Wednesday, February 2, 2011

The බයික් කවිය

සිලින්ඩර් ම හතරයි එන්ජිම                                              ලොකුය
කාබ් එකක් හරි ලෙඩ දුන්නොත්                                      සොරිය
ෂොක් එක මොනෝ, යන එන කොට නම්                         සැපය
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු                              වැඩිය



අඩි හතරට පහට වඩා වැඩි                                                  වෙච්චී
ලොකු හෙඩ් ලයිට් දෙක ඇස් ගෙඩි දෙක                           වෙච්චී
ගහේ යන එකත් කජ්ජක් නොම                                        වෙච්චී
අනේ මට හොඳයි බාජා ටූ                                                   ෆිෆ්ටී



මැෂින් නැතව මැනුවල් හයි කර                                     කෑලී
ඇමරිකානුවන් මේවට හරි                                          ලෝලී
පස්සේ තියාගෙන තම ආදර                                           බාරී
කොල්ලො පදිනවා ඩේවිඩ්සන්                                     හාලී



කොල්ලට කොහෙ වෙතත් බල්ලට නම්                         නොහැකී
දිගට වඩා පළල වැඩියි ‍ගොඩ                                            නැවකී
රෙස් පදින ලැයිසන් ඇති ම‍ගේ                                             සකී
ෂේන් පදිනවා තවුසන්                                                   කවසාකී



මඩේ යන්නෙ ටී ඩබ්ලියු ‍                                            ටූ හන්ඩ්‍රඩ්
ගලේ යන්නෙ ටී ඩබ්ලියු                                             ටූ හන්ඩ්‍රඩ්
කැලේ යන්නෙ ටී ඩබ්ලියු                                           ටූ හන්ඩ්‍රඩ්
උල පිල එකයි ටැක්ටරේට                                          ටූ හන්ඩ්‍රඩ්



ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි                                      පොරේ
රේස් පදින කොට කොල්ලන් කියයි                                   හුරේ
ලිමිට් පැන්නොතින් අල්ලං දමයි                                        හිරේ
ඩීටී පදියි තේ වත්තේ සින්න                                          දොරේ


හතලිස් නමය සී සී එන්ජිම                            චූටී
දම්පාටයි ලා රතු පාටයි                                ස්වීටී
වර්කිං ගර්ල්ස්ලගෙ තනි නොතනියට             සිටී
කොල්ල පස්සෙ, කෙල්ල පදියි                    ස්කූටී



පල්සර් තිස් පහයි හතලිහ අතර                                       කරයි
ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය                                       කරයි
බොක්සර් එක ලීටරේකට හැටක්                                    කරයි
සී ටී එක පෙට්‍රල් සුවඳටත්                                              දුවයි



කාර් වෑන් පැජරෝ ලොක්කන්                                      ගේය
ඒසී එකේ යනකොට සුර සැප                                       වේය
වැස්සට තෙමී අව්වට අපි වේ                                       ලේය
හැබැයි,
මේවගෙ තියන ආතල් ඒවගෙ                                      නෑය




අවවාදයයි:
ඉහත ඇති පොටෝ කෑලි එකක් වත් මගේ බූදලයක් නොවේ. ඒවා අයිති ඒවා ගසපු අයටය.


50 comments:

  1. ඔටු කිරි පෝස්ටයක්! මේ දවස් වල බයික් ගැන පොඩ්ඩක් හදාරනවා, අපේ වියාකෘතියෙ වැඩ වලට බයික් කට්ටක් ගන්ඩ ඉන්නෙ..

    ඔයාගෙ බයික් ජර්නල් බොහොම රසවත් - චේ ගෙ යතුරු පැදි කතා මතක් වෙනවා..!

    ReplyDelete
  2. මේ කවි ටිකත් ආතල් උපරිම වේය...

    ReplyDelete
  3. හෙහ්... හෙහ්... ලොල්. නියම කවිය මචන්.

    ReplyDelete
  4. අඩේ පට්ටම පට්ටයි මචං.එලටම තියනවා.......හික්........හික්......

    ReplyDelete
  5. එල එල බයික් කවි.. ජන කවි සම්ප්‍රදායන් ඉදිරියට ගෙනියන්න අත්වැලක් වෙවා

    ReplyDelete
  6. හේ..හේ... එලකිරි කවි ටිකත් මචන්.....

    ReplyDelete
  7. පිස්සු හැදෙනවා ලොක්කා....:D

    ReplyDelete
  8. පට්ට කවි ටික මචන්....

