු වෙන එක තමයි අවුල.

    ReplyDelete
  13. මචං සල්ලි ආවම මට ගල් බෝතලයක් ගන්න 565/=ක් දීපන් හොඳේ

    ReplyDelete
  14. බලධාරිණියගේ අවධාන පිණිසයි
    මේ පුද්ගලයා නොදන්න නංගිලාට ඊමේල් යවන බැවින් මොහු ගැන අවධානයෙන් සිටින්න.

    ReplyDelete
  15. හප්පේ ඕන්න මං පටන් ගත්තා එහෙනං. ඊයෙ එන්න බැරි උනා. බ්ලොගී නඟාලා අළුතෙන් ගෙයක් ගත්තා. ඊයෙ ඉතින් පරිප්පු නැවක් බාන්න සෙට්වුනා එහෙ. පරිප්පු කිව්වට පරිප්පු නෙමෙයි, ඔය ෆ්‍රිජ්, අවන්, කම්පියුටර්, බේසංළ වලං පිඟං පුටු මේස අල්මාරි වගේ පොඩි පොඩි දේවල් (හොඳ පොඩි :)) ඒකයි මේ පැත්තේ එන්න බැරි උනේ. ඕං එහෙනං පිළිවෙලට

    @Dappi-- Yes ma friend you are correct. I think more than half its "too late" :) Thankx again

    ඉනා-- හැබැයි ඒකෙත් මාර ආතල් එකක් තියෙනවා බං. උන් දන්නවනං අපි උං එවන මේල් වලට කරන දේවල් බඩ හපාගෙන මැරෙයි. හොඳ වෙලාවට ලිලියන් නඟාට සිංහල බැරුව ඇති බ්ලොග් කියවන්න. :)

    @Kasun -- I accept man. Its really very funny when its comes to joke for us. Thankx.

    උන්මන්තක -- හත්වලාමයි. බොලා කියනකං ඒ වගක් මතක් උනේ නෑ නෙව. අළුත් ගෙදරටත් ජාලෙ නැති නිසා සොඳා...

    ධනික-- සිරාවටම මට ආසයි ටිකක් බලන්න. එවහංකෝ මල්ලියේ දෙක තුනක්. ඔය අසරණ වෙච්චි මිනිස්සු අතරේ අපි දන්න කියන උං ඉන්නවද දන්නේ නෑ. එන්.ජී.ඕ එකකින් හරි සප් එකක් අරන් දෙන්න බැරියැ.

    @Ano -- එහෙම කියන්න එපා මචං. උන්ගේ මෝඩ ජෝක් කියවන එකෙත් මාර ආතල් එකක් තියෙනවා බං.

    @හැමෝමට-- ඔය ඇනෝ ඇත්තටම මම නෙමෙයි හො‍ඳේ...

    @මලී-- ආ නඟා... ටැංකියු ඈ... එන්ට එන්ට හැබැයි ඩිංගක් කලින් අනතුරු අඟවන්න හොඳේ... නැත්නම් කොහාට හරි අන්ත්‍රස්දාන වෙලාවත් හිටියොත් එනාකොට... අරෙහෙ මෙහෙ දුවනවා මේ ටිකේ...

    ඉනා-- උඹත් මාර පොරක්නේ බං. සිරාවටම මම සර්ච් එකක් දැම්මා මේල් එකේ. එහෙම බවලතෙක් ඉන්නවා නේන්නං. මට කෙලින්ම එවලනෑ. රවුමෙං ආපු එකක්. මේං මේ clara ajaiye - clara_20072007********* ලිපිනයේ. හැබැයි මෙයා අර කියන කෙනා නෙමෙයි ද දන්නේ නෑ. වැරදිලා වත් හොඳ නංඟියෙක් වත්ද දැනෑ...ඒ වුනත් ඊමේල් ඇඩ්රස් එකත් නිකං අමුතුයි වගේ... එවලා තිබ්බෙත් ස්පෑම් එකක් තමයි. හැබැයි බූදලයක් අපිට දෙන්න නෙමෙයි. වෙන මොකද්ද බයිලාවක්...

    @ආගන්තුකයා-- කියලා වැඩක් නෑ මචා... එක තමා එකම බෙහෙත. තව ටිකක් ෆන් එකක් අරගෙන මමත් ඔය ඉන්ජෙක්ෂන් එක දෙන්න ඉන්නේ...

    @කපිල-- ලොවෙත් ජංජාල බං...

    @ප්‍රභාත්-- නැති තැනක් නෑ බං.

    @ස්ම්පත්-- නෑ... එ‍හෙනං ඊට කලින් මාරුවෙන එක තමා හොඳ...

    @දීප්ස් නඟා-- සිරාම පිළිතුරක් නඟේ... ඇත්තට මඅර සයිට් එකට මම ගිහිල්ලම නෑ... ඔයා නං සිරාම ෂර්ලොක් හෝම්ස් කෙනෙක්... නරකද බුද්ධි අංශෙට වත් ඇප්ලිකේෂන් එකක් දැම්මොත්... හොඳට ගෙවනවා :-)

    @ම-- සිරාවටම ගල් බෝතලේට වඩා හොඳ එකක් නැද්ද? ඕනනං මං ලිලියන් නඟාට කියන්නම් එහේ එව්වයෙන් හොඳ බෝතලයක් එයවන්ටය කියලා... :-) ඩොලර් 5ක් විතරනේ සුලු දෙයක් මචං. මං දෙන්නං. අනික මිලියන 6.8 වියදං කරන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි.

    @ම-- අඩේ හිටු හිටු... ඔහෙ හිටු... සුදු වෑන් එකක් එවන්නද :)

    ReplyDelete
  16. මව් කොම්පැනියෙ credit card එකකින් ඔය සල්ලි යවල මව් කොම්පැනියෙ නොවෙන fix deposit එකක සල්ලි දාපං. සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
  17. @උන්මන්තක - HikZ... මාර ආතල්... අදයි දැක්කේ බං...

    ReplyDelete
  18. ඔහෙ හිටු අදාළ අංශවලට දන්නනකං..
    නගේ..මෙං මෙකා...

    ReplyDelete
  19. හා හා මාරයා කට ක‍ට... ;-)

    ReplyDelete