Monday, November 29, 2010

නම් වෙනස් කිරීම සහ සතියේ බ්ලොග් පුවත් ;-) හික් හික් @@#$$%%


ටී..ක්   ටී..ක්   ටී..ක්   ටී..ක්   ටී...............ක්...

ආයුබෝවන්..!

වෙලාව උදෑසන 6යි.

මේ සිරිලංකා බ්ලොග් කොම්පැණියේ සිංහල සේවයයි...

සතියේ පුවත්...

මුලින්ම සිරස්තල...



01) සෙට්වීමේ සෙටාර් එක නැවත වතාවක් සෙටාර් වේ...

02) මරණය බීම අත්හරිණ්නට යන ලකුණු...

03) ඉන්දියන් කාරයින්ගෙන් අම්බානක කෑ දුමී තවමත් රෝහලේ...

04) දුකා ටික කලක් නිහඬයි...

05) මාරයාගේ බණ ප්‍රචලිත කිරීම සඳහා ක්‍රමාණුකූල වැඩ පිලිවෙලක්...

06) බස් පියා බ්ලොග් එකේ ඇඩ් දමයි...

07) තිස්සයියා ලංකාව‍ට...

08) මලක නමක් හොයන්නට ගිය තනෝජාට කලබගෑනියක්...

09) ෆා ද බ්ලොගීට ලියන්න දේවල් නැති හැඩක්...

10) බ්ලොග් කොම්පැණියේ හෙට අනිද්දාම මංගල්ලයක්...

11) චූ‍ටි මහත්තයාට‍ පේටන්ට් බලපත්‍රයක්. කුමාරගෙන් ඒකට කොක්ක...

12) සිංහල බ්ලොග් හමුවට කට්ටිය පෙලවතින් සැරසෙයි...

13) විශේෂ පුවත... සිතැඟි ලියූ කෙනා තවත් බ්ලොග් එකක් පටන් ගනියි...

විදෙස් පුවත් අතරින්....

ලාංකීය සිතුවිලි සේවා ජ්‍යාත්‍යන්තරයට...

*********

වෙන්ඩෝල් වෙන්ඩොල් බාම්...  වෙන්ඩෝල් වෙන්ඩොල් බාම්... තුන්දොස් සමනය කරනා... සියලු වේදනා කැක්කුම් දුරු කරනා... සිරුර සනසවන හෙල ඔසුවක්... සැමට සුවය දෙන මහ ඔසුවක්... වෙන්ඩෝල් වෙන්ඩොල් බාම්...  වෙන්ඩෝල් වෙන්ඩොල් බාම්... වෙන්ඩෝල් වෙන්ඩොල් බාම්...

********* (ඇඩ් එකකි)

මෙන්න නැවතත් ප්‍රවෘත්ති...

01) බ්ලොග් කොම්පැණියේ පරසිද්ද සෙට්වීමේ සැට් එක නොබෝ දනකට ඉහතදී නැවත සෙටාර් වී ඇත. මේ අවස්ථාවේ ඔවුන් තෝරාගෙන ඇත්තේ, නොදරුවාගේ නිල නිවසයි. නොදැරිවීද එම අවස්ථාවට සම්බන්ද වී ඇත. ඉවුම් පිහුම් සියල්ලට නොදරුවා මුල් තැන ගත් අතර පිටස්තරයා ඇතුලු පිරිස අම්බානකට අඹරා ඇත. තවද ඒ අතර පිටස්තරයාට කණේ පහරක් එල්ල වූ පුවතක්ද වාර්තාවේ.
ආගන්තුකයා රුවුල කපා  බොහෝ පින්වත් ලීලාවෙන් අවස්ථාවට සම්බන්ද වූ අතර පොඩි මැරංගි සහ හබියාද ඒ පිරිස අතර සිටිබව මූණු පොතේ ඇති මුචලින්දගේ ඡායාරූප සනාත කරයි.
ඒ අවස්ථාවට සමගාමීව සීතාවක පුරවරයේ මහා ධන්තධාතු ප්‍රදර්ශණයක්ද පැවැත්වී ඇත. ඒ වෙනුවෙන්ම විශේෂ ආරාධිතයෙකු ලෙස රජරට පුත්‍රයාද අවස්ථාවට සම්බන්ද විය. නොදන්නා මුහුණු කිහිපයක් තිබුණත් හොඳහැටි විමසීමෙන් ඒ කාගේ කවුරුන්ද යන වග පැහැදිලි වෙයි. ඒ අවස්තාවේ මුචලින්ද විසින් ගන්නා ලද මරණේගේ සහ අන්සුවාගේ ප්‍රේමණිය සේයාරුවක්ද මූණූපොතට යන ඔබට දැක ගත හැක.