    ReplyDelete
  9. කාලෙකට පස්සෙ මම රසවින්ද කවි පෝස්ට් එකක්. කවුරුත් කවි ලියනවා ඒත් මේ වගේ out of the box කවි ලියන්න පුළුවන් අය අඩුයි. :)


    මේවගෙ තියන ආතල් ඒවගෙ නෑය

    මෙන්න මේ ටික අපේ ගෙදර ඇත්තන්ට තේරුම් කරල දෙන්න නං හරිම අමාරුයි.. :D

    ReplyDelete
  10. සක් දෙකකින් ආතල් මැද යන්නේය.....
    බ්ලොගියා පිටි පස්සෙ වැද්දා පැද්දේය.....
    ට්‍රිප් එක දවසෙ මේකෙම ගොස් නෑවේය....
    නිකන් යනකොටත් තිරින්ග පෑගේය..... :D

    ReplyDelete
  11. අඩේ කුෂාන් අයියා සිරා කියන්නේ උපරිමේටම සිරා කවිසැට් එක ;)

    ReplyDelete
  12. මම හිතන්නෙ ලොකෙ ප්‍ර‍ථම බයික් කවි සෙට් එක වෙන්න ඇති..ලංකාවෙ දැන් දවසට ගිනස් වර්තා 5ක් 10ක් තියෙන එකේ මේකත් එහෙම වෙයි ද දන්නෙ නැ..

    ReplyDelete
  13. @ දිනේෂ් : උඹ මෙකෙ කමෙන්ට් ෆලො කරනවද...
    උබේ අර සි බී ර් 600 එක ලංකාවට ගේන හැටි කුශාන් ගෙන් අහපන්. දන්නව ඇති.ශෙන් ට 1000 cc තියෙන එකෙ උබෙ 600 එකත් ගෙන්න ක්‍රමයක් ඇති..හැබැයි ඉතින් උබට බයික් එක ගන්න ගියා වගේ 2 තුන් ගුනයක් ගෙවන්න වෙයි..එහෙම වුනොත් ලංකාවට කිට්ටු කරල කියපන් රත්ගමයට කියමු යාලුවෙක් ගෙ බොට්ටුවක් ඇරගෙන එන්න කියල මගට.

    ReplyDelete
  14. හික් හික්!!! පට්ට ලස්සනයි මචෝ

    ReplyDelete
  15. @ පැන්ඩා,

    බයික්ම දාන පොරකට සෙට් කරන්න කියල තමා හිතාන ඉන්නෙ.උන් ඔව්වගෙ සිස්ටම් දන්නවනෙ.මොකද නැත්තන් රෙජිස්ටර් කර ගැනිල්ල බොරු.කොහොමත් මෝට ක්‍රොස් වලට කියල තමා ගෙන්නන්න වෙන්නෙ.

    ReplyDelete
  16. එල නියම පෝස්ට් එක මගෙ favorite Kawasaki ZX10R එකට

    ReplyDelete
  17. අම්මට සිරි වෙනවා. එක දවසක් මෙයාගෙන් අහපුවාම හොයාගනෙයි කියාපු බ්ලොග් එක ඔන්න හොයා ගත්තා.
    මොනා උනත් පුදුම හැකියාවක් තියනවා කුෂාන් අයියා. මට මේක කියපුවාම ඔයා බයික් එකේ යන හැටි මටහක් වෙනවා. මූනෙනුත් පොඩ්ඩයි මයෙ හිතේ වැහිලා නැත්තේ හරියට හඳට යන්න වගේ.
    දිගටම කවි ලිව්වොත් ඊළඟ යුගයේ කවියෙක් වේවි.

    ReplyDelete
  18. බයිසිකලේ ඇති ආතල් නැළවිල්ල
    ෆාත් එක්ක යනකොට පෙම් දෙඩවිල්ල
    සීසී මොක උනත් කොහෙදිත් පැදවිල්ල
    වෙයන් පරිස්සං! අයියේ කුෂාන් වන්නිආරච්චි ;-)

    කොහොමද අන්තිම පේලිය?

    අඩෝ සුබ වේවා! ඒත් උඹ බාජා විකුනපු එකනම් අපරාදේ.

    ReplyDelete
  19. ෆට්ට කවි සෙට් එක.. මට නම් පේන්නේ බයික් උන ඉස්මුරුත්තෙටම ගිහින් කන් දෙකෙන් දුම් විසිවෙන ගානටම ඇවිත් වගේ... තව ටික දවසකින් බයික් ගැන ෆිල්ම් එකකුත් හදයිද දන්නෑ.. හික්ස්...