02) ජනප්‍රිය, රහ‍මෙර පානය කරන්නකු වන මරණය තම පානය අත් අරින ලකුණු පහල වී ඇත. අම්බානක නොයෙක් බීම වර්ග බී ඇති ඔහු‍ට දැන් දැන් සුපුරුදු බීම බිව්වාට වෙරි නොවීම නිසා ඔහු මේ තීරණය ගෙන ඇති බව රහස් ආරංචි මාර්ග පවසයි.

03) ඉන්දියන් කාරයින්ගේ ඉන්දියන් සයිස් ගැන අදහස් ප්‍රකාශ කළ දුමී නැමැත්තා ඉන්දියන් කාරයින්ගෙන් අම්බානක කා මේ වන විට රෝගාතූරව වෛද්‍ය ප්‍රථිකාර ලබන බව මැදපෙරදිග කොම්පැණියෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි. මේ හේතූවෙන් දුකා සහ පිරිසක් දුමී‍ගේ සුවදුක් බැලීමට ඔහු සොයා යාමටද සැරසේ. නමුත් දුමී තව දුරටත් කියා සිටින්නේ සීරීම් තුවාල හරුණු කොට වෙනත් ආපදාවක් තමන්ට සිදුවී නොමැති බවයි.

04) මැදපෙරදිග කොම්පැණියේ ජනප්‍රිය කියුම්කරුවකු වන දුකා මේ දිනවල තරමක් නිහඬ බව ප්‍රවෘත්ති අංශයට වාර්ථාවේ. සොඳුරු ත්‍රස්තවාදියාට කුඩා කළම කාර් පෙන්නන්නට ගොස් ඔහු විසින් ෆෙරාරියක් ඉල්ලා ඇති නිසා එම වර්ගයේ එකක් මිලදී ගැනීමට දුකා මේ දිනවල අම්බානක වෙහෙසී වැඩ කිරීම,  ඔහුට බ්ලොග් ලිවීමට වෙලාවක් කලාවක් නැති වීමට හේතුවයි.

05) කාලොචිත මාතෘකාවන් යටතේ බණ දේශණා කරන මාරයාගේ බණ තව දුරටත් ප්‍රචලිත කිරීමට ක්‍රම වේදයක් සක්ස් කිරීම සඳහා බණ කමිටුව රැස්වෙයි. අභීත, හාපැටික්කි, ප්‍රසන්න සහ සිරිබිරිස් ගෙන් සමන්විත මේ සිව් පුද්ගල කමිටුව මාරයා විසින් ඕවර්ලුක් කරයි. සාඩම්බර හසී පවුලේ සාමාජිකයෙකුද මෙම කමිටුවට ඇතුලත් කිරීම වඩාත් සාධාරණ බව ප්‍රවෘත්ති අංශයේ අපගේ මතයයි.

06) බස්පියා හෙවත් වැපා, පාඨකයන්ගේ ඇස් වලට වැලි ගසා බ්ලොග් එකේ ඇඩ් නොදා ඇඩ් දමයි. මේ නිසා බලවත් ප්‍රීතියට පත්වී සිටින කොම්පැණිය ඔහුට ඇඩ්වර්ට්-අයිසිං දෙපාර්තමේන්තුව බාර දීමට සැරසෙයි. නිල වශයෙන් තනතුරේ වැඩ භාරගැනීම, කොළඹට ඇදහැලෙන වර්ශාව නිසා ටික දිනකට කල් දමා ඇත.

*********

සිද්ධාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර... සැම වේදනාවන් කැක්කුම් යයි පැහැර.... වා, පිත්, සෙංග සමනය කර දෙනමීන... සිද්ධාලේප ඔසුවකි සන සන සිරුර....
සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා... "සිද්ධාලේප"

********* (ඇඩ් එකකි)

07) මෙතුවක් කලක් මැදපෙරදිග සි‍ට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් පමණක් සම්බන්දකම් පැවැත්වු හිතාදර තිස්සයියා තව නොබෝ දිනකින් ලංකාවට සැපැත් වෙයි. ඔහුව පිලි ගැනීම සඳහා අභියා, වැපා ඇතුලු බස් සංගමය දැනටමත් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. තමන් එනවිට එකිනෙකාට ගෙන ආ යුතුදේ දැන්ම තමන්ගේ විද්‍යුත් ලිපිනයට දන්වා එවන මෙන් තිස්සයියා ඉල්ලා සිටියි. මේ වන විටත් මරණය තමන් මනාප සුපිරි බීමක් රැගෙන එන ලෙස ඔහුට දන්වා ඇති බවයි සැලවෙන්නේ.

තවද තිස්සයියා මෙතුවක් කල් මැදපෙරදිග සිටියද "ඩුබායි" ලොකේසන් එක දැක නැති නිසා ඔහුගේ මෙවර සිරි ලංකා සංචාරයේදී "ඩුබායි" හී අනුරුවක් ත්‍යාගයක් වශයෙන් ඔහුට පිළිගැන්වීමට කටයුතු යොදා ඇත.

08)  මීට ටික දවසකට පෙර මලක නමක් සොයාගැනීමට වෙහෙසුනු තනෝජාට මහත් අලකලංචියකට මුහුණ දීමට සිදුව තිබේ. එක නමක් වෙනුවට බස් සංගමේ හරහා මල් 500කට ආසන්න නම් ලැබීමෙන් නියම නම තෝරා ගැනීමට ඇයට අපහසු වුවද අවසානයේ මරණය යෝජනා කල නම නියම නම යැයි පසක් වී අදාල ත්‍යාගය ඔහුට ලබා දීමට තනෝජා කටයුතු කර ඇත. තනෝජාගේ දරුවාගේ ශිෂ්‍යත්ව ජය ග්‍රහණය පිළිබද ප්‍රවෘත්ති අංශයේ සුභ පැතුම් මේ සමගම පල කර සිටුමු.

09) මෙතෙක් කල් හරි අගේට බ්ලොග් දෙකක් ලියමින් සිටි බ්ලොගී නගාට දැන් දැන් ලියන්න දේවල් නැති බව ඇය පෙරේදා පැවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී දැනුම් දී ඇත. නමුත් එම අවස්ථාවට සහභාගී වූ වාසල හෙවත් චමීදේවා පවසා ඇත්තේ කට්ටිය සෙට්වී බස් පැදීම මෙයට හේතුව බවයි. තවදුරටත් කරුණු දක්වන ඔහු පෙනවා දෙන්නේ මෙය ඇයට විතරක් ඇති ප්‍රශ්ණයක් නොව තමාට ඇතුලු අනෙකුත් හුදී බස් මගීන්ටම පොදුවේ පවතින ප්‍රශ්ණයක් බවයි. කරුණු කාරණා එසේ වුවද අදටත් (මේ දැනුත්) බස් පැදීම ජයටම සිදුවේ.

10)  බ්ලොග් කොම්පැණියේ කට්ටිය දැන් සිටම ටයි පොලු සූට් බූට් සාරි ඔසරි ලෑස්ති කරමින් හෙට අනිද්දා එන මංගල්ලයකට සූදානම් වේ. ඒ වෙන කවුරුන්ගේ වත් නොව පැංචීගේ මගුලයි. සීතල ජනවාරි මස මුලදී පැවැත්වෙන එම මගුල සඳහා ඇය මීට මසකට පෙරම රෙසිග්නේෂන් දී හෙට සිට ජොබෙනුත් අයින් වී ක්‍රීම් හා නොයෙක් නානු ජාති ගා තව තවත් සුදු වී, ස්ලිම් වී සිටීමට වෙර දරයි. ඒ හේතුවෙන් ඇයට සිරිලක් ‍බ්ලොග් කොම්පැණියේ ගෙට් එකට ජොයින් වීමටද නොහැකි බව ඇය කඩ්ඩෙන්ම දන්වා සිටියාය. ඇයගේ මගුලට බ්ලොග් කොම්පැණියේ හැම එකාම සහභාගී කරවීමට තරම් සල්ලි පොදියක් ඇය විසින් ගොඩ ගසා නැති නිසා අදාල මගුල් දිනයේදී මූනූ පොත මත කේක් ගෙඩියක් සෙයාර් කිරීමට ඇය දැන්මත් කටයුතු යොදා ඇත.

11)  පසුගිය දිනෙක, තමන් කුඩා කල සිදුකල මහඟු සොයාගැනීමක් පිළිබඳ හෙලිදරව් කල කෙසෙල් කොටුවේ චූටි මහත්තයා හට හුලං ගැසීමේ නවතම ක්‍රමයක් සඳහා වන පේ‍ටන්ට් බලපත්‍රය හිමි වේ. ඒ සඳහා මේ වන විටත් ‍පේටන්ට් නිලදාරීන් ඔහු සොයා කෙසෙල් කොටුව බලා පිටත් වී ඇත. නමුත් ඔහුගෙ කුඩා කල මිතුරු කුමාර පවසන්නේ අදාල සොයා ගැනීම සඳහා තමන්ගේ සහයෝගයද නොඅඩුව ලැබුණු බැවින් පේටන්ට් එකෙන් යම්කිසි පෝෂන් එකක් තමන්ටත් ලැබිය යුතු බවයි. එ‍සේ නැතිවුවහොත් පේටන්ට් නිලධාරීන්ට නැවත් කෙසෙල් කොටුවෙන් මෙහාට අඩියක් තියන්නටවත් නොදෙන්නේ යැයි ලෙස කුමාර දැඩි ලෙස අවධාරණය කරයි. නමුත් එයට තරයේ විරුද්ධ වන චූටිමහත්තයා පවසන්නේ එය තමන්ගේම ස්වයං සොයාගනීමක් බවත් පේටන්ට් නිලධාරීන්ට කෙසෙල් කොටුවෙන් එහාට අඩිය නොතබා යෑමට තම පරණ කොම්පැණිය වූ කුරුලු හමුදාවෙන් හෙලිකොප්ටරයක් ගෙන්නා ගෙන කුමාරට හූ කියමින් කෙසෙල් කොටුවට උඩින් පියාඹන බවයි.