    ReplyDelete
  20. පට්ට කවි සෙට් එක මචෝ. දිගටම ලියහන්.

    ReplyDelete
  21. නියම කවි ටික වන්නියා. කියවද්දි ඇගේ හිරිගඩු නගින්න ලියලා තියෙනවා.

    හොන්ඩා හොනට් ගැනනං අපේ පැත්තෙ උන් කප් ගහලා තියෙන්නෙ... අපේ පැත්තෙ ඉන්දියන් බයික් 2කට හොනට් එකක් වගේ තියෙනවා මම හිතන්නෙ. හැබැයි කෙට්ටු උන්​ටත් අවුලක් නෑ. මම දැකලා තියෙනවා. මම හිතන්නෙ හාලිය මහත උන්ට, හොනට් එක ස්මාට් උන්ට කියලයි.

    හොනට් එකක් දැං ලකෂ පහ පන්නවා නේද?

    ReplyDelete
  22. පස්ටැයි ඈ

    ReplyDelete
  23. තව එකක් මම කුරුලු හමුදාවෙ ඉන්න කාලේ දැක්කා BMW බයික් එකක් VIP වැඩ වලට විතරයි ඒක ගන්නෙ. ඒකේ ටැංකිය කොහෙද මන්දා ඒ ඔක්කොගෙම තිබ්බෙ ඈන්ජිම. ඒ වගේ ගාම්බීර බයික් එක්ක මම කවදාවත් දැකලා නෑ.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. "රෝද හතරෙ යන විට සැප ඇතුවාට
    Summer Winter කිසි වෙනසක් නැතුවාට
    Burnout Drifting වැඩ දැම්මාට
    ආතල් Bike වල ඇති නෑ මෙව්වාට"

    පට්ට කවි ටික මචෝ... අවුරුදු 3 1/2කින් විතර බයික් එකක් පැදලා නෑ. දැන් sick එක වගේ.

    ReplyDelete
  26. මාර interesting කවි ටික කුශාන් අයියේ...

    ReplyDelete
  27. උබ නම් බයික් එක්ක ජීවත් වෙලා ඔලුව අඤඤ කොරඤඤං වෙලාද කොහෙද :D මටත් මේ දවස් වල ඩිස්කවරියක් ගන්න හෙනට උණ... මම සාමාන්‍යයෙන් කවි විලට කැමති නැ.. ඒත් මේක නම් මම ආසම කවි ටික වේවී... නියමයි වන්නියෝ :D

    ReplyDelete
  28. මේක නම් ලොවෙත් නෑ ... පට්ටම පට්ට :D

    ReplyDelete
  29. හොන්ඩා හොනට් පැද්දෙමි සිතුසේයා
    සීබීආර් ලෙඩ දුනි විකිනුයේයා
    දැන් එෆ්එසෙඩ් පදිනෙමි ඉකේයියා
    රෝද දෙකේ ඇති ආතල් පට්ටේයා

    ReplyDelete
  30. @Dee-
    ඔටුකිරි... හික් හික්... පස්ටයැ...
    ද මෝටර් සිකල් ඩයරීස් බලලා තියෙනවනේද?

    @ප්‍රසන්න-
    ස්තූතිය

    @හැක්‍රිෂ්-
    ලිව්වට පස්සේ මටත් ලොල්ය...

    @දිනේෂ්-
    ස්තූතිවේවායැ...

    @ඇනෝ-
    ස්තූතියි ඇනෝ...

    @තුසිත-
    අනි අනි... ස්තූතියැ

    @ප්‍රියා-
    හික්ස්.

    @L200-
    ටැංකියු වේවා. කෝ බං උඹේ තාම මුල්ගල විතරනේ... ඉක්මනට ලියපංකෝ.

    @ශාකු-
    හප්පච්චියේ දැක්ක කල්. මං ලඟදී මලයාටත් ඇමතුවා.