12) සිරිලංකා බ්ලොග් කොම්පැණියේ එස්බීයූ කාණ්ඩේ මෙවර ගෙට් එක දෙසැම්බර් 19දා කොලඹ නවම් මාවතේ ඩී.ඇච්.පී.ඇල්.  බිල්ඩිමේ 3වැනි තට්ටුවේ පැවැත්වේ. තුන් වැනි තට්ටුවට නැඟිමට පඩි පෙල් පාවිච්චි කිරීමට අකමැති අයට ඒ සඳහා විදුලි සෝපානය භාවිතා කිරීමට හැකි බව සංවිධායක කමිටුව කියා නැත. ලියන්නන් මෙන්ම කියවන්නන් ද අම්බානක සිටින නිසා මෙවර ගෙට් එකට සෑහෙන ලෝඩ් එකක් ඒ යැයි කවුරුත් බලාපොරොත්තුවේ. ඔබ තාමත් එන නොඑන එක හරියට කියා නැත්තං මෙතනින් ගොස් ඒ බව කියන එක සංවිධායක කමිටුවට කවුන්ට් එකක් ගැනීමට පහසුකරවයි.

13) මෙන්න විශේෂ පුවත... මෙතෙක් දවසක් අරකයි මේකයි හැමඑකම එකම තැනක ලියූ සිතැඟි ලියන්නා, යන එන තැන් ගැන විස්තර ලිවීමටම වෙනම බ්ලොග් එකක් අරඹයි. ඊට සමගාමීවම කුෂාන් ඇස්. වන්නිආරච්චි ලෙසින් පෙනීසිට් ඔහු එම බ්ලොග් අඩවියේ "වන්නි" ලෙස පෙනී සිටීමට අදහස් කරයි. ඒ තෝරාගත් නම පිළිබඳව තිස්සයියා, වැපා, ඇතුලු බස්  සංගමේ අය බලවත් සතුටින් පසු වන බන පෙනී යයි. තිස්සයියා විසින් "වන්නිලෑඇත්තන්ගේ සාංකු ආරච්චි" ලෙස බස් සංගමේදී නමක් ලියාපදිංචි කිරීම, මේ නව නාමය ඉපදීමට ආසන්නතම හේතුව බවයි වන්නි පවසන්නේ. වන්නිගේ චාරිකා සටහන් කියැවීමට "වන්නි නොහොත් ක්ෂුද්‍ර දේශාටකයා" නැමති මෙම බ්ලොග් අඩවියට ඔබට පිවිසිය හැක. එය දැනටමත් සංසදය, ලාංකීය සිතුවිලි, හත්මාලුව බොහෝ සිංහල සින්ඩ්වල සක්‍රීයව ඇති බවත් දැනට එහි පැරණි වාර්තා පමණක් තිබුනත් මින් මතුවට එය අලුත් වාර්තා වලින් පිරී යන බවත් වන්නි ප්‍රවෘත්ති අංශයට දන්වා සිටියේය.

*********

සැමියා: යාළුවොයි නෑදෑයොයි සාප්පුවකට සෑහෙන්න බඩු ගෙනැල්ලා. ඇත්තටම පිඟන් කෝප්පම විතරද?
බිරිඳ : නෑ... ස්ටේන් ලස් ස්ටීල් දැති තලේ දමාපු නියම ඕදිරිස් හිරමණයකුත් ගෙනැල්ලා තියෙනවා.
සැමියා : ඕදිරිස් හරිමණයක්...? පංකාදු පහයි. එහෙනං පාටිය නරක නෑ....

වසර ගණනාවක පලපුරුද්ද සමග මල නොකන මේස හිරමණ සහ විදුලි හිරමණ නිෂ්පාදනයේ ප්‍රමුකයෝ... ඕදිරිස්... ඔබත් ඕදිරිස් නමින්ම් ඉල්ලන්න...

*********(ඇඩ් එකකි)

මෙන්න විදෙස් පුවත්....

සිරිලාංකික සිංහල සින්ඩි වල හැඩ වැඩ දැක පිනා ගිය පිටරට ඉංගිරිසි බ්ලොග් ලියන්නන් තමන්ගේ බ්ලොග් සිරි ලංකාවේ සිංඩිවල පලකරන ලෙස ඉල්ලා ඇති විශේෂ ‍ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ලාංකීය සිතුවිලි සිංඩිය තුල, කඩ්ඩෙන් ලියා ඇති ඉන්ටර්නැසනල් බ්ලොගේ සින්ඩ්කේට් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඔබ කැමති කඩ්ඩෙන් ලියා ඇති බ්ලොග් එකක් වෙතොත් මේ සබැඳියෙන් ගොස් එය සින්ඩියට යෝජනා කරන්න...

ප්‍රවෘත්ති සමාප්තයි...



ටිං ටොං ටැං....

*********

මෙවර ශනිදා වාසනාවේ ජයමල්ල රුපියල් කෝටි එක හමාරක්. බදාදාට සහ සෙනසුරාදාට ජය‍ ගෙන එන ශනිදා වාසනාව. සංවර්ධන ලොතරැයි මංඩලයි වෙතින්...

*********(ඇඩ් එකකි)

ප්‍රවෘත්ති අවසානයේ නිමිත්ත. "මීලඟ ප්‍රවෘත්තිය ඔබ ගැන විය හැකියි ;-)"

41 comments:

  1. පික්සු කොර බන් . .

    මාරම මාරයි . . . .

    උනු උනුවේ රේඩියෝ එකේ නිවුස් ඇහුවා වගේ . .

    වෙනසකට දැනුනේ ඇඩ් පොඩ්ඩක් මදි කම විතරයි . .

    මොකෝ අපේ නිවුස් කියද්දී නිවුස් වලට වඩා තියෙන්නේ ඇඩ් නිසා . . හික් හික් හික් . .

    පට්ට පෝස්ට් එක බන් . ..

    ReplyDelete
  2. ඔය දෙවෙනි ප්‍රවෘත්තිය දීපු එකා කවුද කියපන් බලන්න :-D

    ReplyDelete
  3. සුපිර්ම තමයි!... සෙට්වීමේ සැට් එකේ සැට් වීම පිළිබඳ වැඩි විස්තර සැට්වීම් අතිරේකයේ නුදුරු වේලාවකින්...

    ReplyDelete
  4. පට්ටයි හොඳේ!!

    ReplyDelete
  5. පට්ට බන් එළ ප්‍රවෘත්ති ටික

    ReplyDelete
  6. අඩේ සාංකූ.................. වන්නියේ උන්නාට දන්න තරම් දේවල් ඈ..............

    ReplyDelete
  7. නිව්ස් ලස්සන වෙන්ටත් එක්ක පැත්තකින් දැරිවියක් වාඩි කොරවා ගත්තා නං.................... (බ්ලොගි වගේ සුරුබුහුටි පැංචියක් නං වඩාත් හොඳා)

    ReplyDelete
  8. සුපිරි වන්නියෝ......

    @දුකා අය්යා..මුලින් මුලින් ඇඩ් අඩුයි...ඇඩ් වැඩි වෙන්නේ නැගල යනකොට නේ..හී හී

    ReplyDelete
  9. අම්බානක වැඩ තියන වෙලාවක කියෙව්වේ...
    පිස්සු පීකුදු වෙනවා බං... එල එල...
    උඹේ ලිවීමේ හැකියාවට මගේ සුභපැතුම්...!!!

    ReplyDelete
  10. සිරස්තල කියන්න ඉස්සෙල්ල ඇඩ් එකක් දාන්න ඕනිනෙ.
    මේකනං නියමයි.....
    අර රන්දිල් කියල තියෙනව ‍වගේ කොළ ටික අහුලල දෙන්න හරි කෙල්ලෙකුත් පැත්තකින් තියාගත්තනං තමයි හරි.

    ReplyDelete
  11. ජය ශ්‍රී කුශාන්.. පට්ටම පට්ට... ගවේශන චාරිකාවලට මමත් උඹට විස්තර දෙන්නම්.....

    ReplyDelete
  12. පට්ටයි මචං... අර වන්නි කතාව අදමනෙ දන්නේ...එල එල...

    ReplyDelete
  13. එළ නියමයි පට්ටම් අපට්ට..ජයවෙවා..?

    ReplyDelete
  14. සංකු රිපෝට් අපි ඩිසයිඩ් ..........

    බස් රියදුරනි මේ ඔබේ අවධානය පිනිසයි :D

    ෆට්ට මචෝ ...:D

    ReplyDelete
  15. කොයි වෙලේද බන් මේක දැම්මේ දැන්නෙ දැක්කේ..
    අළුත් එකත් බලලම එන්නම්කෝ.....
    උඹට බැරිද කොහේහරි ප්‍රවෘත්ත ලියන්න යන්න????

    ReplyDelete
  16. ප්‍රවෘත්ති කියවගෙන යනකො​ට මම බැලුවා මොකද මේ​ "වෙන්ඩෝල් වෙන්ඩොල් බාම්..."

    පිස්සු හැදෙනව ආ...
    නියම ටික තමා ඒක...

    මරේ මරු..

    ප්‍රවෘත්ති ඩිංගත් එළම කිරි.... මැක්සා....