    { මේවගෙ තියන ආතල් ඒවගෙ නෑය

    මෙන්න මේ ටික අපේ ගෙදර ඇත්තන්ට තේරුම් කරල දෙන්න නං හරිම අමාරුයි.. :D }

    ගෙදරට ඇත්තන්ට කියන්ට, මං දැන් ලොකු ළමයෙක්ය. තව දුරටත් හීරෝ හොන්ඩා පදින්න ඇහැක්ක් නෑ ය කියලා :-)

    @අභියා-
    සක් දෙක උඩ ආතල් මම දන්නේය...
    බ්ලොගියා පස්සෙ ඉන්නව නම් අගනේය...
    නෑම කෑම බීමත් මේකෙම උඩය...
    තිරිංග ගැන දන්නේ උඹලා අපිය... :D

    @ජේඩී-
    ස්තූතියැ කොන්ඩ මල්ලී

    @පැන්ඩා-
    ගිනස් කට්ටිය සිංහල බ්ලොග් කියෙව්වොත් පිස්සු හැදෙයි.
    උන් ජීවිතේට හිතන්නේ නැති වාර්ථා තියපු උන්නේ බං මේකේ ඉන්නේ... :)

    @බ්ලොග් ගඩොල්-
    ටැංකියු වේවාය. ප්‍රස්නයක් අසමි. බ්ලොග් ගඩොල් නමින් පෙනී සිටින්නේ පූස් තුන් කට්ටුවේ කොයි පූසාද?

    @දේදුනු-
    එළ එළ

    @නදීන්ද්‍ර-
    කවසාකි ඉතිං සුපිරි තමා... පස්ටයැ...

    @චන්දික-
    ඒකනේ මං කිව්වේ හොයා ගනිනං කියලා. කිව්වා නම් ආතල් එකක් නෑනේ...

    @පොටෝ මුචා-
    සිරාවටම බං මටත් දුකයි ඒක දුන්නට. ඒත් මොනා කරන්නද?

    @කැලණි-
    චිත්තරපටි හැදීම කෙසේ වෙතත් බයික් චිත්තරපටි බැලීම නම් කොරයි... :)

    @හසිත-
    දයාබර හසියානෙනි, ස්තූතියැ...

    @බුද්ධි-
    උඹලැ පැත්තේ හොනට් යහමින් තියෙනවා නෙව... බ්‍රෑන්ඩ් නිව් පට්ට මින්ට් ගන්න ගියොත් ඒ වගේ වෙනවා බං. ඒත් රීකන්ඩිෂන් අඩුවට ගතහැකි.

    @තිරය-
    ආ... මේ උඹද? මං බැලුවා කවුද කියලා. අර අසයින්මන්ට්ස් ටික හම්බ උනැයි?

    @බුද්ධි ට ආපහු-
    බී ඇම් ඩබ්ලිව් ක්ලැසික් බයික් පට්ට මචං. දැනටත් තියෙනවා. මාර පස්ට ප්ක්සු පීකුදු වෙන ඩිසැයින් මචෝ... උඹ ඒවැයින් එකක් හැබැහින් දැකීමත් වාසනාවක්. උඹ දැකපු එන වගේ එකක පිංතූරයක් දාපංකෝ. ලින්ක් එකක් හරි කමක් නෑ... උඹේ වාසනාවේ තරම බලා ගන්නත් එක්ක.

    @නිශාචරයා-
    රෝද හතරක් පැදීමේ ආසාව මටත් ඇතේ. නිසාන් පැට්‍රොල් එකක්, ඩිෆෙන්ඩරයක්, තඩි ජීප් එකක් තමා ආසාව.

    @තාරා-
    අනේ තාරාවෝ... මට තාම මීටර් නෑනේ කවු ද මේ තාරාවා කියලා.

    @පයිරේට් බනී-
    ඉස්තූතියි මං-කොල්ල-කාරයා හෙවත් ආදර බනී

    @සහොධරයා-
    රෝද හතරේ ආතල් දන්නා උන් දැකීම මා හට සතුටකි. උන් බ්ලොග් ලියනවා දැකීම තව දුරටත් සතුටක්.
    ඒ නිසා, බ්ලෙග් කියවීම පමණක් නොව, ලිවීමත් පටන් ගන්නේ නම් මැනවි. :)

    ReplyDelete
  31. සිරා කුෂාන්.. අර බස්වලට අඹතලාව වගේ බයික්වලට වන්නිආරච්චි තමා...

    ReplyDelete
  32. Menna horu

    http://www.arawamewa.com/forum/showthread.php?t=9137

    Lajja nathuwa rep illannath enawa. munta lajja nadda ammapa

    ReplyDelete
  33. http://www.elakiri.com/forum/showthread.php?t=1061756



    oyage කවියට උස්සල..හැබැයි ඉතින් මෙකෙන් පෙන්නෙ ඔයාගෙ දක්ස කම තමයි.එකයි දැම්මෙ..හොද දේ කවුරුත් ගන්න හදන්නෙ.

    ReplyDelete
  34. සුපිරි..........

    ReplyDelete
  35. දුක හිතෙනව මචං.