    ReplyDelete
  17. එල එල පට්ට මචෝ ...:D :p :D

    ReplyDelete
  18. පික්සු කොර බන් . .

    මාරම මාරයි . . . .

    උනු උනුවේ රේඩියෝ එකේ නිවුස් ඇහුවා වගේ . .

    ReplyDelete
  19. @වන්නියෝ,
    බොලාගේ නියම දස්සකම දැන්නෙ බොල දන්නෙ. ඔය දෙසක් රියේ පැට්‍රල් පුච්චගෙන රස්තියාදු ගහල කකුල් කඩාගන්නෙ නැතිව මේ වගේ රොයිටර් වැඩක් කරගෙන යස අගේට ඉන්න තිබුනානෙ මුල ඉඳන්ම. එහෙනන් බොලාට විතරක් නෙමෙයි බ්ලොගීටත් මදි නොකියන්න නිවුස් හොයා ගන්න තිබුනා බ්ලොග් කෙරුවාව කරන්න. බ්ලොගියටත් කියපන් ඔය මලකඩ කාපු කබල් බස් එකෙන් බැහැල ප්‍රවෘත්ති කියන්න සෙට් වෙන්න කියලා.

    උඹලා අර හොඳ වෙලාවට "*********(ඇඩ් එකකි)" කියල දාල තිබුනේ. මම හිතුවේ ඒකත් නිවුස් එකක්ය කියලා.

    හොඳ වෙලාවට මෙහෙ ඉන්න ඉන්දියන් කාරයන්ට සිංහල කියවන්න බැහැ තවම. හැබැයි සිංහල කුණුහරුප දන්න එවුන්නන් නං ඉන්නවා.හැබැයි මේ සිංහල යුනිකෝඩ් ප්‍රචලිත කරන්න කට්ටිය දක්වන උනන්දුවට පිං සිද්ද වෙන්න උන් ටිකත් ලඟදීම සිංහල කියවන්නයි, කොටන්නයි ඉගෙන ගන්නවා ෂුවර්. එදාට ඉතින් අපි අරෙහෙම බ්ලොග් පෝස්ට් ලියල සුම්මා . . . !

    මොනව උනත් එළ එළ වැඩේ මචෝ . . . අළුත් බ්ලොගයටත් මගේ උණුසුම් සුභ පැතුම් මෙන්න . . . !

    ReplyDelete
  20. මරු ප්‍රවෘත්ති සෙට් එක බංz..! ඒත් පොඩි පරහකට හිටියේ මචන් අර දන්ත ධාතු කතාව..! ;))))
    මරු ම මරු ලිවිල්ල බංz.! එළම කිරි..!

    ReplyDelete
  21. මේක මරු.. වෙන මුකුත් නොකියා ඉන්නම්.. [කියන්න වෙනම වෙලාවක අල්ල ගන්නම්..] :D

    ReplyDelete
  22. යකෝ මේවා කියවපුවහම මොනවද කියන්න ඕනි....
    පට්ට මැක්සා රොක්ස් ගල් පොල් මල් තව මොනාද?

    හිනා කාලා අයෙත් කාලා බීලා හිරවෙලා මැරෙනවා ඕයි....


    ඇඩ් ටු 5

    හැබෑව හැබෑව හසී පවුලත් අනිවා ඉන්න ඕනි ඔය කොමිටියේ...නැතිනම් අපි මාරයගේ බණ වර්ජනය කරනවා....

    මොකා වුනත් ලියපු එකාට ගෙට් එකේදී කටට සත 50ක් දාන්න වටිනවා...

    ReplyDelete
  23. නියමයි! මං මේ බයේ හිටියේ නිවුස් වලින් පස්සෙ විමසුම සටහනකුත් තියෙයි කියලා......
    අලුත් වැඩේට සුබපැතුම්!
    මේ පෝස්ට් එකත් අලුත් අදහසක් නේද? ඒකත් මරු

    ReplyDelete
  24. මරණේගේ පෘවුත්තියෙන් දුකට පත්. news අහන්නෙක්..

    මේක කොහොම ඉවසන්ඩද දෙයියනේ....!!

    ReplyDelete
  25. පට්ට මචන්.... 'වන්නි' මරු නම. අලුත් බ්ලොගේට සුබ පැතුම්....

    ReplyDelete
  26. එළ ටෝකක් නේ...
    අම්මපා මට පුලුවන්නම් මම ඔහේව සුවර්නවාහිනියේ පෝර්ති කියන්ට දමනවා..
    (පුලුවන්නම් විතරයි හොඳේ...)

    ReplyDelete
  27. පට්ට ආතල් වන්නියා....
    කේක් සීන් එක මිස් වෙච්ච එක ගැන මට අම්බ සන්තෝසයි......

    ජයවේවා....

    ReplyDelete
  28. උබ වැරදි ක්ෂේත්‍රයෙ ඉන්නෙ බං ;)

    ReplyDelete
  29. සිරාවට බං මේක නම් පට්ට..

    ReplyDelete
  30. හරි හරි ඉතිං දැන් මල හොයාගත්තනේ..... ඒත් කවුරුත් ඒ මල මීට කලින් දැකල නෑ කියල දැනගත්ත එක කොච්චර වටිනවද අප්පා....

    දූට සුභපැතුම් එත්කලාට ප්‍රවෘත්ති අංශයේ නිළධාරීවට මාගේ ස්තූතිය!

    මේ ඇත්තටම මල්ලී මේ කලාව නියමයිනේ :) හැබැයි අතරමඟ නවතින්න බෑ හොඳේ....

    ReplyDelete
  31. පට්ටම නිව්ස් ටික අයියා.

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට......

    ජයවේවා

    ReplyDelete
  32. අඩේ අෆ්ෆා.......... සංකු අයියා මැxxxx............. හලිය.

    ෆට්ටම ෆට්ටයි....... සුමානෙකට මේවගේ එකක් දැම්මනම්...... කොහොමැ‍යි ;)

    ReplyDelete
  33. @දුකා--
    ඇඩ් නං අඩුයි තමා. ප්‍රවෘත්තියට තමා පළමු තැන. අපි එහෙමයි ;-)
    ආයේ දිගටම ලියනවනේ එහෙනං?

    @ම--
    මචං පැපරාසි. නං ගං හෙලිකරන්න බෑ :-)

    @එච්--
    ඕන් අපි එකත් කියෙව්වා. අර උඩ ලින්ක් එකත් මං ඒකට හරවන්නං ;-)

    @සමීර--
    ටැංකියු හොඳේ...

    @නිශ්--
    ටැංකියු. ටැංකියු. ඒක නෙමෙයි. උඹත් බ්ලොග් එකක් ලියපංකෝ. මං හිතන්නේ රීඩර් කෙනෙක් විතරයි. එහෙම නේද?

    @රන්දිල්--
    අඩේ රන්දිලෝ... වන්නියේ හිටියා‍ට රටේ ලෝකේ සිද්දවෙනදේ බලාගෙනයි ඉන්නේ හොඳේ. අවවාදයයි! ඊළඟ ප්‍රවෘත්තිය ඔබ ගැන විය හැකියි :-)

    @පබලුවෝ--
    ටැංකියු වේවා.... ඇඩ් නෑ හොඳේ... මට උඹ ගැනත් නිවුස් එකක් දැං මතක් වුනා බංස්...

    @තිස්සයියා--
    ටැංකියු වේවා අයියණ්ඩි... අයියා එන පිට් එකට තමා ලියවුනා ;-)

    @ප්‍රසන්න--
    කොල හුලගේ යන්නේ නෑ බොල. මේවා බ්ලොග් නිවුස් හරිය... :)

    @අභියා--
    ආයෙත් අහලා... උඹත් ඉතිං ඒ බෝට්ටුවේමනේ ;-)

    @පුතා--
    ටැංකියු පුතේ... සති දෙක්කට සැරටක් වත් ඩුබායි වට්ටක්කා කෑල්ලක් කන්න තිබ්බොත් තමා අගේ... ලියපං...

    @ඉලංදාරියා--
    ටැංකියු වේවා ඉලංදාරියෝ... උඹලත් කවිම විතරක් ලියන්න පුරුදු වුනා නේ... ආ.. උඹගේ අලුත් වැඩෙත් නැගලා යනවා මයෙ හිතේ ;-)

    @වැප්--
    බස් රථාචාරීවරුනි... බස් පියා කියන දේ තඹේකට විශ්වාස නොකරනු ;-)

    @ප්‍රියන්ත ඒබීසීඩී--
    කොහේවත් මොකෝ බං. මෙහේ ලියන එකම මදෑ... ;-)

    @සෝරෝ--
    එළයැ. ටැංකියුයැ. මට කොහොමත් ඇඩ් කට පාඩං බං. මොකෝ, වැඩිය බලන්නේ එව්වනේ... ;-)

    @දුශාන්--
    එළ එළ... ඔන්න මමත් අදයි ඒ පැත්තේ ආවේ...

    @ඩාර්ක්--
    සිරාවට රේඩියෝ නිවුස් එකක් ඔලුවේ තියාගෙනයි ලිව්වේ... ටැංකියු වේවා...

    @දුමී--
    මං එක දෙයක් කියන්නං. උඹ ඔය ඉන්දියන් කාරයොන්ගෙන් කන්නේ නම් නෑ... උන් උඹේ බ්ලොග් එක කියෙව්වා නං දිව විකාගෙන මැරෙනවා බං... හික් හික්...
    ටැංකියු වේවා... දැන් ඇති සද්ද නැතුව හිටියා... ලිව්වානං හොඳයි හොඳවැයින් එකක්... :)

    @ලී-සාන්..
    හික් හික්... සාදු සාදු... හැබැයි බොලැයි කව් වගේ නං නෑ ඕං මෙව්වා... ;-) අලුත් විජයග්‍රහණයත් සුභ පැතුම්...