    මගේ ගාව තිබ්බ DR 250 නෝන බබා හම්බුවෙන්න ගිය අතරෙ 75කට විකුනල ( 2004 දි ) යාලුවො ඇවිත් ඇවිත් ඉල්ලනව කියල. දැං මේවා දකිනකොට කොහොම ඉන්නද ඉවසලා තමයි! මෙහේ උං ට්‍රේල් පාවිච්චි කරන්නෙ නැති තරං නෙ. නැත්තං ඉතින් duty allowance එකට බයික් එකක් දාන්න තිබ්බ.

    ReplyDelete
  36. උය උඩින්ම දාලා තියෙන හොනට් එකනම් මම දැනට යූස් කරලා තියෙන උපරිම භාන්ඩයක්,
    හොනට් කෙසේ වෙතත් , කවි ටික පට්ට කුෂෝ !

    ReplyDelete
  37. සිරා කවි ටික. :)

    ReplyDelete
  38. මරු මරු...
    එල එල...

    ReplyDelete
  39. අයියා, නුවර ආවොත් Shane අයියට කියලා මගේ Hero Honda Hunk එකට Flame Exhaust පාරකුයි තව Modify පාරකුයි කරගන්න පුලුවන් වෙයිද? Shane අයියා හෙන වැඩ්ඩා කියලා එයාගේ Site එකේ දැක්කා.

    ReplyDelete
  40. පට්ට කවි ටික. මුචාගෙ කවියෙ එළිසමය නම් ලෙසට්ම තියෙනව

    ReplyDelete
  41. @ආගන්තුකයා-
    බර වැඩියි බර වැඩියි...

    @ඇනෝ-
    දැක්කා බං. ඔහේ ගත්තදෙං...

    @පැන්ඩා-
    මල්ලී. උඹ වගේම තවත් අය මට කිව්වා. ඔහේ ගත්තදෙං.

    @උදාන මල්ලී
    ජය වේවා

    @ඉන්දික උපශාන්ත-
    ඩී ආර 250 පට්ටනේ බං. අපරාදේ දුන්නේ. උඹ කොහේද ඉන්නේ. පිටරටකද?

    @රොකියා-
    හොනට් කියන්නේ පට්ටම වන්ඩියක් නේ බං. ජය වේවා.

    @හර්ෂණ-
    ඉස්තූති වේවා...

    @බිඟු-
    එළ එළ

    @ඇනෝ-
    මල්ලී... නුවර නෙමෙයි බං. දෙහිවලට එන්න වෙනවා. ඕනනං මට ඊමේල් එකක් දාපං නොම්මරයක් එක්ක. මං කන්ටෑක්ට් කරන්නම්.

    @රංග-
    එළ සහෝ එළ

    ReplyDelete
  42. උඹ කොච්ච්ච්ර Creative ද
    maxxxa bro

    ReplyDelete
  43. මචන් උබගේ හොනට් කවිය මම සොරා ගෙන මුනු පොතෙ දැම්මා එක අවුලක් නැනේද?

    ReplyDelete
  44. මෙය මට මේල් එකක් විදියට ආවේය. සැබෑ අයිතිකරැ ඔබ බව නොදත් නිසා මගේ බ්ලොග් එකේ පල කලේ කිසිවෙකුගේ නමක් නොමැතිවය. මගේ පෝස්ට් එකට යටින් ඔබේ සබැදිය තිබූ නිසා හදුනාගතිමි. එල.. උපරිමය..

    ReplyDelete
  45. matath hornet akak thiyanawa fatta bike aka..........

    ReplyDelete
  46. අඩේ මම අදනෙ දන්නෙ මේ කවි ටිකේ පූර්ණ අයිතිය තියන්නෙ කුශාන් අයියට කියල.සැහ් ආඩම්බරයි බොලේ.. මේ කවි ටික මේල් එකක් පොටෝ එකක් PDF එකක් වෙලා නොගිය තැනක් නැතුව ඇති.(කියන්න කණගාටුයි ; උපුටාගත්ත ලින්ක් එක යටින් නැතුව)

    ReplyDelete
  47. re ඒකට කවියක් ලියන්න හිතුව හිතුව හරියන්නෙම නෑ.හීනමානෙ වගෙ.*21වන ශත වර්ශයෙ ලංකාවෙ Radical කවියා* නම හරියයි මගෙ හිතෙ.තවත් දියුණු කර ගන්න,සුභපැතුම්.

    ReplyDelete
  48. එලද බ්‍රා... ස්තූතිය ඇන්ඩට දාපන්. ඌ තමා ලින්ක් එක දුන්නෙ

    ReplyDelete