    @අන්සු--
    අනිවා... හදි ගැහිච්ච දොහකම දොඩමු... :) උඹලැ බ්ලොග් එකෙත් කොමන්ට් දිග ඇරියා නම් තමා හරි.... :)

    @හසියා--
    ඒකනේ කිව්වේ... හසී පවුලෙන් එකෙක් හරි ඉන්න ඕන... මොකෝ කියන්නේ සීතාවක පුර එක්කෙනාම දාමුද ? :)

    @බුධ්දි--
    විමසුම නෑ... විමසුම උඹලා‍ට බාරයි... හික් හික්... ටැංකියු වේවා.... උඹේ අභිනව ජයග්‍රහනයටත් සුභ පැතුම් මචං... :)

    @බනී--
    මටත් දුකයි බං. අපි කියලා මොනා කරන්නැයි ;)

    @නිශාචරයා--
    ටැංකියු වේවා...!!! ඒක නෙමෙයි. මොකෝ ලියන්නැත්තේ... හැබැයි උඹේ ලෝගෝ එකනං පට්ට හොඳේ...

    @කැලණිතිස්ස--
    අනිවා. අනි අනි... උඹලැයි ප්‍රොෆයිල් එක නොට් අවේලබල් කියන්නේ මොකෝ... ?

    @රනා--
    අම්මපා මතක නැති වුනානේ ඒ සීන් එක. ඊලඟපාර නිවුස් එකේ අනිවා දානවා... ඒ කියන්නේ උඹ සීන් එක ඇත්ත කියලා පිලිගන්නවා. බස් මගියනි, කොන්දොස්තර මහතුනි, රයදුරනි මේ බලන්න, රනා කේක් කතාව පිලිගත්තා... :)

    @මුචා--
    ජය වේවා...!!!

    @ඇන්ත්‍රැක්ස් හෙවත් ජනප්‍රිය බැක්ටීරියාව :-)
    අනිවා... අපි කවුරුත් එහෙමයි බංස්... හොඳයි දැං උඹම බලපංකෝ... ඒක නෙමෙයි මොකෝ එකක් විතරක් අප්ඩේට් කරන්නේ... අනික් දෙකට මක් වෙලැයි? මාස තුන පැනලා එකක්. අයිං කරයි හොඳේ...

    @ආගන්තුකයා--
    ටැංකියු වේවා... සිරාවටම රැවුල කපලා උඹ හෙන වෙනස් බං. අවුරුදු 3ක් 4ක් බාල වෙලා... :)

    @තනෝජා--
    ටැංකියු වේවා...!!! හත්තිලව්වේ කවුරුත් මල දන්නේ නැති හැටියක් නේද?
    නවතින්නෑ නවතින්නෑ... මාසෙකට සැරයක් හරි ලියවෙනවා...

    @හසිත--
    ටැංකියු වේවා.... කට්ටිය කතාවෙලා උඹලැයින් එකෙකුත් දාමු කමිටුවට හොඳේ...

    @ගීත්--
    ටැංකියු වේවා හලෝ...

    @ජේඩී--
    zzzzzzzzzz අරි අරී... බලමු බලමු... හලිය... ZZZZZZZZZZ

    ReplyDelete
  34. අඩේ... මරු ‍හලෝ..!!!

    ReplyDelete
  35. හිටු බොලාව අල්ල ගන්න....හප්!

    මරු මචං....වෙනස්ම දෙයක්....ඇඩ් වැඩේ නැගලා ගියා ඈ....අර කැක්කුං ඔක්කොම නස්නා ලේපේ
    විස්කං දක්කන සිද්ධාලේපේ කියලා කෑල්ලකුත් තියනවා වගේ මතකයි.

    ReplyDelete
  36. යකඩො උදේ හවහ උඹෙ ව්‍යාපරික ස්ථානය ඉදිරියෙන් යන එන මං ඇරෙන්න අනිත් ඔක්කොම comment දාල නේ..එහෙම කොහොමද වුනෙ..මට මේක මීට කලින් කියෙව්ව මතකයි...එද කමෙන්ටුවක් දැම්මෙ නැද්ද..නැත්තං රාජ්‍ය සේවයේ වගෙ මගෙ කමෙන්ටුව අස්ථාන ගත වෙලා ද?

    ReplyDelete
  37. අගේ ඇති පුවත් ඩින්ග.. යාලුවො ඔක්කෝම කවර් කරල වගේ නේද?

    ReplyDelete
  38. හලේ මේක මං කොපි පේස්ට් කරන්නද මගේ බ්ලොග් එකේ.. හිහි

    ReplyDelete